IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විද්‍යා ඔලිම්පියාඩ් තරඟයෙනුත් ජය පිට ජය

ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික  ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ්තරගාවලියේදී විද්‍යා  අංශයෙන්  රන් පදක්කමක්,  රිදී පදක්කම් හතක්  සහ ලෝකඩ පදක්කම් තුනක්  දිනාගැනීමට ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා ඒකකයේ  අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.පී  විපුලසේන සහසහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.එන්.එෆ් නස්රියා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විසින්  ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.

මෙම තරගාවලිය  රටවල් 13 ක සහභාගීත්වයෙන්  පසුගිය ඔක්තෝම්බර් 5 වෙනිදා සිට 11 වෙනිදා තෙක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත් විණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියෝ 13 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී වු අතර ඉන් 11 දෙනෙකුම   පදක්කම් දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා ඉදිරිසිංහ  සිසුවිය රන්පදක්කමක් හිමි කර ගෙනතිබු අතර රිදී පදක්කම්ලාභීන්  අතර කොළඹ හිංදු විදුහලේ ජේ. තුවාරගේෂ්, යාපනය හිංදුවිදුහලේ එන්. සිවමයින්තන්, නාත්තන්ඩිය දම්මිස්සර විදුහලේ ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ තිසර චන්දූප දසනායක, මහනුවර මහමායා බාලිකා විදුහලේ සිලූනි සඳනිමා වික්‍රමතිලක, ගාල්ල රිච්මන්ඩි විදුහලේ යසිර ජයසේකර සහ පමෝජ් හසින්දු ද සිල්වා යන සිසු සිසුවියෝ වෙති.

ලෝකඩ පදක්කම්ලාභීන් අතර හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ හසිඳු ලංකා රත්නායක , බදුල්ල විහාරමහදේවී විදුහලේ හිරුෂි රන්මිනි සහ මාතර සුජාතා බාලිකා විදුහලේ ඔවිනි අතපත්තු වෙති.

මීට අමතරව තරගාවලිය නියෝජනය කරමින් මාතර රාහුල විද්‍යාලයේ අනුෂ්ම කුලතුංග, කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න යන සිසුන්ද, කණ්ඩායම මෙහෙයවමින් දකුනුපළාත් විද්‍යා උපදේශක ශාන්ත පද්මලාල් ආරියරත්න සහ ජෝසප් එමානුවෙල් යන නිලධාරීහුද සහභාගී වූහ.

තරගාවලිය සඳහා මෙම සිසු සිසුවියන්ව පුහුණු  කරනු ලැබුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වන  තිලකරත්න පිගේරා, එස්.එම් සලුවඩන, දුෂ්මා ද සිල්වා යන මහත්ම මහත්මීන් විසිනි.

(රන් පදක්කම දිනු කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා  සිසුවිය)

DSCF0624

(රිදී පදක්කම් හිමිකරගත්  යසිර ජයසේකර, තිසර චන්දූප,සිලූනි සඳනිමා,ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ,ජේ. තුවාරගේෂ්, පමෝජ් හන්සින්දුසහ එන්. සිවමයින්තන්)

DSCF0629

(ලෝකඩ පදක්කම් හිමිකරගත්  ඔවිනි අතපත්තු, හසිඳු ලංකා සහ හිරුෂී රන්මිනි)

 DSCF0632 DSCF0634 DSCF0636

 

 



අදහස් (0)

විද්‍යා ඔලිම්පියාඩ් තරඟයෙනුත් ජය පිට ජය

භානු Tuesday, 14 October 2014 03:39 AM

දරුවන්ට සුභ පැතුම්! දැන් පේනවා නේද ගණිතය වගේ විෂයක තත්වය පහසු කරන්න නෙමෙයි, පළවෙනි පාරටම උසස් ලෙස සමත් වෙන්නයි ළමයින්ව උනන්දු කරන්න ඕනෑ. එහෙම නැතුව මුළු ලංකාවේම තිබෙන ගණිත ප්‍රශ්න පත්‍ර පහසු කරන්න ගිහින් අපේ ගණිත විෂය මට්ටම පහත දාලා හරියන්නේ නැහැ. (නි)

:       0       0

ධම්ම Tuesday, 14 October 2014 04:11 AM

මෙන්න මැණික්! අපේ දරුවෝ දක්ෂයෝ. මගේ හදපිරි සුබ පැතුම්! (නි)

:       0       0

සුනේත්‍රා Tuesday, 14 October 2014 04:17 AM

දුවේ,පුතේ, ඔබට සුබ අනාගතයක් පතමි! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 14 October 2014 04:27 AM

දුලා පුතාලාට අපේ සුබ පැතුම්! (නි)

:       1       0

චාන්දනී Tuesday, 14 October 2014 04:41 AM

අාඩම්බරයි දුවේ පුතේ ඔබ සැමට තෙරුවන් සරණයි!.(හේ)

:       1       0

සමන් Tuesday, 14 October 2014 04:01 PM

නිලාරී සිසුවිය 2012 දී ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 194 ක් ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පලවෙනි තැන හා ලංකාවෙන් තුන්වෙනි තැන දිනාගත් දක්ෂ දියණියකි .තවද ඇය දක්ෂ චෙස් ක්‍රීඩිකාවකි .අපිට ආඩම්බරයි දුවේ නුබ ගැන . ජයවෙවා දරුවනි.(හේ)

:       0       0

ඉසුරු Tuesday, 14 October 2014 05:10 AM

ජයෙන් ජයම වේවා.(හේ)

:       0       1

දයා Tuesday, 14 October 2014 05:21 AM

ඔබ සැමට සුභ අනාගතයක්, ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ ලැබේවා!(දිල්)

:       0       0

මහේෂ් Tuesday, 14 October 2014 05:29 AM

සියළු දෙනාටම උණුසුම් සුභ පැතුම් දරුවනේ.(හේ)

:       0       0

අසංග Tuesday, 14 October 2014 05:35 AM

අපේ දරුවන්ට තෙරුවන් සරණයි..(හේ)

:       0       0

රුවන් Tuesday, 14 October 2014 05:40 AM

සුභ පැතුම් ! මෙහෙම ජයග්‍රහණ ලැබෙද්දී නේද මේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රය ලේසි කරන්න ඕන කියල කියන්නේ. ඇයි ළමයින්ව පළවැනි පාරම සමත් වෙන්න උනන්දු නොකරන්නේ.(හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 14 October 2014 06:16 AM

සුහ පැතුම් හැමෝටම,ඉදිරි අනාගතයත් සාර්ථක වේවා.(හේ්)

:       0       0

සමීර Tuesday, 14 October 2014 06:55 AM

සියලු දරුවන්ට හා කැප වූ දෙමාපියන්ට , අපගේ උත්තමාචාරය!!!(හේ)

:       0       0

සෙනරත් Tuesday, 14 October 2014 07:16 AM

සියලුදෙනාට මගේ උපහාරය සහ සුබපැතුම් ! සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා මේ දරුවන්ට සහ උගන්වපු ගුරුවරුන්ටත්. (හේ)

:       0       0

සමීර Tuesday, 14 October 2014 08:02 AM

රටේ නම ඉහළම තැනකට ගෙන ගිය පුංචි හපනුන්ට හදපිරි සුභ පැතුම්..(හේ)

:       0       0

විජේසිංහ Wednesday, 22 October 2014 02:04 PM

දකුණෙ දරුවන් ගැන අපිට ආඩම්බරයි!නියම‍යි දුවේ පුතේ.(හේ)

:       0       0

කුමාරසිංහ Tuesday, 14 October 2014 08:47 AM

සියලු දරුවන්ට හා කැප වූ දෙමාපියන්ට , අපගේ උත්තමාචාරය!.(හේ)

:       0       0

ජනක Tuesday, 14 October 2014 09:23 AM

දරුවන්ට සුභ පැතුම්. ගණිතය විෂය පළමු වරට සමත් වෙන්න අපේ ළමයින්ව උනන්දු කරන්න ඕන. බලවතුන්ගේ ළමයින්ට ගණන් අමාරුයි කියල ප්‍රශ්න පත්‍ර ලේසි කරලා හරි යන්නේ නැහැ. බලන්න මීට වසර 20 25 ට කලින් ගණන් වලට විශිෂ්ට සාමාර්ථ ගත් අයගේ අද තත්ත්වය, උසස් රැකියාවලවගේම මනොමයෙන් ඕනෑම ගානක් හදල බුද්ධි පරීක්ෂණයකින් මේ වයසෙදිත් ඉහලින් සමත් වෙන්න පුළුවන්. ඒ මට්ටම අපේ අනාගත් දරුවන්ටත් ඇති වෙන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතිව කාගේවත් ළමයින්ට ගණන් බැරි වුනාට රටේ සාමාන්‍ය දරුවන්ට පාඩුවක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (හේ)

:       0       1

සිසිර Thursday, 16 October 2014 07:43 AM

ඔබ ලක් මවට ආඩම්බරයකි.(හේ)

:       0       1

චාන්දනී Tuesday, 14 October 2014 11:15 AM

දරුවන්ට සුභ පැතුම්. අපේ අම්මා මට ඉතා කුඩා කාලයේ සිටම ගණිතය උගන්වන්න යෙදු උපායන් මට තාම මතකයි. එකක් තමයි ගෙදරට එළවලු ගෙනාපු දවසට අල ගෙඩි කැරට් ගාන ගණන් කරන්න දෙනවා. ඊට පස්සේ එවෙලේ උයන්න ඉන් ටිකක් ගත්තා නම් ඉතිරි ගාන ගණන් කරලා කියන්න කියනවා. පුළුවන් තරම් එදිනෙදා ගෙදර කටයුතු වලදී මගේ ගණිතමය හැකියාව දියුණු කරන්න අම්මා වෑයම් කළා. ඒ උත්සාහය අපතේ ගියේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 41 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 428 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 395 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 458 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1119 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 447 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site