
(සුරංග රාජනායක)
ගම්පොළ පුපුරැස්ස ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට වවුනියාව ප්‍රදේශය සිට පැමිණි තුන් හැවිරිදි දැරියක් ජලය යැයි සිතා එම නිවසේ තිබූ එළකිරි කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් මිය ගොස් ඇති බව ඒ වෙනුවෙන් ගම්පොළ රෝහලේ පැවැත්වූ මරණ පරික්ෂණයේදී හෙළි විය.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියා සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේස්කාරම් හයනිකා නැමැති දැරියයි.
ඇගේ මව පියා ඇතුළු කිහිපදෙනකු ඩෙල්ටාවත්ත ඥාති නිවසකට පැමිණ ඇත.
වවුනියාවේ සිට පැමිණි පිරිස ඊයේ දහවල් දියනා සවස නිවසේ එළිමහනේ සිට විනෝද වෙමින් සිටි අතර මෙම දැරිය නිවස තුළට ගොස් ජනේලය මත තිබූ මෙම දියරය පානය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළකිරි කල් තබාගන්න? මන් දන්නා තරමින් එළකිරිවලට වතුරවත් දාන්න අවසර නැහැ. මන් හිතන්නේ පරිවර්තන දෝෂයක් වෙන්න ඇති. රබර් කිරි කල් තියාගන්න නම් ඇසිඩ් දානවා. පවු අසරණ පොඩි එකා. වැඩිහිටියන්ට නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් නඩුවක් දාන්න ඕන
රත්තරන් දුවට නිවන් සුව ප්‍රර්ථනා කරනව.
කිරි කල් තබාගන්න යොදන රසායන ද්‍රව්‍ය බීල මිය ගියා කියන්නෙ ඒ රසායන ද්‍රවය යොදා කල් තබා ගන්න කිරිත් වස. මෙතෙක් කල් ඒ මිනිස්සු විකුණලා තියෙන්නෙ වස මුසු කිරි.