ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ්තරගාවලියේදී විද්‍යා අංශයෙන් රන් පදක්කමක්, රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.පී විපුලසේන සහසහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.එන්.එෆ් නස්රියා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.
මෙම තරගාවලිය රටවල් 13 ක සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 5 වෙනිදා සිට 11 වෙනිදා තෙක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත් විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියෝ 13 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී වු අතර ඉන් 11 දෙනෙකුම පදක්කම් දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා ඉදිරිසිංහ සිසුවිය රන්පදක්කමක් හිමි කර ගෙනතිබු අතර රිදී පදක්කම්ලාභීන් අතර කොළඹ හිංදු විදුහලේ ජේ. තුවාරගේෂ්, යාපනය හිංදුවිදුහලේ එන්. සිවමයින්තන්, නාත්තන්ඩිය දම්මිස්සර විදුහලේ ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ තිසර චන්දූප දසනායක, මහනුවර මහමායා බාලිකා විදුහලේ සිලූනි සඳනිමා වික්‍රමතිලක, ගාල්ල රිච්මන්ඩි විදුහලේ යසිර ජයසේකර සහ පමෝජ් හසින්දු ද සිල්වා යන සිසු සිසුවියෝ වෙති.
ලෝකඩ පදක්කම්ලාභීන් අතර හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ හසිඳු ලංකා රත්නායක , බදුල්ල විහාරමහදේවී විදුහලේ හිරුෂි රන්මිනි සහ මාතර සුජාතා බාලිකා විදුහලේ ඔවිනි අතපත්තු වෙති.
මීට අමතරව තරගාවලිය නියෝජනය කරමින් මාතර රාහුල විද්‍යාලයේ අනුෂ්ම කුලතුංග, කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න යන සිසුන්ද, කණ්ඩායම මෙහෙයවමින් දකුනුපළාත් විද්‍යා උපදේශක ශාන්ත පද්මලාල් ආරියරත්න සහ ජෝසප් එමානුවෙල් යන නිලධාරීහුද සහභාගී වූහ.
තරගාවලිය සඳහා මෙම සිසු සිසුවියන්ව පුහුණු කරනු ලැබුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වන තිලකරත්න පිගේරා, එස්.එම් සලුවඩන, දුෂ්මා ද සිල්වා යන මහත්ම මහත්මීන් විසිනි.
(රන් පදක්කම දිනු කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා සිසුවිය)
(රිදී පදක්කම් හිමිකරගත් යසිර ජයසේකර, තිසර චන්දූප,සිලූනි සඳනිමා,ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ,ජේ. තුවාරගේෂ්, පමෝජ් හන්සින්දුසහ එන්. සිවමයින්තන්)
(ලෝකඩ පදක්කම් හිමිකරගත් ඔවිනි අතපත්තු, හසිඳු ලංකා සහ හිරුෂී රන්මිනි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුහ පැතුම් හැමෝටම,ඉදිරි අනාගතයත් සාර්ථක වේවා.(හේ්)
දකුණෙ දරුවන් ගැන අපිට ආඩම්බරයි!නියමයි දුවේ පුතේ.(හේ)
ඔබ ලක් මවට ආඩම්බරයකි.(හේ)
නිලාරී සිසුවිය 2012 දී ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 194 ක් ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පලවෙනි තැන හා ලංකාවෙන් තුන්වෙනි තැන දිනාගත් දක්ෂ දියණියකි .තවද ඇය දක්ෂ චෙස් ක්‍රීඩිකාවකි .අපිට ආඩම්බරයි දුවේ නුබ ගැන . ජයවෙවා දරුවනි.(හේ)
දරුවන්ට සුභ පැතුම්. අපේ අම්මා මට ඉතා කුඩා කාලයේ සිටම ගණිතය උගන්වන්න යෙදු උපායන් මට තාම මතකයි. එකක් තමයි ගෙදරට එළවලු ගෙනාපු දවසට අල ගෙඩි කැරට් ගාන ගණන් කරන්න දෙනවා. ඊට පස්සේ එවෙලේ උයන්න ඉන් ටිකක් ගත්තා නම් ඉතිරි ගාන ගණන් කරලා කියන්න කියනවා. පුළුවන් තරම් එදිනෙදා ගෙදර කටයුතු වලදී මගේ ගණිතමය හැකියාව දියුණු කරන්න අම්මා වෑයම් කළා. ඒ උත්සාහය අපතේ ගියේ නැහැ. (නි)
දරුවන්ට සුභ පැතුම්. ගණිතය විෂය පළමු වරට සමත් වෙන්න අපේ ළමයින්ව උනන්දු කරන්න ඕන. බලවතුන්ගේ ළමයින්ට ගණන් අමාරුයි කියල ප්‍රශ්න පත්‍ර ලේසි කරලා හරි යන්නේ නැහැ. බලන්න මීට වසර 20 25 ට කලින් ගණන් වලට විශිෂ්ට සාමාර්ථ ගත් අයගේ අද තත්ත්වය, උසස් රැකියාවලවගේම මනොමයෙන් ඕනෑම ගානක් හදල බුද්ධි පරීක්ෂණයකින් මේ වයසෙදිත් ඉහලින් සමත් වෙන්න පුළුවන්. ඒ මට්ටම අපේ අනාගත් දරුවන්ටත් ඇති වෙන්න ඉඩ දෙන්න ඕන. එහෙම නැතිව කාගේවත් ළමයින්ට ගණන් බැරි වුනාට රටේ සාමාන්‍ය දරුවන්ට පාඩුවක් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (හේ)
සියලු දරුවන්ට හා කැප වූ දෙමාපියන්ට , අපගේ උත්තමාචාරය!.(හේ)
රටේ නම ඉහළම තැනකට ගෙන ගිය පුංචි හපනුන්ට හදපිරි සුභ පැතුම්..(හේ)
සියලුදෙනාට මගේ උපහාරය සහ සුබපැතුම් ! සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා මේ දරුවන්ට සහ උගන්වපු ගුරුවරුන්ටත්. (හේ)
සියලු දරුවන්ට හා කැප වූ දෙමාපියන්ට , අපගේ උත්තමාචාරය!!!(හේ)
දරුවන්ට සුභ පැතුම්! දැන් පේනවා නේද ගණිතය වගේ විෂයක තත්වය පහසු කරන්න නෙමෙයි, පළවෙනි පාරටම උසස් ලෙස සමත් වෙන්නයි ළමයින්ව උනන්දු කරන්න ඕනෑ. එහෙම නැතුව මුළු ලංකාවේම තිබෙන ගණිත ප්‍රශ්න පත්‍ර පහසු කරන්න ගිහින් අපේ ගණිත විෂය මට්ටම පහත දාලා හරියන්නේ නැහැ. (නි)
සුභ පැතුම් ! මෙහෙම ජයග්‍රහණ ලැබෙද්දී නේද මේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රය ලේසි කරන්න ඕන කියල කියන්නේ. ඇයි ළමයින්ව පළවැනි පාරම සමත් වෙන්න උනන්දු නොකරන්නේ.(හේ)
අපේ දරුවන්ට තෙරුවන් සරණයි..(හේ)
සියළු දෙනාටම උණුසුම් සුභ පැතුම් දරුවනේ.(හේ)
ඔබ සැමට සුභ අනාගතයක්, ඉදිරියටත් මෙවැනි ජයග්‍රහණ ලැබේවා!(දිල්)
ජයෙන් ජයම වේවා.(හේ)
අාඩම්බරයි දුවේ පුතේ ඔබ සැමට තෙරුවන් සරණයි!.(හේ)
දුලා පුතාලාට අපේ සුබ පැතුම්! (නි)
දුවේ,පුතේ, ඔබට සුබ අනාගතයක් පතමි! (නි)
මෙන්න මැණික්! අපේ දරුවෝ දක්ෂයෝ. මගේ හදපිරි සුබ පැතුම්! (නි)