IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විදේශ විනිමය පාලන පනත සංශෝධනය නරින්ට කුකුළන් බාරදීමක්

(නාලක සංජීව දහනායක)

විදේශ විනිමය පාලන පනත සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විසුද්ධිකරණයට හා විදේශ වෙළෙඳපොළ දේශපාලනීකරණයට ලක්වීම සිදුවන හෙයින් මෙය නරීන්ට කුකුළන් භාරදීමකට සමාන වෙනවා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අඟහරුවාදා (9) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිණි.

එහිදී මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

මෙරට භාවිතා වන මුදල් නෝට්ටුවට මුදල් අමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා විසින් අත්සන් තබනවා. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු මහබැංකු අධිපති ධුරය සමහර ඇමැතිවරුන්ගේ විරෝධය නොතකා අග‍්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු පුරවැසියෙක් පත් කළා. නමුත් සිංගප්පූරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සිංගප්පූරුවේ පුරවැසියකුට ද්විත්ව පුරවැසිභාවය ලබන්න බැහැ. සිංග්ප්පූරු පුරවැසියෙක්ට  ක‍්‍රියාකරන්න පුළුවන්කම තිබෙන්නේ එම රටේ ආර්ථික දියුණුව සඳහා පමණයි. මෙරට ඉහළ තනතුරු දරන සෑම තැනැත්තෙක්ම ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම්දීමක් කළ බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 165 වැනි වගන්තිය සඳහන් වෙනවා ඒකතමයි නීතිය.

තමන් එවැනි දිවුරුම් දීමක් නොකළ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුවට ප‍්‍රකාශකර තිබෙනවා. එලෙස දිවුරුම්දීමක් නොකළ අර්ජුන් මහේන්ද්‍රන් මහතා රුපියල් 500 නෝට්ටුවට පමණක් නෙමෙයි රුපියල් 100 යේ මුදල් නෝට්ටුවලට ඔහු ඉංග‍්‍රීසියෙන් අත්සන් තබා තිබෙනවා. සිංගප්පූරු පුරවැසියෙක්ට මුදල් නෝට්ටුවට අත්සන් තබන්න නීත්‍යනුකූල බලයක් තිබෙනවාද කියන බරපතළ ප‍්‍රශ්නය රට හමුවේ තිබෙනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවෙදි මතුකළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට පුරවැසිභාවය ලබා තිබෙන නිසා රුපියල් 5000 හේ නෝට්ටු අවලංගු නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශකර තිබුණා. තමන් එලෙස දිවුරුම් දීමක් නොකළ බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෝප් කමිටුවට ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ නිසා මුදල් නෝට්ටුව වලංගුද නැද්ද කියන කාරණය පිළිබදව ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාටවත්, මටවත් තීරණය කරන්න බැහැ. මේකට තිබෙන හො`දම විස`දුම ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකතනය ලබා ගැනීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මුදල් පිළිබඳව සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා වෙසක් නිවාඩු නිමවූ වහාම මුදල් නෝට්ටුවට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්සන් තැබීම වලංගුද නැද්ද ගැටලූව විසඳාගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව සිදු වූ මහබැංකු මුදල් මංකොල්ලය පිළිබඳව විමර්ශනය කරන්න ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළා. එහිදී හෙළිදරව් වන කරුණු දැක්කාම ඇඟ කිළිපොළා යනවා. බැංකු ක‍්‍රමය, ණය ක‍්‍රමය හා මුදල් ක‍්‍රමය පිළිබඳව ඇතිවී තිබෙන ප‍්‍රශ්න අපි ඔක්කොම දකිනවා. ඒ නිසා එවැනි පුද්ගලයෙක්ට මුදල් නෝට්ටුවට අත්සන් කරන්න බලයක් තිබෙනවාද. සිංගප්පූරු පුරවැසියෙක්ට මහබැංකු අධිපති ධුරය දරන්න පුළුවන්නම් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීම නුසුදුසු වෙනවද? විදේශීය පුරවැසියන්ට ඉහළ තනතුරු දරන්න පුළුවන්කමක් තිබෙනවද? නැද්ද? කියන කාරණය පිළිබඳව තිබෙන නීතිමය තත්ත්වය විසඳාන්න  ඕන. මුදල් ක‍්‍රමය රඳාපවතින්නේ මහජනයාගේ විශ්වාසය මතයි. මේවනවිට ශ්‍රී ලංකා මහබැංකුව සම්බන්ධව පසුගිය වසර දෙකේදී මහජන විශ්වාසය බරපතළ කඩාවැටීමකට ලක්වෙලා තිබෙනවා.

එමෙන්ම විදේශ විනිමය පාලන පනත සංශෝධනය කරන්න රජය පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා. කවරාකාරයෙන් මුදල් ඉපයුවත් ඒ මුදල් නිදහසේ රට තුළට ගලා ඒමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශකර තිබෙනවා. ත‍්‍රස්තවාදී ක‍්‍රියා තුළින් උපයන ලද මුදල් නිදහසේ රට තුළට ගලා ඒමට අවස්ථාව ලබාදෙන්න තමයි මේ උත්සාහ කරන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවුණත් මේ තුළින් මුදල් විශුද්ධිකරණයට හා විදේශ විනිමය වෙළෙ`දපොළ දේශපාලණීකරණය වෙනවා. අපි එයට විරුද්ධයි. මේ පනත අනුව අමාත්‍යවරයාට තමන් කැමැති  ඕනෑම කෙනෙක් විදේශ විනිමය වෙළෙන්දෙක් කරන්න පුළුවන්.  මෙය නරින්ට කුකුළන් බාරදීමක් වගේ දෙයක් වේවි. දැනටමත් මහබැංකුව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය රටක් වශයෙන් අපිට අහිතකර යැයි පැවසීය.      

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පිරිස් මහතා,

ශී‍්‍ර ලංකා ආර්ථිකය කෙතරම් දුර්වල ද කියන දේ මේ වසර සඳහා නිකුත් වූ මහ බැංකු වාර්තාවෙන් පේනවා. රටේ ආර්ථික වර්ධනය ක‍්‍රම ක‍්‍රමයෙන් පහළ බසින තත්ත්වයකුයි පේන්න තියෙන්නේ. රටේ 2015 වසරේ බිලියන 7ක් වූ විදේශ සංචිත 2016 දී බිලියන 6යි. මේ වසරේ ජනාධිපති කියන විදියට මිලියන 5ට බැහැලා. අපනයන 2%කින් අඩුවෙලා. උද්ධමනය දෙගුණයක් වෙලා. ජිවන වියදම 6%කින් වැඩිවෙලා. අපේ කාලයේ 7% වූ පොලී අනුපාතය 13ක් වෙලා. ව්‍යාපාරික කටයුතු කර ගෙන යාම අතිශයින් දුෂ්කරයි.

රජය කියන්නේ මේ සියල්ලම වෙන්නේ රාජපක්ෂ යුගයේ ගත් ණය නිසා කියන කතා අසත්‍යභාවය මේවායින් ඔප්පු වෙනවා. මේ විදියට පීඩනයකට ජනතාව පත්වෙද්දි ඇමැතිවරුන්ගේ සුඛෝපභෝගී ජිවිතයට වියදම් කරන මුදල් කන්දරාව ගැන අපි කනගාටු වෙනවා. පාර්ලිමේන්තුවට රුපියල් මිලියන 329 ක අතිරේක අයවැය ඉදිරිපත් කර තිබෙනවා ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීමට. 

ඇමැතිවරුන් පස් දෙනකුට, රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුට, එක නිලධාරියකුට වාහන නවයක් සඳහායි මේ වෙන් කිරීම කර තියෙන්නේ. අගමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් කියලා අලූත් තනතුරක් හදලයි මේ රාජ්‍ය නිලධාරියෙකුට ලක්ෂ 430ට වාහනයක් ගෙන්වන්නේ. මේ වසරේ විතරක් රුපියල් මිලියන 1620ක අතිරේක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබෙනවා ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට. මාර්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 361 හා 494 ඇස්තමේන්තු ඉදිරිපත් කරලා.

ජනතාව මොන තරම් පීඩාවට පත්වුණත් කමක් නැහැ මේ විදියේ ප‍්‍රතිපත්ති නිසා ජනතාව තුළ විශාල විරෝධතා ඇති වෙනවා. එ්වා මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ සදාචාර විරෝධීයි. නීති විරෝධීයි. මීතොටමුල්ල සිද්ධියෙන් පස්සේ කුණු ගේනවාට ජනතාව විරුද්ධයි. කුණු කඳු නිසා ඩෙංගු රෝගය බෝවිමත් සිදුවෙනවා.

එකාබද්ධ විපක්ෂයේ හඩ නැගීමට පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබෙන ඉඩ සීමිතයි. මැතිවරණ පවත්වන්නේ නැහැ. ජනතා මතයට බය නිසා පැවැත්වුවොත් අන්ත පරාජයට ලක් වෙන බව දන්න නිසා මැතිවරණ පවත්වන්නේ නැහැ. මිනිස්සු පාරට බහින කොට එවා මර්දනය කරන්න විශේෂ නීති ගේන්න හදන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කරන්නයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන ආරක්ෂාව කප්පාදු කරනවා. මැයි දිනයේ ජන ගංගාව දැකපු ආණ්ඩුව පහුවෙනිදා ආරක්ෂක නිලධාරීන් 42ක් ඉවත් කළා. ඊට දින පහකට පස්සේ තව 50ක් ඉවත් කරන්න නියෝග කරලා. එකට ඇති වුණු විරෝධතාව නිසා නියෝගය නිශේධ කළා. ඉවත් කරපු ආරක්ෂක නිලධාරීන් අතර පළපුරුද්දක් සහිත විශේෂ පුහුණුව ලත් අය හිටියා.



අදහස් (10)

විදේශ විනිමය පාලන පනත සංශෝධනය නරින්ට කුකුළන් බාරදීමක්

susantha Wednesday, 10 May 2017 06:19 AM

ඔබතුමා මොනවගේ පුද්ගලයකුදැයි කියලා ලෝකෙම දන්නවා මහත්තයෝ ...

:       414       333

sam Wednesday, 10 May 2017 06:53 AM

ලංකා මහා බැංකුවේ පළමු සභාපති, ජෝන් එක්ස්ටර් මහතා ඇමරිකානුවෙක් බව මෙතුමා දන්නේ නැතිද? එහෙම නැත්නම් නොදන්නා විදියට රඟපානවාද?

:       191       85

shan saudi Wednesday, 10 May 2017 06:59 AM

මේ ගැන හරියට කියන්න දන්නේ හොඳම කෙනෙක් තමා මොකද පළපුරුද්දෙන් ....

:       24       57

ලුම්බිණි Wednesday, 10 May 2017 09:51 AM

ඇමතිතුමා, හරිම කණගාටුදායකයි....

:       1       17

Susil Wednesday, 10 May 2017 02:31 PM

ඉස්සරවෙලාම නඩුවක් දාන්න පළවෙනි මහ බැංකු අධිපති අත්සන් කල නෝට්ටු වලංගු නැහැ කියලා... මොකද එයා ඇමෙරිකන් නිසා. අර කොමිසමෙනුත් බැනල යැව්වා නේද බොරු කියන්න එපා කියලා... ඕගොල්ලන්ගෙ කාලෙ රුපියල අවප්‍රමාණ වෙනකොට ඔහේ කිව්වෙ "ඒ උනාට තාමත් රුපියලට සත 100යි" කියලා. ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ....

:       109       17

sathyayaa Wednesday, 10 May 2017 08:20 PM

කමක් නැහැ ඇතිවෙන්න නරිත්, නැතිවෙන්න කුකුළ්ලුත් ඕනේ තරම් දියවන්නා ඔය පැත්තේ ඉන්නවා. ඊට වඩා යමක් කියන්න මේ අවස්ථාවේ අවශ්‍යය නැහැ.

:       5       7

Chanak Los angeles Thursday, 11 May 2017 05:23 AM

මොවුන් මොන සෙල්ලං දැමුවත් එම දේ ඉෂ්ට වෙන්නේ නැහැ..

:       2       0

vidya Thursday, 11 May 2017 03:16 PM

මෙයත් අවුරුද්දකට දෙතුන් වරක් ඇමරිකාවේ රවුම්ගහනවා කියලා අපිට ආරංචි වෙනවා.

:       2       0

siva Friday, 12 May 2017 11:34 AM

ඔය දීලා තියන කට්ටිය හොඳයි.. ලොකු දෙයක් මාසයකට 2500 කින් කන්න පුළුවන් ටියුෂන් මාස්ටර්ට දෙන්නේ නැතිව....,

:       12       29

arschfikaa Monday, 05 June 2017 10:46 PM

දැන් ඇත්තටම කලින් කිව්වා වගේ රුපියල් 2500න් මාසයක් ජීවත්වෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1064 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 377 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 650 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 762 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 858 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 973 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 727 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site