(ඉන්දිකා රාමනායක)
සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (27) පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය කියයි.
සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා
චන්දන Tuesday, 28 February 2023 03:41 PM
එදා වේල හොයාගන්න කඩාගනිල්ලකො. සේසතම හූරගෙන කන්නෙ නැතිව .
Prabha Wednesday, 01 March 2023 09:20 AM
එදා වේල හොයාගන්න නම් වත්තේ වගාකරපල්ලා. හොරකමට අනුබල දෙන්නේද හොරුන්මය.
Silva Tuesday, 28 February 2023 03:56 PM
ගහපිය කනවල් පැලෙන්න මල පෙරේතයන්ට
ගමේ එකාලා Tuesday, 28 February 2023 11:47 PM
ලක්ෂ 7 ක අඹ කඩලලූ? අනේද කියන්නේ ? අඹ කොච්චර කියලා කැඩුවද? දෙයියෝ තමා දන්නේ?
SLWednesday, 01 March 2023 05:28 PM
මිනිස්සු මැරිලා මැරිලා, දස අතේ ණයවෙලා වගා කරන්න වෙන මහන්සිය දන්නේ ඒ මිනිස්සු. හොරුන්ට හරි ලේසියි ඇවිත් කඩාගෙන යන්න. මේ ව්‍යාපාරිකයාට උපරිම සාධාරණය ඉටුවිය යුතුයි සහ හොරුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.
Piyal Wednesday, 01 March 2023 05:08 AM
ඕක මොකද්ද එකෙක් මහ බැංකුවට පැනල US$ මිලියන 11 ක් හොරා කෑවේ
vijayanthi Wednesday, 01 March 2023 05:37 AM
යකඩෝ අඹ වල ගණන්
Chaturika Wednesday, 01 March 2023 07:21 AM
වගා කරන මිනිස්සු තමයි දන්නේ ඒකේ දුක .ගෙඩි හැදුනම කඩන් යන්න හොරු හැදුනම මේ රටේ වගා කරන්න මිනිස්සු නැති වෙයි
liyanna Wednesday, 01 March 2023 08:50 AM
ඉඩම් වගා නොකර මේකත් ප්‍රබල හේතුවක් වන සතුන්ගෙන් වන හානිය වගේම හොර සතුන්ගෙනුත් වගාවන්ට විශාල හානියක් වෙනවා..
Janiya Friday, 03 March 2023 09:35 PM
මහ පොළෙවත් එක්ක ඔට්ටු වෙලා අමාරුවෙන් වගාවක් කරල හම්බ කරල දියුණු වෙන මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන උන්ට උපරිම දඬුවම් දිය යුතුයි
sampath Friday, 03 March 2023 11:24 PM
වගාහානිය සහ සොරකම නිසා වගාවෙන් ගොවියා ඈත්වෙනවා. ඒකයි මේතරම් විදේශ මුදල් අර්බුදයකට යන්නෙත්... කොහොම වුණත් කාර් එකකින් ඇවිත් ලක්ෂ 7ක අඹ කැඩුවා කියන එක පිළිගනින අමාරුයි.