IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


වැඩේ අලවෙයි කියලා සල්ලි දාන්න බය වුණා

2016-12-16-ent-26

‘වහින්න මුතු වැස්‌සක්’, ‘ජීවිතය ලස්‌සනයි’, ‘මුතු කිරිල්ලී’, ‘මුතු වරුසා’, ‘අහස්‌ ගව්ව’ කියලා කියන්නේ අපේ හදවතේ රැඳුණු ටෙලි නාට්‍ය කීපයක්‌. මේ නිර්මාණ හරහා අපට අමතක නොවන තාරුණ්‍ය නියෝජනය කළ සුන්දර වූ රංගන ශිල්පියෙක් වන ධනුෂ්ක රත්නායක වෘත්තියෙන් ඡායාරෑප ශිල්පියෙක්‌. ධනුෂ්ක රත්නායකගේ අලුත්ම භූමිකාව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය. ධනුෂ්කගේ කුළුදුල් ටෙලි සිත්තම මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 8.35 ජාතික රෑපවාහිනියෙන් විකාශය වන "මෞනයාගය"යි.

ක්ෂේත්‍ර කිහිපයකින්ම කාර්යබහුලවෙලා ඉන්න ධනුෂ්ක "මෞනයාගය" ගැන හදසරට කිව්වේ මෙහෙම

 

කොහොමද "මෞනයාගය"ට ලැබෙන ප්‍රතිචාර?

2016-12-16-ent-28ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රෑපවාහිනියෙන් නාට්‍ය බලනවා වගේම මේ වනවිට youtube හරහාත් මුහුණු පොත (Facebook) හරහාත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා’

 

තාමත් මෙහි රූගත කිරීම් සිදු වෙනවද?

ඔව් තාම රෑගත කිරීම් සිදුවෙනවා.

 

ඇත්තටම මොකක්ද මේ ‘මෞනයාගය’ කියන්නේ?

එකේ තේරුම නිහඬ කියන අර්ථය. මේ ලෝකය හැදිලා තියෙන්නේ පෘථිවි ආපෝ තේජෝ වායෝ කියන දේ තුළින්. ලෝකයේ සමතුලිතතාව නැතිවෙලා තියෙන්නේ මිනිස් ඇසුරෙහි බලපෑම් එක්ක. මේ වනවිට ලෝකය විනාශ වෙමින් පවතිනවා කියන දේ අපි කව්රුත් කතා වෙනවා ඒක එහෙම වෙන්නේ නැහැ කියන්නත් කාටවත් බැහැ. ඉතින් මේ හැම දෙයක්ම එක් වුණු වෙනස්ම කතාවක් තමා මෞනයාගය, තුළින් ගෙන එන්නේ.

 

ඇයි මෙවැනි නාට්‍යයක් කරන්න ඕන කියලා හිතුණේ?

කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමා 90 දශකයෙන් පස්සේ බිහිවුණු රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හොඳ ගුණාත්මක නිර්මාණවල යෙදෙන්න අවස්ථාව ලැබුණේ හරි අඩුවෙන්. හැබැයි ඊට පෙර පරම්පරාව ගත්තම අපි දැක්කා කඩුල්ල, පලිඟු මැණිකේ, දඬුබස්නාමානය එතකොට කන්දේ ගෙදර වැනි නිර්මාණවල රංගන දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් අද වනවිට දක්ෂ තරුණ පරපුරක් බිහිවුණත් ඒ අයට හොඳ නිර්මාණවල අඩුවක් තියෙනවා. ඒ නිසා තමා මල් කතා, විදේශීය ටෙලි කතා හඬකවා විකාශය වන කාලයක හරියට උඩුගම්බලා යනවා වගේ මම වෙනස්ම කතා පුවතක් ප්‍රේක්ෂකයින්ට සමීප කළේ.

 

මෙහි පිටපත ගැනත් කතා කරමු?

ඔව්, මේ පිටපත තුන්දෙනෙක් ලියුවා. කතා සංකල්පය මගේ. ඒ වගේම ගයාන් හෙට්ටිආරච්චි, සුනෙත් වර්ණසූරිය කියන අපි තුන්දෙනාම තමා මෙහි පිටපත ලියුවේ. මම මේ නාට්‍ය ගොඩ නගන්න අවුරුදු හතරක් විතර සැලසුම් කළා.

 

මෙහි නිෂ්පාදනයත් ඔබගේමයි

ඔව් ඒකට මූලික වෙන්නේ මම අලුත් අධ්‍යක්ෂවරයෙක්. ඉතින් බොහෝ වෙලාවට අලුත් අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න නිෂ්පාදකවරු ඉදිරිපත් වෙන්නේ නැහැ. අනිත් කාරණාව තමා මේ නාට්‍ය මේ දවස්වල විකාශය වන නාට්‍ය අතර වෙනස්ම නාට්‍යයක් ඉතින් නිෂ්පාදකවරු බයයි මෙවැනි දෙයකට අත ගහලා පාඩු ලබන්න වෙයිද කියලා. මේ සියලු කාරණා නිසා මම හිතුවා මමම නිෂ්පාදනය කරනවා කියලා.

 

ඔබ අපි හඳුනාගන්නේ රංගන ශිල්පියෙක් විදියට. දැන් ඔබ රංගනයෙන් ඈත් වෙලාද?

නැහැ. මම දැනට නාට්‍ය පහළොවකට විතර සම්බන්ධවෙලා තියෙනවා. රංගනය අතහැරලා නැහැ. ඉදිරියේදී ආයෙත් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබේ ඉදිරි කලා කටයුතු සහ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ජීවය ජායාරෑප ශිල්පය. ඉතින් එහි වැඩ කටයුතුත් හොඳින් කරගෙන යනවා. ලංකාවේ චිත්‍රපට ඩිජිටල් වීමත් එක්ක සිනමාවට යමක් කිරීමේ දැඩි වුවමනාවක් තියෙනවා.

 

 - නීෂා

 

2016-12-16-ent-27
2016-12-16-ent-25



අදහස් (0)

වැඩේ අලවෙයි කියලා සල්ලි දාන්න බය වුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 374 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site