(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ කනත්ත හන්දියේදි සිදුවු වෑන් රථ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දැරියක් අද (26) අළුයම මිය ගිය අතර එම යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවක් හා තවත් දැරියක් තුවාල ලැබු බව වරාය පොලිසිය කියයි.
අනතුරට පත් වෑන් රථය පැදවු රියදුරා හදිසියේ අසනිපවි අසාධ්‍ය තත්ත්වයේ සිටි සිය මව රැගෙන රෝහල කර එද්දි මෙම අනතුර සිදුවි ඇති අතර අසාධ්‍යව සිටි මව රෝහල් ගත කරද්දී මියගොස් ඇතැයි පොලිසිය කීහ.
වෑන් රථ යතුරු පැදි අනතුරෙන් මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ඩොක්යාර්ඩ් පාරේ පදිංචි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේ 05 වසරේ ඉගෙනුම ලැබු එඩ්වික් ෂෙරලින් ටේසි (09) නැමැති දැරියයි.
එම ලිපිනයේම පදිංචි ලින්ඩා ලීනා (34) නැමැති කාන්තාව හා ජූඩ් කවිසාලිනි (08) නැමැති දැරිය මෙලෙස තුවාල ලබා ඇති අතර තුවාල ලැබු දැරියගේ තත්ත්වය බරපතල බැවින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
තුවාල ලැබු කාන්තාව සිය බාල සහෝදරියගේ හා බාල සහෝදරයාගේ දියණියන් දෙදෙනා උපකාරක පංති අවසන් කර යතුරු පැදියෙන් නිවස බලා රැගෙන යද්දී මෙම අනතුරට ලක්වි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒ.ජේ.එස්.රණවිර මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වෑන්-යතුරු පැදි අනතුරින් දැරියක් මරුට