( එස් .ඩි.කොඩිකාර )
කොටපොළ පැවති දෙනියාය අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද වැටී අද (09) සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි .
මෙසේ මිය ගොස් ඇත්තේ දෙනියායේ පදිංචි (27) හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නැමැති දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කරන ගුරුවරියකි.
ඇද වැටුණු ගුරුවරිය පසුව දෙනියාය මූලික රෝහලට 1990 සුව සැරිය ගිලන්රථයකින් රැගෙන යන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ලක්වී ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්යාකර්මයකට ද ලක්කර ඇති බව ඇයගේ ඥාතීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට
Demuni Uduwara Tuesday, 09 November 2021 10:47 PM
එතුමියට උතුම් නිවන් සැප ලැබේවා!
sharm warn Wednesday, 10 November 2021 08:58 AM
මේ ගුරු මවට නිවන් සුව පථංඅවාඅ නැවත මෙවන් කාලකන්නි පාලකයන් සිටින රටක ඉපදෙන්නට නොලැබේවා කියලත් පතනවා (කට්ටිය තලු මරන්න බලාගෙන හිටපු ප්‍රවෘර්තියක් ඉතින් )
RANJAN Wednesday, 10 November 2021 09:03 AM
දුෂ්කරතා මද ආණ්ඩුව පඩි වැඩි කරනවා කියද්දීත් මේ වගේ උද්ගෝෂණ කරන්නේ අයි ?වෙන දේශපාලන අරමුණක් තියෙන්නේ .මෙයාලට ඕනේ කොහෙන් හරි බිල්ලක් ගන්න
NuwanWednesday, 10 November 2021 11:40 AM
ආණ්ඩුවට දුෂ්කරතා කොයින්ද? එසේ නම් සැප වාහන 250 ක් ගෙන්නුවේ කොහොමද? මොලේ කොළොප්පන්ද?
BamunuarachchiWednesday, 10 November 2021 12:54 PM
දන්නා මගුලක් කතා කොරනවා හලෝ. 250 ගෙන්නුවා නම් නම් එජාපයෝ, සජබයෝ, ජෙප්පෝත් ඒවා බාරගන්න ඇතිනේ. කටමැත දොඩවලා තමයි පාදිලි කෙනෙකුට සී.අයි.ඩී. එකට එන්න කිව්වේ... කිව්ව දේ සනාථ කරන්න...
JAYASEKARA Wednesday, 10 November 2021 09:50 AM
ස්ටාලින්ට කියන්න
අබිලින් Wednesday, 10 November 2021 10:15 AM
මියගිය ගුරුවරියට අසනීප තත්වයක් තිබුනා නම් ඇයව පෙලපාලි යාමෙන් වැලැක්වීම පාසැලේ ගුරුවරුන් මෙන්ම සංගමයේත් යුතුකම වෙනවා .එසේ නොකලාට පාසැලේ ගුරුවරු වග කිව යුතුය (1994 දී උපගුරු තනතුර අහෝසි කර තිබියදී තවමත් උපගුරු ලෙස ලියන අයට එහෙම අවබෝධයක් කොයින්ද)
jayasekaraWednesday, 10 November 2021 02:31 PM
ඔය ඔක්කොටම වගකියන්න ඕනැ... සුබෝධිනීලා තමයි..
kamal Wednesday, 10 November 2021 10:16 AM
යනකොට අපි ඔක්කොම කරපු හොඳ තියලා කල පව් ටික විතරයි අරගෙන යන්නේ
RaveendraWednesday, 10 November 2021 01:24 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වැඩි පිරිසක් මෙම යථාර්තය පිළිගැනීමට කැමතිම නැත. අපගේ මතකය දිවයනවා 1977 ට පෙර සරසවි දරුවෙකු උද්ඝෝෂණයකදී මියයාමෙන් පසු එ්වා කරේ තියාගෙන විපක්ෂය සහ ජෙප්පන් නටපු නාඩගම් ටික. මේකත් හොඳ අවස්ථාවක් උගතාණෝ සමග ඔහු පිටුපසින් සිටින දියව් දියව් කුමාර ප්රමුඛ ජෙප්පන්ට, උද්ඝෝෂණවලට. මොකද උගතාණෝ මේ දිනවල මාතෘකා සොයමින් සිටිනවා එල්ලෙන්න.