IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක ලෙස පත් කර තිබේ.

මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී මහචාර්ය ගෝමික උඩුගමසූරිය වෙත පිළිගන්වනු ලැබීය.

කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි. 

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් වේන් ස්ටේට් යුනිවර්සිටි වෙතින් ආචාර්ය උපාධිය ද, ටෙක්සාස් සවුත් වෙස්ටර්න් මෙඩිකල් සෙන්ටර් වෙතින් පශ්චාද් ආචාර්ය උපාධිය ද හිමි කර ගෙන ඇත.

ඔහු පේටන්ට් බලපත්‍ර රැසකට උරුමකම් කියන අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගරු සේවයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ තනතුරට එක් වීම විශේෂත්වයකි. 

 



අදහස් (6)

විද්‍යා තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පත් කරයි

eresh S kumara Friday, 22 November 2024 02:15 PM

නියමයි සර්...

:       61       45

W U A Sanjeewa Friday, 22 November 2024 02:15 PM

විශිෂ්ඨ පත්කිරීමක්...

:       54       48

dileepa1986 Friday, 22 November 2024 02:16 PM

අගය කළයුතු දේ අගය කල යුතුමයි. නමුත් මීට වඩා වටිනවා විවියාව ගත්තා නම්. එතුමා තමා දැනට රටේම ඉන්න ඉහළම විද්‍යාඥයා. ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මගින් උසස් පෙළ හැදැරූ එතුමා රොකට් තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙක්...

:       61       35

පිටිගල මිලානෝ Friday, 22 November 2024 03:09 PM

අගයකළ යුතු පත්වීමක්…. අභිනව ආණ්ඩුව යන මග බොහොම නිවැරදියි.

:       43       26

pj Friday, 22 November 2024 03:19 PM

උගත් ෆාමසිස්ට් මහාචාර්ය කෙනෙකු දමලා බෙහෙතක් දීලා ලංකාව ගොඩ ගන්නද යන්නේ...?

:       26       35

sweneFriday, 22 November 2024 04:31 PM

එහෙනම් ඔයා ගිහිල්ලා වැඩ කරන්න...

:       22       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 344 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 171 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 639 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3275 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1792 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1022 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site