වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු අමානුෂික වද හිංසාවලට ලක් කළ මැදගම හිටපු පොලිස් ස්ථානාධිපති නිශාන්ත රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා සිරදඬුවම් සහ දඩ නියම කළේය.
රුපියල් තුන් ලක්ෂයක වන්දියක් අබාධිත වඩු කාර්මිකයාට ගෙවන ලෙස ද නියෝග කැරිණි.
හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ, පොලිස් කොස්තාපල් ඒ එම් රත්නසිරි, පොලිස් ආරක්ෂක සහායකයන් වන ඩී එම් ගාමිණී කුමාර, ඒ එම් රුවන් කුමාර, ආර් ඩී එම් අජිත් ප්‍රේමතිලක වැරදිකරුවෝ වූහ.
සිවිල් ආරක්ෂක සහාය එච් එම් නිලංක දර්ශන නිදහස් විය.
උප පොලිස් පරීක්ෂකට වසර 15කට අත්හිටවූ දෑ අවුරුදු සිර දඩුවමක් ද, දෙවැනි විත්තිකරුට මාස හතරක අත්හිටවූ සිර දඩුවමක් ද නියම කළ අතර තුන් වැනි හා පස් වැනි විත්තිකරුවනට අවුරුදු හත බැගින් සිරදඩුවම් නියම කැරිණි.
විත්තිකරුවනට නියම කළ දඩය රුපියල් 250000කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොද විනිසුරු තීරණයක් .(හේ)
ඇත්තටම මේ තීන්දුව අගය කළයුතුයි. හරිම හොඳයි. නමුත් ඔය වගේ දේවල් තව තවත් පොලිස් ස්ථානවල වෙන්න පුළුවන් (නි)
ගෞරවනීය අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
විනිසුරුතුමනි, ඔබ දීර්ඝායු ලැබී මගේ රටේ අපරාධ වලට හා දුෂණ වලට මෙවැනි තීරණ දීමට තවත් ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)
මහජනතාවගේ මුදලින් යැපෙන පොලිසිය ජනතාවට මෙවැනි අමානුෂික වධහිංසා කිරිම ඉතාමත් නිහීන ක්‍රියාවකි (නි)
මහා නියඟයෙන් පසුව වැටුන පොද වැස්සක් වගෙයි. විනිසුරුතුමාට මගේ ගෞරවය! (නි)
නීතිය සාධාරනව ඉටුවීම ගැන මහජනයාගේ ප්‍රණාමය! පොලිසියේ ඉන්න මේ වගේ අය නිසා මුළු පොලිසියම අපහාසයට ලක්වෙනවා. (නි)
අධිකරණ තීන්දුවට ගරුකරමි (නි)
සාමාන්‍ය ජනතාව වෙනදාට වඩා තමන්ගේ අයිතිවාසිකම් මොනවාදැයි දැන සිටීම හොඳයි. චූදිතයා අසුනොවුණු තැන පවුලේ කෙනෙකු පොලිසියේ රඳවා තබා ගැනීම කොහෙත්ම සිදුනොවිය යුතුයි. එමෙන්ම සැකකරුවෙකු ඔහු එය කළේ නැහැයි කියනවා නම්, එය ඔප්පු කිරීමට සාධක නැත්නම්, ඔහු ශාරීරික වදහිංසාවන්ට පමුණුවා බලහත්කාරයෙන් වරද පැටවීම සිදුනොවිය යුතුයි. ශිෂ්ට සමාජයක එය සිදුනොවිය යුතුයි. තමන්ගේ සීමාවන් සහ යුතුකම් මොනවාදැයි මතක් කිරීමට දුන් අධිකරණයේ තීන්දුව අගය කරමි. (නි)
පොලිසියක් තියෙන්නේ නීතිය රකින්න මිස නීතිය කඩන්න නොවේ. මෙවැනි ක්‍රියා තුලින් ජනතාවට පොලිසිය කෙරෙහි ඇතිවන්නේ අප්‍රසාදයක්. (ස)
විනිසුරු තීරණය ඉතා නිවැරදි සතුටු විය හැකි තින්දුවක් . පොලිසිය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ . දරුණු අපරාද කරන අයට තියන නිතිය අහිංසක ජනතාවට පාවිච්චි කරනවා . එකට එක කතා කිරීම , අප නිවැරදි බව පෙන්වාදීම , පොලිසියේ වැරැද්ද පෙන්වාදීම , පොලිසිය ගණන් නොගෙන කතා කිරීම යන කරුණු වලදී පොලිසිය විසින් සාමාන්‍ය ජනතාව අපරාද නිතිය යොදාගෙන පිඩාවට පත්කරිම සාමාන්‍ය සිරිත . මේවට වගකියන්න ඕන උසස් පොලිස් නිලදාරීන් හා අදාල අමාත්‍යාංශ නිලදාරීන් තමා . (ස)
පොලිස් බලො. (ස)
තීන්දුව දුන් මහේස්ත්‍රාත්තුමාට ජය වේවා.(හේ)
ලෝකයේ හැම පොලිසියක්ම ඔහොම තමයි.(හේ)
හොඳ නඩු තීන්ඩුවක් (නි)
මේක ගැන වෙනස් අදහසක් තියෙන්නේ. මේවගේ සිදුවීම් වල දෙපැත්තක් තියනවා.(හේ)
අධිකරණයේ ගෞරවය සහ නඩු අසන විනිසුරුවරු වරුන්ගේ ගෞරවය මෙවෙනි තීන්දු වලින් සහතික වනවා , මෙම විනිසුරුට මගේ හද පත්ලෙන් ප්‍රණාමය. (ස)
ඇත්තටම අගය කරන තීන්දුවක් අද කාලයේ අසරණයට කිසිම පිළිසරණක් නැහැ (නදී)
අර බෙන්ගාල බොක්කේ එකපාර කැළඹිලි වෙනවා වගේ මේ ටිකේ පොලිසියෙයි අධිකරණයෙයි පොඩි හැප්පිල්ලක් තියෙනවා වගේ (අ)
මේ ප්‍රවෘත්තිය කියෙව්වාම මාර සතුටක් සකල සරුවාන්ගෙටම දැනුනා. කාකි සූට් එක දාගත්තාම හුඟක් මින්නිස්සු අමනුස්සයෝ වෙනවා. පොලීසිය ජනතාවගේ හතුරන් හැටියට රාජකාරි කරනවා නම් ඒ ගොල්ලන්ගෙන් වැඩක් නැහැනේ. (නදී)
විනිසුරු දිනේවා ! (නදී)
පළාත්සභා මැති ඇමති ගොල්ලන්ටත් මේ වාගේ නීතිය ක්‍රියාත්මක කරන්නට ධෛරිය ශක්තිය අපේ විනිසුරුවන්ට ලැබේවා... ජයවේවා (අ)
මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා ඉතා බුද්ධිමත් උත්තමයෙක් (නි)
මෝටරේට මොතද උනේ. ලොක්කා හොඳ මරිසිකාරයෙක්. පත්තරේ තියෙන වාර්ථාවක් දැකලා ඇඹරෙන්න එපා. ලොක්කගේ ගම කොහෙද? දැන් ඉන්නේ කොහෙද? (නදී)
පොලිස් රාළහාමිලාගේ යැපෙන්නන්ට දැන් මොකද වෙන්නේ? (නි)
මේවා කාට කියන්නද? (නි)
හැමෝටම එකම විදිහට නීතිය ක්‍රියාතමක කරපු එක ගැන සතුටුයි. (නදී)
විනිසුරුතුමන්ලා ඔන්න ඔහොම යුක්තිය පසිඳලනකොට සාමාන්‍ය අපිට අධිකරණය කෙරෙහි වඩ වඩාත් ගෞරවයක් ඇතිවෙනවා (නි)
තීන්දුව ඉතාමත් අගය කරනවා.(හේ)
මේ වගේ දේවල් වලින් පොලිසිය පිලිබඳ ජනතාවගේ ගෞරවයට නැති වෙනවා.(හේ)
මෙවැනි විනිසුරුවරුන් ශ්‍රී ලංකාවේ සිටීම ආඩම්බරයක්. නීතිය යුක්තිය ගරුකරන, ලොකුකම, නිලධාරීකම නොසළකා අහිංසකයන් වෙනුවෙන් පෙනීසිටින මෙවන් නිලධාරීන් අගය කරමි. මෙවැනි තීන්දු වලින් අනෙකුත් මෙවැනි අසාධාරන පොලිස් නිලධාරින්ද පාඩමක් ඉගෙනගනීවි (නි)
මේ වෙනකොට පොලිසි වලින් අහිංසක මිනිස්සු සියදහස් ගානකට මොනතරම් අසාධාරණ වෙලා ඇද්ද? (නි)
සාමාන්‍ය පුරවැසියාටත් දැන් අධිකරණය ඉදිරියේ වසන්තය උදාවීම ගැන ඉතාම සතුටුයි (නි)
මට ගොඩක් සතුටුයි මේ තීන්දුව ගැන (නි)
පොලිසිය දැන්වත් පාඩමක් ඉගෙනගන්නවා නම් හොඳයි (නි)
ලංකාවේ මේ වගේ පුවතක් අසන්න ලැබීමමත් මට හරිම සතුටක් (නි)
මට නම් මේ දුන් දඬුවමත් මදි වගෙයි. දියුණු රටවල අසාධාරනයක් සිදුවූ කෙනෙකුට විශාල වශයෙන් වන්දි අයකරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වුණොත් අවනීතිය ඉස්මතුවීම නවතිනවා.මට සතුටුයි මේ විදියට ඉදිරියටත් මේ දේ ක්‍රියාත්මක වෙනවා නම් (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නියම තීන්දුවක් (නි)
වැරදි කරන අනෙක් අයටත් ළඟදීම දඬුවම් ලැබෙයි. (නි)
බට්ටිට ගහපු පොලිස් නිලධාරියා මතක්වුණා මට (නි)
පොලිසිය පිළිබඳ ජනතාවගේ ගෞරවය නැතිවෙලා බොහොම කල් (නි)
නියම තීන්දුවක් (අ)
පොලීසිය නීතියට උඩින් සිටි කාලය ඉවරයි වගේ. ඊයේ නඩු තීන්දුව හා මේ නඩු තීන්දුව ලොකු වෙනසක් කරාවි. (නි)
පොලිසිය ජනතාවට ගරුකරන්න ඕනෑ. සියලුදෙනා නීතියට ගරුකරන්න ඕනෑ. ජනතාව වුණත් පොලිසිය වුණත් නීතියට යටත්. මේ වගේ නඩු තීන්දු ඉතාමත් ඉවහල් වෙනවා, ලංකාවේ කීර්ති නාමය ලෝකයට ගෙනයන්න. (නි)
කාට වුණත් නීතිය පොදුයි (නි)
යුක්තිගරුක තීරණයක් ලබාදුන් ඔබතුමාට සියලු රටවැසියන්ගේ ගෞරවය! (නි)
විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)
පොලිසිය වුණත් තමන්ගේ තරම දැනගෙන කටයුතු කළොත් හොඳයි (නි)
පොලිසියට හොඳ පාඩමක් මේක (නි)
දැන් මේ ආබාධිතයාට කරගෙන ගිය රැකියාවත් කරගන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඇති. (නි)
පොලිසියට මතක හිටින දඬුවමක්. පොලිසිය හිතන්නේ නිල ඇඳුම ඇඟට දාගත්තහම ඒගොල්ලෝ තමයි මිනිස්සු කියලා. කීදාහක් නම් අසරණ මිනිසුන්ට හිංසා පීඩා කරනවද? (නි)
මදැයි! දැන් රාළහාමිලාගේ රස්සාව, පෙන්ෂන් වලට මොනවා වෙයිද මන්දා! (නි)
බට්ටිට ගහපු පොලිස් නිලධාරියාට නම් නැවත රස්සාව දීලාලු නේද? (නි)
අපේ රට යහපත් මාවතකට ඇතුළුවේගෙන එනවා වගේ කියලා මට දැනෙනවා (නි)