යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතවත් එළි දක්වා නොතිබියදී බොරු සැකයක් ඇති කර ගෙන එමගින් රටට අහිතකර දේ සිදුවන බව කිම අනුමත කළ නොහැකි බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පැවැසුහ.
යෝජිත නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිම යෝජනාවක් ගෙන නොඑන බව ජනපති හා අගමැති කිහිප විටකදි පවසා ඇති බවද මහානාහිමියෝ කීහ.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද (13) අස්ගිරි මල්වතු මහ නා හිමිවරු බැහැ දැක යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට තර්ජනයක් වන බව හා එමගින් රටට තවත් අහිතකර ප්‍රතිපල උදාවිය හැකි බැවින් ඒ පිළිබද මහානාහිමිවරු ඇතුළු සංඝරත්නය දැනුම්වත් කිරීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එසේ අදහස් පළ කළහ.
යෝජිත ව්‍යවස්ථාව මහජනතාව හමුවේ තබා කරුණු විමසා සකසන බැවින් දැන්ම ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නැති බවද මහානාහිමියෝ එහිදී පැවැසුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අපට මෙම ව්‍යවස්ථාව වෙනස් කරන්න වුවමනාවක් හෝ දැවෙන ප්‍රශ්නයක් විදිහට තියෙන ව කියල ඔබ වහන්සේ හිතනවද. අනෙක ජනපති අගමැති කියනදේ කරනවා කියල සහතික කරන්නේ කොහොමද? බදු මිල අඩු කරනවා කියල නව භාණ්ඩ හා සේවා වලට ගැහුවා. වැට් වැඩිකළා .මේවා කළේ අපිට කියලද අපේ හාමුදුරුවනේ. (බ)
මේ අය බලන්නේ මිනිස්සු අවුස්සලා තමන්ගේ ගොඩට මිනිස්සු පොලඹවාගෙන තවත් වන්ජබෙන්න. පෙනවනේද ඇමැතිවෙලා ඉන්න කලේ මිනිස්සුන්ගේ සල්ලි පව්ලේ කට්ටියටයි, හෙංචියලට බෙදල තියෙන හැටි (අ)
රාජපක්ෂ මහත්තයෝ, රටට ආදරේ ගැන කතාකරන සමහර මිනිස්සු කටින් විතරයි - මහා බොරුකාරයෝ. තමන්ගේම මවුපියන්ට අඹු දරුවන්ට, සහෝදර සහෝදරියන්ට පවා ආදරේ නොකරන සමහර නරුමයොත් රටට ආදරේ කියලා මහා පුරාජේරු කියනවා. මොකද්ද හැබැට අපටත් කියල දෙන්නකෝ ඔය `රටට ආදරේ කොරනවා` කියන්නේ? (රේ)
එහෙනම් අර එක්කෙනෙක් කියල තිබුනේ හාමුදුරුවන්ට ජාතිය ගැන කතා කිරීමට අයිතියක් නැහැ කියල (බ)
පිරිකර පූජා කරලා කොටවන්න ලෑස්තිවුනේ මේ නඩේට හොදට පුරුදුයි මේ වගේ වැඩ කරලා (බ)
මතකනේ විරවංශ මහත්තය කැගහපු හැටි. ඒව හරිනම් මහින්ද මහත්තය විදුලි පුටුවට ගිහිල්ල ඉවරයි. බොරු භය ඇති කරලා කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ . මෙයා 19 ටත් විරුද්ධ වුනානේ (බ)
නායක හාමුදුරුවනේ මේවගේ තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිසුන්ව හමුවී ඔබ වහන්සේගේ වටිනා කාලය නිකරුනේ කාදමන්න ඉඩ නොදෙන්නේනම් මැනවි. (බ)
රට ගිනි තියන අයට ඇත්ත පෙන්නා දීම ගැන පින්සිදු වේවා. ඉන්දියාවට පාලමක් හදනවා කියලා මිනිස්සු කුලප්පු කළේ මෙයා නේද (බ)
අනිල් ආගමික නායකයන්ට තීන්ත ගාන්න එපා. (බ)
මාර්තුවේ පාර්ලිමන්ට් එකට ගෙනාපු අතුරුදහන් වුවන්ගේ පනත සම්මත කළේ මාස ගානකට පස්සේ..එතකන් විමල් මහත්තය මීක් නැහැ...ගේන දවසේ මැදට පැනලා විවාද කරලා සංශෝධන කරගන්න තිබුන අවස්ථාවත් නැති කළා ... ඉස්සර පනත් ගෙනාවේ මහනායක හිමිවරුන්ට ඉදිරිපත් කරලානම් ..හිමිවරු එපා කියද්දී රේස් පැද්දේ , ෆොන්සේකව හිරේ දැම්මේ තියෙන ගෞරවයට වෙන්න ඇති නේද ..(බ)
සුසන්ත ඔබේ කතාව අපි අනුමත කරනවා (අ)
අර මිනිහෙක් පිරිකර ගෙනියන විදිය (බ)
බයටම වගේ විමල්ට දිවා රෑ දෙකේම පේන්නේ සිදුනොවෙන මහා භයානක දේවල්. ඉතින් රටටම ඇහෙන්න කොහෙහරි කියනවා ඔහොම වේවි ,මෙහම වෙවිලු කියල. ඇරත් අනිත් අයට වඩා කැපිල පේන්නත් අාසය් නේ. (බ)
සුසන්ත අතුරු දහන වුවන්ගේ පනත පර්ලිමන්තුවේ අනුමත වීමට පෙර ඕනෙම කෙනුකුට විරුද්දව අධිකරණයට යාමට අවස්ථාවක් තිබුණි ඔය අද සිංහලයන් වනුවෙන් පෙනී එන්න හදන අය මොනවද කළේ ?පනත පර්ලෙමෙන්තුවට අ දවසට බොරු විගඩම කරලා තමාගේ යුතු කම ඇත හැරෙයි නැද්ද ? මොන පනත් අවත අනුමත වුණත් පැවැත්ම අත්තේ ජනතාවගේ අතේ බිය නොවන්න .18 අටවෙනි සංශෝධනය අනුමත වුණේ අතිබහුතරයක් මගියා පැවතුනේ දින කියාද ? (අ)
වීරවන්ශලා හදන්නේ මොන බොරුව හරි කියල බොරු බිල්ලෝ මවල පවතින ආණ්ඩුව අපහසුතාවයට පත්කරලා වාසි ගන්න. (රේ)
දැනටම මොන තරම් රටට ,ජාතියට හා හමුදාවලට එරෙහිව වැඩ සිද්ධ වුනාද ? හමුදුරුවරු මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා .අනේ අපට වුණු විපත . මහින්ද පරාජය වීමෙන් පසු නාහිමි කීවේ නැවත රාජපක්ෂලාට බලයට එන්න ඉඩක් නොතබන ලෙසය (බ)
ඔබ තුමන්ලාට හැකි පමණින් මේවාට විරුද්ධ වෙන්න. දෙයක් වෙනකන් බලා නොසිට ඒ ගැන සොයා බලා දැනුවත් වෙන්න. එ්ක ඔබ වහන්සේලගේ වගකීමක්. (බ)
ව්‍යවස්ථාව ගැන බොරු බිය එපාලු අනේ අපට තිබෙන්නේ ඇත්ත බයක් සිදු වෙන්න යන දේවලට. බොරු බියක් නොවෙයි ඇත්ත බියක් පන්සල් විනාශ කොරගෙන සිංහලයින් පන්නා ගන්න කරන මේ උත්සාහයට ඔබවහන්සේලා නිහඬව සිටීමෙන් පෙනෙනවා වෙන්න යන්නේ මොනවද කියා එ්කටයි බය .(බ)
ඔබලාට බැරිනම් අපට පුළුවන් විසඳ ගන්න ජේ ආර් මහතා වගේ සුමානයකට පොලිසියට නිවාඩු දෙන්නකෝ. (බ)
ඔබ වහන්සේ හරි.(හේ)
ඉස්සර මොනවා පාර්ලිමේන්තුවට ගෙනාවත් ඊට කලින් මහනාහිමිවරුන්ගෙන් අනුමැතිය ගන්නවා බොරු බිය එපා නම් ඒ කෙටුම්පත් ඔබ වහන්සේලා ගෙන්නාගෙන බලල රටට කියන්න මේකෙන් අනතුරක් නෑ කියල එහෙම නැතිව ජනතාවට කියන බොරු බිය එපා කියල (අ)
රට ගැන දෙයක් කතා කරනවානම් අස්ගිරි පන්සලට විතරක් ගියාම ඇති. මල්වතු පන්සලේ දාන්නේ කොළ කොඩිනේ. (බ)
මේ තරම් දේවල් කෙරුවේ ජනතාවගෙන් අහලද.? (ර)
සුසන්ත , ඔයා කියන්න ඕනේ දේ හරියටම කියල තියෙනවා. (ර)
ජනතාව අතර බොරු බය ඇති කරගන්න ගිහින් ලැජ්ජ වෙලා එනවා. (ර)
ව්‍යවස්ථාව තුල රටට අහිතකර දේ ඇත්නම් ඒවා ගැන සොයා බැලිය යුතුය. (ර)
හොද වැඩේ නැති බිල්ලෝ මවනවට. (ර)
තාම සම්මත කරලා නැති දෙයක් ගැන මිනිස්සු අවුස්සන්න හදනවා. අහිතකර දේ ඇත්නම් ඒවා වෙනස් කල යුතුයි. (ර)
දැන් සතුටු ද.? අපරාදේ ගිය පිරිසගේ වියදම... (ර)
විමල් වීර වංශ කියන්නේ තල් අත්ත යට ඉන්න හාවෙක්... (ර)
හාමුදුරුවනේ, අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාල පනත වගේ දේවලුත් ජනතාව ඉස්සරහට දාල කරුණු විමසලද සැකසුවේ? මිනිස්සු ඒ ගැන දැනගන්න, සමාජයේ ඒ පනතේ දුර්විපාක ගැන කතිකාවතක් ඇතිවෙන්නත් කලින් නේද කඩිමුඩියේ දාල සම්මත කරගත්තේ? පාට කොළ වුනාට ටිකක් රට ගැනත් හිතන්න. මේ නව ව්‍යවස්ථාවත් මිනිස්සු දැන ගන්නත් කලින් තමයි දවසින් දෙකෙන් සම්මත කර ගන්නේ. කර ගත්තට පස්සේ සිංහලයට පුළුවන් හුල්ල හුල්ල ඉන්න ඉස්සරහට. (බ)
සමහර මානසික අඳ බාලයින්ට බිල්ලෝ පෙන්වලා පහසුවෙන් බය කරනවා වගේ, මහා නායක හාමුදුරුවන්වත් බිල්ලෝ පෙන්නලා බය කරන්න පුළුවන් කියලා වෙන්න ඇති එතුමා හිතාගෙන ඉන්න ඇත්තේ. අනේ පව්! (ර)
සුසන්ත ඔබ හරියටම හරි. නියම ශ්‍රිලංකිකයෙක් රටට ආදරය කරන කෙනෙනෙකුට විතරයි ඕක තේරෙන්නේ . (අ)
මෙතන බොරු බිල්ලො මවන්නෙ නැති බව ඔහුගෙ විස්තරය දෙස බලන විට පේනවා. හොඳ දේවල් වලට ඔහුගේ විරෝධයක් නැති බව කියන වනෙ.මේ ගැන අපි අවධියෙන් සිටිය යුතු බව නම් වෙච්ච දෙවල් දිහා බලනකොට පේනවා. (අ)
දැනට රටේ තියන එකම හදිසි එකම ප්‍රශ්නේ අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාල පනත සහ අලුත් විවස්තාවද ? පෙරහැර ගිහින් ඉවරයි බෙර කාරයෝ ලැහැස්ති වෙන කොට. (අ)
බුද්ධික සම්මත කරලා නම් විරුද්ධවෙලා මොනවා කොරන්නද (අ)
මට මතක් වෙන්නේ ජෝන් කොතලාවල මහතාව (අ)
සුසන්ත අතුරුදහන් වූ අය ගැන හොයන එක වැරදිද ?උතුරේ හෝ දකුණේ යුද්දයෙන් ඒ වගේම කැරලි කෝලාහල වලිනුත් සුදු වැන් වලිනුත් අතුරුදහන් වූ අය ගැන හොයන එක වැරදිදද? උතුරේ හෝ දකුණේ තුරුදහන් වුනු අයගේ දෙමවුපියන්ට බිරින්දන්ට දරුවන්ට තමන්ගේ ආදරණීය පියා හෝ සහෝදරයා අතුරුදහන් වුනේ කොහොමද කියල දැනගන්න එක අසාධාරණද ?තම පවුල්වල අය ජීවත් වුනේ තරුදහන් වුනු අය උපයපු දෙකින් නම් මේ පවුල් කොතරම් අගාදයකට වැටෙන්න ඇද්ද ? සුසන්ත හැම දේම දේශපාලන පක්ෂ භේදයෙන් බලන්න එපා .හැම රට වැසියෙකුටම සාධාරණය නීතිය හැම අයිතිවාසිකමක්ම සමානව ලැබිය යුතුයි .ඔබ ලගදීද නින්දෙන් නැගිටුනේ ? ඉස්සර 18 වෙනි වියවස්තව වගේ දේවල් මේ හාමුදුරුවන්ගෙන් රටවැසියන්ගෙන් අහලද සම්මත කරගත්තේ ?(රේ)
මල්වතු නායක හාමුදුරුවෝ කවදත් කෙලින් කතාකරන්නේ.විමල් රටේ ඉන්න බව පෙන්නනවාද මන්ද?(රේ)