සජානි දැන් නිරූපිකාවක් වෙලා දිගු කාලයක් වෙනවා නේද?
ඔව්, මීට අවුරුදු හතකට විතර පෙරදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ අහම්බෙන් ලැබුණ ආරාධනාවක් මත. මගේ යාළුවෙක් හිටියා බුද්ධි කියලා. මනාලියන් දැක්මකට එයා මාව මනාලියක් විදිහට ඉදිරිපත් කළා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ.
ඊට පස්සේ?
ඒ ‘මනාලියන් දැක්ම’ ප්‍රසංගයට ඉදිරිපත් වුණාහම නිරූපණ ක්ෂේත්‍රයේ යම් පිරිසක් මට හඳුන ගන්න ලැබුණා. ඒ හඳුනා ගැනීම් හරහා ක්ෂේත්‍රයට එන්න මාවත විවර වුණා. ඒත්, මම ඕනෑම දෙයක් එක්වරම භාර ගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මම නිරූපණය සම්බන්ධව වාසනා දන්තනාරයන් මහත්මිය යටතේ හැදෑරුවා. ඊට පස්සෙ තමයි නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණේ.
නමුත්, සජානිගේ කැමැත්ත තිබුණේ වෙන දෙයකට?
ඔව්, රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙලා ඒ පැත්තට යොමු වෙන්න තමයි මගේ අදහස හා කැමැත්ත තිබුණේ. ඉතින් නිරූපණ කටයුතුවල යෙදෙන ගමන් ඒ පිළිබඳවත් හැදෑරීම් කළා. අද වෙන කොට මම hair and beauty NVQ level 4 වෙන කම් ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම තමයි මට කියලා සැලෝන් එකක දැන් ලංකාවේ තියෙනවා. දැන් මම ඉන්නේ ඉතාලියේ. මොකද, නිරූපණය සම්බන්ධවත්, රූපලාවණ්‍ය ශිල්පය සම්බන්ධවත් වැඩිදුර ඉගෙන ගන්න මම ඉතාලියට ආවා.
ඉතාලියේ සහ ලංකාවේ නිරූපණ හා රූපලාවණ්‍ය ක්ෂේත්‍ර ගැන මොකද හිතෙන්නේ?
ලොකු වෙනසක් වගේම ලොකු පරතරයක් තියෙනවා. මෙහෙ යමක් කරන්න කලින් ඒ පිළිබඳව ගොඩක් හැදෑරීම් කරනවා. ඒ වගේම ඒ කරන වැඩේ ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්නවා.
නිරූපිකාවක් විදිහට දායක වෙලා තියෙන කලා කටයුතු මොනවද?
මම දැනට ගීත රූප රචනා කිහිපයකට දායක වෙලා තියෙනවා ඊට අමතරව ‘නෙස්ටමෝල්ට්’, ‘ඩයලොග්’, ‘ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්’, ‘සිංගර්’ කියන වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා.
නිරූපිකාවක් වුණාහම ඊට පස්සේ බොහෝ දෙනෙක් බලන්නේ රංගනය පැත්තට යොමු වෙන්න?
නැහැ. එහෙම අදහසක් මගේ නැහැ. මම නිරූපිකාවක්. ඒ හැරුණාම මම වෘත්තිය මට්ටමේ රූපලාවණ්‍ය ශිල්පිනියක්. නිරූපණ වැඩ නැතිවුණාහම මම කරන්නේ මගේ රූපලාවණ්‍ය කටයුතුවලට මුලිකත්වය දෙන එක. බලමු ඉදිරියේදී මේ වැඩත් එක්ක මට කලා කටයුතුවලටත් සම්බන්ධ වෙන්න ඉඩක් ලැබෙයිද කියලා.
අවුරුදු හතක් වෙනවා ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා. මේ කාලය පිළිබඳව මොකද හිතෙන්නේ?
මම හෙමින් ගමනක් ආවේ. මම ගොඩක් කළේ මනාලියන්ගේ දැක්මවල්වලට සහභාගී වුණ එක. මම නිරූපිකාවක් විදිහට නමක් හදාගෙන හොඳ ගමනක් යන්න සූදානම් වෙන කොට තමයි ඉතාලි ගමනට මට සම්බන්ධ වෙන්න සිදු වුණේ. ඉතින් මෙහෙන් ආපහු ලංකාවට ගියාහාම තමයි ආයෙත් නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ. ගෙවුණු වසර හතක කාලය ගැන මට ඉතින් සතුටුයි. මොකද, අද සජානි කියන නම බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මම වැඩ කරපු නිසා.
මොනවද සජානිට තියෙන ඉලක්ක?
මම ආසයි ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. ඒ වගේම මම කරන දේ ගැන ගොඩක් හැදෑරීම් කරන්න. මම ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල්වලින් තමයි අද මම මේ වගේ ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තියෙන්නේ.
උදවු කළ පිරිසකුත් ඇති?
ගොඩක් අය මට උදවු කළා. මගේ ක්ෂේත්‍රවල කට්ටියම ඒ උදවු කළ අය අතර ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මිතුරු, මිතුරියෝ අදටත් මාත් එක්ක ඉන්නවා. අද මම ඉතාලියේ හිටියාට ඒ අය අදටත් මාත් එක්ක කතා කරනවා. ඒ වගේම මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න උදවු කළ අය වගේම මගේ පවුලේ හැම දෙනාවත් මම මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා.
බුද්ධික සේනාධීර
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ව්‍යාපාරික කාන්තාවක් වෙන්න මම ආසයි