IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලි බිලට එරෙහිව පෙත්සමකට අත්සන් ගනියි

(ශාන්ත රත්නායක)

පන්සල්, පල්ලි ,කෝවිල් අඳුරේ, ජනතාව මත බර පටවන, විදුලි බිල,ජල බිල හා ඉන්ධන මිල පහත දමන ලෙස බලකරමින්  ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද මහජන පෙත්සමකට අත්සන් ගැනීම කොළඹ කොටුව බෝගහ අසල දී අද පැවැත්විණි. 

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතන හිමියන් අදහස් දක්වමින් පැවසුවේ ජීවන බරෙන් ගෙල මිරිකා සිටින ජනතාවට විදුලි සැර වැද්දමින් ආණ්ඩුව විදුලි බිල අහස උසට වැඩි කර ඇති බවයි.

මිය යෑමට පණ අදින ජීවිතවලට ජීවය දෙන ඖෂධ මිල වැඩිකිරීමෙන් ජනතාවට මරණය ම වැළඳ ගැනීමට ඉඩ සලසා ඇති බව ද ඒ හිමියෝ කියා සිටියහ.

පන්සල්,පල්ලි කෝවිල් ආදී ආගමික ස්ථානවලට 550% න් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් එකී ආගමික මධ්‍යස්ථාන අඳුරට හෙළා ඇති අතර එම ආගමික මධ්‍යස්ථානවල විදුලි බිලේ බරක් බැතිමත් ජනතාව මත පටවා ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.



අදහස් (22)

විදුලි බිලට එරෙහිව පෙත්සමකට අත්සන් ගනියි

Hafeel Monday, 19 September 2022 01:41 PM

මෙහම අසාධාරණ ලෙස විදුලි, ජල බිල වැඩි කිරීම කිසිසේත්ම අනුමත කරන්න නැහැ. නමුත් පහුගිය ජනාධිපතිවරනයේදී බොහෝ පන්සල්වල පොහොට්ටුවට කඩේ ගියා.

:       3       31

ganegoda Monday, 19 September 2022 02:10 PM

පන්සල් පල්ලි කොවිල් නඩත්තු වෙන්නෙ ආගමික්යන්ගෙන් ! එ නිසා මෙක රජයක ප්‍රශ්නයක් නොවෙයි . අවුරුදු දහස් ගනන් භක්තියෙන් විශ්වාසයෙන් ඉන්න අපිට , අද අපිට අපගෙ පන්සල් පල්ලි කොවිල් වල වැඩ සිටින දෙවි දේවතා බුදු වරුන් පිහිට විය යුතුයි !!!!!

:       26       14

හීන්බණ්ඩා Monday, 19 September 2022 01:48 PM

විදුළිබලමන්ඩලයේ වෙලා තියෙන දුෂණ වළක්වන්නේ නැතිව මේ බරත් මහජනයා මත පැටවීම හරිම අසාධාරණයි.

:       2       24

බද්රානි Monday, 19 September 2022 01:50 PM

ඇයි, ආගමික ස්ථාන වලට පමණක් විශේෂයක්. විදුලිය පාවිච්චි කළා නම්, බිල ගෙවන්න දැනගන්න ඕනා. ලෝකෙට පේන්න පුළුවන් තරම් ලයිට් දාගෙන ඉඳලා අවසානයේ රජයටද ඒ පාඩුවත් දරා ගන්න කියන්නේ. රජය ඒ පාඩුව දරනවා කියන්නේ මහා ජනතාව මත ඒ අනුන්ගේ විදුලි බිලේත් බර පැටවෙන බවයි. මේ පුජකයින් තමයි පිනට කකා ලංකාව විනාශ කරන්නේ.

:       3       70

KERUMALATA MENNA WADAK. Monday, 19 September 2022 02:08 PM

මෙි ගැටලුවට මැදිහත් වෙන්න අරගලයේ ඇත්තන්ට ශ්‍රීලංනීති සංගමයට උත්කෘෂ්ට අවස්ථාවක්!

:       0       0

sinnaa Monday, 19 September 2022 02:14 PM

රෑ එලිවෙනකන් විදුලි බුබුලු දාගෙන අලංකාර සෝබන දාගෙන අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කඩාගත්ත කාලය මෙහෙම හරි නිමා විය යුතුයි !!!!!

:       2       55

Widura Monday, 19 September 2022 02:15 PM

පන්සල් පල්ලි වල බර තුන් වේල කන්න නැති මින්නිස්සුන් ගේ කරේ පටවන්න කියලද කියන්නේ. මේ වෙලාව පන්සල් පල්ලි වලට මිනිස්සු එකතු වේල කන්න දෙන්න නෙවයි. පන්සල් පල්ලි එකතු වෙලා එකතු කරගත්තා සල්ලි වලින් මිනිස්සුන්ට කන්න දෙන්න. මෙච්චර කල් පන්සල් පල්ලි වලට කන්න දුන්නනෙ. කුහක වෙන්න එපා. බිල දරන්න බරිනම් අඩුවෙන් පාවිච්චි කරන්න. සාධාරණ වෙන්න.

:       1       55

ganegodaMonday, 19 September 2022 03:34 PM

ඔව්වා තමයි අද ලෝකයෙ අනවශ්‍යම දේවල්. කිසිම ශාන්තියක් පිහිටක් නැහැ. පූජකයෝ මේකෙන් නඩත්තු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. බලන්න පූජකයන් දිහා. එයාලා ජීවත් වෙන්නේ සිටුවරු වගේ. මේවටද අපි ආගම් දහම් කියන්නේ.

:       0       24

ajith Monday, 19 September 2022 03:07 PM

පන්සල්, පල්ලි වල ලවුඩ් ස්පීකර් හරහා කෙරෙන ගෝෂාව නවතා ගැනීමෙන් විදුලි බිල අඩු කර ගත හැක.

:       0       1

ruwan Monday, 19 September 2022 03:12 PM

ඔයවගේ බොරුවට ලයිට් දාගෙන විකාර කරන ඒවා නවත්වන්න ඕනෑ. දැන් බෑලු බිල ගෙවන්න. අනිවාර්යයෙන් ගෙවන්න ඕනෑ.

:       0       17

ගමලත් Monday, 19 September 2022 03:30 PM

විශේෂත්වයක් නෑ. මේක හැමෝටම අමාරු කාලයක්... ඉතින් විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා විදුලිබිල අඩුකර ගන්න උත්සාහ කරනවා මිසක් ඒ බර රජයට දැම්මාම අන්තිමේදී ඒ බර ගෙවන්න වෙන්නෙත් සාමාන්‍ය මහජනතාවට... බොහෝ තැන්වල සිදුවන සෝබන වැඩ, ආගමික නායකයින් අනුමත කළ දේ නෙමෙයි. ප්‍රතිපත්තියටයි මුල්තැන දිය යුත්තේ...

:       1       16

ගමේ එකාලා Monday, 19 September 2022 04:50 PM

දේශපාලුවන්ට නම් අවුලක් නැතිව ඇති. ඔවුන්ගේ බර ජනතාවගේ කරට පටවලානේ තියෙන්නේ..?

:       2       10

Lal Monday, 19 September 2022 04:50 PM

Pay for the consumption .... nothing else ...

:       0       5

Gamage Tuesday, 20 September 2022 08:13 AM

‍ෙවිදුලිබිල වැඩිවීමේ ජනතා අවදානය වෙනතකට හරවන්න නටන නාඩගමක් මේක. විලිලැජ්ජවක් නැතිව කඩේ ගිය හාමුදුරුවෝ විදුලි බිලෙන් සහනයක් ඉල්ලනකොට මිනිස්සු නම් කියන්නේ "අනේ සාදු ඕකුන්ට යස වැඩේ" කියල. දවස පුරාම ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන ගමටම වදයක් උනු ආගමික ස්ථාන නිසා තව සමහරු කියන්නේ පන්සල් පල්ලි වල විදුලිබිල තව තවත් වැඩිකරන්න කියල.

:       0       11

නිහාල් Tuesday, 20 September 2022 02:16 PM

මෙච්චර කල් මිනිස්සු පාරට බැහැලා අරගල කරද්දී ඔහේලා රාජපක්ෂලාට කඩේ ගියා. දැන් තමන්ගේ සාක්කුවට තට්ටු වෙද්දී තමයි පාරට බහින්නේ...!

:       0       4

don Tuesday, 20 September 2022 10:56 PM

cut power immediately to any religious place including Sobitha's luxury bungalow, if they do not pay their bills.

:       0       4

Santhu Wednesday, 21 September 2022 01:07 AM

පන්සල් පල්ලි කෝවිල් කිව්වම, සමහර ආගමික ස්ථාන තියෙනව අඩු ධාරිතා විදුලි බුබුලු පාවිච්චි කරන. ඒ උන් වහන්සේලා අඳුරෙ ඉන්න බැහැ කියල කවදාවත් කියන්නැති වෙයි. මේ අය හැමෝම ලොකු ලොකු පන්සල් වලින් එලියට වැඩම කල අය, අඳුරට බයේ. ගමේ අසරන අයටත් පිහිටක් වෙන්න තරම් පිං පෙට්ටි වල එකතු වෙනවනෙ සල්ලි.

:       0       5

anura Wednesday, 21 September 2022 04:19 PM

විදුලි බිල අඩුකරනවා නෙමෙයි, ඔය තැන්වල තිබෙන ලව්ඩ් ස්පීකර්වලට විශාල බද්දක් අය කරන්න ඕනේ. එවිට රජයට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්...!

:       0       7

nalin Thursday, 22 September 2022 11:51 AM

විදුලි බිල වැඩියිනම් පන්සල් පල්ලි උනත් ඒක අඩු කරන්න මොකක් හරි පිලියමක් යොදාගන්න ඕන විදුලි බිල අඩුකරගන්න. පන්සල් පල්ලි කියල එව්වට සහන දෙන්න ඕනෙ කියල මම හිතන්නෙ නෑ. විදුලි බිල අඩුකරනවනම් සාමාන්‍ය මිනිස්සුනටත් අඩුකරන්න ඕනෙ.

:       0       2

gaming01 Thursday, 22 September 2022 12:34 PM

ගෙවල්වල කන්න බොන්න අඳින්න නැති වුණත් ණයවෙලා හරි ගෙඩිය පිටින් පූජාකරපු කාලේ අවසානයි...!

:       0       0

gamsada Thursday, 22 September 2022 01:19 PM

මනුස්සයින්ට රටට ජනතාවට මොන දුශ්කරකම් තිබුනත් දියව් දියව් අපිට දියව් ... මෙවගෙ දේවල් රටකට අවශ්‍ය නැහැනෙ !

:       0       4

vidya Sunday, 02 October 2022 07:26 AM

උදෙන්ම නැගිටලා වැඩ පටන් අරගෙන සූර්යාට වන්දනා කරලා ඉර එළිය තිබෙන තුරු වැඩපොළ කරගෙන ඉර බහිනකොට සුන්නාගරයට වෙලා භාවනා යෝගීව හිටියෙ නැත්නම් නිවන් කෙසේ වෙතත් අඳුරෙම තමා ඉන්න වෙන්නේ. දැන් ගිහියන්ට කන් දෙන්න කාලය ඇවිත් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 113 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 814 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1700 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1096 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 459 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site