IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ව්‍යාපාරිකයෙක් ගමේ පාර හදා දෙයි

රුපියල් එක්කෝටි දස ලක්ෂයක් පමණ වැය කැර බටපොල කහටපිටිය,ඔලබැද්ද ,මද්දෙවෙල පාර කාපට් අතුරා ගමට පරිත්‍යාග කළ ව්‍යාපාරිකයෙක් බටපොල සිටී.

කිලෝමීටරයක් පමණ දිග මේ පාර පවුල් පන්දහසකට පමණ  පිරිසක් ප්‍රයෝජනයට ගනිති.

පාර ද පළල් කැර කාපටි ටොන් 600ක් පමණ ඇතුරා මෙම පාර  ගමට පරිත්‍යාග කළේ කේ ඩී ආනන්ද වීරසිංහ නම් ව්‍යාපාරිකයායි.

නියමිත ප්‍රමිතියට මේ පාර ඉදි කැර ඇතැයි අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාර සිංහ සහ විපක්ෂ නායක කේ කේ ලක්ෂමන් මහත්වරු කියති.

20140922_142546 20140922_160009 20140924_094152

20140922_142430



අදහස් (0)

ව්‍යාපාරිකයෙක් ගමේ පාර හදා දෙයි

බණ්ඩාර Thursday, 25 September 2014 05:02 PM

ඔබ මතු බුදුවෙනවා (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 25 September 2014 04:56 AM

සුප්‍රකට කේ. ඩ්. ඒ. ඩබ්ලිව්. ඉදිකිරීම් සමාගමේ නිර්මාතෘ වන මෙතුමාගේ ගම ගාල්ල බද්දේගම ප්‍රදේශයයි. (දී)

:       0       0

ගමගේ Thursday, 25 September 2014 04:56 AM

වීරසිංහ මහත්තයෝ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි . ඇති විශාල මිල කල නොහැකි උතුම් ක්‍රියාවකි ඔබ කර ඇත්තේ. මෙතන මම දකින වැදගත්ම දේ තමා එතුමාගේම මුදලින් කරපු වැඩක් උනත් එතුමාගේ පින්තුරයක් වත් දාලා නැති එක. මම හොඳටම විස්වාශ කරනවා එක එතුමා හිතාමතාම වලක්වන්න ඇතියි කියා. හොඳ මිනිසුන් අතර ඔබ ශ්‍රේෂ්ටයෙකි. මේක දේශපලුවෙක් කරානම් වීවෘත කරන්න කෝටි 2ක් විතර වියදම් කරාවි (දී)

:       0       0

සාගර Wednesday, 24 September 2014 06:52 AM

ව්‍යාපාරිකයා තව තවත් දියණු වේවා (දී)

:       0       0

සුරංග Wednesday, 24 September 2014 06:52 AM

ව්‍යාපාරිකයා තවත් දියණු වේවා (දී)

:       0       0

නිලන්ත Wednesday, 24 September 2014 07:01 AM

ඔබට ජය වේවා . උතුම් වැඩක් (දී)

:       0       0

කුසල් Wednesday, 24 September 2014 06:59 AM

ඔබ ශ්‍රේෂ්ටයි වීරසිංහ මහතාණනි (දී)

:       0       0

සරත් Wednesday, 24 September 2014 07:01 AM

මහත්පලයි, මහානිසංසයි. (දී)

:       0       0

සෑම් Wednesday, 24 September 2014 07:06 AM

ඔබ තුමන් ගේ ව්‍යාපාර සාදාරන ඒවා නම් ඒවා දියුණුවෙන් දියුණුවට පත් වේවා (දී)

:       0       0

පනවීර Wednesday, 24 September 2014 07:04 AM

බොහොම පින් සිදුවන වැඩක්. ඔබේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා. (නදී)

:       0       0

සෙනර Thursday, 25 September 2014 09:53 AM

පාරසාදා දුන් ඔබතුමාට පින්සින්ද වෙන්න ,මේ වගේ තවත් අය රටට බිහිවේවා (දී)

:       0       0

සුරේෂ් Thursday, 25 September 2014 09:56 AM

ලංකාවේ දෙවෙනි දානපතියා ඔබට ගොඩක් පින් වීරසිංග මහත්මයා..!! (දී)

:       0       0

ඉන්දු Wednesday, 24 September 2014 07:13 AM

කේ ඩී ආනන්ද වීරසිංහ මහතාට මේ වගේ වැඩ කිරීමට තව ශක්තිය ලැබේවා. ඔහුගේ ව්‍යාපාර දීයුනු වේවා! (ස)

:       0       0

චමින්ද Wednesday, 24 September 2014 08:50 PM

ඉතාම හොඳ වැඩක්. මටත් පුදුම හිතුනා මේ වගේ අය ඉන්නවද කියලා. දේශපාලනේට එන්න වුණත් මෙච්චර ලොකු මුදලක් වියදම් කරලා පාරවල් හදන්නේ කවුද? ඔන්න පෝස්ටර් ගහලා වාහන සංදර්ශන තියන්න නම් මේ වගේ වියදම් කරයි. (නි)

:       0       0

ෆර්නෑන්ඩු Wednesday, 24 September 2014 07:19 AM

ඒ මහාතාව පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පත් කර ගනිමු. අපේ ගෞරවය. (ස)

:       0       0

නිශාද් නලින් බංඩාර Wednesday, 24 September 2014 10:59 AM

හැම දෙයක්ම වැරදියට දකින්න එපා. හොඳ දේ හොඳින් දකින්න පුරුදු විය යුතුයි (නදී)

:       0       0

මැටිපහන Wednesday, 24 September 2014 07:18 AM

බොහොම හොඳ වැඩක්. කානු පද්ධතියකුත් තිබුණානම් නියමයි. කානු නැතුව වැස්සට ඔරොත්තු දෙන එකක් නැහැ. මේක අලුත්ම ප්‍රවනතාවයක් බවට පත් උනොත් අපිට තමයි හොඳ. (ස)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 24 September 2014 11:05 AM

මේ මහත්මයාගේ ව්‍යාපාර දිනෙන් දින දියුනුවෙත්වා. මිනිහෙක් උදව්වක් කරාම එ්කේ ගුණ නොකියා ඇද හොයන ගොඩක් මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ මනුස්සයාට ගාණ සුළුවෙන් කියලා හිතන්නේ ඔයානේ. ආණ්ඩුවට ලැබෙන සල්ලි බලන කොට ඒ ලැබෙන මුදලත් ඔයාට දැනෙන්නේ සුලුවටනේද? එ්ත් කෝ එයාලා ඒක කරපු නැති නිසා තමයි මේ මහත්මයා ඒක කරලා තියෙන්නේ. ඒක ගැන අනම් මනම් කියන්නේ නැතිව කෙනෙක් හොද වැඩක් කලානම් එ්කට හොද කියන්න පුරුදු වෙන්න. පුංචි කාලේමයි අපිට අම්මලා තාත්තලා කියලා දුන්නේ. කෙනෙක් හොද වැඩක් කලාම එ්කට හොද කියන්න. (නදී)

:       0       0

සල්සා Wednesday, 24 September 2014 07:23 AM

අපේ ප්‍රණාමය තව තව ලැබෙන්න ඕන. (ස)

:       0       0

නිලක්ෂි Wednesday, 24 September 2014 11:03 AM

ඔබ තුමාට ගොඩාක් පින්! (නදී)

:       0       0

අනුපම Wednesday, 24 September 2014 07:21 AM

මෙන්න ණය නැති මිනිස්සු. ‍මෙහෙම ව්‍යාපාරික මහත්වරු සමාජයට සම්පතකි. (ස)

:       0       0

ෂෙහානි කරුණාරත්න Thursday, 25 September 2014 06:22 PM

පුදුම වැඩේ කියන්නේ කිලෝමීටරයක් හදන්න ගිහින් තියෙන්නේ එක්කෝටි දශ ලක්ෂයයි ඒත් ආණ්ඩුවෙන් හදන ඒක කිලෝ මිටරයකට යනවා කෝටි 9වයක් මේ ව්‍යාපාරිකයා කිලොමිටර 10 ක පාරක් හැදුවානම් ඒ කිලෝ මිටර 10 ටම යන්නේ කෝටි 11 යි අම්මෝ අපේ දෙශපාලකයෝ මොනතරම් නම් දුප්පත් අපේ මුදල් හොරකම් කරනවද කියල දැන් තමයි තේරෙන්නේ (දී)

:       0       0

ගයාන් Monday, 05 January 2015 05:14 PM

ඡන්දය ඉල්ලන්න ඕනෑ මේ වගේ මිනිස්සු තමයි (නි)

:       0       0

ශිරෝ Wednesday, 24 September 2014 07:24 AM

ගොඩක් හොඳ වැඩක්. එතුමාට මගේ ප්‍රණාමය. (ස)

:       0       0

ජනක Thursday, 25 September 2014 10:16 AM

ඔබ දෙවි කෙනෙක් (දී)

:       0       0

ඉන්ද්‍රක Wednesday, 24 September 2014 07:25 AM

පින් සිද්ධ වෙන ක්‍රියාවක්. (ස)

:       0       0

ජයරත්න Wednesday, 24 September 2014 07:33 AM

වීරසිංහ මහත්මාණෙනි. මෙම සත් ක්‍රියාව මහගු පිංකමකි. ඔබ හැදූ වැඩූ මව්පියන්ටද ඔබේ ජීවිතයේ සාර්ථක්වය පිටුපස සිටි සියලු දෙනාටද මේ පින අත්වේවි. ඔබ වැනි ධනවතුන් රටට වාසනාවකි. මෙය සෙසු ධනවතුන්ට ආදර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරමි. හැබැයි වීරසිංහ මහත්තයා ඔබ තුමා විමසිල්ලෙන් ඉන්න වෙයි මොකද මම අහල තියෙනව මේ වගේ වැඩවලට වෙනත් අය රජයෙන් මුදල් පාස් කරගන්නවා කියලත් (නදී)

:       0       0

චමී Wednesday, 24 September 2014 07:34 AM

මීටර 8 ළිදක් හාරන්න කෝටි 8 ක් වියදම් කරන අපේ ලොක්කන්ට මෙන්න පාඩමක්. (නදී)

:       0       0

ලසා Wednesday, 24 September 2014 07:37 AM

දැන් ඉතිං දේශපාලකයෙක් විරිත්ත ගෙන ඇවිත් ඔය පාර ජනතා අයිතියට පවරලා දේවි. (නදී)

:       0       0

බංඩාර Wednesday, 24 September 2014 07:39 AM

මේ පිනම ඇති ඔබට (නදී)

:       0       0

තාරක Wednesday, 24 September 2014 11:27 AM

ආනන්ද මැතිතුමාට තව තවක් දියුණුවීමට හැකිවේවා (නදී)

:       0       0

මදු මින්දික Wednesday, 24 September 2014 11:31 AM

සිසිර මේ මහත්මයාගේ වාහනය යන්න ඕනා නම් නුගේගොඩ පාරක් හදන්න තිබුනා. මේ වැඩේ කරලා තියෙන්නේ එතුමාගේ ගම් පළාතේ. සමහර අය ගෙවල් හැදුව නම් හරි කියල තිබුන ඔව් ඇත්ත එ් උනත් පාරත් හැදෙන්න ඕන දෙයක්. අනික පාර හැදුවේ එතුමාගේ සල්ලි වලින්. එ්ක නිසා එතුමා කරපු දේ ගැන අපි සුබ දායක විදියට බලමු. මම නම් එතුමාගේ මේ ක්‍රියාව අගය කරනවා. එතුමාගේ ව්‍යාපාර දියුණු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 September 2014 07:40 AM

ඔබගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා (දී)

:       0       0

ගයාන් චමින්ද Friday, 26 September 2014 08:22 AM

ඔබගේ ව්‍යාපාර තව තවත් දියුණු වේවා... ඔබට තෙරුවන් සරණයි.. (දී)

:       0       0

මංජු Wednesday, 24 September 2014 07:43 AM

තමන්ට ඡන්දෙ දුන් අය ගැන රුපියලකින්වත් නොහිතන මන්ත්‍රීලා ඉන්න රටේ රුපියල් කෝටියකටත් වඩා දන් දුන් ඔබ කල්ප කෝටියක් සැප විදිවි. (නදී)

:       0       0

කසුන් Wednesday, 24 September 2014 07:44 AM

මැති ඇමතිලා නම් ඔය පාර හදන්න අඩුම තරමින් කෝටි 5ක් වත් වැය කරනවා. 3.90 ක් සාක්කුවට. කෙසේ වෙතත් මේ ආනන්ද වීරසිංහ නම් ව්‍යාපාරිකයාට වැඩි වැඩියෙන් මුදල් සහ කීර්තිය ලැබේවා! (නදී)

:       0       0

සෙනරත් Wednesday, 24 September 2014 07:47 AM

එතුමාට ප්‍රණාමය. මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕනේ හොරු තක්කඩි වෙනුවට. (නදී)

:       0       0

සුරෙෂ් Wednesday, 24 September 2014 07:53 AM

පින් සිද්ද වෙචිචාවෙි (නදී)

:       0       0

චන්දවිමල හිමි Wednesday, 24 September 2014 11:52 AM

පින්වන්ත මහත්මයෙක්. නිතර නිතර දකින්න අහන්න ලැබෙන නරක ප්‍රවෘත්ති අතර ඉද හිට හෝ යහපත් මිනිස්සු ගැන අහන්න ලැබීම මහත් සතුටක්. ඔබතුමාට නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබී තව දුරටත් ගමට, රටට, දැයට ආශීර්වාදයක් ම වේවා! (නදී)

:       0       0

රොෂාන් Wednesday, 24 September 2014 07:53 AM

නියමයි, නියමයි ලංකාවේ හැම පාරක්ම මේ විදිහට ව්‍යාපාරිකයින්ට කියල හාදා ගනිමු. එතකොට මේ කොමිස් ගහන එක නතරවේවි! (නදී)

:       0       0

සංජු Wednesday, 24 September 2014 07:53 AM

මෙතුමා මුළු ලංකාවම දන්න කේ.ඩී .ඒ.වීරසිංහ කියන සමාගමේ අයිතිකරු. මෙතුමා දකුණු පළාතේ ඇල්පිටිය කියන ගමේ ඉපදිලා හැදිලා වැඩිලා තමන් ඉගෙන ගත්ත දෙයින් මුළු රටටම වැඩක් කරන කෙනෙක්. ආඩම්බරයි නුඹ ගැන. (නදී)

:       0       0

ලලිත් රත්නායක Wednesday, 24 September 2014 11:57 AM

ඔබ තුමාට දීර්ග ආයුෂ ලැබේවා!!!!!!!!!! (දී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 25 September 2014 02:13 AM

ඔබතුමාට බොහොම පින් !!! ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා...! සසන්ති සමහර විට එතුමාට මේ පාරේ කාපට් කම්හලක් ඇති, එත් පාරක් තියෙන හොඳ තැනක ඒ කම්හල නොහදා හැම දෙනාටම ප්‍රයෝජනවත් විදිහට පාරත් හදල කම්හල පවත්වාගෙන යන එක ගැන එතුමාට පින් දෙන්න ඕනි. (දී)

:       0       0

රසික විතාන Wednesday, 24 September 2014 07:59 AM

ප්‍රාදේශීය සභාව මෙපමණ දිනක් මොනවද කලේ.ව්‍යාපාරික තුමාට නිදුක් නිරෝරි සම්පත් ලැබේවා. (නදී)

:       0       0

යාපහුව Wednesday, 24 September 2014 08:02 AM

මිනිස්සුන්ට 2500 කාලා බීලා ඉතුරු එකෙන් රටත් ගිහිල්ලා එන්න පුලුවන් කියලා අපහාසු කරපු අයට හොද උත්තරයක්... දුන් දේ සුවඳයි....(නදී)

:       0       0

වින්සන්ට් Wednesday, 24 September 2014 12:06 PM

කේ. ඩි.අනන්ද වීරසිංහ මහතාගේ ක්‍රියාව අවතක්සේරුවට ලක්කිරීමට කැමති නැත.ක්‍රියාවක් උසස් වන්නේ එය සද්බාවයෙන් කලොත් පමණි.ඒ මහතා එය එසේ කලානම් ඔහුට අප ගෞරව කල යුතුය.නමුත් අපේ රටේ ජනතාව තවමත් ගස් ගල් වලටත් දෙවියන් කියා වදින ජාතියකි. කුඩු කාරයකුට මෙවැනි මුදලක් සුලුදෙයකි.වර්තමාන දේසපාලන සංස්කෘතිය තුල දේසපාලකයන්ටද මේවා සුලුමුදල්ය.එමනිසා එකපාරටම දෙවිවරුන්ට වන්දනා නොකර දෙවිවරුන් හදුනා ගෙන වන්දනා කිරීම තුල ජනතාව සිටීම,පාර්ලිමේන්තුව පවා පිරිසිදු ස්ථානයක් කරගත හැකිය.(දී)

:       0       0

ධර්ෂණ Wednesday, 24 September 2014 12:06 PM

හික්කඩුව සිට බද්දේගම දක්වා මාර්ගය පුළුල් කරලා හදන්නේ මේ මහත්යනේ.(දී)

:       0       0

අචිනි Wednesday, 24 September 2014 08:10 AM

ලංකාවේ දේශපාලකයෙක් ගැවිලා නැත්නම් හොදම තත්වයෙන් ඇති. වීරසිංහ මහතාණනි ඔබට සුබ පැතුම් (නදී)

:       0       0

ශාන් Wednesday, 24 September 2014 12:14 PM

ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

සරත් Wednesday, 24 September 2014 08:10 AM

මේක නම් හරියට හදල තියෙනවා වගේ. ප්‍රාදේශීය සභාවල ප්‍රමිතිය අපි දන්නවා. (ස)

:       0       0

නිරාන් Wednesday, 24 September 2014 08:10 AM

ඉතාමත් වටිනා ක්‍රියාවක් ...මෙවැනි තවත් උතුම් දේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා !! (ස)

:       0       0

කෝසල අබේසිංහ Wednesday, 24 September 2014 12:15 PM

ශ්‍රේෂ්ට මිනිහෙක් (දී)

:       0       0

ජයනාත Wednesday, 24 September 2014 08:10 AM

ඔබට අපගේ ප්‍රණාමය. අපේ අනිත් අයට ඔය වගේ තුන් ගුණයක් වත් ඕන ඔය පාර කරන්න . (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 24 September 2014 08:18 AM

ලෝකෙටම ආදර්ශවත් මහත්මයෙක්. රටේම ගෞරවනීය ස්තූතිය ඔබට. (ස)

:       0       0

සෑම් Wednesday, 24 September 2014 08:19 AM

මෙන්න මිනිස්සු. එ්කට අපේ පාලකයෝ අපිට ලැබෙන දේවලුත් හොරකන් කරගෙන වැජඹෙනවා. (ස)

:       0       0

චානක Wednesday, 24 September 2014 08:17 AM

ෂුවර් එකටම මෙයා ඊලඟ ඡන්දෙට ඉල්ලනවා ....(ස)

:       0       0

සම්පා Wednesday, 24 September 2014 08:22 AM

ඔබගේ ව්‍යාපාර වැඩිවැඩියෙන් දියුණු වේවා. ඔබවැනි මිනිසුන් රටට ලෝකයට ආඩම්බරයක්. (ස)

:       0       0

චන්දි Wednesday, 24 September 2014 12:35 PM

මා හැදී වැඩි පාසල් ගිය මේ බොරළු පාරේ.., දැන් මෙහි ලස්සන දැක්කම හරිම සතුටුයි. දෙතුන් දෙනෙක් හැර වැඩි පිරිසක් මෙතුමාට සුබ පතා තිබෙනවා, මගේද සුබ පැතුම් ගොඩක් පින් අතේ වැඩක්...!! චමත් ඉතාලිය, ඔබට මගේ ගව්රවය පිරිනමමි.., (දී)

:       0       0

ප්‍රින්ස් Wednesday, 24 September 2014 12:39 PM

මම හිතන්නේ පින්කම් කියන්නේ මේවට මට මඝ මානවක මතක් වෙනවා එයත් මේ වගේ පින්කම් කරලා තමය් සක්‍රයා උනේ දිව්‍යලෝකේ (දී)

:       0       0

දිනේෂ් Wednesday, 24 September 2014 08:21 AM

ඔබට උත්තමාචාරය (නදී)

:       0       0

නුවන් Wednesday, 24 September 2014 12:47 PM

දයා අලහකෝන්, ඔයා කවදාවත් කිසිම දෙයක් කාට හරි දීල තියෙනවද , කෝටියක් ඔයාට තිබුනානම් ඔයා එක බැංකුවේ දාල ඉදි, අනේ ඔයා හදන ගෙවල් 100. (දී)

:       0       0

ආනන්ද Wednesday, 24 September 2014 08:23 AM

මෙන්න නියම පින්වන්ත මනුස්සයෙක්. (නදී)

:       0       0

සමන්ත Wednesday, 24 September 2014 12:50 PM

ඔබතුමාට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනෑ..ටිකක් හිතල බලන්න කී දෙනෙක් ඔබතුමාට පින් දෙනවා ඇත්ද මේ උතුම් ක්‍රියාවට ..අපේ දේශපාලනය කරන ඇත්තන්ට .මේක හොද ආදර්ශයක්..වගේම හොද කනේ පහරක් හැබැයි මහත්තයෝ දේශපාලනයට නම් එන්න හිතන්නවත එපා ..ජයවේවා(දී)

:       0       0

තාරක සංගීත් Wednesday, 24 September 2014 08:28 AM

රටේ නායකතුමාගේ පුතාලටත් ගොඩක් සල්ලි තියෙනවා කියල අහල තියෙනවා... එයාලටත් මෙහෙම කරන්න හිතෙන්නේ නැත්තේ මොකද ? (නදී)

:       0       0

ප්‍රභාත් Wednesday, 24 September 2014 08:33 AM

ඉතා ආදර්ශමත් ක්‍රියාවක්.එතුමා දේශපාලනීකරණය නොවී මෙවැනි සේවා කරනවා නම් සැබෑ මහත්මයෙක්. (ස)

:       0       0

දයා Wednesday, 24 September 2014 08:33 AM

මෙතුමාට තව මෙවැනි වැඩ කිරීමට ශක්තිය දිරිය ලැබේවා. (ස)

:       0       0

රේනුක Wednesday, 24 September 2014 08:35 AM

ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක්. ව්‍යාපාර තව තවත් දියුණු වෙන්න ඕන. (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 24 September 2014 08:35 AM

ජිවත් වෙන කාලේ හොඳ වැඩ කලොත් මේ ආත්මෙත් පින් ලබන ආත්මෙත් මේ පින්. (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 24 September 2014 08:37 AM

රටක් වටින සිරි ලක් පුත්තු. ඔබට සහ පවුලේ සැමට නිරෝගී සුවය පතමි. (නදී)

:       0       0

මානගේ Wednesday, 24 September 2014 08:41 AM

අට මහා කුසල් වලින් එකක්. ව්‍යාපාර කටයුතු දියුනුවේවා. (නදී)

:       0       0

මානගේ Wednesday, 24 September 2014 08:44 AM

අට මහා කුසල් වලින් එකක්... ව්‍යාපාර කටයුතු දියුනුවේවා...!!!!!!(දී)

:       0       0

නදීර Wednesday, 24 September 2014 08:44 AM

මේ මහත්තය තම ලංකාවේ ගොඩාක් පාරවල් හදන ඉදිකිරීම් සමාගමේ අයිතිකාරයා (දී)

:       0       0

වර්ධන Wednesday, 24 September 2014 08:45 AM

ඔබට තරුවන් සරණයි (දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 24 September 2014 08:48 AM

දන පාරමිතාව පුරන පින්වතෙක්....නමුත් කිලෝමීටරයක් හදන්න රුපියල් කෝටියක් යනවද (දී)

:       0       0

ක්‍රිෂාන් දිසානායකේ Wednesday, 24 September 2014 01:08 PM

ඔබට පින්. දිනෙන් දින දියුණුවේවා. තමන්ගේ රාජකාරිය නොකර ප්‍රමිතිය විතරක් බලන්න ආව අයව සාදරයෙන් මතක් කරමි (නදී)

:       0       0

ජයා Wednesday, 24 September 2014 08:48 AM

මෙයාට මේක සුළු දෙයක්.(දී)

:       0       0

මුතුවා හැන්දි Wednesday, 24 September 2014 01:11 PM

එහෙනම් ලහිරුට මොනාද ඕනේ! (නදී)

:       0       0

අජන්ත Wednesday, 24 September 2014 08:46 AM

ගොඩක් හොඳ වැඩක්. එතුමාට මගේ ප්‍රණාමය. එකියන්නේ රුපියල් එක්කෝටි දස ලක්ෂයකින් පාර කිලෝමීටරයක් නියමිත ප්‍රමිතියට කාපට් කරන්න පුළුවන්. එතකොට ඔය අනෙක් මාර්ග සංවරධයන් සදහා කිලෝමීටරයකට රුපියල් කෝටි 5-6 විතර යන්නේ කොහොමද ? (දී)

:       0       0

වින්දික Wednesday, 24 September 2014 08:49 AM

පාට පක්ෂ ජාති කුල නොබලා තමන්ගේම මිනිසුන් වෙනුවෙන් වැඩකරන මෙවන් උතුම් මිනිසුන් තව තවත් පහල වේවා. (නදී)

:       0       0

ප්‍රසන්න සේනාරත්න- බ,දේශය Wednesday, 24 September 2014 01:14 PM

ඔබට ප්‍රණාම අපෙන් .... (දී)

:       0       0

බෙනට් Wednesday, 24 September 2014 08:49 AM

ආන්ඩුවෙන් කළා නම් කෝටි 5 ක් යනවා (නදී)

:       0       0

මනෝජ් Wednesday, 24 September 2014 08:51 AM

මේ පාර භාවිතා කරන අය මේ ව්‍යාපාරික මහත්තයට පින් දීලා ගමන් බිමන් යන්න. ඒ මහත්තයාගේ ව්‍යාපාර තවතව දියුණු වෙන්න ප්‍රර්ථනා කරන්න. නිකන් දේශපාලකයෝ පස්සේ ගිහින් පච වෙනවට වැඩිය ගමට ප්‍රදේශයට හොද දියුණුවක් ඉක්මනින් සිදු වේවි. (නදී)

:       0       0

ඒ.එම් ගුණරත්න Wednesday, 24 September 2014 08:49 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

රත්න Wednesday, 24 September 2014 08:56 AM

මේක විවෘත කරන්න "දේශ-පාළුවෙක්" එහෙම ආවෙ නැතිද? අහවලාගේ දැක්ම පරිදි, තව අයෙකුගේ උපදෙස් පරිදි, තව කෙනෙකුගේ මෙහෙයවීම පරිදි, ආනන්ද මහතාගේ වියදමෙන් සාදන ලදී කියලා බෝර්ඩ් එකක් බලෙන්ම සවිකරාවි. (නදී)

:       0       0

ප්‍රියා Wednesday, 24 September 2014 08:54 AM

ජනතාවට වැඩකරන්න කියල කෝටි ගනන් වියදම් කරලා ඡන්දෙ ඉල්ලලා පරදින දේශපාලුවන්ට මේ වගේ වැඩක් කරා නම් ජනතාවටත් සේවයක් වෙනවා රටටත් සේවයක් වෙනවා. මේ ආත්මෙත් සන්සාරෙත් යහපතක්ම වේවි. කාටවත් අයහපතක් නොවන කරන හැම ව්‍යාපාරයක්ම දිනෙන් දිනම දියුණු වේවා ! (නදී)

:       0       0

අමා Wednesday, 24 September 2014 08:59 AM

ධාර්මික වැඩක් ,අධර්මිස්ට සමාජයේ ,මේවගේ උතුම් අයත් සිටින එක ගැනනම් ගොඩක් වටිනවා ,එතුමට හද බැති ප්‍රණාමය ,තෙරුවන් සරණ පතනමි(දී) .

:       0       0

ලහිරු Wednesday, 24 September 2014 09:00 AM

පාර හැදුව කියල අපිට මොකද (දී)

:       0       0

සිසිර Wednesday, 24 September 2014 09:00 AM

දුප්පත් පවුලකට ගෙයක් හදල දෙන්න හිතුනා නම් කොයි තරම් පිනක්ද. පාරවල් හදනේ ඒ මිනිහගේ වාහන යන්න වෙන් ඇති. බොරු සෝබන තමයි (දී)

:       0       0

මණ්ඩුක Wednesday, 24 September 2014 09:00 AM

කේ ඩී ආනන්ද වීරසිංහ මහතාට සියලු යහපත උදා වේවා. (දී)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 24 September 2014 09:05 AM

කෝටි 10 න් අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් නරකද (නදී)

:       0       0

රුවන්තිකා Wednesday, 24 September 2014 09:02 AM

අගේ කළ යුතු මිනිසෙක්. මේ වගේ අය තමා නායකත්වයට සුදුසු. තමාගේ දනයත් අනෙක් අය වෙනුවෙන් කැපකරන උතුම් මිනිසුන්. ඔබතුමාට අපගේ ප්‍රණාමය. (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 September 2014 01:53 PM

ලොකුම පිංකමක් කරගෙන තියෙන්නේ,... වැව් පොකුණු පාරවල් පින්තාලි තනන්නෝ මතු නිවන් දකින්නෝ !...කියමනක් ඇත, (දී)

:       0       0

සංජීව Wednesday, 24 September 2014 09:05 AM

ජිවිතේ කොයි මොහොතේද කොතනද කියන්න බැහැ. මේ වගේ මිනිස්සු කොයිතරම් වටිනවද ? අද කාලේ නැති බැරි දුගී දුප්පත් මිනිස්සුන්ට ඇති හැටි අය මේ වගේ දේවල් කරනවා නම් කොයිතරම් වටිනවද. (නදී)

:       0       0

මනෝජ් ප්‍රියංකර Wednesday, 24 September 2014 01:56 PM

දිර්ගායුෂ ලැබෙන්න ඕන (දී)

:       0       0

සසන්ති Wednesday, 24 September 2014 01:58 PM

මේ පාරේ එතුමාගේ කාපට් කම්හලක් තියෙනවා නේද? (නදී)

:       0       0

රුවන්තිකා Wednesday, 24 September 2014 09:08 AM

එතුමාගේ ෆොටෝ එකකුත් දමන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. හැමෝම මේවගේ දේවල් කරන්නේ නැහැනේ. කලාතුරකින් මෙහෙම උතුම් අය මුණගැහෙන්නේ. (නදී)

:       0       0

තිලක් ද සිල්වා Wednesday, 24 September 2014 09:09 AM

ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රණාමය ඔබට (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 September 2014 02:00 PM

ලොකුම පින් කමක් කරගන තියෙන්නේ. ලින්, පොකුණු පාරවල් තනන්නෝ මතු බුදුන් දකින්නෝ කියලා කියා තියෙනවනේ. අන්තිමට දේශපාලුවෝ දෙන්නෙක් ගෑවිලා ඉන්නේ මොකටද? (නදී)

:       0       0

ගයාන් Wednesday, 24 September 2014 09:16 AM

හොද වැඩක්. මේක ආණ්ඩුවෙන් කලානම් කෝටි පහක් වියදම් වුනා කියයි. හොද ආදර්ශමත් ක්‍රියාවක්. (නදී)

:       0       0

සුමුදු Wednesday, 24 September 2014 09:26 AM

පින් සිද්ද වෙච්චාවේ..! (ස)

:       0       0

හීනටිගල Wednesday, 24 September 2014 09:27 AM

ඔබගේ ව්‍යාපාරය තව දියුණුවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

ලසා Wednesday, 24 September 2014 09:34 AM

දැන් ඉතිං දේශපාලකයෙක් විරිත්ත ගෙන ඇවිත් මේ පාර ජනතා අයිතියට පවරල දේවි. (නදී)

:       0       0

රූපවතී Wednesday, 24 September 2014 09:40 AM

බොහොම හොඳ ක්‍රියාවක් ..ඔබව ඔබ මෙලොවට දායාද කල දෙමාපියන්ට නිරෝගී දීර්ඝායු ලැබේවා ..! අපේ දේශපාලුවෝ මහජන මුදල් ගසාකන්න හරිම පෙරේතයෝ, ඒ මහජන මුදලින්වත් මෙවැනි ප්‍රමිතියකට වැඩක් කරයිද ..? ඔබ මෙලවදී කරගත් විශාල පිනක් .. දීර්ඝායු ලැබේවා ..!! (ස)

:       0       0

අසෝකා Wednesday, 24 September 2014 09:40 AM

තිරිසන් සතුන් වැනි අපෙ මිනිසුන් අතර, දෙවිවරු වගේ මිනිසුන් ගැවසෙයි නිහඬ, රට දැය හොඳින් දෙන්නට මතු පරපුරට! නුඹ නම් අගය කල යුතුමයි සැබෑවට! කරන කියන කොයි දේ වත් සරුවේවා! දරුමුනුපුරන් සමගින් නුඹ වැජඹේවා! සමගිය සමාදානය නිරතුරු වේවා! පින් මහිමයෙන් තවතව පින් රැස් වේවා! (ස)

:       0       0

ජනක හෙශාන්ත Wednesday, 24 September 2014 09:41 AM

සැහෙන්න හොඳ වැඩක්.මේ වගේ මිනිස්සුන්ව ඡන්දෙන් පත් කරන්න ඕන. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 24 September 2014 09:44 AM

වැඩ අවසන් කළ මාර්ගය විවෘත කරන්න ප්‍රදේශයේ පලාත්සභා මන්ත්‍රීට ආරාධනය කළාද? (නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 24 September 2014 09:53 AM

මමනම් කරන්නේ ඉන්න හිටින්න ගෙවල් නැති පවුල් සීයකට විතර ගෙවල් සාදා දීමයි. (ස)

:       0       0

ලාල් Wednesday, 24 September 2014 03:38 PM

ඔබට බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි. (දී)

:       0       0

චාමර Wednesday, 24 September 2014 03:39 PM

එතුමාගේ ව්‍යාපාර තවතවත් දියුනුවෙව!!(දී)

:       0       0

රසික Friday, 26 September 2014 04:33 AM

තව තවත් දියුණුවට පත් වේවා...!!! (ස)

:       0       0

නෙල්සන් Thursday, 25 September 2014 08:46 AM

ඔබට දෙවි පිහිටයි (දී)

:       0       0

චමින්ද Wednesday, 24 September 2014 10:11 AM

රවින්ද්‍ර,එක්කෝටි දස ලක්ෂයයි.පුවතක් දැක්ක ගමන් අදහස දාන්න එපා.හොදට කියවන්න.(දී)

:       0       0

නිශාන්ත Wednesday, 24 September 2014 10:14 AM

මහත්තයාගේ අරමුණ දේශපාලනයට ඒම නොවේ නම් තමයි ඉතිං හොද.මටනම් හිතෙන්නෙ මේ දේශපාලන ගමනක ආරම්භය වගේ. (දී)

:       0       0

දොන් සීමන් Wednesday, 24 September 2014 04:51 PM

ඔබ තුමාට මේ භවයේම නිවන් සුව අත්වේව ..l (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 01 October 2014 10:53 AM

අඩියක් හදන්න ලක්ෂ 22 ක් ගන්න පාරට වඩා හොඳ ප්‍රමිතියටම තියෙනවා.අපේ අය කොහොම ගැහිල්ලක් ගහනවා ඇද්ද?ඔබට ගොඩක් පින්! (නි)

:       0       0

කරුණාජීව Wednesday, 24 September 2014 10:17 AM

මෙන්න දෙවිවරු වගේ මිනිස්සු.ඔබතුමාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා.අපේ කඩේ යන්නා මේ වගේ වැදගත් පුවත් වලට නම් හුම් සද්දයක් නැහැ.අනිත් වෙලාවට නම් ඉතින්, මෝය කට ඇරියා වගේ.(දී)

:       0       0

සුරංග Wednesday, 24 September 2014 10:23 AM

මිනිසුන් අතර සිටින දෙවියෙක්. මේ බොදු පුතාට මගේ ප්‍රණාමය!!!!!!!!!!!!!!!!!! (දී)

:       0       0

කමින්ද Friday, 26 September 2014 05:27 AM

සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (ස)

:       0       0

කසුන් Wednesday, 24 September 2014 10:33 AM

කේ ඩී වීරසිංහ ප්‍රදාන මාර්ග හදන කෙනෙක් ලංකාවේ ප්‍රසිද්ද මාර්ග නිර්මාණකරු නිසා. සියලු අමුද්‍රව්‍ය ඔහු ළඟ තියනවා. මේකේ සුළු දෙයක් නේ.(දී)

:       0       0

රුපවති Wednesday, 24 September 2014 06:00 PM

කුහක කම ඉහ මුදුනෙනුත් අඩි තිහක් විතර උඩට උස්වුණු සිසිරලාට කවදාවත් සෙතක් වෙන්නේ නැහැ! ඔයාගේ මනස පිරිසිදු දැහැමි සිතිවිලි වලින් ඔපනන්වාගන්න, එවිට පින් සිතිවිලි හදවතේ උපදිනවා ..! ඒ වගේම ජීවිතයට ආලෝකය ලැබෙනවා ..!නැතිනම් අදුරේ අතගාමින් නරකාදියේ ගිලිලා මැරෙන්න සිදුවෙනවා ..!! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 316 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 162 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 385 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1297 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 362 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 164 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site