IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වැට් වංචාකරුගේ ඉඩම හොරට විකුණලා : පත්තිරු කඩලා

රුපියල් හාර කෝටියක වැට් බදු වංචාවේ වරද පිළිගත් හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ඥාණසිරිද සොයිසා ජයතිලකට නියම වූ රුපියල් කෝටි 1198ක දඩය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ වත්කම් රාජ සන්තක කිරීමට උසාවිය ගත් තීරණය අනුව ඔහුට අයත් කොළඹ කුරුඳුවත්තේ ඉඩමක් පවරා ගැනීමට යද්දී එම ඉඩමේ පදිංචිය ඉඩම් රෙජිස්ටරයෙන් කඩා ඉවත් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශානි ගුණරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නේය.

ජයතිලක දැන් වසර තුනක සිර දඬුවමක් ගෙවයි.

කොළඹ හත හේවා ඇවිනිව් හි මෙම ඉඩම ඔහු මිලට ගන්නට ඇත්තේ වංචා කළ මුදලින් බවත්, එම ඉඩම තෙවැනි පාර්ශවයකට විකුණා ඇති බව ඉඩම් ලේකම් කාර්යාලයයේ ලේඛන වල සඳහන් වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ බව දැනුම් දීමට නීතිපති විසින් නඩුව කැඳැවුණේ මෝසමක් ඉදිරිපත් කිරීමෙනි.

ඉඩමට අදාළ සියලු ලේඛන ආරක්ෂා සහිතව තබා ගන්නා ලෙස ඉඩම් ලේකම්ට නියෝග කළ විනිසුරුවරිය ජයතිලක සතුව තිබී රාජ සන්තක කළ සියලු දේපොළ වල සහතික පිටපත් රහස් පොලිසියට ලබා දෙන ලෙස ඉඩම් රෙජිස්ටාර්ට නියෝග කළාය.

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව එයයි. ජයතිලක ඇතුළු 14 දෙනෙක් චෝදනාවට ලක්වූහ.

රාජ සන්තක කළ ඉඩමක් වෙනත් පුද්ගලයකුට විකුණා ඇත්තේ කෙලෙසදැයි සොයා බැලීමට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හේවා ඇවිනිව් හි මෙම ඉඩම රුපියල් කෝටි 14කට විකුණා ඇති බවත්, මෙම වංචනික ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් උසාවියේ දී කියැවිණි.

කොළඹ දිසා අධිකරණයේ නඩු ලේඛන ආරක්ෂා කරන ලෙස ද විනිසුරුවරිය නියෝග කළාය.

2004 සිට 2006 දක්වා කාලයේ වැට් බදු වංචාව කර ඇත.

 



අදහස් (0)

වැට් වංචාකරුගේ ඉඩම හොරට විකුණලා : පත්තිරු කඩලා

දිමුත් Wednesday, 22 April 2015 07:09 AM

මේ වැනි වංචා නොකරන්න සියලු ඉඩම් ලියාපදිංචි ආරක්ෂිත විදියට පරිගණකගත කල යුතුයි. (ස)

:       0       0

පියල් Wednesday, 22 April 2015 07:31 AM

නියම තීන්දුවක් (නි)

:       0       0

සසංක Wednesday, 22 April 2015 12:56 AM

මගේ දැනීමේ හැටියට නුගේගොඩ පැත්තෙත් ඔය වගේ ඉඩමක් තිබෙනවා (නි)

:       0       0

අනුර Wednesday, 22 April 2015 02:21 AM

මේ කාලයේ කවුද රට පාලනය කළේ? (නි)

:       0       0

යාපා Wednesday, 22 April 2015 02:50 AM

මහජන මුදල් වංචාකළ කිසිවෙකුට හොඳක් නොවේවා! (නි)

:       0       0

වෙදගේ Wednesday, 22 April 2015 04:36 AM

හොර බඩු මිලදී ගත්තෝ අමාරුවේ වැටෙති. (ස)

:       0       0

විජයබාහු Wednesday, 22 April 2015 06:35 AM

රනිල් චන්ද්‍රිකාගෙන් පටන් අරන් මහින්දගෙන් ඉවර කරලද නැත්නම් මහින්ද අවම වැඩේ නවත්වන්න වෙලාද. පැහැදිලි මදි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 68 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 240 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 133 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3983 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 533 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site