ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දුන් විට කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව දැනට විපක්ෂනායක ධුරයේ කටයුතු කරයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි
Perakum Friday, 10 August 2018 05:59 AM
ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්.
සඳන් Friday, 10 August 2018 06:26 AM
මේ රජයට අවුරැදු ගානක්. විපක්ෂ නායක කවුරැ වුනත් මොකද ? තාම බලයට කා කොටා ගැනීම් ඉවරයක් නෑ. මැතිසබේ හැමදාම කාලගෝට්ටි. සමහර දවසට සංඛ්‍යාව අඩුයි. විවාද කල්දානව. ඉන්නකොට සභාවේ බුදි. මේ පාලන ත්‍රන්ත්‍රය ඉතාම අකාර්යක්ෂමයි. අයිතිවාසිකම් විතරයි. වගකීම් නෑ. උගතුන් සභාවට යැවීමේ ජනතා වගකීමත් හරියට නෑ. ගරු කතානායකතුමනි කවදා මේ රටට හරියයිද ?
PerakumFriday, 10 August 2018 09:37 AM
මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට් ආදරය කරන උගත් බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් පලක් නැත.
BamunuarachchiFriday, 10 August 2018 02:10 PM
අපි කරපු වැරදි මොනවාද? පැහැදිලි කරන්න බලන්න. විකාර කියන්න එපා...
Shan Friday, 10 August 2018 06:27 AM
සෙන්කොලය අරගෙන දුවන්න හදන, පාර්ලිමේන්තුව කැත කරන දිනේෂ් වගේ මිනිහෙක්ට වැඩිය මෙයා හොඳයි.
nuwan Friday, 10 August 2018 07:07 AM
නොදී කොහොමද දෙයිහාමදුරුවනේ...
dhamneth Friday, 10 August 2018 07:22 AM
ඒකාබද්ධයට තරග කරන්න ටිකෙට් එක දුන්නේ ජනපති මෛත්‍රී මහතයානේද? ඔය කණ්ඩායම තරගකලේ නිදහස් සංධානෙන් .ප්‍රථමයෙන් එකෙන් ඉල්ලා අස්වන්න.
indika Friday, 10 August 2018 07:45 AM
දෙවනියට වැඩිම මන්ත්රිලා ඉන්න පක්ෂයට විපක්ෂ නායක කම දුන්නට කමක් නැහැ එය විපක්ෂය නියෝජනය කරනවානම්. සම්බන්ධන් කවද්ද විපක්ෂය නියෝජනය කරේ? හැමදාම ආණ්ඩුව ආරක්ෂා කරන එක තමයි එයා කරන්නේ. ආන්ඩුව ආරක්ෂා කරන එක්කෙනෙක් විපක්ෂ නායක වෙන්නේ කොහොමද? ඒ වගේ විහිළු තියෙන්නේ ලංකාවේ විතරයි. ඒකාබද්දෙත් කොන්ද පණ නෑ විපක්ෂනායක කම ගන්න.
Hafeel Friday, 10 August 2018 07:54 AM
ඒකාබද්ධ දැන් හරි දැනගන්න එපැයි, මේක රනිල්ට හිමි තනතුරු බව. මේ විපක්ෂනායක තනතුර හරියට ධාම් ක්‍රීඩාව වගේ. දැන් සම්බන්ධන්ට. ඊළඟ පාර්ලිමේන්තුවේ රනිල්ට. කෙසේවෙතත් මේ විපක්ෂනායක තනතුරට ඉතා සුදුස්සා රනිල් තමයි. මේ බව හිරුණිකා මන්ත්‍රිතුමිය සුද්ද සිංහලෙන් කිව්වා.
Janathawa Friday, 10 August 2018 08:08 AM
ජනතාව ඕක දන්නේ ගොඩ දවසක ඉදන්......
rohana Friday, 10 August 2018 08:33 AM
හරි නම් විපක්ෂ නායක කම දෙන්න ඕන පා.ම. මහින්දට.
Thilina Friday, 10 August 2018 09:10 AM
ඇත්තටම හරිම පුදුමයි තාමත් ලංකාවේ මේ ආණ්ඩුවට කඩේ යන උදවිය දැක්කම..මේ ඉන්න විපක්ෂ නායකයා රටේ ජනතාව වෙනුවෙන් කරපු එක යෝජනාවක් කියන්න පුළුවන් නම් කවුරුහරි.. අගමැති වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න කෙනෙක්.. ඉතින් ආණ්ඩුවේ උදවිය නම් හරිම කැමැතියි මෙතුමා ඉන්නවට.. එ්ත් රටේ බහුතරයක් දුක් විඳින ජනතාවට වෙන සෙතක් නම් නැහැ..
sam Friday, 10 August 2018 09:11 AM
කතානායක ඒ තීන්දුව දුන්නේ කුමන නීතියක පිහිටලද? එය පැහැදිලි කරන්න.
thusitha Friday, 10 August 2018 09:14 AM
ඕක වෙන කෙනෙකුට දෙනවට ඉන්දියාවයි, ඇමරිකාවයි කැමැති නැහැ, එ්කයි ඔය !!!
saman Friday, 10 August 2018 09:21 AM
පැරකුම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති කෙනෙක් වගේ...
කසුරි Friday, 10 August 2018 10:55 AM
ඇයි මහත්තයෝ පැරකුම් කිව්වේ."මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට ආදරය කරන උගත්, බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් ඵලක් නැත.." කියලානේ. ඉතින් වැරදිද? සුද්දා අපේ රට ඇත හැරගිය දවසේ ඉඳලා රට පාලනය කරපු එකම එක දේශපාලකයෙක් වත් නැත. හිටියොත් ඉන්නෙත් " අන්ත දූෂිත දේශපාලකයින් " පමණයි. ඒ අය රට කෑවා විතරක් නොවෙයි අදටත් කමින් ඉන්නේ. ඒ අයගේ දරු පරපුර හෙට රට කන්න බලාගෙන ඉන්නේ. උගත් වැදගත් අවංක දේශපාලකයින් රටට පත්කර ගතයුතුයි කියලනේ පරකුම්ගේ යෝජනාව. මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට ආදරය කරන උගත්,බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් ඵලක් නැත. විප්ලවයකින් හෝ හමුදා මැදිහත්වීමකින් තොරව මේ රට ගොඩගැනීමට නොහැකිබව හොඳින් ලියා තියා ගන්න.
BamunuarachchiFriday, 10 August 2018 02:13 PM
වයස කීයද? නිදහසින් පසු 1956 වනතුරු රට පැවැතුනේ කොහොමද කියලා අවබෝධයක් තිබෙනවාද?
මංගල Friday, 10 August 2018 10:32 AM
මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරන සම්බන්ධන්ට විපක්ෂ නායකකම දීලා, අනුර දිසානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමදීලා. මෙහෙම කථානායක කෙනෙක් නම් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
සතයපාල Friday, 10 August 2018 02:00 PM
මහින්දගේ ගේම් දේශපාලනය නොදන්න එ්කාබද්ධයේ සමාජිකයින් ඇඟිලි ගැන ගැන හිටියේ දිනේෂ් විපක්ෂ නායකයා වෙනතුරුයි. නමුත් මහින්දගේ නම් තුන් හිතකවත් තිබුනේ නැතිව ඇති එහෙම කරන්න. මේ කතාව ආරම්භයදීම අපි සඳහන් කල පරිදි රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙනැල්ලා රනිල්ව ශක්තිමත් කරලා සිරිසේන පරාද කරලා නිමල් සිරිපාලව දේශපාලන වශයෙන් අනාථ කළා. ඒ වගේම මෙදා පාරත් අයිති නැති විපක්ෂ නායක ධුරයට අයිතිවාසිකම් කියලා සම්බන්ධන්ව රනිල්ගේ තුරුල්ලට තල්ලු කරලා දිනේෂ්ව දේශපාලන වශයෙන් අනාත කෙරුවා. මේ ඔක්කොම කරන්නේ 2025 වෙනතුරු ඒකාබද්ධය විපක්ෂයේ තියන්න. (නාමල් බේබිට ජනාධිපතිකමට ඉල්ලන්න හැකිවෙන තුරු)... එතකම් රනිල් ජනාධිපති තනතුර දැරීම මහින්ද ගෝඨාභය බැසිල් හෝ චමල් ජනාධිපති තනතුර දරනවාට වඩා විශ්වාසයි.. ආරක්ෂිතයි... මේක නොදැන 2020 දී පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති කරන්න හීන දකින සමාජිකයන්ට නම් පවු අප්පා !
Bamunuarachchi Friday, 10 August 2018 02:08 PM
"ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්." අත්තටු පොරවාගෙන ඉන්න විපක්ෂ නායකයෙක් තබා ගැනීම ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්ලු. මෙයා තම ජාතිය ගැන මිසක් රට වෙනුවෙන් මොනවද කතාකලේ කියලා කියන්නකෝ...