ඖෂධවේදීන්ගේ වර්ජනය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 890 ඖෂධ වර්ග 40 ක් පමණ අනාරක්ෂිත ලෙස තැන් තැන් වල ගබඩා කැර ඇතැයි ඖෂධවේදීහු කියති.
මෙම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශය මගින් බාරගෙන රෝහල් වලට නිකුත් කෙරෙන තෙක් නියමිත උෂ්ණත්වයක් යටතේ ආරක්ෂිතව ගබඩා කැර ගත යුතුව ඇතැත් වෛද්‍ය සැපයුම් අංශයේ වර්ජනය නිසා ගබඩා ඖෂධ නිසිපරිදි ගබඩා නොකරතියි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් බී තිලකරත්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දුරටත් මේ වෘතිය සමිති ත්‍රස්තවාදයට මහජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ දෙනවද එහෙම නැත්නම් ත්‍රස්තවාදීන්ට ඔවුනට තේරෙන භාෂාවෙන් උත්තර දෙනවද කියන තීරණ දෙකෙන් එකක් රජය අනිවාර්යයෙන් ගත යුතුයි. අත්‍යවශ්‍ය සේවාවන් වල සේවකයින් හට යම් දැඩි නීති පද්දතියක් පාර්ලිමේන්තුව හරහා පනතක් මගින් අනුමත කරගෙන මහජනයා පීඩාවට පත් කරන මෙවැනි වර්ජන වලටත් ඒවා මෙහෙය වන්නන්ටත් තිත තැබීමට දැන්වත් රජය කොන්ද පන ඇතුව ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. ප්‍රේමදාස කෙනෙක් නැවතත් රටට අවශ්‍යයි. නැතුව මේ විදියට නලවලා නම් මේ රට ගොඩ ගන්න බැහැ. (නදී)
ජාතික ධනය මෙවැනි ආකාරයකට විනාශ කරන හා අහිංසක රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන සෞඛ්‍ය සේවකයින්ට වස්කවි කියන්න සුදුසු කාලය පැමිණ ඇත. (නි)
පොදු මහජනයාගේ දේපළ මෙහෙම නාස්ති කරනවට මොකක්ද දෙන්න ඕනෑ දඩුවම? (නි)
මේ ගර්ජන වර්ජන හේතුවෙන් රටේ දේපල තමයි හැම අතින්ම විනාස වෙන්නේ. (ස)
රෝහල් දැන් මිනිස්සුන්ගේ වදකාගාර වෙලා. මොනවා දුන්නත් මදි. හැමදාම වර්ජන,අහිංසක මිනිස්සු මැරෙනවා. සාපවේවා (නදී)
තව වැඩි පඩි,ඉල්ලීම් ඔක්කොම දුන්නනම් හරි. අපේ රීරිමාන්සේත් දෙන්න පුළුවන්නේ. වෙන මොකුත් ඕනිද දන්නේ නැහැ (නදී)