(මනෝප්රිය ගුණසේකර)
කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය අද (04) නියම කළේය.
රන් ආභරණ වෙළඳාම් යෙදී සිටි සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා මීට වසර 12කට පෙර මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු මුදල් හා රන් ආභරණ කොල්ලකා ඇත්තේ විත්තිකරු විසින්ම බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට නියම කළ මරණ දණ්ඩනයට අමතරව ඔහුට බරපතල වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000/-ක දඩයකටද යටත් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මොහොමඩ් යූෂුප් පස්වීන් නමැති 41 හැවිරිදි විත්තිකරුවකුටය.
2012 ඔක්තෝමබර් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුවේදී සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා රවටා පුස්සැල්ලෑව ප්‍රදේශයට රැගෙන ගොස් ගෙල සිරකර මරා මරණකරු සතු මුදල් හා රන් ආභරණ මංකොල්ල කෑ බවට විත්තිකරුට එරෙහින නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු විසින් මරණකරු රවටා මරණකරුගේ කාර් රථයෙන්ම මහනුවර පුස්සැල්ලෑව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් කාර් රථය තුළදීම ගෙල සිරකර මරා, සිරුර වාහනයෙන් පිටතට ඇඳ දමා කාර් රථයද රැගෙන විත්තිකරු පලාගොස් ඇති බව හෙළි විය.
සින්නතුරෙයි ඉන්දිරේෂ්වරන් හෙවත් සුරේකා රාජා නැමැති කෝටිපති ව්‍යාපාරිකයා මරාදැමීමෙන් පසු ඔහු සන්තකයේ තිබු රුපියල් මිලියන 33 ක මුදල් හා ඔහු පැළඳ සිටි රත්රන් මුදු 04 ක්, රන් තැල්ලක්, මාලයක් රන් කරාබු ජෝඩුවක් හා රන් කැබැල්ලක් විත්තිකරු විසින් මංකොල්ල කා ඇති බවද පැමිණිල්ල මෙහෙයවු රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා විසින් ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීරණය කළේය.
දීර්ඝ නඩු විභාගය අවසානයේ විත්තිකරු චේතාන්විතවම මෙම අපරාධය කර ඇති බවටද ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවටද තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යපාරිකයකු මරා දැමුවැයි අයෙක් පෝරකයට