වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ රොබ්ට් දාස් චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
වාරියපොළදී තරුණියකගෙන් ගුටි කෑ රොබ්ට් දාස් චන්ද්‍රකුමාර නැමැති තරුණයා අද වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රීමතී රාජපක්ෂ මහත්මිය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. දැන්වත් පාරෙ රස්තියාදු ගහන මේ වගේ උන්ගෙ මොලේ පෑදෙන්න. ඒ වගේම මේ රටේත් ගොඩක් දෙනෙක්ගෙ මොලේ පෑදෙයි. සිද්ධියට මූලිකවූ පුද්ගලයාට මුලින්ම දඩුවම් කල යුතුයි. (නදී)
මම මෙය අනුමත කරනවා. අපටත් සහෝදරියන් සිටිනවා. බියක් සැකක් කරදරයක් හෝ පාරේ සිටින රස්තියාදුකාරයන්ගේ නොහොබිනා විහිලු වලට ලක් නොවී පාරේ ගමන් කිරීමට සියලුම කාන්තවන්ට ඉඩක් තිබිය යුතුය (නි)
මේතරම් රටේ අපරාධ වෙනකොට ඒවා අල්ලන්න අපේ පොලිසි වලට බැරිද, අසරණ මිනිසුන්ව මෙහෙම හිරේ යවනවා වගේ? (නි)
එහෙම තමයි අපේ රටේ... (නි)
ගැහැණුන්ට විහිලු කරන්න යන අයට ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)
මෙම තරුණයට විරුද්ධව පැහැදිලි සාක්ෂි තිබේද? (නි)
මේ පුද්ගයා පහර කෑ විදිහට ඔහුට විශාල වන්දි මුදලක් හිමි විය යුතු බවයි මගේ හැඟීම. (නි)
දුව, ඔබට ජය! (නි)
බොහෝවිට අපේ රටේ දිනන්නේ වැරදි කරන අයනේ! (නි)
මේ අසරණ කොල්ලාට නම් ඇප දෙන්න කෙනෙක් නැති වෙයි. පොල් කඩන එක රැකියාවක් හැටියට කරන කෙනෙක්ට අද කවුද උදව් කරන්නේ? (නි)
ලැබුණු සහ ලැබෙන දඩුවම් සසදනවිට කළ විහිළුව මහා භයානක එකක් වෙන්න ඕනෑ. සාමාන්‍ය විහිලුවකට නම් දඩුවම් බරපතල වැඩියි (නි)
අනිවාර්යයෙන්ම අර ගැහැණු ළමයාම ලෙඩක් අදින්න ඇති මගෙ හිතේ (නි)
මේක කියවනකොට ගුටි කැ මේජර් මතක් වෙනවා. (නි)
මම ඇයට ගරුකරමි (නි)
පුදුමයි නේද? අනේද කියන්නේ? (නි)
මදැයි කළා! ගහෙන් වැටුණූ එකාට ගොනාත් ඇන්නා වගේ. ගුටිත් කාලා කනකුත් ආබාධිත කරගෙන තමන්ගේ දරු පවුලත් අහිමි කරගෙන සමාජ ගැරහීම් විඳගනිමින් දැන් හිරෙත් ලැගපන්කෝ... අපේ කාලයේ අවාසනාවන්තයෙක්! (නි)
අද දුප්පත් අයට රටේ තැනක් නැහැ.පව් කොල්ලා (නි)
අනේ පව්! පොල් කඩ කඩා හිටිය අහිංසකයා. දැන් ගුටි කාලා හිරේ ලගින්නත් වෙනවා. (නි)
මේක වීඩියෝ කළේ කවුරු කවුරුද දන්නෙ නැහැ (නි)
කිසිම විධිමත් සාක්ෂියක් නැතුව යමක් කිව්වා යැයි චෝදනා කළ පමණින් හිරේ දමන්න පුලුවන්ද? වචනයක් කී පමණින් මුළු ලෝකයටම පෙනෙන්න ඇස් පනාපිට ශාක්ෂි ඇති ලෙස අමානුෂිකව පහරදුන් ඇය එදිනම ඇප පිට නිදහස්? (නි)
කවුරු මොනවා කිව්වත් අද ගැහැණු ළමයෙකුට බස් එකකවත් යන්න දෙනවද අපේ කට්ටිය? මෙතනත් සිද්ධවුණ දේ දන්නා අය ඉන්නේ ඉන්දු විතරයි වගේ. (නි)
මේකට කියන්නේ ඉල්ලන් කෑම කියලයි. (නි)
නදීකා, වීඩියෝ කළ අයගේ මෙතනට ඇති වැදගත්කමක් නැහැ. මොකද ඔහු හෝ ඇය වීඩියෝ කර ඇත්තේ දෙනෝදාහක් දෙනා ඉදිරිපිට පොදු තැනක සිදුවූ නීතිවිරෝධී දෙයක්. යමෙක් නීතියට පිටින් බලය අතටගෙන වැඩ කිරීම මම හිතන විදිහට නීතියට අනුකූල නැහැ. (නි)
ලංකාවේ බහුතර පිරිමින් එම වැරැද්ද කරන නිසා, තරුණය මුලින්ම කළ වැරැද්ද, වැරැද්දක් හැටියටවත් දකින්නේ නැහැ සමහරු. වෙන රටකනම් ඒ වැරැද්දට පැමිණිල්ලක් දාන්න ගැහැණු ළමයි පොලිසි යනවා. මෙතන ගැහැණු ළමයත් වැරැද්දක් කරලා. ඒ නිසා දෙන්නාටම අදාළ වැරදි වලට දඬුවම් ලැබිය යුතුයි. (නි)
ලංකාවේ සමහර පිරිමි හිතන්නේ පාරේ/බස් වල / අහළින් පහළින් යන බවලතුන්ට අනම් මනම් කියන්න බලපත්‍රයක් පුරවැසිභාවය සමග හිමිවෙනවා කියලා. (නි)
මොනවා වුණත් කොල්ලාට ගහපු විදියට ඇයගෙන් වන්දි ගන්නම වෙනපාටයි (නි)
මේ කතා වස්තුවේ මුල ඉඳල බලද්දී මට පෙනෙන එක දෙයක් තමයි මේ ගැහැණු ළමයාට යම්කිසි ප්‍රශ්නයක් ඇති බව. මුලින්ම කේන්තියෙන් අර මනුස්සයට ගහලා, පස්සේ නිකම් වීරකමක් හිතට අරගෙන ගහන බවක් තමයි පෙනුනේ. ඒ පිරිමි කෙනා ඒ අවස්ථාවේ අහිංසක වගේ හිටියට මේ ළමයාට කියල තියෙන්නේ අහිංසක කතාවක් කියලා හිතන්න බැහැ. මේ වගේ දෙයක් දිහා සමහර පිරිමි අය බලන්නේ පිරිමි සංහතියටම වූ නිග්‍රහයක් වගේ. ඒ වගේ තමයි ගැහැණු අයටත් තමන්ට දරාගත නොහැකි දෙයක් පිරිමි කෙනෙක් කිව්වොත් තරහා එනවා. (නි)
එඩිතර ගැහැණු ළමයෙක්. ඔබට ජය! (නි)
අහිංසකලා අංගුලිමාලලා කරන්න මේ සමාජයත් දායකවෙන බව මතක තියාගන්න. (නි)
කාන්තාවන් සමඟ ගනුදෙනු වලදී ප්‍රවේශම් වෙන්න ඕනෑ උපරිමව. කාන්තාවක් එල්ල කරන චෝදනාව සත්‍ය වුණත් නැතත් පොලිසියත් අධිකරණයත් මුලිකව විශ්වාස කරන්නේ කාන්තාව පවසන දේයි. මිනිහෙක්ගේ ආත්මයම එක වචනයෙන් ඉවර කරන්න කාන්තාවකට පුළුවන් (නි)
පිරිමි දැනගන්න ඕනෑ ගැහැනියකට ගරු කරන්න. ගැහැණිය දැනගන්න ඕනෑ ගරුත්වයක් ලැබෙන විදියට හැසිරෙන්න. (නි)
නියම විහිලුව ... ගුටිකෑවා මදිවට කූඩුවටත් යන්න වෙලා. පව් අහිංසකයා! (නි)
මෙවන් රටක මීට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
නීතියේ නාමයෙන් අහිංසක මිනිසුන් තලාපෙලන එක වැරදියි. මේක බහුතරයකට තේරුනේ නැහැ තවම. තේරුම් යනකොට කල් වැඩිවෙයි. (නි)
දීපාල්ට දුව ගැන හරි ආඩම්බරයි වගේ! (නි)
පොල් කඩා ජීවත්වෙන අයෙකුට හිර ගෙයකට වඩා හොඳ තැනක් දෙන්න හැකියාවක් නැද්ද? (නි)
පිටිගල, මට දුවෙක් ඉන්න නිසා මම දුව ගැන හිතුවා (නි)
ගැහැණිය අන් අයට පුදුම විදිහට ඊර්ෂ්‍යා කරනවා,අනුකරණය කරනවා ,ශරීර කූඩුවට හා ඇඳුමට අසීමිතව වියදම් කරනවා. හේතුව පිරිමියාගේ ආකර්ශනය. එය සාමාන්‍යයයි.නමුත් සමහර උදවිය සීමාව ඉක්මවා යනවා.එතනදී පිරිමියා එයට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්.ඒ ලැබෙන ප්‍රතිචාරය අනුව තමන් තමන්ව තේරුම් ගතයුතුයි. එසේ නොවුණොත් ලැබෙන ප්‍රතිඵලය භයානකයි (නි)
මේ තරුණයා නිවැරදි නොවන බව තේරුණු නමුත් නීතියේද හැටි හොඳහැටි තේරුම් ගතිමි. (නි)
සමහරවිට පාරේ යනවිදිය දැකලා මොනවාහරි දෙයක් කියන්න ඇති. (නි)
අහළින් පහළින් යන බවලතුන්ට අනම් මනම් කියන්න අයිතියක් කාටවත් නැහැ (නි)
මට අද නම් බන්දුල පෙරේරාට මොළයක් කියලා දෙයක් ඇත්තටම තිබෙන බව නොකියාම බැහැ. බන්දුලට තේරුන ඔය ටික මේ බස් වල පාරේ බවලතුන්ට විහිළු කරන පිරිමි ටික දැනගත්තා නම් මොකද? (නි)
අපේ රටේ සමහර පිරිමි තාම දන්නේ නැහැ අනම් මනම් අහගෙන කැත විහිලු දරාගෙන කාන්තාවන් දැන් කාලේ නිකන් ඉන්නේ නැහැ කියලා. පාරේ යන්නෙත් කාන්තා හිංසනය සම්බන්ධ නීති වගන්ති ටික කියවලා. (නි)
නීතිය අකුරට. (නි)
කවුරු කවුරුත් තම තමන්ගේ ගෙදර බවලතුන් අඳින පළඳින, ඇවිදින, හැසිරෙන විදිය ගැන බලාගෙන පාඩුවේ හිටියා නම් මෙහෙම කරදර වල වැටෙන්නේ නැහැනේ. (නි)
ගුටිකාපු කෙනා රිමාන්ඩ්. ගහපු කෙනාට ඇප??? (නි)
දැන් සමහර ගැහැණු ගැහැණුකම ආයුධයක් කරගෙන. (නි)
ඇත්තෙන්ම මෙය මෙසේ වියයුතුද? (නි)
අපරාදේ! ගුටිත් කාලා රිමාන්ඩ් එකටත් ගිහිල්ලා (නි)
අපේ නංගිගේ විද්‍යා උපකාරක පන්තියට යන පාරේ පිරිමි ළමයින් රංචුවක් පුරුද්දක් ලෙස එතනින් පන්ති එන ගැහැණු ළමයින්ට නොමනා විහිලු කරනවා. එක දවසක් සීමාව ඉක්මවා ගිහින් එක ගැහැණු ළමයෙකුගේ අතින් අල්ලාගෙන . ඒ ළමයා අතේ තිබුන කුඩයෙන් ගහලා. තරුණයාගේ අම්මා පොලිසියට පැමිණිලි කරලා තියෙන්නේ හතර පෝයට සිල්ගන්න පුතාට ටියුෂන් යන කෙල්ලෝ රංචුවක් ගැහුවා කියලා. (නි)
සමන්ගේ පවුලේ කාන්තාවන්ට තාම මඟතොට රස්තියාදුකාරයන්ව මුණගැහිලා නැතුව ඇති. නැත්නම් ඒ අය ගමන් බිමන් යන්නේ වාහනයේ වෙන්න ඇති. ඒකයි සමන් මේ කෙනාට මෙච්චර අනුකම්පාව. (නි)
මෙයා ආයෙත් නම් තරුණියකට උසුළු විසුළු කරන එකක් නැහැ ජීවිතේටම (නි)
දන්නේ නැති නිසා අහන්නේ, වඩා බරපතල විහිළු කිරීමද, ගුටි කෑමද? නීතියේ විහිළු ගැන අදහස කුමක්ද? (නදී)
මමත් කොල්ලෙක්. නමුත් මේ කෙල්ලන්ට උසුළු විසුළු කිරීම නවත්ත වන්න කෙල්ල කරපු වැඩේ හොඳයි. බැදපු ගැහැණියෙකුටවත් පාරේ යන්න දෙන්නේ නැහැ. උසාවියෙන් මෙහෙම උසුළු විසුළු කරන අයගේ ඇග බදින්න ඕනා. එහෙම නුනොත් හැම හංදිවල ඉන්න කොල්ලෝ මේවා පටන්ගනී. මම පොඩි කලේ ඉදලා දැකපු දෙයක් . කොල්ලෝ බලන්නෙම මෙහෙම කරලා. කෙල්ල අමාරුවේ දාන්න තමයි. නංගිලා ඉන්න සහෝදරයෝ කව්රුවත් මේ කොල්ල කරපු වැඩේට පව් කියන්න එපා. පමණක් හන්දිවල ඉන්න කොල්ලෝ කෙල්ලෙකුට පාරේ යන්න දෙන්නේ නැහැ. මමත් කොල්ල්ක් නිසයි මේ ලියන්නේ. අපි ජිවත් වෙන රටවල මේ ලක්ෂණ නැහැ. නුගත් කමයි වතුර ටිකයි මාරුකරගන්න තියන හදිස්සියයි. (නදී)
මේ ගැණු ළමයා තාත්ත ප්‍රභූ කෙනෙක්නම් මේ ගුටිකාපු කෙනා දේශපාලන ගෝලයෙක් නම් (නදී)
තමන්ට පිරිමි ආත්මයක් ලැබෙන්නේ පෙර පිනට. බයට නෙවෙයි හදවතින්ම කාන්තාවන් ගේ ගෞරවය ලබා ගන්න හැටි පිරිමියා දැන ගන්න ඕනා. සීමාව ඉක්මවා උසුළු විසුළු කලාම චන්ඩි නෙවෙයි නෝන්ඩි ගැහැණුත් අද කාලයේ පිරිමි විදියට හැසිරෙනවා. (නදී)
කොල්ල පව් නීතිය සාදාරණ තීන්දුවක් දේවි (නදී)
ගුටි කාපු කෙනා පිරිමියෙක් බව හැබෑව ? ගහපු කෙනා ගැහැණියක් නම් වෙන්නට බැහැනේ ? මිනිත්තු 45 ක් මොනම හේතුවක් නිසා හෝ පිරිමියෙකුට ගහනා අයකු ගැහැණියක් සේ මට නම් පේන්නේ නැහැ ? වරද කා අත වුවත් මේ අපේ කාලයේ යක්ෂණියක් බවයි කියන්නට තියෙන්නේ ? රටේ බොහෝ දේ සිදු වනවා ? එයට පිහිටට නීතියක් තියෙනවා ? සාධාරණ වුවත් අසාධාරණ වුවත් එය පිලි ගැනීමට අප බැඳී සිටිනවා ? මෙතන ලොකුම විහිළුකාරයා වන්නේ පොලීසියයි ? ඒ වීඩියෝව පල වූ දිනම තිබුණා මේ දෙන්නාටම නීතිය ක්‍රියාත්මක කරන්න ? අපේ පොලීසිය ඉතින් කඩේ යන්න තුණුඩුව දෙනකම්ම ඉන්නවා නේ (නදී)
තරුණයා ගැන දුක්වෙමි (නදී)
දීපාල් ඔබ ගොඩක් හොඳ පුද්ගලයෙක්. මට බයත් හිතෙනවා ඔයා ගැන හිතපුවම (නදී)
රස්සාව පොල් කඩන එකනම්, දරු පවුලකුත් ඉන්නවා නම් හිටුකො පැත්තකට වෙලා ගෑණුන්ට අනන් මනන් කියන්නේ නැතුව. මේවට ඉඩ දුන්නම තමා පොල් කඩන්න ගෙදරට ඇවිල්ලා ගෙදර ඉන්න දරුවොත් දූෂණය කරලා යන්නේ. තමන්ගේ කෙනෙකුට වෙනකම් අනිත් පිරිමින්ට තේරෙන්නෙ නැහැ මෙහි බරපතලකම. අනිත් රටවල් හැදිලා තියෙන්නේ මුලදිම මෙවැනි වැරදි වලට දඬුවම් කරපු නිසයි. (නදී)
මේ ගෑනු ළමයාගේ වීඩියෝ එක දිහා ටිකක් වෙලා බලන් ඉන්න. එයා හැසිරෙන්නේ අනිත් අයට පේන්න ලොකු හීනමානයකින්. මේ ලමයව මානසික රෝහලට යවල සත්‍ය දැනගන්න පුළුවන්. ලොකු මානසික අසහනයකින් පෙලෙන බව පේනවා. අපේ පවුල් වලත් ගෑනු ළමයි ඉන්නවා, නමුත් ඔය වගේ මානසික ලෙඩ්ඩු නැහැ. (නදී)
මේ වගේ දුවලට ජය පැතුවොත් තව මොනවා කරයිද දන්නේ නෑ මුරුංග ඇත්තට නැග්ගට පස්සේ. (නදී)
අකලංක මගේ පවුලේත් කාන්තාවෝ ඉන්නවා පළමුව ඔවුන් වැදගත් විදිහට අදින්න පළදින්න දන්නවා. අනික යමෙක් සුළු විහිළුවක් කලේ නම් ඔවුන් එතරම් ගණන් ගන්නේ නැහැ. බරපතල කරුණක් නම් මෙලෙස නුගත් වනචාරී ලෙස ලෙස නොහැසිරී නිවැරදිව නීතියේ පිහිට පතනවා. ඇඟේ හයියෙන් ප්‍රශ්න විසදන්න යන්න තරම් ඔවුන් මෝඩ නැහැ. මොකද මගේ දෙමව්පියන් ගුරුවරුන් කුඩා කාලයේම ඔනුන්ට සමාජයේ ජීවත් වෙන්න කියා දීල තියනවා. (නදී)
මේ ගැණු ළමයට හුරේ දාන එක නෙවෙයි කරන්න ඕනේ තමන්ගේ දුවලටත් වැදගත් විදියට සංවර ඇදුම් ඇදගන පාරේ යන්න උගන්නන එක. (නදී)
චුලකගේ කතාව හරි, මෙතනත් වෙන්න ඇත්තේ ඒ වගේ දෙයක්. අපි මුලින් දැක්ක දේ නෙමෙයි මෙතන සත්‍යය, ඒ නිසා තමයි දැන් ගොඩක් දෙනා අර ගැණු දරුවා කරපු දේ අනුමත කරන්නේ. කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත අවබෝද වෙන්නේ පස්සෙනේ. දැන් ගොඩක් පිරිමි ළමයි මේ සිද්දියේදී අර ගැණු ළමයට දොස් කියන්නේ නැහැ (නදී)
දෙදෙනාම වැරදියි තමා. (නදී)
මම වයස 18 සිට පිට රට ඉගන ගන්න ගිය සිසුවකේ. මට බොහොම කණගාටු හිතුනා මෙම සිද්ධිය ගැන අහදදී. පුංචි විහිළුවක් දුර දිග ගිහින්. මමත් විහිලු කරනවා ඕනෑම කෙනෙක් අඩුම තරමේ එක පාරක්වත් කෙල්ලෙකුට විහිළු කරලා ඇති. පිට රට සිදුවන දවල් හැටියට මෙය විහිළුවක්. තමන්ට කවුරුත් මොනවහරි කියපු පලියට ගහගන්න යන නංගිලා හරිද වැරිදිද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් හිරේ දාන්න තරම් දෙයක් සිදු වෙලා නෑ (නදී)
ලකාවේ ගැහැනුන්ට නීතියක් නැහැ ඕනි දෙයක් කළ හැකියි. පිරිමි ඒක දැනගෙන වැඩකලොත් හොඳයි (නදී)
ඇඳුමටනෙ මේ ප්‍රශ්නෙ ඇති උනේ. ඒ අනුව ගැණු ළමයට තමන් කැමති ඇඳුමක් අදින්න අයිතියක් තියෙනවා. හැබැයි ඇඳුම් ඇඳීමේ ප්‍රධානම අරමුණ විලි වසා ගැනීම මිසක් විලි බාගෙට ඇරගෙන යාම නොවේ. අපේ රටට උරුම සංස්කෘතික තිබෙනවා ඒ අනුව එම සංස්කෘතියෙන් ඔබ්බට යන්න හැඳුවාම කාට කාටත් ඔහොම වෙනවා. ඒ වගේම ඇඳුමක් ඇඳීමෙන් පුද්ගල ආකර්ශනය බලාපොරාත්තු වීමද සාමාන්‍ය මනුශ්‍ය හැඟීමක්. ඉතින් ඒ අතින් ගත්තාම ආකර්ශනයට කරපු වැඩේ උපරිමයට ගිහින්. (නදී)
මනුස්සයාට සල්ලි නැතුව ඇති පෙරකදෝරු මහත්තයෙක්ට ගෙවන්න. ලංකාවේ සාමාන්‍යයෙන් සල්ලි නීතියට උඩින්නේ තියෙන්නේ. (නදී)
සහෝදරයා, මම ඕක තමයි කලින් කිවේ. බඩපුරා කෑවනේ දැන් ගෙදර යන්න කියලා. සහෝදරිය, ඔහුට දැන් නිසි දඩුවම් ලැබී තියන නිසා දැන් අදිකරණයේදී දෙදනාම සමාදාන වෙන්න. නමුත් ඔබට මඩ ගහන දැන්වීම් කාරයන්ට කිසිම සමාවක් දෙන්න එපා (නදී)
ගෑනු ළමයි පිරිමි පස්සේ අැඹලයි වගේ යන්නේ, බොරුනම් නුගේගොඩ පාරට ගිහින් බලන්න. අන්තිමටම පිරිමි අය අතින් ඕනකමින්ම දුෂණය කරගෙන මම එයාට මගේ ජීවිතේ පුදදුන්නා කියනවා පස්සේ. මේක තමයි ලංකාවේ වර්ථමාන ඇත්ත කතාව. 90% ලංකාවේ සියතින්ම දුෂණය කරගත්ත අවුරුදු 18 - 25 කෙල්ලෝ ඉන්නේ. පිරිමි ගෑනු වෙනසක් නෑ. ඇට මස් නහර ලේ ස්නායු මනස සකස් වෙන්නේ එකම ක්‍රමයට. එකම සත්වකොටසට වැටෙන්නේ. නීතිය තුලදී වෙනස්. හොඳ නරක සොබාදහම නියම ආකාරයට විසඳයි. (ස)
විහිලු කරනවානම් විහිලු කරන්න ලස්සන ආකර්ශනීය කෙල්ලකුට, මොකද එහෙම කෙල්ලෝ සමාජ ශීලියි. කොල්ලෝ විහිලු කරලා පුරුදුයි. විහිලු වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල එයාල දන්නවා . කවදාවත් කාගෙවත් අවධානයට ලක්නූන බවලතුන්ට විහිළුවත් මහා මෙරක්. (ස)
තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න ඕන. මුළු රටේම ඉන්නේ මිනිස්සු. පිරිමිද ගෑණුද හොයන්නේ මොකද. රටේ හැමදෙනාටම සමානව ජීවත් වීමේ, ඇදුම් ඇදීමේ, ගමන් කිරීමේ අයිතිය තියනවා. අපේ මිනිස්සු හිතන්නේ අපේ ගැණු මිනිස්සුන්ගෙන් කාල බිලා, රෙද්ද හැට්ටේ ඇදගෙන හැමදාම මිනිස්සුන්ගේ පාමුල ජීවත් වෙන්න ඕන කියල. මේක තනිකරම වැරදි ක්‍රියාවක්. මේ නිසා තමයි අපේ වගේ රටවල් පරිහානියටත් දුප්පත් බවටත් පත්වෙලා තියෙන්නේ. ඇස ඇරලා බලන්න දියුණු වෙච්ච රටවල් දිහා. කොහොමද පිරිමි ගැහැණු ජීවත් වෙන්නේ කියල. මේක අධ්‍යාපන රටාව තුලින්ම වෙනස් කල යුතුය. අපේ රටේ සෑම පාසලක්ම මිශ්‍ර පාසල් කිරීම තුලින් මේ තත්වය වෙනස් කල හැක. මෙයට කාලයක් ගතවේ. නමුත් තිරසාර විසදුමක් වේවි. මෙය බලධාරීන්ගේ අවධානයට යොමුවේවි කියා සිතමි. (ස)
පොලීසියේ කට්ටියට වෙන වැඩ නැත්ද? අල්ලන්නකෝ බිබිලේ, මොනරාගල නින්ජලාව. එයාලට බයද,කැතද? (ස)
අපේ රටේ හැමදාම තැලෙන්නෙ නැති බැරි අසරණ මිනිස්සු තමයි. (නදී)
සහෝ, ඔබ ලෝකෙටම හොද පණිවිඩයක් දුන්නා, එයට තුති. දෙදෙනාම දැන් සමාදානවී මේක මෙතනින් නවත්වන්න (නදී)
කෙල්ලට කන පැලෙන්න දෙකක් දීලා රිමාන්ඩ් උනත් දුකක් නැහැ (නදී)
මේ දෙන්නාගේ කෙනෙක්ගේ තාත්තා කෙනෙක් ප්‍රභූ කෙනෙක් වුණා නම් මේ කතාව කොයිතරම් වෙනස් වෙන්න තිබුණද? (නි)
දැන්වත් හැමෝම තේරුම් ගන්න යථාර්ථය (නි)
මොන දෙයක් වුණත් හරියට හොයලා බලන්න ඕනෑ (නි)
නීතිය ගැන මට විවිධාකාර හැඟීම් රැසක් දැනුනා (නි)
මම නීතිය දන්නේ නැහැ. ඒත් මේක දැක්කම මට හිතුනා එක දෙයක්. " ගහෙන් වැටුන මිහිහට ගොනා ඇන්නා වගේ " හැඟීමක්. අහිංසක කොල්ලා ගැන දුකයි (නි)
අපිත් බලාඉන්නේ රටේ නීතිය මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලයි. (නි)
ඔව් කනිෂ්ක ,මමත් බන්දුල පෙරේරාගේ අදහස් දැකලා තියෙනවා. නිතරම එක පැත්තක් ගැන හිතලා අදහස් දාන කෙනෙක්.විශේෂයෙන් ක්‍රිකට් වලදී. (නි)
එක එක්කෙනා එක එක කතානේ කියන්නේ.... (නි)
චණ්ඩිකම් පෙන්වපු අර කෙල්ල දැන් තවත් උඩ යයි. මේක එච්චර හොඳ ආදර්ශයක් නෙවෙයි. මම දැක්ක විදියට නම් දෙන්නම වැරදියි. අපිත් රැකියාවට උදේ හවස පාරේ යන එන අය. අපි දැකලා තියෙන විදියට නම් වැදගත් විදියට ඇඳ පැලැඳ ගෙන සංවරව පාරේ යන ගෑණු ළමයින්ට කිසිම කොල්ලෙක් වචනයක්වත් කියන්නේ නෑ. හොඳට බැලුවොත් එහෙම විහිලු කරන්නේ අශීලාචාර ඇඳුම් ඇඳගෙන අඩ නිරුවතින් පාරේ යන ගැහැණු ළමයින්ට. (ස)
අහිංසක ජීවිතයක්. (ස)
මේ ගැණු ළමයට හුරේ දදා ඉන්නේ නැතුව තමන්ගේ දුවලට උගන්නන්න ඕනේ හරි විදියට සංවර ඇදුමක් ඇදගන පාරේ යන්න. (ස)
ඔතන සෙල්වා වෙනුවට වෙන කෙනෙක් හිටියනම් මොනව වෙයිද ?.... (නිකන් ෂාරැක් ඛාන් වගේ කෙනෙක්) (ස)
ලංකාව නමැති දුපතේ අසන්නට ලැබුණු තවත් එක් තීන්දුවකි. පුදුම විය යුතු නැත (නි)
සමාධි, ඔබේ අදහස ඉතා නිවැරදියි (නි)
ගුටි කාපු එයා හිරේද? (නි)
ඔතන අපි හිටියේ නැති නිසා හරියට මොකුත් කියන්න විදියක් නැහැ (නි)
එතකොට සමාධි කියන්නේ අර චුලකගේ නංගිලාත් අශීලාචරව ඇඳන් ටියුෂන් ගිය නිසා අර පිරිමි ළමයින් විහිලු කරන්න ඇති කියලද ? මීට කලකට පෙර ගම්පහ වෙල් යායකදී දුෂණය කර මරා දැමු බැංකු සේවිකාව ඉතා ව්නීතව සාරිය හැඳගෙන වැඩට ගිය කෙනෙක්. නොහික්මුණ කෙනාට අනිත් කෙනා හික්මුන කෙනෙක් ද නැද්ද යන්න අදාළ නැහැ සමාධි. (නදී)
මම හිතන්නේ සමාධි පාරේ යන්නේ මොට්ටක්කිලියක් දාගෙන වෙන්න ඇති. (නදී)
තමුන්ගේ වැඩක් බලාගෙන හිටියනම් කාගෙන්වත් ගුටි කන්නේ නැහැ මේවා හොද පාඩම් කාට කාටත් (නදී)
ගැහැණුන්ට පිරිමි නැතුව වෙන කවුද විහිළු කරන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ නොදන්නා කෙනෙක් නොහොබිනා විහිළු කිරීම. ඔය බණ ටෝක් දීපු අයත් ඔෆිස් එකේදි කාන්තාවන්ට කරන විහිළු දන්නවා ඇතිනෙ. එතනදි නම් කසාද නොබැඳපු එක විතරයි. (නදී)
අපේ ගැහැණු දරුවන් සංවරව හැඳ පැළඳ යනවා නම් ඔය අකරතැබ්බ වලට මුහුණ දෙනවා අඩුයි කියලා මට හිතෙන්නේ.බලන්න මෙහෙණින් වහන්සේ නමකට උසුළු විසුළු කළා කියලා මම නම් ජීවිතේට අහලා නැහැ.ඒ සංවරකම නිසා.සෑම ගැහැණු දරුවකුගෙන්ම සමාජය බලාපොරොත්තු වෙන්නේ එයයි. (නි)
මමත් සමාධි හා එකඟයි (නි)
දෙදෙනාම වැරදියි (නි)
දැන් බෝධිසත්ව වුණාට ඒ වෙලාවේ මොනවා කළාද දන්නෙ නැහැනේ (නි)
තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ...... (නි)
දීපාල්, ඔයාගේ දුවටත් ඒ වගේ අන්දවලද පාරෙ යවන්නෙ? (නි)
තමන්ව බිහිකළෙත් ගැහැණියෙක් කියන එක අද කාලේ හුඟක් අයට අමතක වෙලා (නි)
ඔය ගැහැණු ළමයා ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ (නි)
ඔය ගැහැණු ළමයාව කසාද බඳින කෙනාට දෙවියන්ගේම පිහිටයි! (නි)
ළඟ හිටි කෙනෙක්ව අවුරුදු 10 කට විතර හිරේ යැව්වා නම් එතකොට මේ දෙන්නම නිදහස්නේ. (නි)
අනේ පවු අහිංසකයා! (නි)
කොල්ලෝ, දැන් ඉතින් එතනටත් ගිහින් වරෙන් අසරණයෝ. (නි)
දැන් තේරෙනවා නේද මේ ළමයා කාගේ කව්ද කියලා. (නි)
ගැහැණිය ශරීරය විසිතුරු ඇඳුමින් හා ආලේපයන්ගෙන් වසාගෙන සිටී. පිරිමින් එයට මුලා වේ. සත්‍යය දකින්න. ඇලුම් නොකරන්න. එවිට කිසිවෙකු පිළිබඳ ඇල්මක් හෝ ද්වේශයක් හට නොගනීවි. (නි)
මට නම් මේක පිළිගන්නත් අමාරුයි (නි)
හෘද සාක්ෂිය ඔය මොන සාක්ෂියටත් වැඩිය ලොකුයි (නි)
මේ දෙදෙනාම මේ තත්ත්වයට වැටෙන්න හේතුව යමෙක් සිතාබැලුවාද? (නි)
ගැහැණු ළමයා ඔයතරම් චණ්ඩි නම් දැන් බයවෙන්න හේතුවක් නැහැනේ (නි)
මෙතන කාටවත් නොපෙනුන පැත්තකුත් තියෙනවා (නි)
ගැහැණු ළමයා මානව හිමිකම් කොමිසමට යනවා කියලා කිව්ව කතාවක් තියෙනවා නේද? (නි)
පිරිමියාගේ වැදගත්කම නිසා තමයි එයා ඔය කාන්තාවට කිසිදෙයක් නොකළේ. (නි)
මේ මනුස්සයාට මොන සහයක්වත් නැහැ වගේ. ලෝක පාලන දෙවිවරුනි, ස්වභාවික නිතිය යටතේ අදාළ වැරදි වලට දඬුවම් ලැබිය යුතුයි. මෙය පොදු තැනක සිදුවූ නීතිවිරෝධී දෙයක්. (නි)
මෙතනට අදහස් ලියන සමහර අය "යන්නේ කොහෙද-මල්ලේ පොල්" තාලෙන් ප්‍රශ්නයට උත්තර දීලා තියෙන්නේ. මීට වඩා මානුෂිකව හා සංවේදීව මේ ප්‍රශ්නය දිහා බලන්න බැරිවන සේ ලාංකික ජනතාව අකර්මන්‍යය කර තිබෙන්නේත් මේ සමාජ විෂමතාවය නිසා බව අප අමතක නොකළ යුතුයි. (නි)
ඇත්තටම අද ලංකාවේ තරුණියකට නිදහසක් නැහැ. ඔය වගේ වැඩ කරන අයට හොඳ දඩුවමක් දෙන්න ඕනෑ (නි)
තවත් ඔය වගේ වැඩ කරන්න හිතන අපේ අහිංසක කොල්ලන් ඉන්නවා නම් ප්‍රවේශම් වෙන්න. (නි)
කෙල්ලෙක් වුනාම හරියට හැසිරෙන්න දැන ගන්න ඔිනි. කටවහ ගෙන ගියා නම් ඔහොම දෙයක් වෙන්නෙ නැහැ. කොල්ලෙක් කෙල්ලෙක්ට විහිලු කරන එක සාමන්‍ය දෙයක්.. මෙයා කොහොම කෙනෙක්ද කියල මේ හැසිරීමෙන්ම පෙන්නුම් කරනවා. (අ)
පව් අහිංසක කොල්ලා (නදී)
පව් අර අසරණ කොල්ලා ගුටිත් කාලා ඉරෙත් යන්න සිද්ධ වෙලා, අමානුෂික විධියට පහර දුන් ඒ චන්ඩි කෙල්ලට නිසි දඩුවම් දෙන්න ඔනී (නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ . මේක ලංකාවනෙ. (අ).
මානෙල් සහතික ඇත්ත, අද තරුණියන්ට යමක් සිතන්න තරම් නිදහසක් මෙන්ම කාලයකුත් නැහැ. හොදම සාක්ෂිය කොල්ලුපිටියේ ලිබර්ට්ප්ලාසා එක, නැතිනම් ඉස්කෝල කඩයක් ඇරුන වෙලාව. (නදී)
මේ පිළිබඳව මධ්‍යස්තව කරුණු දැක්විය යුතුයි. ඇත්තටම මේ කෙල්ල නිර්භීතයි.කළ දේ මේ කාලයේ හැටියට හොඳයි. නමුත් කොල්ලට ගැහුවා වැඩියි (නි)
ටෙනිසන් 2014-09-01 03:39:56 ගැහැණිය අන් අයට පුදුම විදිහට ඊර්ෂ්‍යා කරනවා,අනුකරණය කරනවා ,ශරීර කූඩුවට හා ඇඳුමට අසීමිතව වියදම් කරනවා. හේතුව පිරිමියාගේ ආකර්ශනය. එය සාමාන්‍යයයි.නමුත් සමහර උදවිය සීමාව ඉක්මවා යනවා.එතනදී පිරිමියා එයට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්.ඒ ලැබෙන ප්‍රතිචාරය අනුව තමන් තමන්ව තේරුම් ගතයුතුයි. එසේ නොවුණොත් ලැබෙන ප්‍රතිඵලය භයානකයි (දිල්)
මොන ඇඳුමක් ඇඳගෙන හෝ නිදහසේ යන්නට කාන්තාවන්ට අයිතියක් තිබිය යුතුයි (නි)
කොල්ලෙක් කෙල්ලෙකුට විහිලුවක් කරන එක සාමාන්‍ය දෙයක්. (නි)
ලංකාවේ ගැහැණු, ගැහැණුකම ආයුධයක් කරගෙන. ඔය විදිහටම පිරිමි හිතුවොත් මොනවා වෙයිද? (නි)
වයසක ගෑනු කෙනෙක්ටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි කාලයක්. අද ඉතින් කොහොමද මේ මානසික ලෙඩ්ඩු එක්ක ගෑනු කෙනෙක් හෝ පාරේ යන්නේ. ගෑනු ළමයෙක්ට විහිළුවක් කලාට කමක් නැහැ එත් එ්ක අනවශ්‍ය විහිළුවක් වීම තමා වරද. මේ වගේ මිනිස්සුන්ට අම්ම අක්ක කව්ද කියන එක දැනෙන්නේ නෑ. (නදී)