ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි මහියංගනයේදී අද විරෝධතාවයත් පැවැත්විණි.
පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.
ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ ඉක්මන් ගමනින් පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට ඇතුළු වුහ.
ඡායාරූප සහ වීඩියෝ රංජිත් කරුණාවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය සංගායනාවක් අවැසියි. මහා නායක හාමුදුරුවන්ට මේ තත්වය නිවැරදි කල හැකියි. රජය විල්පත්තුව පමණක් නොව අපේ වන ජීවින් බේරා ගැනීමට ඉදිරිපත් විය යුතුයි. මේ සියලුම ප්‍රස්න වලට හේතුව රටේ නීතියක් නැති කමයි. (නදී)
මෙහෙම වෙලා මදි මේ කරන අපරාධ වලට........(දී)
මේ හාමුදුරුවොත් අර මොනරා වගේ පිල් විහිදුවාට වැඩක් නැහැ නේ (දී)
ධර්ම සංගායනාවකට කාලය හරි වගේ (අ)
අන්තවාදය සහ ආගම් වාදය ( ජාති වාදය සහ ආගම බේදය ) ලෝකයේ කුමන රටක් උනත් එම රටවල යුද්දයක් ඇතිවීමට සහ රට බෙදීමට කරුණක්. ලෝකයේ බොහෝ අතීතයේ සහ දැනටම සිදුවන දේවල් දැක්කම සනාථ වනවා.(නදී)
අන්තවාදය සහ ආගම් වාදය නැති කරමු.(නදී)
කොහොමත් අන්තිමේදී දෙපා වල පිහිට තමයි, වැඩිදෙනෙකුට තියෙන්නේ (නි)
තාම ගොඩක් අය දුවන්න පටන්ගත්තා විතරයි (නි)
අපි නම් ඔය කාගේ කාගෙත් හැටි දන්නවා (නි)
දර්ම සංඝායනාවක් පවත්වමුද? (නදී)
එක්තරා සංවිධානයක් පිරිසක් එකතුකරගෙන අද මේ ක්‍රියාව කරන බව ඊයෙම මේ ස්වාමින් වහන්සේ ජනමාද්ධ්‍යට ප්‍රකාශයක් කර තිබ්බා නේද? (නදී)
බෞද්ධ දර්මය මග යන ගරුතර භික්සුන්වහන්සේලාට නම් දේශපාලන ප්‍රශ්න,මුදල්,ජාතිබේද,ආගම්බේද ප්‍රශ්න, උද්ගොසන,අරගල,සහ බලය පිළිබද ප්‍රශ්න ඇතිවිය නොහැකිය.(නදී)
සුද්දෙක් බුදු හාමුදුරුවන්ගේ පච්චයක් කොටන් අවොත් රටට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ආපහු අරිනවා.(නදී)
මේ වගේඅ යට අවසානයේ දෙපා වල පිහිටත් නැහැ (දී)
ගොඩක් අය උනන්දු වෙන්නේ පත්තර වල බුදුපිළිම පළකරන එක නවත්වන්න. හුඟ දෙනෙකුට ඒක තමයි රටේ බුද්ධාගමට තිබෙන ලොකුම තර්ජනය. පිටරට වල ඉන්නකොට තමා තේරෙන්නේ අපේ වැරදි. ලංකාවේ ඉන්නකොට ඒකෙන් පිට කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. (නි)
කරන දේවල් වල හැටියට දුවමින් තමයි ඉන්න වෙන්නේ (ස)
මෙයට පාදක බහුතරයකට ක්‍රිකට් මැච් එකකදී ලංකාව ඉන්දියාව හැර ඕනෑම රටකට පැරදුනාට කම් නැත. ඒ තරම් ඉන්දියාව නම් රට අප්‍රියය. නමුත් බුදුන් වහන්සේ ඉන්දියාවේ බවත්, ලංකාවට බුදුදහම පැමිණියේ ඉන්දියාවෙන් බවත් හිතාමතාම අමතක කර, මෙය අපේ දෙයක් කරගෙන හමාරය. නමුත් සියලු ලෝ වැසියන්ට අයත් නිර්මල බුදුදහමෙන් ඔවුන් අපේ කරගත් බුදුදහමේ සිත, කය, වචනය නම් තුන්දොර සමනයෙන් තොර එකක් වීම ඉතාමත් අභාග්‍යසම්පන්නය. (නි)
පිහිටක් නැති, සරණක් නැති, සතුටක් නැති, මුහුණක් ඇති... මේ සසර දනව්වේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ....... (නි)
මෙතන ඉන්න ගොඩක් අය හිතාගෙන ඉන්න විදිය වැරදියි. ගරු සෝම හාමුදුරුවන් පවා මේ දේවල් ගැන කියලා තිබුනා. ශාසනය බේරගන්න කවුරු හෝ ඉදිරිපත් වෙන්න ඕනෑ. ඒක ගිහිද පැවිදිද කියන ඒක නෙමෙයි ප්‍රශ්නය. මෙතන අදහස් දක්වන ගොඩක් අය ඉන්නේ පිටරට. ලංකාවේ නියම තත්ත්වය දන්නේ නැහැ. (නි)
මහා නායක හිමිවරුනි, වහා සංඝ සම්මේලනයක් පවත්වා, විනය නීති පනවා අසංවර භික්ෂූන් ශාසනයෙන් පලවා හරිනු මැනවි ....!!! (නි)
මේක සිංහල බෞද්ධ රට.ඒක රකින්නේ නැතුව අපි ඉඳලා වැඩක් තිබෙනවද? (නි)
මෙම දිවීම මම අනුමත නොකරමි (නි)
ලෝකයේ නියම සාක්ෂිය හෘද සාක්ෂිය බව මෙයින් පැහැදිලි වෙනවා (නි)
මිනිස්සු මේ වගේ වෙන්න එකම හේතුව තමා නිවටකම වගේම අධික තෘෂ්ණාව (නි)
මේ කරන්නේ බුද්ධ චීවරයට සුදුසු දෙයක්ද? (නි)
කුරිරු ත්‍රස්තවාදී යුද්ධය පවතින සමයේ පන්සල්, පල්ලි, වලට ගැහුවා. ත්‍රස්තවාදී නැති කරන්නට එතැනදී කව්රුත් එකතු වුනා. ජාති බේදයක් තිබුනේ නැහැ. දැන් මේ කොටවන්නයි යන්නේ. ත්‍රස්තවාදීන් අපිට හිනාවෙනවා ඇති.(නදී)
අපි මේ වැඩේ විසදන්න නීතියට බාර දෙමු (දී)
මේක කණගාටුදායක සිදුවීමක්. මේ වගේ දේවල් ඉතිහාසය තුළත් සිද්ධ වුණා. ඒ නිසා දැන් පළමුවෙන් කරන්න තියෙන්නේ ධර්ම සංගායනාවක් තියලා පිරිසිදු බෞද්ධ භික්ෂූන් තෝරාගෙන ඉතිරි අය සසුනෙන් නෙරපා අනාගතය සදහා පිරිසිදු බුදු දහම රැකගන්න භික්ෂූන් පිරිසක් දායාද කරදීම නොවේද? (නි)
මනෝජ්, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඉවරයි. දැන් එහෙම සිතක් නැහැ. සිතුවිලි උපදින්නේත් නැහැ (නි)
"බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදමු දැ ගොත් කුල නොදුටු උන් බන පිළිපදිමු වැදී බන මැදින් මුනි බන තෝරා අසමු වැදී බන දෙසන සග ගණ උව පිටු දකිමු" (නදී)
බුදුහාමුදුරුවන් මොනවා හිතනවා ඇත්ද, නායක ස්වාමින් වහන්සේලා පැහැදිලි කල යුතුය.(නදී)
ලොව උතුම් මානව හිතවාදී දර්ශනයකට ගරහන අය (දී)
ශාසන ශෝධනය හා දුසිල්වත් මහනුන් ඉවත් කිරීම සඳහා ශාසන අධිකරණ නොපවත්වන්නේ මක් නිසාද යන්න ඒ ඒ නිකාය භාර නායක ස්වාමින් වහන්සේලා පැහැදිලි කල යුතු වේ. (නදී)
බුදු හාමුදුරුවෝ නාලාගිරි ඇතාව මෙල්ල කරපු විදිය වටරැක හිමිට අමතක වෙන්න ඇති මෙහෙම දිව්වේ!!! පුහුණු කරන්නේ බුදු බණද වෙන මොනවා හරි බණක්ද මන්ද... (දී)
කුමාරලා වගේ අය කොහොම අයද කියලා හිතාගන්න අමාරුයි (නි)
ඇවිද්ද පය දහස් වටි. කකුල් දෙකම දෙදාහක් වටි (දී)
ජාතිය පවා දුන්නට මෙහෙම වෙලා මදි (අ)
මට නම් මේ දේ ටිකක් අපැහැදිලියි (නි)
මෙහෙම දුවන්න හේතුව මොකක්ද? තමන්ගේ හදවත දන්නවා ඇති හේතුව.(නදී)
සිවුර දාගෙන මෙවැනි වැඩ කරන කට්ටියට වෙනම නමක් දැම්ම නම් හොඳයි. (ස)
මේවා දකින අන්‍ය ආගම්වල උදවිය අපිට හිනාවෙනවා ඇති. ජනාධිපතිතුමනි මෙයට පියවරක් ගන්න. මෙහෙම ගියොත් අපේ රටේ පවතින්නාවූ නිර්මල බුද්ධාගම තව අවුරුදු දෙක තුනකින්ම විනාස වෙලා යාවි. (නදී)
කොට ත්‍රස්තවාදීන් ඉන්නකොට දිඹුලාගල හිමියන් විතරයි හිටියේ. (නදී)
කරුණාකර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් උතුම් බුදුරදුන් ගාවා නොගන්න (නි)
ඇත්තටම මහා නායක හමුදුරුවරු මේ රටේ බුද්ධ ශාසනයේ දියුණුවට මොකද්ද කරන්නෙ? ඇයි වචනයක්වත් කියන්නෙ නැත්තේ? (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් දියයුතුයි (නි)
අපේ අය රණ්ඩු වෙනවා. වැරදිකාරයෝ පැත්තක. ඒ අය හිනහා වෙනවා ඇති. (නි)
කට්ටියම ආනන්තරීය පාප කර්මය කරගන්නවා නේද? සංඝ බේධය ඇති කිරීම සෙල්ලමක් නෙවෙයි.(නදී)
දැන් අර පච්චයක් කොටාගෙන සුද්දියක් ආපු එකෙන් විතරද බුදුදහමට අපහාස වෙන්නේ.(නදී)
වටරැක විජිත හාමුදුරුවෝ ප්‍රාදේශීය සභා කාර්යාලයට වැඩ්ඩ වැඩිල්ලක් පිස්සු හැදෙනවා, ඉල්ලන් කෑවනම් විදවන්නයි වෙන්නේ, ගිනි කෑවනම් ඉතින් අගුරු තමයි පිට කරන්න වෙන්නේ. (දී)
නිතරම මේ වගේ සිද්ධි දකින කොට මිනිස්සු කලකිරෙන එක අහන්ඩ දෙයක්ද?? (ස)
තව ටික කාලයක් යනකොට මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)
කුරිරු ත්‍රස්තවාදී යුද්ධය පවතින සමයේ පන්සල්, පල්ලි, කෝවිල් වලට ගැහුවා. නමුත් එතන තිබුනේ ආගම් වාදය නම් නෙමේ, විශේෂයෙන් සිංහල ඇතුළු අනෙකුත් ජාතීන්ට එරෙහිව කල ජාතිවාදය මුසුවූ ත්‍රස්තවාදයක් පමණයි. එතැනදී ඔවුන් සිංහල, මුස්ලිම් ජාතිකයින්ට පමණක් නොවේ, බුද්ධිමත් දෙමල ජාතීන්ටත් එරෙහි වූවා. අපේ වාසනාවට එදා බුද්ධාගමට තර්ජනයක් හෝ ශාසනයේ පිරිහීමක් හෝ තිබුනේ නැහැ. (නදී)
"සබ්බේ තසන්ති දණ්ඩස්ස..සබ්බේ හායන්ති මච්චුනෝ.."
ඡන්දය දීපු අයම නේද අද මෙහෙම මැරතන් දුවන්නේ.(නදී)
ඉතාම කණගාටු දායක දැකීමක්. ඇයි මේ වෛරය. ඔබ දිහා මුළු ලොවම බලා සිටිනවා. උතුම් මහා නාහිමියන් මෙයට වහා මැදිහත් වෙන්න. නැතහොත් මුළු ලොවම ඉදිරියේ ලංකාවේ ඉන්න අපේ බෞද්ද ජනතාවට ලොකු අවමානයක් වැඩි කල් නොගොස් විඳින්න වෙනවා.(නදී)
යොමා බුදු නෙත කුළුණිනෙ. වඩිනු මැන නිදුකාණනේ.(ස)
මේවට අන්තවාදී බෞද්දයන් කියාගන්න අයත් වගකිවයුතුය (මුදී)
ජාතියේ අවාසනාවක මහත. (ස)
මේ ආරවුල් වලට මැදිවෙලා ලංකාවෙන් භාගයක්ම සංඝ භේදය කියන ආනන්තරිය පාප කර්මයට අහුවෙලා නවතීවි. ලෝකයාට බෞද්ධකම කියන්නේ ප්‍රචණ්ඩත්වය කියලා වැරදි අර්ථකතන සපයන්න ඉඩ නොතබා ඕන බල වේගයක් හදා ගත්තට කමක් නැහැ. (ස)
කරන ක්‍රියාවන් තමයි ඕනම කෙනෙක් හොඳයිද නරකයිද කියන්න පුළුවන්. (ස)
කොසොල් රජතුමාගේ සිහින ලංකාවෙන් සැබෑ වේගෙන එනවා. (දිල්)
මොකද මෙහෙම දුවන්නේ,? (ස)
ඇයි මෙච්චර බය. (ස)
මහියංගන කියන්නේ හොද බෞද්ධයන් ඉන්න පළාතක්. මං හිතුවා ඔහොම වෙයි කියලා. (ස)
උඩ බලා කෙල ගසා ගැනීම. බුද්ධිමත්ව සිතා බලන්න. නහී වේරේණ වේරාණි. (ස)
කය පමණක් මහණ කළ නිවන් මග ආවරණය කරන ධර්මතා විමුක්තිය සේ වැළදගත් තණ්හා මාන්න දිට්ඨී කරපින්නාගත් මේ අය බුදුන් කී දේ අහන, කළ දේ කරන, නිවන් මග සොයායන අතර, අනුන්ද එතරකරවන කල්‍යාණ මිත්‍රයින්ද? භික්ෂුව යන්නට ඇති අරුත කීම? (ස)
මේ කරන ක්‍රියාවන් නිසා ලෝකයටම අපි නිකම්ම පිස්සන් වෙනවා. (ස)
පිහිටක් නැති සරණක් නැති. සතුටක් නැති මුහුණක් ඇති. මේ සසර දනව්වේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....(ස)
සසර දුක දැක මහන දම් පුරන්න පැවිදි වුණ භික්ෂුන් අන්තිමේදී අලජ්ජි වජ්ජින් වී බුද්ධාගම වැනසීම නතර කිරීමට කාලය පැමිණ තිබේ. මේ පිළිබඳව කතිකාවතක් නොකරන්නේ මන්ද.? (ස)
ලැජ්ජාව සිංහල බෞද්ධ අපි හැම දෙනාටම. (ස)
බුදු දහම ඉන්දියාවෙන් රැගෙන ආ බවත්, ලෝකයටම සැමට අයත් බවත් මතක තියාගන්න ඕනෑ. හැමදෙයක්ම සඳහා බුදුදහමේ පිළිතුරු ඇති බවත් ඔය ඇත්තෝ දැන ගත යුතුයි. (ස)
මේ කරන ක්‍රියාවන් නිසා නිකන් සතර අපා ගත වෙනවා. (ස)
මේ අයත් බුද්ධ පුත්‍රයින්මද? (ස)
අනුන්ට නිවන් මග කියා දෙන්න යන මේ අයට කවදා නිවන් දකින්න පුලුවන් වෙයිද? (ස)
මොනවා වුණත් මේත් හාමුදුරු කෙනෙක් නේද? (නි)
මේ කළ දේ සාධාරනයි කියලා කියන අයත් ඉන්නවනේ? (නි)
ගොඩක් අයට අනාගතය ගැන හිතලා තීරණ ගන්න පුරුදු කරන්න කාලය හරි වගෙයි. (නි)
පළාතේ මහා සඟරුවන එකතුව මේ ගැන නිවැරදි තීරණයක් ගන්න ඕනෑ. පොදු භික්ෂු මහා සඟරුවනට නිගා දෙන අය සදාකාලිකව අසරණ කරන්න ඕනෑ. එතකොට ඔවුන් සසරදිත් අසරණ වෙනවා. (නි)
කොහෙද මේ කලබලයෙන් දුවන්නේ? මට නම් චීවරය ගැන දුකකුත් හිතෙනවා. (නි)
මේවායේ අදහස් ලියන අයගේ මොළය ගැන අපට හිතාගන්න පුළුවන්. ඉතිහාසයක් දන්නේ නැහැ. රටේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ... (නි)
බුද්ධ පුත්‍රයන් වහන්සේලා යනු තථාගත ධර්මය සරණ කොටගත්, තථාගත ධර්මය තම ජීවිතය කොටගත්, තථාගතයන් වහන්සේගේ වචනේටම තම සිත පුරුදු කරන , වහ වහා මේ ජීවිත කාලය තුළදීම උතුම් නිර්වාණය පසක් කරගන්න ජීවිතය කැප කළ උතුමන්ය. යමෙක් කහ සිවුරක් දරා ගත් පමණින් පන්සලක ජිවත් වූ පමණින් ඒ බුද්ධ පුත්‍රයෙක් නොවේ. අපි දක්ෂ වෙන්න ඕනෑ වතුරෙන් කිරි වෙන් කරගන්නාක් මෙන් අසත්පුරුෂයන්ගෙන් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාව වෙන් කරගන්න. තථාගත ධර්මය තුල පැහැදිලිව පෙන්වලා තියෙනවා අසත්පුරුෂයන්ට මේ ජීවිතය තුලදීත් ඉන් පසුවත් වෙන දේ. (නි)
අනේ දෙයියනේ! (නි)
මම ලංකාවේ හිටියා නම් දන්නවා කරන දේ... (නි)
නිවන් දකින්න කලින් රට රැක ගන්න ඕනේ. (ස)
මොකක්ද මේ අපිට වෙන්න යන්නෙ. මේවට කතා කරන්න කව්‍රුරුත් නැද්ද? (නදී)
කලබල ඇති කරන එක, කඩාකප්පල් කරන එක, ඉතාම පහසු දෙයක්. අමාරු දෙය තමයි සාමය ඇති කරන එක. පුදුමය බුදු දහමේ කියන දෙය කියන අයටම අමතක වීම. (ස)
මෙහෙම ගියොත් බුදු දහමට මොකද වෙන්නේ.(නදී)
බුදුහාමුදුරුවනේ වඩිනු මැන.(නදී)
බුදුනේ, ජේසුනේ, නබිනායක තුමනි, නොමිනුසුන් හට මිනිසත්කම දුන මැනවි. මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි. ප්‍රඥාවන්තයින් සිංහාසනාරූඩ කල මැනවි. බැටළු වෙසින් එන ව්‍යග්‍රයින් හඳුනා දුන මැනවි. නරුමයින්ට කල කම් පල දුන මැනවි. (නදී)
සමාජයට ආදර්ශයක් දිය යුතු පක්ෂය දැඩි හික්මීමක් සහ විනයක් ඇතුව කටයුතු කළොත් තමා හොඳ යහපත් සමාජයක් නිර්මාණය කරන්ට හැකි වන්නේ (දිල්)
මේ උන්නාන්සේ වැරදිවෙන්න පුළුවන් නමුත් භික්ෂුවකට හිරිහැරකිරීම අනුමතකල නොහැක (දිල්)
බුදුන් වදාළ මඟ වැඩියා නම් මේ කරදර මොකුත්ම නැහැනේ අපේ හාමුදුරුවනේ. (ස)
මම මේ දෙය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. (ස)
මෙහෙම ගියොත් අවසානෙට බුදු දහම කියල දෙයක් ලංකාවෙ නැතිවෙයි. (ස)
යස පාඩම. (ස)
බුදුන් කාලෙත් මේ වගේ අය හිටියා. (ස)
බුද්ධ චීවරයට අගෞරව කරන්න එපා . (ස)