IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ව්‍යවස්ථාදායක සභාවට දේශපාලකයන් පත් නොකරනු‘

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දේශපාලන නියෝජිතයන් නොවී එය ගෞරවනීව පුරවැසියන්ගෙන් සමන්විත විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි.

උසාවි විනිසුරුවරුන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ස්වභාවික යුක්ති මූලධර්ම මත පදනම් වූ සුවිශේෂී ක්‍රියා පටිපාටියක් ව්‍යවස්ථාපිත නීතියක් ලෙස සකස් කළ යුතු බවද එම කොමිසම සදහන් කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව සඳහන් කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිංස්කරණ සඳහා වූ සිය යෝජනාවලිය අගමැතිවරයා සහ කතානායකවරයා වෙත යවමිනි.

බලය බෙදීම සහ සංවරණ සහ තුලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වඩාත් සාධනීර ක්‍රම තහවුරු කිරීම හා මහජන ආරක්ෂාව සඳහා වන නීති මාලාව ශක්තිමත් ලෙස නියාමනය කිරීම කෙරෙහි එම කොමිසම වැඩි අවධානය යොමු කර තබේ.

ජනතා ස්වාධිපත්‍යය පාලනයේ පදනම විය යුතු ය,  පාලන ක්‍රමයේ විනිවිදභාවය සහ වගවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය,  බහුවිධතාවයට ගරු කරමින් සියල්ලන්ගේ මානව ගරුත්වයට හා තනිව හා කණ්ඩායම් වශයෙන් භුක්ති විදිනා නෛසර්ගික මානව හිමිකමි වලට සමසේ ගරු කිරීම,  සියලූ දෙනාගේ ම ආගමික නිදහසට ගරු කිරීම., සමාජ යුක්තියට - සාධාරණත්වයට ගරු කිරීම,  බලය ඛෙදීම,  සියලූ ම සත්ව වර්ග ආරක‍ෂා කිරිම ඇතුළුව පරිසර සංරක‍ෂණය ස`දහා විශේෂ අවධානයක් යොමු කරමින් අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් ආරක‍ෂා කිරීම  යන කරුණු ව්‍යවස්ථා පූර්විකාවේ හෝ හරයාත්මක ප්‍රතිපාදනයක් වශයෙන් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බව ද ශ්‍රී ලංකා මානව හමිකම් කොමිසම අවධාරණය කරයි.

ලිංගික අනන්‍යතාවය, ලිංගික හැඩගැස්ම,  ආබාධ සහිත බව ආදී පදනම් මත කිසිදු වෙනස්කමකට බාජනය නොකළ යුතුය යන්න මූලික අයිතිවාසිකමක් ලෙස ඇතුළු කළ යුතු බව එම කොමිසම කියයි.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත අහෝසි කළ යුතු අතර එහි ඇතුළත් අයිතීන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළු කළ යුතු බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමකින් තොරව සිටීමට ඇති අයිතිය  පිළි ගැනීම, නීති ආධාර ලැබීමට ඇති අයිතිය හා යුක්තිය වෙත ප්‍රවේශ වීමට ඇති පුළුල් අයිතිය පිළි ගැනීම ද නව ආන්ඩුක්‍රව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ බලාපොරොත්තු වේ.

එමෙන්ම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පිලිගෙන ඇති අයිතිවාසිකම් පහසුවෙන් වෙනස් කළ නොහැකි විය යුතු බව ද, එහි යමක් ඉවත් කිරීම හෝ හීන කිරීම කරන්නේ නම් එය ජනමත විචාරණයකින් හා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් මගින් සම්මත කිරීම ද කළ යුතු බවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන ලෙස කොමිසම ඉල්ලා සිටියි.

අධිකරණයේ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව ශක්තිමත් කළ කළ යුතු බවත්,  අධිකරණ සේවා කොමිසම විශ්‍රාමලත් ගෞරවනීය විනිසුරුවරුන්, රජයේ හා රජයේ නොවන නීතිඥයන් සහ විද්‍යාර්ථීන්ගෙන් සමන්විත විය යුතු බවත්, ව්‍යවස්ථා සමාලෝචනයට ඇති අධිකරණ බලය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවත් මානව හිමිකම් කොමිසම සදහන් කරයි.

මහජන ආරක්ෂාව පිළිබඳ නීති පද්ධතිය ශ්‍රී ලංකාව බැ`දී සිටින අන්තර්ජාතික මානව හිමිකම් එක`ගතාවනට අනිවාර්යෙන් ම අනුකූල විය යුතු යැයි ද,  රාජ්‍යය තුළ හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කළ හැක්කේ ජන ජිවිතයේ පැවැත්මට තර්ජනයක් වන අවස්ථාවල දී පමණක් යැයි ද, රාජ්‍ය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ විට ඒ පිළිබඳව අධිකරණ සමාලෝචනයට ඉඩ ලබා දිය යුතු යැයි ද,  හදිසි නීති රෙගුලාසි සහ හදිසි නීති විධාන සමාලෝචනයට ද අධිකරණයට ඇති බලය සහතික කළ යුතු යැයි ද, හදිසි තත්ත්වය මාස හයකට වඩා වැඩි කාලයක් නොකඩවා ක්‍රියාත්මක වන අවස්ථාවක එහි කාලය දීර්ඝ කිරීමක් සිදු කරන්නනේ ම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වන්නේයැයි ද මානව හිමිකම් කොමිසම සිය යෝජනාවලියේ දක්වා ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හය වැනි යෝජනාව සහ හත් වැනි යෝජනාව ලෙස පහත සඳහන් යෝජනා ඇතුළත් කර ඇත.

‘‘1996 අංක 21 දරන පනතින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවා ඇත. කෙසේ වුව ද කොමසාරිස්වරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට ගෙන ආ 19 වන සංශෝධනය යි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (අනෙක් කොමිෂන් සභා මෙන්) අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටවූ ව්‍යවස්ථානූකූල ආයතනයක් වශයෙන් හදුනාගත යුතු බවට නිර්දේශ කරය ි. එහි බලතල සහ කාර්යයන් මෙන් ම කොමිෂන් සභාවේ නිර්දේශයන් සමග එකග වීමට මහජන ආයතනයන්ට ඇති යුතුකම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යුතු ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි වර්තමාන නෛතික රාමුව‚ වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා‚ අධ්‍යයනය කරමින් සිටී.‘‘

භාෂාමය ප්‍රවේශය-  අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දී සහ පරිවර්තනය කිරීමේ දී පුරවැසිනට එය පහසුවෙන් කියවා ප්‍රතිපාදනයන් වෙත ඉක්මනින් ප්‍රවේශ විය හැකි සරල භාෂාවක් භාවිතා කළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණයෙන් යුතුව නිර්දේශ කරයි. තමන්ගේ මූලික නීතිය මගින් පැවසෙන්නේ කුමක් ද යන්න දැනගැනීම පුරවැසියන් සතු අයිතියකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පාලනයේ සුජාතබව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමේදි මූලික වැදගත්කමක් දරයි.‘‘



අදහස් (0)

‘ව්‍යවස්ථාදායක සභාවට දේශපාලකයන් පත් නොකරනු‘

සමන්ති Thursday, 16 June 2016 10:58 PM

අර කලකට පෙර බස් වල ආසන පේළි 3න ගැන දුන් තීන්දුව ක්‍රියාත්මකද? නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

ගාමිණි Wednesday, 15 June 2016 10:38 PM

ව්‍යවස්ථාදායක සභාව නොව පාර්ලිමේන්තුවටත් දේශපාලකයෝ නොවන අය පත්කරන්න පුළුවන් නම් රටට සෙතක් වනු ඇත. (නි)

:       0       0

සිසිර Wednesday, 15 June 2016 11:13 PM

එය එසේම වියයුතුය (නි)

:       0       0

නලින් Thursday, 16 June 2016 02:11 AM

එක එක ඇමතිවරයාගේ වාහන වියදම් ගැන අපව දැනුවත් කළාට අපි තාම දන්නේ නැහැ මේ එක එක ඇමති විදේශ සංචාර වලට කොච්චර වියදම් කරලා තියෙනවද කියලා. මේ ගැනත් ජනතාව දැනුවත් කරන්න. (නි)

:       0       0

කේෂලා අමන්දා Thursday, 16 June 2016 10:23 AM

ඉතා වදගත් යෝජනාවක්, දිගටම ක්‍රියාත්මක යෝජනාවක් උනොත් හොදයි. (ර)

:       0       0

ලුම්බිණි Thursday, 16 June 2016 03:46 AM

මෙය හොඳ යෝජනාවක් (ම).

:       0       0

නිලාන් Thursday, 16 June 2016 04:32 AM

වැදගත් යෝජනාවක් (නි)

:       0       0

තිලක් - නුවර Thursday, 16 June 2016 12:11 PM

දේශපාලන මතවාදය කෙසේවෙතත් රටට ආදරය කරන්න. එසේනම් ඔබ කිසිදා පරාජය නොවනු ඇත

:       0       0

මුරලි Thursday, 16 June 2016 06:22 AM

නලින්, ඉතා හොද යෝජනාවක් (බ)

:       0       0

චන්දා Thursday, 16 June 2016 08:23 PM

වැටත් නියරත් ගොයම් කා නම්, කියම් ඒ දුක කාට.... (නි)

:       0       0

සේන Thursday, 16 June 2016 07:21 AM

මට පේන හැටියට යෝජනා ඉතාමත් භයානකයි - කල්ලි ගැසීමේ අයිතිය පිළිගත යුතුයි. හදිසි නිතිය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ ගණ පුර්නයක් අවශ්‍ය විය යුතුයි(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 472 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 872 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 208 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 751 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1437 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 567 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site