IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපාරික කටයුතු නිසා නිරූපණයට සමුදුන්නා - තක්ෂිලා කුමාරි

මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ  මෝස්තර නිරූපිකාවක වූ තක්ෂිලා කුමාරි සමගය. මීට වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස පසුව රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කළ ඇය මේ වනවිට කලා ක්ෂේත්‍රයෙන් තාවකාලිව ඈත්ව සිටියි. ඉඩලැබෙන පරිදි යළිත් කලා කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටින තක්ෂිලා සාරවිට සමග මෙසේ දොඩමලු වූවා.

 

2016-06-14-ent-82තක්ෂිලා නිරූපිකාවක් වුණේ?

2009 වසරේ පැවති 'සිංහ' කුමරිය වීමත් සමග තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

නිරූපිකාවක් විදිහට දැන් ඔබ කටයුතු කරන්නෙ නැද්ද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා නැහැ. ඒත්, මම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී වැඩ ගොඩක් කළා. ඒත්, දැන් එහෙම වැඩ කරන්නේ නැහැ. ඉඩ ලැබෙන පරිදි මම නිරූපණ වැඩවලට සම්බන්ධ වෙනවා.

 

ඉඩ ලැබෙන පරිදි කිව්වේ?

දැනට මම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒකෙන් කෙරෙන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන එක. ඊට අමතරව රෙදිපිළි සම්බන්ධ ව්‍යාපාරයකට යොමු වෙලා ඉන්නවා. ඉතින් මේ වැඩත් එක්ක තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට කලා වැඩවලට සම්බන්ධ වෙන්න වෙලාවක් හොයාගන්න අසීරු වෙලා තියෙනවා.

 

කලා කටයුතුවලින් තාවකාලිව සමුගත්ත එක පාඩුවක්ද?

මම හිතන්නේ නැහැ. අදටත් මාව හඳුනගත්තොත් බොහෝදෙනෙක් ඇවිල්ලා කතා බහ කරනවා. ආයෙත් කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා අහනවා. ඒ වගේ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම කලින් සඳහන් කළා වගේ ව්‍යාපාරික කටයුතු කලා කටයුතුයි පටලව ගෙන වැඩ කරන්න අමාරුයි. ඒ නිසා තමයි මම දැන් එක වෘත්තියක් තෝරගෙන කරන්නේ.

 

2016-06-14-ent-83ඔබ ආයතනය හරහා මොනවද දැනට නිෂ්පාදනය කර  තියෙන කලා නිර්මාණ?

'කුබිර හෝරාව'  කියන ටෙලි නාට්‍යය කළා. ඉදිරියේදී නිෂ්පාදනය කරන්න චිත්‍රපට හා  ටෙලි නාට්‍ය කිහිපයක් ලැබී තියෙනවා.

 

නිරූපිකාවක් වුණ ඔබ කාලයක් රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කළා නේද?

ඔව්. ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වුණ 'අළුපාට හීන' ටෙලි නාට්‍යයේ රඟපෑවා මම. ඊට අමතරව 'තැන්ක්යූ බර්ටි' චිත්‍රපටයේ රඟපෑවා. 'අයි ඈම් ශ්‍රී ලංකා' වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා මම කාලයක් වැඩ කළා.

 

කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබෙන්නේ නැද්ද?

නිරූපණ වැඩ වලට වගේම රංගන කටයුතු වලටත් එක සමාන ආරාධනා ලැබෙනවා. ඉදිරියේදී විවේකය ලැබෙන පරිදි මේ වැඩවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

2016-06-14-ent-97 2016-06-14-ent-96 2016-06-14-ent-95 2016-06-14-ent-94 2016-06-14-ent-93 2016-06-14-ent-92 2016-06-14-ent-91 2016-06-14-ent-90 2016-06-14-ent-89 2016-06-14-ent-88 2016-06-14-ent-87 2016-06-14-ent-86 2016-06-14-ent-85 2016-06-14-ent-84



අදහස් (0)

ව්‍යාපාරික කටයුතු නිසා නිරූපණයට සමුදුන්නා - තක්ෂිලා කුමාරි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 206 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 400 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 376 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 570 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1748 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site