රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් අද (12) යළි සේවයට කැඳවු බව පොලීසිය කියයි.
ඔහුගේ එම සිද්ධියෙන් පසු වැඩ තහනම් කැර තිබිණි.ඔහු අවිස්සාවේල්ල පොලීසියට මාරු කැර ඇත.එම කත ඔහුගෙන් කෝටි පහක් වන්දි ඉල්ලා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් සුබ ආරංචියක් (නි)
වීදි කතකට ගැසූ පළියට අපේ රටේ පොලිස් නිලධාරීන්ගේ රැකියා අහිමිවෙන්න බැහැ. හැබැයි, බැරිවෙලාවත් දේශපාලන බලවතෙකුට දඩ කොලයක් ලිව්වොත්, රැකියාව අහිමිවීම පමණක් නොව තමන් ගමන්ගත් වාහනයත් ඉබේ ගිනිගන්න වැනි ක්‍රියාදාමයක් රැසකට මුහුණ දෙන්න පුලුවන් (නි)
දැන් බලාගෙන යනකොට කාන්තාව ගුටිකෑවත් වැරදියි, ගුටි දුන්නත් වැරදියි. මේ කාන්තාවයි වාරියපොළ නංගියි එකම කූඩුවේම නතර වේවිද දන්නේ නැහැ. (නි)
සමහරු බලාගෙන හිටියේ පොලිසියේ මහත්තයා අමාරුවේ දාන්නනේ.මතක තියාගත්තොත් හොඳයි මේක ලංකාව කියලා (නි)
රස්සාව නැතිකරන්නයි කෝටි පහක් දෙන්නයි දෙකක් බැහැනේ. ඔය නඩුව කොච්චර කලක් ඇදෙයිද දන්නෙ නැහැ? (නි)
මම හිතන්නේ පොලිස් නිලධාරියා නිවැරදියි. අත්අඩංගුවට ගැනීමේදී අවම බලය පාවිච්චි කරන්න පුළුවන්.මෙය ජංගම දුරකතනයකින් විඩීයෝ කළ නිසා නිවැරදි දර්ශන ගන්න බැහැ.පොලිස් නිලධාරියාගේ රාජකාරිය විශිෂ්ටයි. (නි)
කාන්තාවන්ට ගහන්නේ සහ ඒවාට හුරේ දමන්නේ කොහොම කට්ටියද කියලා අහලා ඇතිනේ. සමහර අදහස් කියවනකොට මේ මිනිස්සු ශීලාචාර වෙන්නෙම නැහැ වගේ. මේ උදේ හවස බණ අහන ඉතා බුද්ධිමත් කට්ටියක් ඉන්න රටක් කියලා නේද කියන්නේ. (නි)
දැක්කද අර කාන්තාව වෙනුවෙන් තිබු සානුකම්පාව අනිත් පැත්ත හැරුණු හැටි. (නි)
එතකොට වීදි කත? (නි)
දැන් මේක දඩමීමා කරගෙන පාරේ යන තමන්ට ආණ්ඩු මට්ටු නොවෙන හැම බවලතාටම තඩිබාන්න පටන් ගනීද දන්නේ නැහැ. (නි)
මේක ඇහුවහම මොකක්ද හිතෙන්නේ? (නි)
පද්මිණි, කාන්තාවක් වූ පළියට මොන පහත් වැඩක් කළත් කමක් නැහැ කියලා අනුකම්පා කරන්නද කියන්නේ. වරදක් කරනවා නම් පිරිමියාත් එකයි කාන්තාවත් එකයි. (නි)
පොලිස් නිලධාරියා හරි කියලයි මම නම් කියන්නේ (නි)
ඕකෙන් වෙන්නේ ඔය කාන්තාව වීදියක සැරිසරලා කීයක්වත් හොයාගත්ත එකත් නැතිවෙන එක. (නි)
අනේ මන්දා මේවා! (නි)
ලංකාවේ ගණිකා වෘත්තීය නීතියෙන් තහනම්. එහෙම එකේ තමන් ගණිකාවක් කියලා ප්‍රසිද්ධියේ පිළිගත් ඒ ගැහැණු කෙනාට දඬුවමක් නැද්ද එතකොට? (නි)
ඒ කාන්තාව මොන වරද කළත් මෙහෙම ප්‍රසිද්ධියේ ගහන්න කිසිම අයිතියක් නැහැ (නි)
මෙහෙමත් රටක්.(හේ)
"මම හිතන්නේ පොලිස් නිලධාරියා නිවැරදියි. අත්අඩංගුවට ගැනීමේදී අවම බලය පාවිච්චි කරන්න පුළුවන්.මෙය ජංගම දුරකතනයකින් විඩීයෝ කළ නිසා නිවැරදි දර්ශන ගන්න බැහැ.පොලිස් නිලධාරියාගේ රාජකාරිය විශිෂ්ටයි. "ජංගම දුරකතනයෙන් රූපගත කොරන විට එක පාරක් ගහන විට පාරවල් 10 ගැසූ බවට රූප ගතවෙන කියල හිතන මිනිස්සුත් ඉන්නවා. (හේ)
තානාපතිලට ගහලත් යහතින් ඉන්න පුළුවන් රටක, වීදි සරණ කාන්තාවකට ගැහුවට මිට වැඩිය දෙයක් වෙයි ද ?(හේ)
මරේ මරු රටකට ගිය කල (දී)
"බට්ටිගේ කදුළු කතාව" (නි)
මොනවා වුණත් සැරයනුත් මනුස්සයෙක්නේ! රැකියාව දුන් එක හොඳයි (නි)
රැකියාව යළි දුන් එක හොඳයි (නි)
මට ඉස්කෝලේ යනකාලේ කියවපු මනුතාපය කතාව මතක්වුණා . එකෙත් ඔයවගේ සිද්ධියක් තිබුණා .(හේ)
නිතිය මහජනයාට පමණයි .(හේ)
ඇත්තටම හොඳ දෙයක්.(හේ)
විදි කතුන් කොච්චර ඉන්නවද සාධාරණව මහන්සියෙන් සුළු ව්‍යාපාරයක් කරලා දරුපවුල් නඩත්තු කරන..? විදියේ ඉන්න හැම කතක්ම ගණිකාවක් නෙමෙයි (නදී)
මේක ඉන්දියාව නෙමෙයි ශ්‍රී ලංකාව (නදී)
සැරයන් යලි සේවයට! වීදි කත යලි සුපුරුදු වෘත්තියට!ග(හේ)
මේ සියල්ලම හොද හැටි විසදුනා.(හේ)
හොද වැඩක්. මේ රටේ හොදින් ජිවත් වෙන මිනිසුන්ටයි නරක වැඩකරන මිනිසුන්ටයි එකම විදියට සලකන්න ඕනි නැහැ (නදී)
අනේ අර කුරුටුගාමින්ට දැන් මොකද වෙන්නේ (නදී)
අර කෝටි පහ ගෙවෛන්න වේවිද?.(හේ)
මේවත් වැඩද අපේ පොලිසිය කරන වැඩ වලට.(හේ)
මේකේ අවසනාය කුමක් වෙයිද?(හේ)
තහනම ඉවත්කරන්න පරීක්ෂණයක් තියලා නිවැරදිකරු වූනාද ?(හේ)
හොද තීරණයක් (හේ)
මිනිස්සු අමාරුවෙන් බදු සල්ලි ගෙවලා පොලිසියක් නඩත්තු කරන්නේ මේ වගේ වැඩ කරන්න නොවේ.(හේ)
දැන් ඉතින් අපේ පොලිසියට දිගට හරහට මිනිස්සුන්ට ගහන්න පුළුවන්. ජය වේවා !!!! (අ)
එකයි අපි මොර දෙන්නේ මේ රටේ නීතියක් නැහැ කියල. සියල්ලට කලින් නීතිය ස්ථාපිත විය යුතුයි. එවිට ඉබේම ප්‍රජාතන්ත්‍ර වාදය රැකෙනවා. නැතිනම් ඔබේ කටෙත් පස් මගේ කටෙත් පස්. වාසනාවකට අපේ ළමයි මෙරට හැර ගියා. (අ)
"හොද වැඩක්. මේ රටේ හොදින් ජිවත් වෙන මිනිසුන්ටයි නරක වැඩකරන මිනිසුන්ටයි එකම විදියට සලකන්න ඕනි නැහැ" පළමුව සිදුවිය යුත්තේ හොඳ නරක වෙන් වෙන්ව හඳුනා ගැනීමයි ඊට පසුව ඒ අනුව ක්‍රීයා කිරීමයි . (අ)
ලංකාවේ පොලිසිය කවදද හරි වැඩක් කෙරුවේ.කරන තරමක් කෙරුවෙත් ....කරන්නෙත් .... බලවතාට දෙකට නැමී අහිංසකයාට තලා පෙලීම තමයි. (අ)
මම මුලදීම කිවුවේ නැද්ද මේක වෙනවා කියලා. ලංකාවේ නීතිය ශක්තිමත් නැහැ කියලා ලෝකයටම ඔප්පුකිරීමක් තමයි නෙමෙයිද මේකෙන් වුණේ. (නි)
පොලිසියේ වරදට පොලිසියම තමාගේ වරද ගැන පරීක්ෂණ කරලා වැරැද්ද නිවැරැද්ද හොයනවා. කාට කියන්නද? (නි)
එයාට බැරිද දන්නේ නැහැ වැඩ තහනම් කළාට කෝටි පහක් ඉල්ලන්න. මේකටයි අපි කියන්නේ 'විනිවිදභාවය' කියලා. (නි)
බන්දුල පෙරේරා , ඕකත් සුළු ව්‍යාපාරයක් තමයි. (නි)
ගැහැණුන්ට තඩිබාන්න බලතල පොලිසියට ලබා දී මේ පොලිස් මහත්තයාට ඒ ප්‍රහාරක හමුදාවේ නායකත්වය දීම නරකද? (නි)