IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වෙද විදුහල් විරෝධයෙන් පාරත් වැසේ

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ. ඔවුන් කොළඹ ජාතික රෝහල අසලින් පාගමන ආරම්භ කර කිංසි පාර ඔස්සේ පුංචි බොරැල්ලටත් මරදාන ඩීන්ස් පාර හරහා වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටටත් පැමිණි මහ පාරේ වාඩි වූහ.‘ නිදහස් අධ්‍යාපනයේ මළගම‘‘ යැයි ලියූ මිනී පෙට්ටියක් ද රැගෙන ආහ. මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක් පැවැතියේය.



අදහස් (0)

වෙද විදුහල් විරෝධයෙන් පාරත් වැසේ

දිනේෂ් Wednesday, 23 November 2011 10:45 AM

ඉන්දියාවෙ නිදහස් අධ්‍යාපනය තිබුණනම් ඒ රටවල් මේ වෙද්දි දියුණු වෙලා. සතුටෙන් කියන්න පුලුවන් ඉන්දියාවේ තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නෑ

:       0       0

ds Wednesday, 23 November 2011 11:11 AM

කැම්පස් යන්න තියා A/L වත් පාස් කර ගන්න බැරි අයට මේවා කුහක වැඩ කියල තේරුනත්... දහසක් වැඩ තියාගෙන වෛද්‍ය සිසුන් පාරට බහින්න තරම ප්‍රශ්නයක් තියන බව වගකිවයුත්තන්ට තේරෙන්නේ නැති හැටි....

:       0       0

සුමාලි සවිත්‍රි Wednesday, 23 November 2011 11:39 AM

ඇත්තට වැඩ කරන ඔබට ජය..

:       0       0

කසුන් Wednesday, 23 November 2011 01:14 PM

එක එක පාට කණ්නාඩි දාන් බලන අයට එක එක විදියට පේන්නේ

:       0       0

හිචිචා Wednesday, 23 November 2011 05:01 PM

පොද්ගලික විශ්ව විද්‍යාල නරකයි .. පොද්ගලික රෝහල් හොදයි

:       0       0

nnn Wednesday, 23 November 2011 06:22 PM

නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නොතේරෙන තාමත් සුද්දට කඩේ යන කොන්ද පන නැති හිවල්ලු නිසයි රට වලටම යන්නේ.. නිදහස් අධ්‍යාපනය රැකගන්න මහන්සි වෙන අපේ කොල්ලන්ට ජය වේවා..! නිදහස් අධ්‍යාපනේ සුරැකේවා..!

:       0       0

nnn Wednesday, 23 November 2011 06:02 PM

නිදහස් අධ්‍යාපනය රැකගන්න මහන්සි වෙන්න!

:       0       0

එක් ශ්‍රී ලාංකිකයෙක් Wednesday, 23 November 2011 08:43 PM

ස්ට්‍රයික් කලාට කමක් නැත. පිකටින් කලාට ද කමක් නැත. නමුත් මහමඟ ගමන් ගන්නා දහසක් මිනිසුන්ට කරදරවන ලෙස ඒවා කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවකි. මේ ස්ට්‍රයික් නිසා ඉන්ටවිව් කීයක් මඟහැරෙන්න ඇතිද, ලෙඩ්ඩු කීදෙනෙක් දුක් විඳින්න ඇතිද? මොවුන් කවුරුවුනත් සාමාන්‍ය මහජනයාගැන කැක්කුමක් නැති මිනිසුන් කොට්ඨාසයකි. දැනුමෙන් වැඩුනු මුත් සාමාන්‍ය දැනීමක් මොවුන්ට නැත, මොවුන්ද ප්‍රතික්ෂේපිත ජෙප්පන්ව අනුකරණය කරන මහදැනමුත්තන්ය. මට තව ප්‍රශ්ණයක් ඇත, පිටරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධියක් හදාරා තව පශ්චාත් වෛද්‍ය උපාධියකුත් හදාරා (නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඔබලාද පශ්චාත් උපාධිකරන විශ්වවිද්‍යාලයකින්) එන කෙනෙකුව ඔබලා කිසිම කතාවක් නැතුව පිලිගන්නවානේද? සර් කියල කතාකරනව නේද? විශ්වවිද්‍යාල වල දේශන වලටත් කතා කරනව නේද? ඒවගේ බොහෝ අය ලංකාවෙ ඉන්නවා නේද? මෙච්චර කෑ ගහන්නෙ මේක ලංකාවෙ නිසා නේද? පිටරටක නම් කමක් නෑ නේද?

:       0       0

Ccc Thursday, 24 November 2011 12:25 AM

මෙතන ප්‍රතිචාර දාන්නත් අකුරු ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපන නිසා කියලා සමහරුන්ට තේරෙන් නෑ.

:       0       0

රොෂාන් Thursday, 24 November 2011 01:21 AM

තෝරාගැනීමේ ක්‍රමය වෙනස් කළ යුතුයි.

:       0       0

අරුණ Thursday, 01 December 2011 01:12 PM

ඉගෙ ගන්න අයට ඉගෙන ගන්න තැනකුත් එපායැ. හැමදාම උද්ඝෝෂණ

:       0       0

ජයී Thursday, 24 November 2011 02:44 PM

ඉන්දියාවට වෛද්‍යවරුන්ගෙන් කිසිම අඩුවක් නැත. එපමනක් නොව, අති විශාල ප්‍රමාණයක් (15% පමණ) අමෙරිකානු වෛද්‍යවරු ඉන්දියන් ජාතිකයෝය.

:       0       0

සුදන්ත Tuesday, 22 November 2011 07:13 PM

"මේ නිසා පුරහල, බොරැල්ල, මරදාන ඇතුළු ප්‍රධාන මංසන්ධි කිහිපයක දෙපැයකට අධික කාලයක් දැඩි වාහන තදබදයක් පැවැතියේය." ගිලන් රථ කීයක් මේ උගත් මෝඩයො නිසා එන්න බැරුව තියෙන්නැද්ද. ඔන්න ඔහොමයි නිකන් ඉගෙනගන්න ලැබුණු කුහකයො වැඩ කරන්නෙ

:       0       0

ක්‍රිෂාන් අසේල Tuesday, 22 November 2011 07:18 PM

මේ අයද රටේ අනාගාතය භාරගන්නේ?

:       0       0

හේරත් Tuesday, 22 November 2011 07:49 PM

නිදහස් අධ්‍යාපනය නැති කරගන්නෙ මේ අයම තමයි.

:       0       0

සමන් Tuesday, 22 November 2011 09:29 PM

රාගමටත් ඔහොම තමයි පෙලපාලි ගියේ

:       0       0

sisila Tuesday, 22 November 2011 10:46 PM

මුන් අන්තිම කුහකයෝ රෑලක්.

:       0       0

saga Tuesday, 22 November 2011 11:02 PM

මුන්නම් මහා උගත් කුහකයෝම.... ඉන්දියාව .. ඇමෙරිකාව ....ඇතුළු තව රටවල පව්ද්දලික ඒවා වහුවනම් කොහොමද....?

:       0       0

චින්තක Tuesday, 22 November 2011 11:16 PM

මෙම උද්ගෝශනය නිසා ජාතික රෝහලට කිසිදු බාධාවක් වූයේ නැත.

:       0       0

චරිතා Tuesday, 22 November 2011 10:58 PM

මේ අය පිටුපසින් ඉන්නේ ජේවීපී එකයි.

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 22 November 2011 11:58 PM

මේ ළමයි විතරක් නෙමෙයි ලංකාවේ හැමෝම ඉගෙන ගන්නේ නිදහස් අධ්‍යාපනෙන්. මේ ළමයි විතරයි ඒකෙ හිනි පෙත්තටම නැගල තියෙන්නේ. මේ ළමයි කවදා හරි කරන්නේ තමන් ඉගෙන ගත්ත දේවල් වලින් අසරණ රෝගීන්ට බෙහෙත් දෙන එක. නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්නේ නැතුව මහා ජනතාවගේ සල්ලි නාස්ති කරපු කී දෙනෙක් අද රටේ ඉන්නවද? අසරණ රෝගීන්ගේ ජීවිත වෙනුවෙන්... මේ ළමයි කෑ ගහල කියන වචන වලට පාලකයන්ගේ ඇස් ඇරෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අපි හැමෝම මේ ළමයින්ව තේරුම් අරගෙන, මේ කෑ ගහන්නේ අපි හැමෝම වෙනුවෙන් කියල තේරුම් අරගෙන යෝධ පවුරක් වගේ මේ ළමයි පිටිපස්සෙන් හිටගන්න ඕනේ. මේ දක්ෂ දරුවෝ කවදා හරි අපිට, අපේ ළමයින්ට බෙහෙතක් හේතක් කරයි...

:       0       0

ජයී Wednesday, 23 November 2011 12:02 AM

තරඟකාරී විභාගයකින් සමත්වී විශ්වවිද්‍යාල ගිය ශිෂ්‍යයෝ තරඟකාරී වෘතීය ජීවිතයට භියේ පෙළපාලි යන ආකාරයට අතිශයින්ම ලැජ්ජාවිය යුතුයි.

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 23 November 2011 12:57 AM

මෙහෙම අයද දොස්තරල වෙන්න හදන්නෙ?

:       0       0

චන්දික canada Wednesday, 23 November 2011 01:07 AM

ප්‍රයිවට් චැනල් සර්විස් හොදයි හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හොද නෑ????

:       0       0

bedda Wednesday, 23 November 2011 03:07 AM

නිදහස් අධ්‍යාපනයට ජයවේවා

:       0       0

ජනක Wednesday, 23 November 2011 02:48 AM

නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති අයට කවදාවත් නිදහස් අධ්‍යාපනය නොදිය යුතුයි.

:       0       0

නිහාල් Wednesday, 23 November 2011 03:28 AM

පුද්ගලික විශ්ව විද්‍යාල හොද සල්ලි තියන ලොකු ලොකු අයගේ දරුවන්ට දුපත් අයගේ දරුවෝ පාරේ නේද ?

:       0       0

චන්දන Wednesday, 23 November 2011 03:57 AM

ඔවුන් දොස්තරල නෙමෙයි කොන්දොස්තරලා කරන්න ඕනෑ

:       0       0

Lion Breed Wednesday, 23 November 2011 04:23 AM

අනෙක් අය ඉගෙන ගත්තම ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 November 2011 05:23 AM

තමන්ට අසාධාරනයක් වෙද්දි ඒ ගැන කතා කරන කොන්ද පන ඇති මේ වගේ අය ගැන ටිකක් හිතන්න. සතුටු වෙන්න කොන්දක් තියෙන අය ඉන්න එක ගැන

:       0       0

බඩපිස්සා Wednesday, 23 November 2011 06:37 AM

එතකොට ඔය comment දාන කුහක නැති උදවිය කියන්නේ PMC එක ඔය තියෙන විදියටම කරගෙන යන එක හරි කියලද ?

:       0       0

සහන් Wednesday, 23 November 2011 07:43 AM

ලංකාවෙන් අවුරුද්දකට විදේශ විනිමය ඩොලර් කීයක්නම් විදේහ රටවලට යවනවද? ඇයි ඕක මෙයාලට තේරෙන්නේ නැත්තේ? පිට රටින් ඉගෙන ගන්න අයගෙන් මෙයාලට තියෙන වාසිය මොකක්ද? එයාලා කීයෙන් කී දෙනාද මෙඩිකල් කවුන්සිල් විභාගයෙන් පාස් වෙන්නෙ?

:       0       0

සෑම් Wednesday, 23 November 2011 07:44 AM

(මා වෛද්‍ය සිසුවකුවත් දොස්තරවරයකුවත් නොවේ) ලංකාවේ හැමෝටම වගේ නිදහස් අධ්‍යාපනය ලැබිලා තියෙනවා. දැන් බස් කොන්දොස්තර වෙලා ඉන්න අයත්, දැන් දොස්තරලා වෙලා ඉන්න අයත් නිදහස් අධ්‍යාපනය ලබපු අය. එකම වෙනස දොස්තරලා, වෛද්‍ය ශිෂ්‍යයෝ කියන්නෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහජනතාව වියදම් කරන/කරපු මුදලට නියම වටිනාකමක් දෙන අයයි.

:       0       0

R.W Wednesday, 23 November 2011 08:02 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තවත් දරුවකුට අකුල් හෙලන තමන් ගැන පමණක් හිතන ඊරිසියාකාරයෝ

:       0       0

Binkunda Friday, 25 November 2011 09:03 AM

මේ රටේ බහුතරයක් ජනතාවට මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ,විශ්ව විද්‍යාල ගැන හරි අවබෝදයක් නෑ.ජනතාව චන්දෙ දීල පත්කර ගත්තු ආණ්ඩුව ,ජනතාවට කොලේ වහල ඇගට නොදැනී වැඩ කරගෙන යනවා.ඉතින් ජනතාවට තියෙන්නේ තියෙන දෙයක් කාල,වෙන දෙයක් දිහා බලන ඉන්න තමා.හරි ප්‍රමිතියක් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා බිහිවෙන දොස්තර මහත්තුරු නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ට යම් අපරාදයක් උනොත් එන්න එදාට ..මිනිස්සුන්ගේ ඇස් ඇරේවි.එතකොට පෙරහෙර ගිහිල්ල අවසනඊ.සුබ අනාගතයක් ඔබ සැමට !!!

:       0       0

kaiko Wednesday, 23 November 2011 08:33 AM

ඔයාලට මේ දේවල් තේරෙන්නේ නෑ. ඔයාල අඩුම තරමේ වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩවෙන්න ලැබිලා තෙයන්න ඹ්නෑ. රෑ එලිවෙනකම් පාඩම් කරලා අමාරුවෙන් ළමයෙක් විශ්ව විද්‍යාලයට යන්නේ. අපේ විරෝධය තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට නෙමෙයි. අපි කියන්නේ ඔය මොන දේ කරත් පාඩම් කරල අමාරුවෙන් විභාගය ගොඩ දාගන්න අයට අසාධාරණයක් කරන්න එපා කියලයි.

:       0       0

කසුන් Wednesday, 23 November 2011 09:19 AM

අපේ දේවල් රැකගන්න හදන අපේ කොල්ලන්ට ජය වේවා...!!!

:       0       0

කසුන් Wednesday, 23 November 2011 09:00 AM

අපේ දේවල් මේ රැකගන්නයි හදන්නේ.

:       0       0

රන්ගන Wednesday, 23 November 2011 09:22 AM

රුසියාවේ හරි ඉන්දියාවේ හරි සල්ලි ගෙවල ඉගෙන ගන්න එන දොස්තරවරුන්ට කමක් නැද්ද?

:       0       0

තරිදු Wednesday, 23 November 2011 09:07 AM

රටේ සල්ලි වලින් ඉගෙන ගන්න මේ අය ඊට පස්සෙ පත්වෙලා ඇවිත් රෝහල්වලත් වැඩ වර්ජන පටන් ගන්නවා

:       0       0

දීපාල් Wednesday, 23 November 2011 09:28 AM

ලංකාවේ නිදහස් අධ්‍යාපනය රකින මේ දරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි. තමන් ගැන පමණක් හිතන අයට මේක කරදරයක් තමයි

:       0       0

Suranjith Wednesday, 23 November 2011 09:50 AM

තියෙන්නේ පැහැදිලි ඊරිසියාව......

:       0       0

සහන් ජයසූරිය Wednesday, 23 November 2011 09:55 AM

මහා උගත් කුහකයෝම....

:       0       0

thu Wednesday, 23 November 2011 10:08 AM

තව මිනිහෙක් ඉගෙන ගන්නවාට තියෙන ඊරිසියාව. මෙහෙමත් මිනිස්සු

:       0       0

මම Wednesday, 23 November 2011 09:53 AM

කවද හරි මොවුන් දොස්තරවරු, කවද හරි වුවමනා වෙයි පුද්ගලික පුහුණුව?

:       0       0

චින්තක Wednesday, 23 November 2011 09:56 AM

අවාසනාවකට මෙතන ඉන්න කාටවත් act19 exam එක pass වෙන්නේ නැතුව ඕන කෙනෙකුට ලක්ෂ 60 දීල doctor කෙනෙක් වෙන්න පුළුවන් එකේ ආදීනව තේරෙන්නේ නෑ වගේ... ඔහොම යන් ඔහොම යන්.. මෙයාලගෙන් බෙහෙත් ගන්න උනාම තේරේවි

:       0       0

ප්‍රභාත් Wednesday, 23 November 2011 10:01 AM

කොහොමද මෙහෙම ගියොත් ලංකාව දියුණු කරන්නේ

:       0       0

අනූ Wednesday, 23 November 2011 10:27 AM

දුප්පත් අය ගැන 1% වත් බලනවද?

:       0       0

හෙරල්ඩ් Wednesday, 23 November 2011 10:15 AM

මේ අය ඉගෙන ගන්නේ මහජන මුදල් වලින්. ඉගෙන ගන්නකන් සමාජවාදියෝ. රැකියාවක් ලැබුණට පස්සේ ධනවාදියෝ

:       0       0

චමිල Wednesday, 23 November 2011 10:20 AM

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින අය කුහකයන් නොවේ...

:       0       0

ලාංකිකයෙක් Wednesday, 23 November 2011 10:44 AM

මමත් කැම්පස් ගිය එකෙක්.. ඒත් ඔය වගේ අමන වැඩක් නම් ජීවීතේට දැකල නැහැ..... ඉතිහාසයේ විශ්ව විද්යාල වල උද්ඝෝශන කලේ සිසුන්ට තිබුන ප්‍රශ්න වලට... තමන් වගේම තව සිසුන් පිරිසකට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවට විරුද්දව කරන පිරිසකගේ කැගැහිල්ලක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1084 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1375 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1249 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 509 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1250 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 318 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site