පිළියන්ද ජල්තර දෙදරු මවක (67) අද වැඩිහිටි දිනයේ පුටුවක ගැට ගසා කටේ රෙදි පාංකඩ ඔබා පිස්සන්කොටුවට භාර දීමට සැරසෙද්දී ඇය අලුයම තුනට පමණ ගෙදරින් පැන ගොස් පිළියන්දල පොලිසියට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය.
ධනවත් කතක වන ඇයගේ ප්‍රාණ භුක්තිය ලියවා ගැනීමට උත්සාහ කළ පිරිසක් ඊට ඇය නොකැමති වූ විට ඇය පුටුවේ තබා බැඳ ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එම කාන්තාව බැඳ දැමීමට යොද ගත් බව කියන ලණුද, කටේ එබූ රෙදි පාංකඩද රැගෙන ආ බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යවත් ලංකාවනේ! (නි)
කණගාටු හිතුණා මේ පුවත දුටුවිට (නි)
දැන් හැමතැනම වෙන්නේ ජල්තර වැඩම තමයි (නි)
පවු අහිංසක කාන්තාව! (නි)
සත්‍යපාලගේ අදහස් අනුව ඔහු ඒ වගේම වැඩක් තම දෙමාපියන්ට කර ඇති බව පෙනේ. නීතිය ක්‍රියාත්මක කරන්න මොවුන්ට උපරිමයෙන්ම. (නි)
මෙන්න මේ වගේ වැඩ කරන අයවත් එක්කරගෙන යන්නකෝ තව හංගපු පාන්කඩ ,ලණු එහෙම තියෙනවද හොයන්න (නි)
පිටබැද්දර ජයාට ප්‍රශංසාව මෙන්ම රෝකිට ටිකක් පිස්සු වගේ. (අ)
රොනී, මේ මවගේ ළමුන් කවදාවත් ඔය කියන වැඩ කරලා නැහැ. බෞද්ධ රටේ හිටියට බෞද්ධ විදිහට හැසිරිලා නැහැ. ඒක නිසා තමා මවු කෙනෙකුට සළකන්න දන්නේ නැත්තේ. (නි)
මෙයට බුදු දහමවත් වෙනත් ආගමකටවත් රටටවත් දොස් කියලා වැඩක් නැහැ. අද මිනිසුන්ගේ හිත්වල සාරධර්ම පිරිහිලා. කුසල් අකුසල් හඳුනන්නේ නැහැ.ඒකයි හේතුව (නි)
ජල්තර වැඩක්ම තමයි මේක නම් (නි)
බුදුදහමට රටට අදහස් වලින් ගරහන්න එපා රොනී (නි)
මමත් දන්නා කියන පුතෙක්යි ලේලි කෙනෙකුයි එකතුවෙලා අම්මා ලෙඩ ඇඳේ ඉන්නකොට බලෙන් ඉඩකඩම් ලියාගත්තා. ඒ දුකට ඒ අම්මා මැරුණා. තාත්තාත් මේ ගැනම කල්පනා කරකර ඉඳලා අන්තිමට වාහනයකට යටවෙලා මියගියා.ඔන්න ඕකයි අද තත්වය! (නි)
ඉතින් අජිත්, සමථ මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඇයව නෙරපා දාන්න බැරිද? (නි)
මම දන්නා පවුලක වැඩිමහල් දියණිය තමන්ගේ මව වියපත්ව ඔත්පලව එකතැන් වූ පසු එම මව තම නැගණියගේ නිවසට භාර දී ,නැවත එම නිවසට නොපැමින තම වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යාමේ අදහසින් එම නැගණියට අභූත චෝදනාකොට තරහක් ඇතිකරගෙන අපුරුවට මඟහැර සිටිනවා.මෙය අපේ ගමේ බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්වූ කාරණාවකි.මෙම සිද්ධියේ ලොකු දුව විශ්‍රාමික ගුරුවරියකි. ඇය මෙම ප්‍රදේශයේ "සමථ මණ්ඩලයේ" සාමාජිකාවක්ද වන්නීය. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
වැඩිහිටි දිනයේදී තම මවට සළකන හොඳම විදිය මේ දරුවෝ කල්පනා කරන්න ඇති. ඊට පස්සේ ආ හොඳම අදහස වෙන්න ඇති මවගේ දේපොළ ටික ලියාගෙන ඒවායින් නිදහස් කරලා සැනසිල්ලේ ඉන්න දෙන එක. ඒක ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ අකරතැබ්බය වෙන්න ඇත්තේ. මේ දරුවෝ ගැන කවුරුවත් වැරදියට හිතන්න එපා ! (නි)
ඔන්න සදහම් දේශය! අසිරිමත් බෞද්ධ දේශය. පෝය නිවාඩු 15යි, බෞද්ධ ටීවී නාලිකා 2යි, බෞද්ධ ගුවන් විදුලි නාලිකා 2යි, 80% ජනයා බෞද්ධ, මිනිස්සු පන්සල් ගිහින් මල් 40,0000 පුජා කරනවා. මේවා කරලා හරියන්නේ නැහැ. මිනිසුන්ගේ හිත පිරිසුදු වෙන්න ඕනෑ (නි)
ලංකාවේ අද වෙනකොට වෙනදේවල් දැක්කහම ලංකාවේ ඉන්නේ මිනිස්සුද කියලත් හිතෙනවා. සමහරවිට ධර්මද්වීපයකට යන පාර ඔහොමද දන්නෙත් නැහැනේ! එහෙමනම් ඉතින් අනේ සාදු සාදු ඉන්න මිනිසුන්ට! (නි)
අපෝ! මේවා අහස පොළොව නුහුලන අපරාධ. මේ අම්මාගේ පෙර පින් බලෙන් පිස්සන් කොටුවට යන්න වුණේ නැහැ. අනුන්ගේ මුදල් වලට, දේපල වලට ලොල්වෙන සමාජය දැන් දැන් වැඩිවෙලා. සාරධර්ම පිරිහිලා ගිහින. මුළු මහත් මිනිස් සමාජයට කරුණාව දයාව ඇතිවේවා! (නි)
මම දන්නා, දරුවන් හොඳින් සිටින තැනක අම්මාව දමා තිබෙන්නේ වැහි පිනි බාන මඩුවක (නි)
රාළහාමිට නම් හරි සතුටුයි වගේ! (නි)
අම්මාට තාත්තාට හොඳට සළකන්න. දානමාන පිංකම් වලට යොමුකරවන්න. ලෙඩවුණාම කාටවත් අතනොපා බේත් ටික අරගෙන දෙන්න. තමන්ගෙ දරුවන්ට අධ්‍යපනය, පෝෂණය සළසා දෙන්න. අසරණ දරුවෙකුට පොත් ටිකක් අරගෙන දෙන්න. තව කොයිතරම් දේවල් තියෙනවද? සල්ලි වලින් සතුටුවෙන්න පුලුවන්. වැරැද්ද තියෙන්නෙ සල්ලි නෙමෙයි, එය උපයන සහ වියදම් කරන විදියයි. (නි)
බූදලේ ලියාගන්න කලින් ඔහොම නම්, ලියා ගන්න පුළුවන් වුණා නම් මේ මෑණියන්ගේ ඉරණම ගැන හිතාගන්නවත් බැහැ. (නි)
පිටබැද්දර ජයා එහෙම කියන්නේ මොකද දන්නෙ නැහැ. එයත් සල්ලි පස්සෙන් යනවා ඇති (නි)
පිටබැද්දර ජයාගෙ කතාවම තමයි මමත් කියන්නේ. (නි)
මේක තමයි අපේ ධර්මද්වීපය! (නි)
මනුස්සකම බල්ලට ගිය සමාජයක් මේක ! හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ල කාලා තමන් සතුටින් ඉන්න , ප්‍රශ්නේ කොච්චර කාලෙකටද කියල මේ මිනිසුන්ට නොතේරෙන එකයි අවුල . මිනිසුනේ ඉපදුන වගේම අපි මැරෙනවා මේ ඉන්න ටිකට අනුන්ට දුක් ගින්දරක් නොදී සතුටින් ජිවත් වෙමු , සතුට කියන්නේ සල්ලි නෙවෙයි සල්ලි නැතුව බොහොම සතුටින් ජිවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. (අ)
ශ්රී ලංකාවේ වෙන අසිරිමත් සිද්දීන් මේවා(අ)
මා දන්නා ධනවත් පවුලක එක් දරුවෙක් පවුලේ බුදලය ලියාගත්තේ පියාගේ මලසිරුරෙන් ඇඟිලි අත්සන අරගෙන.(අ)