(තරිඳු ජයවර්ධන )
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද පස්වරුවේදී නියෝග කළේය.
ව්‍යාජ පැමිණිල්ක් කිරීම, පොලිසියට ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ ද, ගිනි අවි ආඥා පනතට යටතේ ද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද පෙරවරුවේ අදාළ චෝදනා කියා දී සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත් 2017 වසරේ පෙබරවාරි හය වැනිදා සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එය හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සිද්ධියට යොදා ගත් බව කියන ගිනි අවි දෙකක් ද රහස් පොලිස් භාරයට ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෙඩි තැබීමේ නාටකයට සයිටම් හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ්
Chanak Los angeles Saturday, 09 June 2018 03:45 PM
නීතිය දුර්වලයි කියා පෑමට මෙය හොඳ නිදසුනක්.. නැතිනම් මොවුන්ට මේ සෙල්ලම් දමන්න බැහැ.
ජගත් ලියනගේ Sunday, 10 June 2018 01:08 AM
නීතිය නවනවා නේ. ඒක නිසා තමයි ඔය වගේ සිද්ධ ඇති වෙන්නේ . අපේ පොලිසියේ අති දක්ෂ අය ඉන්නවා , ඒක මම අත් දැකීමෙන් දන්නවා , නමුත් ඒ ගොල්ලන්ට දේශපාලන කාරයෝ , එහෙම නැත්තං බල පුළුවන් කාරයෝ ඇවිල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ .
NuwanSunday, 10 June 2018 03:35 AM
ඒක මෙතැනදී ඇත්තක් වෙලා නෑ
faizer Saturday, 09 June 2018 05:12 PM
කලකම් පලදේ...කියන්නේ මේවාට තමා
ඉරාන් Saturday, 09 June 2018 06:08 PM
මෙච්චර වංචාවක් කරලත් අවුරුදු එකහමාරක් ගියා නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න විතරක්......සයිටම් නම් ඉතින් වංචාවක්ම තමයි..
ජගත් ලියනගේ Sunday, 10 June 2018 01:03 AM
අපිට නං ඔය සිද්ධිය වෙච්ච දවස් වලම තේරුණා ඕක හොඳ නාටකයක් තමයි කියල .
nihal Sunday, 10 June 2018 02:17 AM
කට්ටියම කෛරාටිකලා වගේ නේද _?
ප්‍රීති Sunday, 10 June 2018 03:13 AM
මාෆියා කල්ලිය සමඟ එකඟ වූ කාරණාවට මේ අත්අඩංගුවට ගැනීමත් ඇතුළත්ද?
Rasi Sunday, 10 June 2018 03:52 AM
පොදු ජනයා වරදක් කළ විගස පැමිණෙන දඬුවම් සමහර උත්තමයන්ට පැමිණෙන්නේ තැපෑලෙන්.
buddika Sunday, 10 June 2018 04:18 AM
සයිටම් කියන්නේ හොදම නාටකයක් තමයි, අවු 9ක් තිස්සේ සයිටම් සිසුනුත් රැවැට්ටුව. මුළු රටේම අධ්‍යාපන පද්දතියම විනාශ කල දුෂිත දේශපාලකයෝ සහ පාලනාධිකාරිය,
සතයපාල Sunday, 10 June 2018 05:45 AM
මේක තනිකරම ගේමක් කියන එක මුල ඉදලම පැහැදිලියි. වැඩේ මෙච්චර ඇදුනේ මේක යට ගහන්න හරි වරද බාර ගන්න කුලිකාරයෙක් හරි හොයා ගන්න වෙන්න ඇති. හරියට කටුගෙයි කඩුවට කන් ගැට්ටෙක් ආවා වගේ. ඒ සියල්ල අසාර්ථක උනාට පස්සේ නඩුව ඉස්සරහට ගේන්න ඇති.
Sena Sunday, 10 June 2018 06:27 AM
මගඩි නාට්‍ය පරාදයි. අරම්භයේ සිටම වංචාව ....කෝ මේ සයිටම් තමා හොදම වෛද්‍ය වීද්‍යාලය කියපු ටික...
sigithi Sunday, 10 June 2018 06:55 AM
මේවා එතරම ගණන් ගන්න එපා.......මේවා රගපෑම් පමණයි...........හෙට සුවසේ ගෙදර යාවි .
sb Sunday, 10 June 2018 08:05 AM
මේ පුද්ගලයා ට වෛද්‍ය කියා ඇමතීම වැරදියි.. ඔහු ට ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කිරීමට කිසිම සුදුසුකමක් හෝ නිත්‍යානුකුල ලියාපදිංචියක් නැහැ.