කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම හටගත් ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම රහස් පොලීසියට භාර දීමට යන බව පොලිස් ආරංචි කියයි.
වරාය අධිකාරිය මගින් ද වෙමන පරීක්ෂණයක් පවත්වන බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියන්ත බන්දු වික්‍රම මහතා පවසයි.
අද අළුයම එකට පමණ හටගත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකයේ 150ක් පමණ පැය පහකටත් වැඩි කාලයක් දැඩි වෙහෙසක් ගත්හ. ඒ සඳහා ගිනි නිවීමේ රථ අටක් යොදා ගැනිණි.
ගිනි ගත් ගුදමේ තිබී විනාශ වූ ආනයනික භාණ්ඩ ගැන අවශ්‍ය තොරතුරු 071 86 88 361 අංකයෙන් හෝ 011 24 825 579 අංකයෙන් ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරා හැම තෙනම දාන්න. දැන් ඉන්න මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි (නි)
කේස් එක රහස් පොලොසියට දෙන්න හදන්නේ මොකෝ පොලිස් රහස් වෙලාද ?(නදී)
වාරයේ ගින්න අපිට වැඩක් නැහැ ඉන්ද්‍රසාර හාමුදුරුවන්ට කොහොමද?(නදී)
මේකත් කන්ගැටිටාගේ වැඩක්ද දන්නෑ?(නදී)
අඩු මිලක් සඳහන් කරලා වටිනා බඩූ ගෙන්නපු කට්ටියටයි , ඇතුලේ තියෙන බඩු මොනවද කියල හරියට සඳහන් නොකර බඩු එවපු කට්ටියටයි ඉන්සුවරන්ස් වලින් හම්බුවෙන සොච්චම ගැන මතක් වෙද්දී මට නම් තදින් සිනා. උදාහරණයක් විදියට රුපියල් ලක්ෂ 30 - 40 ක් වටිනා ඉලෙක්ට්‍රොන්ක් බඩු පෙට්ටිය ඇතුලේ තිබුනට ටිෂුයු කියලා ලේබලේ සඳහන් කරලා අඩු මිලක් දාල ඉන්වොයිස් කරලා එවපු කට්ටියට දැන් ඉතින් අත පිහදාගන්න තමයි වෙන්නේ. හරියට නීතියට බඩු ගෙන්නපු කෙනෙක්ට නම් ගින්නක් ඇති උනා කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම බඩු ගෙන්නන්නෝ මේ සිරි ලංකාවේ නම් නැහැ.(නදී)
ජිවිත හා දේපල හානියක් කරලා මොකද්ද ලබන සතුට? මම හිතන්නේ මේ ලෝකේ තියන උතුම්ම සැපත මානසික සැපත කියලයි (නි)
මට නම් දැන් බුද්ධාගමත් එපා වෙලයි තියෙන්නේ. (නි)
මේ ගින්න කවුරු හරි කරපු එකක්ද ?සොයා බැලිය යුතුයි (නි)
සබාපතිතුමනි, දැන්වත් ලගින් ඉන්න අය ගැන කල්පනාවෙන් ඉන්න . (නි)
හම්බන්තොට වරායටත් වැඩ තියෙන්න ඕනෑනේ.ලොවම දනී රහස් පොලිසිය නොදනී.අනේ අපේ රටට වෙලා තියෙන දේ.... (නි)
මේ විදියට කටුනායකත් ගිනි ගන්න පුළුවනි. (ස)
මේ විදියට කටුනායකටත් ගිනි ගන්න පුළුවනි.ලගදීම ..මත්තල කටුනායක නාටකය බලාපොරොත්තු වන්න (ස)
මාධ්‍ය ප්‍රකාශක...ගින්නට හේතුව අපූරුවට විස්තර කරාවි. (ස)
අංක 11 යි (ස)
"වරායේ ගින්න රහස් පොලීසියට"- රහස් පොලෝසියේ ගින්න කාටද? (අ)
මෙයා බලන් ඉන්නේ රටටම ගිනි ගන්නකන් වගේ, මනුස්සයෝ කොහේ ගිනි ගත්තත් ගිනි ගන්නේ අපේ සල්ලි, මත්තල හම්බන්තොට තියන්නෙත් ලංකාවේ, ඉන්දියව්වේ නෙමෙයි (අ)