දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහත වැටීම නිසා විකුණාගත නොහැකිව ගොවිහු දැඩිව අසරණ වී සිටිති
වට්ටක්කා කිලෝවක මිල රුපියල් අටත් දහයත් අතර ඇතැයි ඔවුහු පවසති.
අනුරාධපුරය, තන්තිරිමලය හා වව්නියාව වැනි පෙදෙස් වලින් වැඩි වශයෙන් දඹුල්ලට වට්ටක්කා ලැබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහත වැටීම නිසා විකුණාගත නොහැකිව ගොවිහු දැඩිව අසරණ වී සිටිති
වට්ටක්කා කිලෝවක මිල රුපියල් අටත් දහයත් අතර ඇතැයි ඔවුහු පවසති.
අනුරාධපුරය, තන්තිරිමලය හා වව්නියාව වැනි පෙදෙස් වලින් වැඩි වශයෙන් දඹුල්ලට වට්ටක්කා ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරික්ත නිෂ්පාදන විනාශවීමට ඉඩහැරීම බරපතල අපරාධයක් නිසා අතුරු නිෂ්පාදන ඇතිකරන්න රජය සෘජුවම මැදිහත් වියයුතුයි.ගොවියා ආරක්ෂා නොකරන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය උපදේශනය ලබා නොදෙන්නේ ඇයි? අපිට ආසියාවෙන්ම මේ පිළිබඳ ආදර්ශ ලබාගන්න පුලුවන් රටවල් කොච්චර තිබෙනවාද? (නි)
අපි නම් පොළෙන් ගන්නේ කිලෝවක් රුපියල් 70ට (නි)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැළසුමක් ඇතුව ගොවියන් දැනුවත් කළයුතු වෙනවා, පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට එළවලු වර්ග වගා කිරීමට. ගොවියන් හිතුමතේට වගා නොකර සියලුදෙනාම එකතුවී එළවලු වර්ග බෙදාගෙන වගාකළහොත් ගොවියන් මේ තරම් අපහසුතාවයකට පත්නොවන බව මගේ අදහසයි (නි)
මේ රටේ ගොවියට වී ටික විකුණාගන්න බැහැ. එළවලු පලදාව වැඩි කාලෙට විසිකරනවා, නැති කාලෙට ගිනි ගණන්. පසු අස්වනු හානිය දරාගන්න බැරි අගයක්. ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, තව කප්පරක් උදවිය ඉන්නවා. නමුත් මේකට විසඳුමක් නැහැ. මොන ආණ්ඩුවත් එකයි ඒ වුණාට මොකද මේ ගොවියෝම එකතු වෙලා ලබන සැරෙත් මෙයාලා වගේම කට්ටියක් පත්කරාවි (නි)
සුගුනවති, ඉල්ලන කාලෙට සපයන්න අමාරුයි. සපයා තියන දේට සාධාරන මිලක් කාගෙන්හරි ඉල්ලලා දෙන්නකෝ, අපේ බඩවියත රැකගන්න (නි)
ඔන්න ෆේස් බුක් මිතුරන්ට තියෙනවා කරනවා නම් හොඳ වැඩක්. මේ වට්ටක්කා තොගයම සාධාරන මිලකට අරගෙන ගෙනියමුද සිතුල්පවුව පැත්තට. අලි හරිම කැමතියි වට්ටක්කා කන්න (නි)
මම මුලින්ම දැක්කහම හිතුවේ යාල සතුන්ට දෙන්න ගෙනියන ඒවා කියලා. (නි)
පවු අසරණ මිනිස්සු! (නි)
කවදත් අසරණ වෙන්නේ එළවලු ගොවියොයි, පාරිභෝගිකයි විතරනේ. වෙළෙන්ඳා තමයි දිනන්නේ. මෙතන වෙලා තියෙන්නේ ගොවියෝ අසරණ වීමක්. මහින්ද-ඉතාලි ගේ අදහසට මමත් එකඟයි. ඔබ කියන ආකාරයට වගා කරන ගොවීන් දැනුවත් කරන කෘෂි වැඩ පිළිවෙලක් බොහොම ඉස්සර තිබුනා. දැන් එම ක්‍රමවේදයන් නැහැ. එ්කට රජයේ අවධානය ඉක්මනින් යොමු කලොත් හොඳයි කියන එකයි මගේ අදහස. (නදී)
හිර කරුවන්ටත් දෙන්න පුළුවන් (නදී)
තම්බලා කන්න පොල් සමඟ. හරිම රස කෑමක්. (නි)
දුක්විදලා වගා කරලා පාඩුවට දෙන්නේ කොහොමද? ප්‍රධාන පාරක් අයිනට ගෙනවිත් විකුණන්න බලන්න. (අ)
අතර මැදි වෙළෙන්දා ගසා කන නිසා ගොවියෝ අමාරුවේ . අනික වට්ටක්ක කියන්නේ ඉස්සර මිනිස්සු කුසගිනි නිවාගන්න බාවිතා කල ප්‍රදාන ආහාර වේලක්. ඉස්සර හාල් හිගයට කදිම විසදුම වුණේ වට්ටක්කා (අ)
වට්ටක්කා සඳහා තව එක ඇමති වරයෙකු, පිපිඤ්ඤ සඳහා තව ගරු ඇමති තුමා පත් කොට ඒ අයට උප ඇමති බානකුත් දුන්න නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ගත හැකියි වෙයි. විදුලි බල ඇමතිනිය වට්ටකා ඇමති බවටත්, තෙල් ඇමතිට පිපිඤ්ඤ ඇමති කමත් යෝජනා කරන අතර වීරවංස මහතාගේ පක්ෂයට උප ඇමති කම් දෙක ලබා දුන හොත් 40% පඩි වැඩි වීම ඉල්ලන එකක් නෑ. (ස)
මේ අහිංසක මිනිස්සු ඉතින් හැමදාම තම දරු මල්ලන් එක්ක සාදුකින් තමා පෙලි පෙලී ඉන්නේ. දුප්පත් මිනිස්සු ගැන කිඹුල් කදුළු හෙලන අපේ "රතු" සහෝදරයෝ ටික දැන් ඌවට ගිහිල්ල ඉන්න නිසා මේ අය ගැන බලන්න කාල වෙලාවක් නැතුව ඇති. පව්! පරම්පරා ගානක් තිස්සේ දුක කරපින්න ගත්තු අහිංසකයෝ. මොවුන්ට කවදා අඳුරෙන් මිදී එළියක් දකින්ට ලැබේවිද? (ස)
මේවා රට යවන්න විදිහක් බලන්න (නි)
ජයා, ෆේස්බුක් මිතුරෝ පිටුව හොයා ගන්නේ කොහොමද? එ්කට එකතු වෙලා උදව්වක් කරන්න. (ස)
දේශීය ගොවිතැනට හොඳ දිරිගැන්වීම් දෙන්න ඕනෑ. මට නම් හිතාගන්න බැහැ ඇයි මෙහෙමෙ වෙන්න ඉඩ තියන්නේ කියලා (නි)
මේ ජනතාව ගැන කවුද බලන්නේ? මොන වරදක් කළාටද මෙහෙම වෙන්නේ? (නි)
ජයා, ඔයා ඒක කරන්න. උතුරු මැද මිනිස්සුත් අසරණ වෙලා ඉන්නේ. ෆේස් බුක් එකට ගිහින්වත් උදවුවක් කරන්න බලන්න ඕනෑ (නි)
අනේ බලනකොට හරිම දුකයි. අපි ලබන පාරත් මෙයාලවම පත් කරමු. (නි)
බැසිල් ඇමති තුමා ට පුළුවන් මේක කරන්න සංචාරක හොටෙල් වලට ගන්න කියන්න වට්ටක්ක සුප් , පොල් කලවම් කරලා තම්බපු වට්ටක්ක කන්න සුද්දොත් කැමතිය තව අතුරු පස හදන්නත් පුලුවන්න් තැම්බූ වට්ටක්ක පාන් පිටි බිත්තර කලවම්ම් කරලා පැස්ටා වර්ග හැදුව හැකිය සංචාරක හෝටල් හිමියෝ අත දෙන්න මේ ඔබගේ රටේ ගොවියාය . (අ)
වට්ටක්කා ගොවියා ගැන ඇත්තටම කණගාටුයි (නි)
ඉස්සර වට්ටක්කා හැදුනාම ගෙදර අවුරුද්දක් තියාගන්න පුළුවන්.දැන් එහෙම වට්ටක්කා නැහැනේ.එළවලු වියළා තියාගන්න ක්‍රමයක් යෙදුවොත් හොඳයි. අපි වවනකොට සැවොම වවන්නේ එකම වර්ගයක් විතරයි .මිශ්‍ර වගාවන් කරනවා නම් මිල අඩුවෙන්නේ නැහැ (නි)
ඕව විකුණගන්න බැරිව කුණු කුඩේට දාන්න නම් එපා. අර කෑම නැතුව සාගින්නේ ඉන්න සත්තුන්ටවත් ගිහින් දාන්න විසිකරනවා නම්. (නදී)
වට්ටක්කා ගොවියෝ හාන්සි උනාට කෘෂිකර්ම ඇමතිලා හාන්සි වෙන්නෙත් නැහැ. කෘෂි ලොක්කෝ හාන්සි වෙන්නෙත් නැහැ. ඒ දෙගොල්ලොම රට යනවා මිසක් ලංකාව ගැන බලන්න වෙලාවක් නැහැ. අනේ පවු ඇමතිලා සෙට් එකයි, ලොක්කෝ ටිකයි. (නදී)
මම නම් වට්ටක්කා කාපු කාලයක් මතක නැහැ (නදී)
සමන්ති, ඔයාම කියන්නකෝ මොනවගේ දේවල්ද වගා කරන ඕනේ කියාලා එතකොට එයාල එම දේවල් වගා කරාවී (නදී)
අපට අවැසි බොහෝ දේ ගෙන්වන්නේ ඉන්දියාවෙන් නේද? (නි)
දැන් ලංකාවේ තිබෙන ලාබදායීම වෙළදාම කුඩු වෙළදාමයි. වෙළෙන්දාත් ගොඩ.රටත් ගොඩ. අනාගත දරු පරම්පරාවත් ගොඩ. (නි)
අනේ අපේ දුප්පත් ගොවියා අසරණ කරන්න එපා. වට්ටක්කා ගෙඩියක් අවුරුද්දක් වුනත් තියා ගන්න පුළුවන්. මේවා සාධාරණ මිලකට අරගෙන ඒ විධියට කල් තියා ගත්තොත් හොඳයි නේද? (ස)
වටීටක්කා වලට ඇමතියෙක් පත්කලානන් ඉවරනේ (නදී)
වට්ටක්කා ඇමතිකම ගීතා නෝනට දුන්නානන් හොදයි නේද (නදී)
වට්ටක්කා ගෙඩියක් අවුරුද්දක් තියාගන්නේ කෙසේද ? (නදී)
ඒකට කොළඹ මිල අනේ මෙහෙම විකාරයක් (නදී)
මේ ගොවිපොළවල අයටත් වට්ටක්කම කාලා තමයි ඉන්න වෙන්නේ (නදී)
වට්ටක්කා මොනතරම් ගුණදායක ආහාරයක්ද. නොකැපු ගෙඩියක් කාලයක් තියාගන්න පුළුවන් නරක් නොවී. ගොවියට කිලෝව 8/= -10/= යි. වෙළෙන්දා ග්‍රෑම් 500 විකුනන්නේ 40 /= - 50/=.යි. බොහෝ අවස්ථාවල පොලට වඩා ලාභයි සුපරි වෙළඳ සැලේ. ගොවියට සහනයක් වශයෙන් මෙවැනි අවස්තාවකදී ,හමුදා ,වරාය,ආරෝග්‍යශාලා ,මුළුතැන් ගෙවලට ,අලෙවි කිරීමේ වැඩපිලිවෙලක් හෝ ස.තො.ස.පිළිසරණක් වෙන්නේ නම් මහඟු පිනක්. ගොවියාගේ දුක සැප බලනවා තියා නිවාඩුවක් (නදී)
වට්ටක්කා වගාව නවත්තලා අපේ කට්ටිය එක්ක එකතු වෙලා කුඩු විකුණ්න්න ගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ නේ. (නදී)
ඌව පලාතට යැව්වා නම් ඡන්ද ටිකක් හරි ලැබේවි (නදී)
ඒ මේ දවස්වලනෙ? පහුගිය කාලේ වට්ටක්කා කන්න ගිහින් අපි හාන්සි වෙලා හිටියේ. කිලෝ එක රුපියල් 160 නැඟලා තිබුනා ගිය මාසෙත්. (නදී)
පලදාව වැඩි කාලයට ඔහොම වෙනවා. සමහරදාට එයාලට වියදමත් නැහැ ගෙනියන ලොරි කුලියත් නැහැ. මේක එදා ඉදන්ම වෙන දෙයක් මමත් ඔය විදියට එළවලු අරන් ගිහින් මගේ අතින් වියදම් කරලා ආපු දවස් තියෙනවා. මගේ වාහනයට කුලිය ඉල්ලන බැරි අවස්ථා වල මම මගේ දවසේ වියදම නැතිව තේල් මුදල ගත්ත අවස්තා තියෙනවා. අන්තිමට හයර් ගිහින් මට අතින් වියදම් , මොකද මම වගේම එයාලත් අසරණ මිනිස්සු , දුක හොදට විදවපු අය දන්නවා , මෙයාල විදින දුක. හැම වෙලාවෙම අතරමැදියා තමයි ලාබය ගන්නේ. (නදී)
මේ ගොවියන් දන්නේ නැද්ද ඉල්ලුම-සැපයුම මත මිල තීරණය වෙනවා කියලා (නි)
රේණු, දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්න කල්තබාගන්න විදිය (නි)
වට්ටක්කා උනත් දේශීය දෙයක්. මේවට මිලක් දෙන්න ඕන. මේ මිනිස්සු මහන්සිවෙලා වගා කරපු දේවල් වලට සාධාරණයක් කල යුතුයි. (ස)
අපි වවමු.අපි වැනසෙමු. (නි)
ලංකාවේ රතු හාල් ටික ගන්න,කොහිල අල ටිකක් ගන්න ,පොලොස් ගෙඩියක් ගන්න, දඹල ටිකක් ගන්න අපි සිකුරාදා වෙනකම් බලා ඉන්නවා. ඉන්දියාව කරපිංචා කොලේ ඉඳලා එළවලු පලතුරු සියල්ලම දවසේ පැය 24 පුරා මේ රටට එවලා හොඳ අදායමක් උපයා ගන්නවා.අපේ රටේ ඇමතිවරු එකසිය ගානක් නෙමෙයි 1000 ක් පත් කළත් රටට වැඩක් තියෙනවද? (නි)
මෙහෙ ඉන්දියාවෙන් එන වට්ටක්කා කිලෝ එකක් රුපියල් 100 ක් විතර වෙනවා. (නි)
පොහොර රුපියල් 1000ක ගන්නකොට රුපියල් 400 ක රක්ෂණය කියලා ගොවියාට වදදෙනවා.පාරිභෝගික අපිට බදු ගහලා වදදෙනවා.මේ විදිහට බදු ගහලා අසරණ කළොත් ඉදිරියේදී දරුවන් සමඟ ගඟට මුහුදට පනින්න තමයි අපිට සිද්ධවෙන්නේ. (නි)
වට්ටක්කා යනු එළවළුවක් පමණක් නොවේ. වට්ටක්කා ඇට වලින් ඉතාම මිල අධික තෙල් හදන්න පුළුවන්. ඒ වගේම වට්ටක්කා ඇට පාන් නිෂ්පාදනයට යොදාගන්නත් පුළුවන් (නි)
මොනරාගල හා පස්සර , වියලුව ප්‍රදේශ වල ගොවි මහත්වරුන්ට නම් මෙදා වාසියි. එහෙ වට්ටක්කා ගණන්. මොනරාගල ගොවියෝ ඇත්තටම හරි සන්තෝෂයෙන් ඉන්නේ (නි)
අවුලක් නැහැ යුද්ධය දිනුවනේ (නදී)
අැයි වෙළඳ ඇමතිට බැරිද මේවා මිලට ගෙන ලංකාව පුරා බෙදා හරින්ඩ. දැන් මොනරාගල පැත්තට ගිහිල්ල එහෙ අයව අාස්චර්යට ගෙනියනවා. බස්නාහිර පලාතට සතොස මගින් වික්ක හැකියි. (නදී)
හොදට ඉදුණු සහ හොදම තත්වේ තියන වට්ටක්කා ගෙඩියක් අවුරුදු 3ක් තියාගන්න පුලුවන්. කාමර උස්ණනත්වය තුල වතුර නොවැටෙන ආකාරයෙන් ගබඩා කල යුතුය. ඇමරිකාවේ ජර්මනියේ රසකැවිලි සහ අතුරුපස හදනවා වට්ටක්කා වලින් එලෙස හදන ආහාර ලොකු මුදලකට අලවි කරන්නේ.(නදී)
ගාමිණීගේ අදහස මමත් අනුමත කරනවා. සමන් නම් දාලා තියෙන්නේ මෝඩ අදහසක්. එ්ත් එකෙත් පොඩි ඇත්තක් තියෙනවා . කමක් නැ යුද්දේ දිනන්නනේ (නදී)
මැති ඇමති වරුනි , කරුණාකරලා දැන්වත් මේවා හොයල බලන්න. නැති නම් ගෙදර යන්න. මේවා ජාතික අපරාද (නදී)
වට්ටක්කා වැනි එලවළු වලින් එතනෝල් හදන්න බැරිද ? නැතිනම් ලබන කන්නෙදිවත් මෙහෙම නොවේවා කියල හිතාගෙන, යාල කෑම නොමැතිව සිටින සතුන්ට යවන්න. (නදී)
වෙනවට කියනවා නෙමෙයි. ඉතින් මේ ගොවි මහතුන්ගේ දුපුතුන් වන තරුණ පරම්පරාව කුඩු විකුණන්න, බැංකු කඩන්න, කප්පම් ගන්න යොමුවෙන එක අහන්නත් දෙයක්ද? (නි)