නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයා දෙන “වයිෆයි” කලාප සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ආවරණය වන අන්දමින් සක්‍රිය කිරිමට කටයුතු කරගෙන යන බව ජාතික තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
විදේශ අමාත්‍යාංශයේ නියමයකට අනුව මෙම කර්තව්‍ය ක්‍රියාවට නැංවෙයි.
මේ වන විට දිස්ත්‍රික් දහ හතක් ආවරණය කරමින් වයිෆයි කලාප අසුවක් සක්‍රීය කර ඇත. මෙම මාසය අවසන් වන විට එම සංඛ්‍යාව සිය දක්වා වැඩි කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අයෙකුට ගීගා බයිට් කීයක සලාකයක් ලැබෙනවද? 100 එම්බි සලාකයක් නම් මදි අද කාලේ හැටියට. (ර)
මීට වඩා කළයුතු දේ තියෙනවා.අලුත් ඡන්ද කඩා ගන්න විනාශකාරී දේ මාධ්‍ය සංදර්ශනයක්සේ ඉදිරියට ගේනවා (බ)
හොඳ වැඩ කරද්දී සමහරු කෑගහනවා තමයි (නි)
ප්‍රභා ඔය පාලම් පාසල් නැති එකට කරන්න ඕනේ ඡන්දෙ වෙලාවට ගමට වැඩ කරන රටට් ආදරය කරන අය පත්කරන එකයි මොකද එක මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ ගාණනක් වසරකර තමන්ගේ ප්‍රදෙශ දියුණු කරන්න රජයෙන් දෙනවා ඒවා ඒ අය යටි මඩි ගහගන බෙදනවා එකට මොන රජයක්වත් පාලි නැ ඉදිරියට හොරු පත් නොකර ගමට වැඩ කරන කෙනෙක් පත් කරගන්න ඔය මිනිස්සු ඉල්ලන් ඉල්ලන වෙලාවට පාටට ඡන්දය දීල රජ කරවල කාටවත් බනින්න එපා හොරු බෝකරන්නේ ඔයාලමයි (අ)
වියලුනු තණකොළ කකා වියලුනු පිට්ටනිවල ලැගපු මීහරකුන්ට පුන්නකු දුන්නට බොන්න දන්නේ නෑ අමු තණකොළ අඳුරන්නේ නෑ. (ස)
යන්න පාරක් නැති පාලමක් නැති බොන්න වතුර ටිකක් නැති පාසලක් නැති ගම් කීයක් නම් මේ රටේ තියෙනවද? මට පෙන්නේ ඡන්දෙට ෆේස් බුක් සටන සුදානම් කරනවා වගේ. (ස)
දැන් කොටුවේ දුම්රියපොළේ ෆ්‍රී වයි ෆයි වැඩ කරන්නෙත් නැහැ. මේ වයාපෘතිය ගැන පරීක්සණ කළොත් මොකද?(දිල්)
දුරකතන සිග්නල් නැති ගම් තවමත් තියෙනවා නේද? අපේ ගම දෙනියාය කොලවෙනිගම මේ ගැනත් සිතුවොත් හොදයි නේද ? (ස)
අපොයි ඔව්. දුමින්ද පහුගිය කාලයේදී අපේ රටේ තරුණ පරපුර ඔය පිළිකාකාරක විද්‍යුත් චුම්භකත්වයට නිරාවරණය වීම හින්දා දැන් අපේ රටට ම අති දරුණු පිළිකාවක් වැළඳිලා. තාම දින සීය ගෙවුණා විතරයි. ඒත් වෙච්චි හානිය නම් අපමණයි. හොඳ කරන්නත් හුඟක් මහන්සි වෙන්න වෙයි වගේ. (ස)
වැඩි විද්‍යුත් චුම්භකත්වයට නිරාවරණය වීම මොළයේ පිළිකාවට පවා හේතුවක් බව පිළිගත් මතයකි (නි)
සම්පත් ඔය තාම ඉන්නේ ගොඩක් පස්සෙන් ... පාවිච්චි කරලා බලන්න තරහා ගන් නැතුව. (ර)
ටික දවසක් ගිහින් කියයි සයිබර් ත්‍රස්තවාදය වැඩිවෙලා කියල. සමහරු නොදැනුවත්වම තම පුද්ගලිකත්වය අන්තර්ජාලයේ නිරාවරණය කරනවා ස්මාර්ට් ෆොනේ හරහා. කරුණාකර මේ පිළිබඳව අවදානයෙන් සිට තම ආරක්ෂාව තහවුරු කරගන්න. (ස)
මම ඉන්නේ අනුරාධපුරයේ පූජා නගරයේ. මට නොමිලේ එපා සල්ලිවලට දෙන්න 4 G හෝ ADSL සම්බන්ධතාවක්. කිසිම සමාගමක් එම සම්බන්ධතාවන් දීමට සමත් නැහැ. දියුණු කරන්න ඕන දේවල් දියුණු කිරීමට කටයුතු නොකොට ජනප්‍රිය දේ පමණක් කිරීම. අනෙක් කිසිම ගමකට ඔය නොමිලේ ඉන්ටර්නෙට් ලැබෙන්නේ නැහැ. දුරකතන සිග්නල් නැති ගම් තවමත් තියෙනවා. (ස)
මේ වයිෆයි ක්‍රමය නම් කිසිම වැඩක් නැති දෙයක්. රස්තියාදු කාරයන්ට නම් ගැලපෙනවා. වැදගත් මිනිහෙක්ට , ගැහැණු ළමයෙක්ට පුළුවන්ද බස් ස්ටෑන්ඩ් එකකට හරි එළිමහනේ ඉදන් ඉන්ටෙර්නෙට් එකෙන් වැඩක් කරන්න. බුද්දිමත් විදිහට හිතල බලන්න. මේක මහා වැදගත් නැති වැඩක්. (ර)
ෂා... වයිෆයි දෙන්නේ එතකොට විදේශ අමාත්‍යංශයෙන්ද? (නි)
කවුරු මොනවා කිවුවත් මේක නම් නියමයි (නි)
මෙය වසංගතයක් මෙන් රටපුරාම පැතිරේවා! (නි)