හතරවැනි වසරට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් පනස්දහසක අල්ලසක් ගනිමින් සිටි බව කියන විදුහල්පතිවරයෙක් අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය
මෙසේ අත්අඩංගුවට ගත් මාතර උයන්වත්ත ආදර්ශ විද්‍යාලයයේ විදුහල්පති අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හතර දිබ්බාගේම ඉන්න ගුරුහොරු දැන් මාට්ටු වෙනවා. අහිංසක දරුවෙකුට ඉස්කෝලේ පන්තියක පුංචි ඉඩක් ලබාගන්ඩ සල්ලි ගන්නවා කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබාගත්තු පාගා කාරයන් අපාගත වීමක්.(නදී)
හොදයි, එතකොට මිලියන දහාස් ගණන් වංචා කරපු අයව දැන් කීවරක් අත්අඩංගුවට අරගත්තා ද?කැකිල්ලේ රටේ මිනිස්සු තාම මර නින්දේ. (අ)
විදුහල්පතිවරයෙක් මෙවැනි සුළු මුදලක් පවා පගාව ලෙස බාර ගන්නවා නම් ඔහුගේ වැටුප කීයක් විය හැකිද? එසේ බලනවිට නම් ඔහු ගැන ඇතිවෙන්නේ අනුකම්පාචක්. නමුත් අත්අඩංගුවට පත්වූ විදුහල්පතිවරයෙක් නැවත එම පාසැලේ සිසුන්ට මුහුණ දෙන්නේ කොහොමද? පගා ගැනීම මහා කාලකණ්නි සමාජ ගැටළුවක්. (අ)
ක්‍රිශාන්ත කවුරු හෝ රැකියාවක් භාර ගන්නවිට තමන්ගේ පඩිය ගැන දැන එයට එකඟවී ගිවිසුමටද බැඳී ඒ රැකියාව භාර ගන්නවා. එහිදී පඩිය මදි නිසා පාගා ගහලා හම්බ කරනවා යන කුප්පිදු සංකල්පය ඇතිකරගන්නේ නැහැ. මෙතැනදී විදුහල්පතිගේ පඩිය ගැන ප්‍රශ්නයක් මතු නොවේ. මේ රටේ අනෙක් විදුහල්පතිවරුන්ට ලබන වැටුපෙන් සැහීමකට පත්වෙන්නට පුළුවන් නම් ඇයි මොහුට එය බැරි උනේ? මේ ඔහු අන්තිමේදී අහුඋනා විය යුතුය. (අ)
මේ වගෙ සිදුවීම් අහන්න ලැබෙන්නේ මේ අවුරුද්දෙ විතරක්ම නෙවෙයි.ප්‍රතිපත්ති සහගත නිලධාරින් දැන් නැහැ.ඒ නිසා අධ්‍යාපනයත් හෑල්ලු වෙලා කියන එක බොරුවක් නොවෙයි තව දුරටත්.මේ වගේ අය මෙහෙම කරන එක පුදුම වෙන්න දෙයක් නැහැ. මහඑකා කරන දේ පොඩිඑවුන් නොකරනවා නම් තමයි ආශ්චර්යය!ඔන්න එහෙම දීපයක තමයි හූල්ල හූල්ලා හරි අපේ අයට ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ.(දී)
පගා ගැනීම වගේම පගා දීමත් මහා කාලකණ්නි සමාජ ගැටළුවක්. (දිල්)
වැඩි විස්තර කියන්න ගියොත් මේක පල කරන්නේ නැහැ. ඒ නිසා මෙහෙම කියන්නම්."ලංකාවේ බහුතරයක් විදුහල්පතිවරු පගාව ගනිති" විදුහල්පති වන්නට පෙර සහ පසු වත්කම් දිහා බැලු විට එය මනාව වැටහේ.(නධී)