මුලතිව් කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ අඩි 30ක් ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු මාස 14 ක බිළිඳියකගේ දිවි බේරාගත් හමුදා සාමාජිකයන් සිව් දෙනකුට හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා අද(16) උපහාර දැක්වීය.
ජීවීත අවධානම නොතකා කඹයක ආධාරයෙන් ළිඳට බැස එක් අතකින් කඹය අල්ලා අනිත් අතින් සිහිසුන්ව සිටි ළදැරිය ඔසවා ඇයට ප්‍රථමාධාර දෙමින් සෙසු සෙබළුන් දෙදනකුගේ උපකාර ඇතිව ඇය ගොඩට රැගෙන ආ 4 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ එම් ජී එස් එස් සංජීව ට ප්‍රණාම සහතික පිරිනමා ඔහු ලාන්ස් කෝප්‍රල් නිලයටද උසස් කැරිණි.
මේ වීර ක්‍රියාව අගය කරමින් සංජීව රණවිරුවා වීරෝධාර පදක්කම නිර්දේශ කොට ඇති බව ද හමුදාව පවසයි.
කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන දෙවැනි ලුතිනන් එච් ආර් එන් සංජීව, සැරයන් ඩබ්ලිව් ජී එන් විජේසිංහ,කෝප්‍රල් එච් ජී එස් හේවාතිලක යන රණවිරුවන්ද එහිදී හමදාපතිගේ ඇගයීමට ලක් විය.
ඉකුත් තුන් වැනි දින ද කිලිනොච්චියේ මාන්කුලමේදී ද අඩි 25 ක් පමණ ගැඹුරු වගා ළිදකට වැටී සිටියදී අවුරුද්දයි මාස හයක් වයැසැති සින්දුජන් සිවකුමාර් දරුවාගේ ද දිවි බේරා ගැනීමට කිලිනොච්චි 574 වැනි බළසේනාවේ සෙබළුන් දෙදෙනක් සමත් වුහ. ඔවුන්ට ද හමුදාපතිවරයාගේ උපහාර හිමිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොදයි.(හේ)
අපේ හමුදා සොයුරන්ට රටේම උපහාරය! අපි ළඟ ජාති බෙදා නැහැ කියා ඔබලා තව වරක් මතක් කළා අන්දයින්ට.(හේ)
ටී එන් ඒ එකට කියන්න වහාම යුරෝපා රටවලට දන්නන්න කියල. හමුදාව සිවිල් කටයුතුවලට මැදිහත්වීම බරපතල වරදක්.බිළිඳිය මලානම් හොදයි කියලා. (අ)
ක්‍රිකට් ගැහැව්වා නම් ලුතිනන් තනතුරු.ජීවිතය පරදුවට තබා ප්‍රාණයක් බේරා ගත්තාට ලාන්ස් කෝප්‍රල්.අඩුම තරමේ සැරයන් තනතුරට හෝ උසස් වීමක් දුන්නා නම් තමයි වටින්නේ ! (අ)
කෝමේ ජාතිවාදියෝ ටික සැද්දේ නැද්ද (අ)
වීර කොල්ලෝ ටිකක් (අ)
හැදූ වැඩූ මව්පියන්ටත් හරිම ආඩම්බරයක් (අ)
මෙවන් ඇගයීම් අන් අයගේ චිත්ත ධෛර්යය නැවත ඉහළ නැංවීමක් වෙනවා . (නි)
ගාමිණී මහත්තයෝ, ඒ උසස්වීම තමා කෝප්‍රල් විදියට එයාට ලැබුනේ (නි)
අශෝක මහත්තයෝ, ඔයාට තේරුම් ගිහිල්ලා නැහැ ගාමිණී සිරිවර්දන කියන්නේ මොකද්ද කියලා (නි)