‘රටක් ජාතියක් හැටියට එක දේශපාලන මතයක් ගැන අපි එක දිගට කටයුතු කර ඇති බවත් 87 ඉන්දු ලංකා ගිවිසුම නිසා පාසලේ උසස් අධ්‍යාපනය නතර කරන්න සිදුවුණා. අප පුර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ආවා.‘ යැයි විමල් විරවංශ මහතා ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් හමුවේ පැවැසිය.
එදා ඉන්දු ලංකා ගිවිසුම ගැන ඇතිවෙච්ච විරෝධ ආකල්ප නිසා ඒ විදියට අධ්‍යාපනය නවතා ආ බවත් අපි ඒ පරම්පරාවේ මිනිසුන් බවද ඔහු කිය.
ජාතික නිදහස් පෙරමුණේ නායක වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් සිරිවිමල හිමියන් බැහැදැක යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීය භාවයට තර්ජනයක් වන බව හා එමගින් රටට තවත් අහිතකර ප්‍රතිපල උදාවිය හැකි බැවින් ඒ පිළිබඳ මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝයා දැනුවත් කිරීමට ආ බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහලට ඉගෙන ගන්නේ කොහොමද අනේ දෙකෙන් දෙක බෙදාගන්න බැරි මිනිස්සු. නටන්න බැරි මිනිහට පොලව ඇදයිලු. (ර)
ලංකාවේ ව්‍යවස්ථාව ගැන ඉස්සර නම් කතා කලේ කොල්වින් ආර් ද සිල්වා , හෙක්ටර් කොබ්බැකඩුව , ඊට පසුව ලක්ෂ්මන් කදිරගාමර් වැනි, ප්‍රාඥයින්. ඒත්.... (ර)
අන්න ඒ නිසා තමා ඒ මට්ටමෙන්ම අනිත් මිනිස්සුත් නුගත් කියලා හිතාගෙන ඉන්නේ. (ර)
අනේ ඇත්තමයි නැත්නම් කැම්පස් එකෙන් මෙහා නවතින්නේ නෑ.... (ර)
ඉගෙන ගන්නවානම් වයස බාධාවක් නැහැ සහෝදරයා...දැන් වුනත් පුළුවන්...(බ)
විමලයාගේ විතරක් නෙමි 88.89 අපිට පාසල් යන්න ඉගෙන ගන්න ඉඩ දුන්නේ නැත්තේ ජවිපේ එක එක කියන එක මේ අයට මතක් කරලා දෙන්න ඕනෙද දන්නේ නැහැ රට අවුරුදු 20 ක් ආපස්සට අදාල දන්නේ ජවිපෙ එකනේ (අ)
ඒ කාලේ කරන්න බැරිවුන දේවල් පසුගිය කාලේ ඩබල් ප්‍රමෝෂන් ලැබුන , මෙයාට සිගිරි නගින්නත් බැරිවුනානේ ,පව් (බ)
මෙයා කොහොමත් උසස් අධ්‍යාපනයක් ලබලා නෑ කියලා කරන , කියන දේවල් වලින් පේනවා. (බ)
පෙර පින් කරල නෑ (බ)
එලියට අවේ උසස් පෙලින්ද ,8 පංතියෙන්ද ?(අ)
මෙයාල බලන්නේ හාමුදුරුවෝ ලව්වා එයාලට අවශ්‍ය හොර දේශප්‍රේමය හඬ නැගල නැති කොටි මවල . නැවත ඇමතිකම් ගන්න අපුරු දේශප්‍රේමී නායකයාව බලයට ගෙනෙන්න .. බල්ලලුන් ලවා කොස් ඇට බැවීම තමයි මහින්ද ලොක්ක මේ දවස් වල කරන්නේ.(අ)
ලජ්ජා නැතුව කියන විදිහ. උගත් තරුණ අයට තැනක් දීල අයින් වෙලා යනවල හලෝ ලංකාවට තවත් ලජ්ජා කරන්නේ නැතුව. (අ)
විමල් වීරවංස වාගේ අය දන්නවා ලංකාවේ දේශපාලනය කිරීමට අතීතයේ මෙන් උගත් කමක් නොව , බොරුව වුණත් සත්‍ය කර පෙන්වීමට හැකි කතා කිරීමට හැකියාව පමණක් අවශ්‍ය බව , අද පාර්ලිමේන්තුවේ සියයට 30 ක් උසස් අධ්‍යාපනය හැදුරු අය නොවේ , එයිනුත් බහුතරයක් පොදුසහතික පෙළ වත් පාස් අය නොවේ (අ)
ඇමරිකා ජාතික අර්නස්ට් හෙමින් වේගේ පොතක්වත් ළඟදි කියවලද දන්නේ නැහැ? (අ)
උසස් අධ්‍යාපනයක් වත් නැතිව. මේ තරම් බැරෑරුම් කාර්යක් කරන්න බාරගත්තා. පුදුමයි මෙපමණ කාරණා දන්නා කෙනා කරලා තියෙන දුෂිත. වැඩ. ඒ කෙරුවේ තම මව් රටට බව දන්නේ නැතිද . අප්පච්චිගේ වැඩ දැන් තිරය අරින එක ,මෙයාලගේ වැඩ අප්පච්චි වෙනුවෙන් දිය යටින් ගින්දර ගෙනියන එක. (අ)
ඉන්දියන් හමුදාව ඇවිල්ල ගියේ 1991 විතර ඉතින් පස්සෙ හරි මෙයාට සාමාන්‍ය පෙළ ලියලා පාස් වෙන්න තිබුනානේ.. ඇයි නොකෙළේ ? මෝඩකම ආභරණයක් කියලා හිතුවාද? දැනුමක් නැතිව රටේම තියෙන වගකීමක් සහිත දේවල් ගැන කතා කරන්නේ කොහොමද? අඩු ගානේ ජාත්‍යන්තර භාෂා ඥානයක් වත් නැතිව ව්‍යවස්ථා නීති ගැන පොතක් පතක් කියවගන්නේ කොහොමද? දිව්‍යඥානය පහළ වෙලාද? (බ)
කොයි කවුරු මොනවා කිව්වත් වීරවංශ මහතා ලංකාවේ දේශපාලනයට අත්‍යවශ්‍යය චරිතයකි. ඔහු අනෙක් දේශපාලකයින්ට වඩා උගත් නොවුනාට බුද්ධිමත්ය.(රේ)
මෙතන අය විමල්ට බැන්නට ඔහුගේ සියලුම කතා තාර්කිකව ඉදිරිපත් කරනවා. යමක් වෙන්න කලින් ඉදිරිය දකින කෙනෙක් තමයි විමල්. දේශපාලනිකව කොයි මත තිබුනත්, ජාතික ප්‍රශ්නයේදී විමල් කියන්නේ රටට වටිනා පුද්ගලයෙක්. (නි)
ධම්ම, ඔයාගේ කටේ රත්තරන් දාන්න වටිනවා. (නි)
අප විමල්ගේ අදහස් අනුමත නොකළත් ඔහුට ඇති සහජ හැකියාව අගය කරනවා. කට ඇති පුතෙක් ලෙස ඔහු සමඟ ගැටෙන්න හැකි අය අඩුයි. මෙම හැකියාවට අධ්‍යාපන සුදුසුකම් යටයි. (නි)
ඉතින් බලන්නකෝ එහෙම අධ්‍යාපනයක් නැතත් මෙතුමාගේ ඇති පරිණතබාවය (නි)
අනේ ඉතින් මේ රටේ ඕවා ඔයතරම් ගණන් ගන්න දේවල්ද? (නි)
බලනකොට අපේ දේශපාලකයෝ බොරුවට, හොරකමට, වාචාලකමට නම් උපාධි අරන් තියෙනවා වගෙයි (නි)
ධම්ම, අනේ ඔයාගේ ඔලුව අතගාලා බලන්නකෝ මොනවාහරි උල් දෙයක් අහුවෙනවද කියලා. මේ වගේ කෙනෙකුට ඔයවගේ චරිත සහතික දෙන්න ඔයාගේ මොළයේ ලොකු අමාරුවක් තියෙනවා වගේ. ඔය මනුස්සයා කරලා තියෙන වංචා දුෂණ දැන් දැන් එළියට එනවා දකිනකොට මොකක් හෝ බොරුවක් ඇදගෙන දඟලනවා, මිනිසුන්ගේ අවධානය වෙනතකට හරවන්න. ඔය සේරම බලය යොදාගෙන කරපු දේවල්. ඉතින් තව තවත් බලයට ගෙනෙන්න කියන්න කාටහරි මොළේ අමාරුවක් තියෙන්නම ඕනෑ (නි)
මේ වගේ රටක උගත්කමින් ඇති ප්‍රයෝජනය කුමක්ද? (නි)
මෙතුමා උසස්පෙළ සමත්නේ. ලංකාවේ එය හොඳ සුදුසුකමක් නොවේද. (නි)
විමල් ඉගෙනගෙන තිබුනා නම් මීටවඩා හොඳ චරිතයක් වෙන්න තිබුනා. දැන් ඉන්න විමල්ට හොඳ දැක්මක් තිබුනාට එයට යටින් පොඩි මෝඩකමක් පෙන්නුම් කරනවා (නි)
ධම්ම, මොළය පරීක්ෂා කරගන්න (නි)
නූගත් කියන අයත් එක්ක තර්ක කරන්න බැරි විෂයන් කටපාඩම් කරලා විභාග පස්ස කරපුඋගත් කියාගන්න මෝඩයින් හිටියේ නැත්නම් ලංකාව මීටවැඩිය ලස්සනයි (නි)
මම විමල් ඉගෙනගත් කළුතර තිස්ස මාධ්‍ය මහා විද්‍යාලයේ 80 -90 දශකයේ සිටි කෙනෙක්. මට අද වගේ මතකයි, ධම්ම සහ සරත් කියලා තිබෙන දේ ඒ කාලෙත් අපි දැක්කා. විමල්ට ඒ කාලෙත් හොඳ මොළයක් තිබුනා. දැන් ඉන්න ගොඩක් දේශපාලකයන්ට ඒ කිට්ටුවටවත් එන්න බැහැ. මම විමල්ගේ යාලුවෙක් නොවෙයි. එහෙත් අපි දැක්ක දේත් නොකියා බැහැ. (නි)
මම හිතුවේ ඉගෙනගන්න බැරි වුණේ ගණන් ෆේල් වෙලා කියලා. (නි)
දුක තමයි මහත්තයෝ්.(හේ)
මම විමල්ගේ හොඳ කියනවා නොවෙයි. ඒත් සාමාගේ ඔලුවෙත් උල් තියෙනවද කියලා හිතෙනවා. සාමා කතාකරන්නේ තමන්ගේ ඇහේ පොල් පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ කුණු රොඩ්ඩ ගැන නහින කෙනෙක් වගේ. හොරු නොවෙන දේශපාලකයින් ගැන අපිටත් දැනගන්න කියන්නකෝ. අර එෆ් සී අයි ඩි එකට එන්න කිව්වම නොයන ඇමතිලා කීයක් මේ රටේ ඉන්නවද. අැයි ඒ අය ගැන කතා නොකරන්නේ (නි)
ඔය විමල් විරවංශල දේශපාලනය පටන් ගත් පක්ෂය ( ජේ වී පි ) අතීතයේ සිටම පාසල් සිසුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර ඔවුන් බොරු විප්ලවීය ( කලහකාරී ) දේවල් වලට පොලඹවා , රටේ අනාගතය දියුණු කරන්න සිටි සිසුන් මුලා කළා පමණක් නොව , මේ නායකයන්ද කිසි ඉගෙනුමක් නොලැබුවේ , මේ දේශපාලනය තුලින් ඔවුන්ගේ බඩ වියත් රැකෙන නිසා (බ)
ඉගෙන ගත්තත් වැඩක් වෙන එකක් නැති වෙයි.(හේ)
බොරු දේශප්‍රේමිකමක් දක්වනේ මොකද? (හේ)
උසස් අධ්‍යාපනයක් හරිහැටි නොලැබුවත් ,මොහුගේ දේශපාලන ගමන් මගේ මුලාරම්භය ජවිපේ සහෝදරත්වයයි . ගමේ ග්‍රාමසේවකගේ සිට කැබිනට් ඇමති ,ජනාධිපති දක්වා වූ සියලු පරිපාලන දැනුම නිසිලෙස ලැබෙන තැනක් එම සහෝදරත්වය ...මොහු ඒ කලේ හොද පරිනත දැනුමක් ලබලා තියෙනවා .නමුත් අද වෙද්දී මොහුගේ යථාර්තය දන්නේ මොහුම පමණයි.(හේ)
විශ්ව දැනුම ලැබුනාම පුංචි පුංචි දේවලට මිනිසුන් උසිගන්නවා ගෙන දේශපාලනයේ වැජඹෙන්න බැහැ.ඒ නිසා අධ්‍යාපනය කඩාකප්පල් කලාම දේශපාලනේට වාසියි.අනෙක හොඳට ඉගෙන ගත්තාම ජොබ් එකක් කරලා මේ සමාජ ක්‍රමයට සෙට් වෙනවා. (හේ)
හැබැයි මෙයා ඉගෙනගත්තා නම් ඔය වගේ හැසිරෙන්නේ නැතිවෙයි. "පිරුණු කළේ දිය නොසැළේ" කියලා තියෙනවානේ. (නි)
නටන්න බැරි මිනිහත් කිවුවනේ පොළොව ඇදයි කියලා (නි)
දේශපාලනයයි අධ්‍යාපනයයි දෙකම කරගන්නත් මොළයක් තියෙන්න ඕනෑ. දේශපාලනය කළා කියලා අධ්‍යාපනය නැති කරගත්තා කියන්නෙ මෝඩකමක්. (නි)
කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුනලු නේද? (නි)
එ්ක තමයි. ඉගෙනගත්තා නම් උපන්දින දෙක තුනක් දාලා පාස්පෝට් හදයිද? (නි)
ඉස්කොලේ යන කාලේ මොන දේශපාලනයද? ඉගෙනගන්න බැරි නිසා දේශපාලනය කළා කියන්න බයවෙන්න ඕනෑ නැහැ (නි)
අධ්‍යාපනය කරගන්නවා තියා සීගිරියටවත් ගිහින් නැහැයි කියන්නේ? ඉතින් තව මොන කතාද? (නි)
ඉගෙනගත්තේ නැහැ කියලා නම් හොඳට පේනවා බලා ඉන්න ජනතාවට. ඒකට හේතු පාඨ කියලා වැඩක් නැහැ දැන්. සමාජයෙන්වත් හැදෙන්න බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
දවසේ හොදම විහිළුව. ඔයා කවුද කියලා ලෝකෙම දන්නවා. ඉගෙනනොගත්ත එකමයි හොඳ (නි)
රජයේ පාසලක පන්තියක ළමයි 40 ක් හිටියත් ඒ 40 ටම නිදහස් අධ්‍යාපනය ලැබුනට හැමෝටම එකවගේ ඉහළට ඉගෙනගන්න බැහැ. ඒක තමයි සත්‍යය. ඒකට ඉතින් වෙන වෙන දේවල් කියනන් ඕනෑ නැහැ (නි)
මොකුත්ම නොකිය හිටියා නම් තමයි වැඩිය හොඳ. කතාවක් තියෙන්නේ කට වසාගෙන සිටින තුරු මෝඩයාද පණ්ඩිතයෙකි කියලා. (නි)
මෙයා ඉගෙන ගෙන නැති බව අපි දන්නවා එකනේ දෙක දෙකෙන් බෙදුවම උත්තරේ බින්දුව කියල කිව්වේ එක මෙයාගේ හොයාගත්ත එකක් එක අපි නව වීරවංස නීතිය නමින් හදුන්වමු. තවද පසුගිය රජයී සුදුසුකම් අඩුම ඇමති ලෙස මෙයා ඉතිහාස ගත වෙනවා. (ම)
දැන් පිස්සුනටනවා හොරකම් කරනවා රටට කරුමයක්. දැන්වත් අධ්‍යාපනයක් ලබලා දේශපාලනයට එන්න.(හේ)
මෙයා අංක ගණිතය සමත්ද?(හේ)
හොරකම් කරන්න අධ්‍යාපනයක් ඕනෑද? බොරු අනුකම්පාවක් ගන්න හදන්නේ. (නි)
රාත්‍රී පංතියකටවත් ගිහින් ඉගෙන ගත්තානම් හොඳයි නේද ? (හේ)
ඉගෙන ගන්න බැරිවුනාට හොර කරන්ඩ දනන්වානේ. (හේ)
නම් තුනක්, උපන්දින දෙකක් විදේශ ගමන් බලපත් දෙකක් ඇති නමුත් මෙයාව අගයන පිරිස එක්කෝ ඒවා අනුමත කරනවා හෝ ඒ අයත් එහෙම කරන අයයි මගේ හිතේ (නි)
කට ඇති පුතෙක්! (නි)
විමල් සහෝදරයට ඉගෙනගන්න බැරිවුණ එක ගැන ජේවීපී එකටයි දොස් කියන්න ඕනෑ. (නි)
මෙයාට කොහෙද ඒ කාලේ ඉස්කෝලේ යන්න වෙලාවක්? (නි)
විමල් කියන්නේ මේ රට බේරාගත් නායකයට මහත් ජවයක් දුන් පුද්ගලයෙක්. මොන වැරැද්ද තිබුනත් රටක් පාලනය කරන්න බුද්ධියක් ඇති කෙනෙක් (නි)
මෙතන විමල් සාහසිකව විවේචනය කරන උගත් යැයි සිතාසිටින බහුතරය යථාර්ථය නොදනිති. රටේ විශිෂ්ටයින් වැඩිදෙනා ඉහළට ඉගෙනගත්තෝ නොවෙති. අධ්‍යාපනය හා බුද්ධිය සපුරා වෙනස් සංකල්ප දෙකක්ය. (නි)
රටේ බිහිවූ බොහෝ විශිෂ්ටයින් ඉහළට ඉගෙනගත් අය නොවේ (නි)
සාමා, දැන් ඉන්න සමහර ඉහළ කට්ටිය මොන පන්තියද දන්නෙ නැහැ පාස් කරලා තියෙන්නේ? (නි)
උගත්කමයි බුද්ධියයි කියන්නෙ දෙකක්. යමක් තේරුම්ගෙන ඊට අදාළව කටයුතු කරන්න අවශ්‍යවෙන්නේ වැඩිපුරම බුද්ධිය. උගත්කම පසුව වුණත් පොතපත කියවලා ගන්න පුළුවන්. මෙතන විමල්ට බැනලා තියෙන ගොඩක් අයට බුද්ධිය අඩුබව හොඳට පේනවා. (නි)
බුද්ධිමත්කම වැඩිවුණාම තමයි තමන්ගේ වයස වැරදියට තිබෙන ගමන් බලපත්‍ර කීපයක් පාවිච්චි කරන්නේ. අපොයි මේ සමහර පාඨකයන්ගේ බුද්ධිමත්කම මනින මිම්මට නොබෙල් තෑග්ග දුන්නත් මදි. (නි)
බුද්ධියයි උගත්කමයි කරන හැම වැඩෙන්ම මනින්න බැහැ. ඒ අය වුණත් වැරදි වැඩ කරන්න පුලුවන්. විමල් බුදු වෙලා නැහැනෙ. දැන් මේ විමල්ට බැනලා තියෙන බුද්ධිමත් උදවිය කිසිම වැරැද්දක් කරල නැද්ද. නිකන් අනුන්ට මඩ ගහන්නේ නැතුව ඉන්න. (නි)
රත්නායක, ලෝකෙම උගත්කම මනින්නේ ඉස්කොලේ විශ්ව විද්‍යාලේ ගිහින් ගන්න සහතික වලින්. ඒක කරගන්න බැරුව අනේ හරි බුද්ධිමත් කියන්න එපා. අනික එහෙම බුද්ධියක්වත් තියෙනවා නම් උපන්දිනය වරද්දා ගනියිද (නි)
බුද්ධිය නැත්නම් මේතරම් හම්බකරන්න පුලුවන් කාටද? (නි)
චාමර, කටින් නම් මොනවා කියන්න බැරිද? (නි)
සුදේශ්, මොහුට අධ්‍යාපනය හා බුද්ධිය දෙකම නැති බව කර ඇති වැඩ වලින් සහ කට ඇරියවිට පෙනේ (නි)
උගත්කම බුද්ධිය කුමක් වුණත් මෙතුමාට හොඳ කපටි මොළයක් තිබෙන බව නම් පැහැදිලියි. (නි)
ඔව් ඔව් දේශපාලනය කියන්නේ උගත්කමක් නැතුව පරම්පරා හතකට හරිහම්බ කර ගන්න තිබෙන මාර්ගයක් කියලා දැන ගැනීමෙන්ම කෙනෙකුගේ බුද්ධිමත් බව පේනවා. (නි)
බොහොම උගත් කියලා හිතන මුල් පේළියේ සමහර දේශපාලකයෝ කරන වැඩ දැක්කම උගත්කම මොකක්ද කියලා හිතන්න වෙනවා. ආචාර්ය පදවි තිබෙන අය පවා නිවට ලෙස රට පාවාදීම සඳහා ක්‍රියාකරන ආකාරය පිළිකුල්සහගතයි. දුරදක්නා නුවණක් නැති අය පොත් කියවීමෙන් පමණක් උගත් යැයි සිතීම භයානකයි. (නි)
එහෙනම් දැන්වත් ඒ නතරකරපු තැනින් පටන්ගෙන පාසල් අධ්‍යාපනය අවසන්කළොත් හොඳයි (නි)
රට, ජාතිය, පක්ෂය වෙනුවෙන් මීටවඩා ගොඩක් කැපකීරිම් කරපු ජ.වි.පෙ. එකේ බහුතරයක් ඉහළපෙළ නායකයින් උපාධිධාරින්. අනිත් අයත් හොඳ අධ්‍යපනයක් ලැබූවන්. නටන්න බැරිවුණාම පොළව ඇදයි කියනවානේ!! (නි)
මෙයා මෙච්චර දේවල් දන්නා එකේ ලංකාවේ ලාබෙටම ගන්න තියෙන (සම්මාන) ආචාර්ය තනතුරක් දෙන සංගමයක් මඟින් ආචාර්යකමක් දෙනවා නම් හොඳයි (නි)
අනේද කියන්නේ? අපි නොදන්න බුද්ධිය. (බ)
සමාජයෙන්වත් හැදෙන්නෙ නැහැනේ. හොරකමයි වාචාලකමයි විතරයි තියෙන්නේ. (බ)
එතකොට ජේවිපි කරපු හැමෝම අතරමග ඉස්කොලෙ නැවැත්වවාද? හදුන්නෙත්ති ජපුර. අනුර කුමාරලා විජිත හේරත් කැළණියේ. එච්චරයි මම දන්නේ. මෙයාට විතරක් මොකද වුනේ? (බ)
ලැජ්ජා නැති කම නම් මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා කියනවා. (බ)
වැරදි වයසක් සඳහන් කළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීම භාවිතා කිරීම , නීතිමය වරදක් බව දන්නේ නැති දේශපාලකයාගේ උගත් කමින් වත් බුද්ධියෙන්වත් රටට වැඩක් නැත. (බ)
රටේ ජනතාවට අනුව සමහරකට ජනප්‍රිය දේශපාලකයෙක් වීමට උගත් කමවත්, බුද්ධිමත් කමවත් අවශ්‍ය නොවන බව පෙනෙන්නට ඇත. ජාතිවාදය සහ දේශප්‍රේමය සමඟින් බඩ වියත රැක ගන්නා අයට උතුරේදී වගේම දකුණේද ජනතා ප්‍රසාදය හිමිවෙනවා ඇත. ඒ සඳහා කවරකු නමුත් උගතෙක්ද, බුද්ධිමතෙක්ද, දුෂිතයෙක්ද, මිනිමරුවෙක්ද යන්න ජනතාවට වැදගත් නොවන බවක් කවදත් දකුණේ වගේම උතුරේත් අපි දකින්නෙමු. දකුණේ අපිට විරවංශ මහතා ජාතියේ වීරයෙක් වන්නේ නම් උතුරේ විග්නේශ්වරන් මහතා උතුරේ ජනතාවටද වීරයෙක්වීම අපට අනුමත කිරීමට සිදු වෙනවා ඇත. ශ්‍රීලාංකිකයන් බුද්ධිමත්විම අද රටේ අවශ්‍යතාවයවේ.(හේ)
රටේ සම්පත් නිසියාකාරව ගලායාමට ඉඩ නොදී ඒවා දේශපාලන බලයෙන් තමන්ගේ සුඛවිහරණය පමණක් වෙනුවෙන් එක්රැස් කරගැනීමෙන් රටේ ආර්ථිකයට වදින්නේ මරුපහරක් කියා දකින්නේ කීයෙන් කී දෙනාද? සමහරුන් මොහු අති දක්ෂයෙක් කියා සහතික දෙන්නේ අපේ රටේ මේ සම්පත් අවභාවිත කළ පුද්ගලයාටම වීම කණගාටුවක්. (නි)
පාසැල් අධ්‍යාපනයත් නවත්තලා දේශපාලනය කළා කියන එකෙන්ම තියෙන බුද්ධිය පේනවා. හරියට දේශපාලනය කරන්න ඕනෑනම් හරියට ඉගෙනගෙනත් එන්න ඕනෑනේ. හරියට ඉගෙනීම නොකළ නිසා තමයි මේ නම් වල ප්‍රශ්නයි, පාස්පෝට් ප්‍රශ්නයි, හොරකම් ප්‍රශ්නයි සහ මෙකී නොකී සේරම. (නි)
කොහොමත් අපේ රටේ දේශපාලනය කරන්න ඉගෙනගන්නම අවශ්‍ය නැහැ (නි)
බුද්ධිය ලැබෙන්නේ අාරයෙනි. උගත්කම ලැබෙන්නේ පරිසරයෙනි. මනෝ විද්‍යඥයින්ට අනූව බුද්ධියේ විවිධ ප්‍රභේද තිබේ. අප මිය යනතුරුම ඉගෙනගනී. දුම්රිය එන්ජිම සොයාගත් ජෝර්ජ් ස්ටීවන්සන් වයස 18 වෙනතුරු පාසල් ගියේ නැත. තවත් එවැනි අය ඕනෑතරම් අැත. උගතුන්ට හා බුද්ධිමතුන්ට යන දෙගොල්ලන්ටම නොබෙල් තෑග්ග හිමි වී අැත. ඒ නිසා කළ එක් වැරැද්දකින් පමණක් බුද්ධිය හෝ උගත්කම මැනීම සුදුසු නොවේ. (නි)
බුද්ධියයි උගත්කමයි ගැන පොදුවේ කියන කතාව හරි. නමුත් උගත්කමක් ගන්න බැරිවුණ හැම කෙනා ගැනම, ‘අනේ එයා උගත් නැතිවුණාට බුද්ධිමත්‘ කියන්න බැහැ. ඒකයි මේ බහුතරයක් දෙනා කියන්නේ. (නි)
උගත්කමයි බුද්ධියයි දෙකම නැති වැඩනේ මෙයා කරලා තියෙන්නේ. නම් දෙකයි, වයස දෙකයි, පාස්පෝට් දෙකයි. යල්පැනපු පාස්පොර්ට් අරන් පිටරට යන්න හදනවා. මේවා මොන උගත්කම්ද? මොන බුද්ධිමතාද මේවා කරන්නේ? (නි)
උගත්කම මනින්නෙ සහතික වලින්ද? බුද්ධිය මනින්නේ කරන වැඩ වලින්. කරලා තියෙන වැඩ දැක්කම ඒකත් නැහැ කියලා තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ. (නි)
ජෝර්ජ් ස්ටීවන්සන් නම් දුම්රිය එන්ජිම සොයාගත්තා. මෙයා මොනවද හොයාගත්තේ. කලින් වේදිකා වල කෑගහුවා කියලා විතරක් දේශමාමකයෙක් වෙන්නේ නැහැ. කියන විදියට උගත්කමකුත් නැතුවම ඒ කෑගහපු ඒවට ඇමතිකමක්, සියළු වරප්‍රසාද වැනි තවත් බොහෝ දේ ලබාගත්තා. තුවක්කු බටේ අරන් යුද්ධයට ගිය සෙබළා කොහෙද? කෑගහපු මෙයා කොහෙද? (නි)
කවුද අර දෙක දෙකෙන් බෙදුවහම උත්තරය බින්දුවයි කියලා කියපු උගතා. (නි)
යම් කෙනෙක් යම් සිද්ධියක් හෝ දෙකක් පමණක් මතම තම මතය හරියැයි කෑමොර දීමෙන් ඔහුගේ හෝ අැයගේ බුද්ධියේ හෝ උගත්කමේ දිග පළල මැනගත හැක. ඔවුන් සමග වාද කිරීමට යෑමද අණුවනකමක් ලෙස සිතේ. (නි)
රත්නායක, මම හිත්නනේ මෙතන බොහෝ දෙනා එක් සිද්ධියක් මත සිට නෙමෙයි වසර ගණනාවක් මොහු කරපු කියපු දේවල් අධ්‍යයනය කරලයි මොහුගේ උගත්කම සහ බුද්ධිය ගැන තීරණය අරන් තියෙන්නේ (නි)
ආචාර්ය පදවියකුත් ලැබෙයි ඉස්සරහට (නි)
කොහොමත් ලංකාවේ දේශපාලනය කිරීමට ඡන්දය ඉල්ලීමට 1977 පසු උගත් කමක් බලපාන්නේ නැහැ. කෙසේ සොයා ගත් මුදල් වියදම් කිරීමට තිබීමත් ඡන්ද දායකයන්ගේ සිත් ආකර්ෂණය කරන්න බොරු කීමට හැකියාවත් , තිබුණොත් ප්‍රමාණවත් , එය අද පාර්ලිමේන්තුවේ ඉන්නා අය ගෙන බැලුවාම වැටහෙනවා (අ)
උගත්කම හරි බුද්ධිමත්කම හරි ගැන පොදුවේ කතා කරනන ඕනෑ දන්නෙ නැති අය ගැනනේ. මෙයා ගැන, කළ වැඩ ගැන, කතාකරන පිළිවෙල, පවුලේ අය ගැන සේරම අපි මේ වෙනකොට දන්නවනේ. ඒවායින් තිරණය කරන්න පුළුවන් තරම කොහොමද කියලා. (නි)
බිලියනපතියකු වීමට උගත්කමක් අවශ්‍ය නැති බවට හොඳ උදාහරණයක් (නි)
හොද වෙලාවට නැත්නම් කරන හොරකම් බිලියන ගණන් වෙනවා . ලක්ෂ ගණන් වලින් බේරුනේ අපේ වාසනාවට (අ)
මොනවා නැතිවුණත් හොරකම් කරන්නයි, බොරු කියන්නයි, වංචා දුෂණ වලටයි ලෝක ශූරයෙක් (නි)
උගත්කම එකම මිනුම් දණ්ඩ කරගන්න එපා. 88-89 කලේ පාසල් වලට යන්න තත්වයක් තිබුනේ නැහැ. අපි බොරු උගත්කමට වැඩිය සැබෑ දක්ෂයාට තැන දියයුතුයි (නි)
අනේ මේ සම්පත් එතකොට 88-89 කාලයේ ලංකාවේ කවුරුවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ? එතකොට ඒ කාලයේ කලබල ඇති කලේ පිටරටින් ආපු දේශපාලන පක්ෂයක්ද ? (හේ)
රාජපක්ෂලා රකින්න දස දහස් ගණන් ජනතාව පාරට බහින යුගයක විමල් වීරවංශ වැනි මිනිහෙකුට රටේ තැනක් නැති විය හැකිද? (බ)
මෙතන අදහස් දක්වල තියෙන අයගෙන් සරත්ට විතරයි රටට වෙන්න යන විපත ගැන අවබෝදයක් තියෙන්නේ. වීරවංස උපාදි ගත්තද නැද්ද කියන එක නෙමෙය් වැදගත් වෙන්නේ. අපේ හමුදාවට කොටි පරාජය කරන්න පුළුවන් කියන ස්ථාවරයේ දිගටම හිටිය. වර්තමාන ආණ්ඩුව අපේ රට දෙකට බෙදන්න හදනවට විමල් විරුද්ද වෙන්නේ අපි ඔක්කොම වෙනුවෙන්. මම එක අගය කරනවා. (අ)
ගිනිගෙඩි දෙන්න ඔය උගත්කම හොඳටෝම ඇහි
කසිප්පුකාරයන් පාර්ලිමේන්තුවට අරින, ලිවීමට හා කියවීමට හැකියාව ඇති ජනතාවක් ගැන පුරාජේරු කියන මෙවැනි රටක ඇමතියෙක් වීමට ඔබට ඇති සුදුසුකම් ඕනෑවටත් වැඩිය. (නි)
අශෝක, යුද්ධය කළේ කවුරුවත්. ළකුණු දාගන්නෙ කවුරුවත්. මෙයා මොනවද කළේ. වේදිකාවල කෑගැහුවට යුද්ධයට උරදුන්නයි කියන්න බැහැ. ඒ අහිංසක සොල්දාදුඅවො පැල්පත් වල. (නි)
කසිප්පුකාරයන් පාර්ලිමේන්තුවට ගියා කියලා මෙයාට සුදුසුකම් ඇතිවෙන්නේ නැහැ. කසිප්පුකාරයනුත් වැරදයි. මෙයත් කරලා තියෙන ඒවා වැරදියි. (නි)
අශෝක, මමත් අපේ හමුදාවට කොටි පරාජය කරන්න පුළුවන් කියන ස්ථාවරයේ දිගටම හිටියා. වර්තමාන ආණ්ඩුව අපේ රට දෙකට බෙදන්න හදනවට විරුද්ධයි. ඒ නිසා ඔයා මාවත් හරි උගතෙක් විරවරයෙක් කියලා හිතාගන්නකෝ. අනේ ඇත්තට ඔයාගෙ මිනුම් දණ්ඩ? (නි)
අනේ ඉතින් පාස්පෝට් දෙකක උබන්දින දෙකක් දාන්න එපා කියලා අවවාදයක් දෙන්න දන්නෙ නැති කෙනානේ. අනෙක්වා ගැන කවර කතාද? (නි)
මෙයාගෙ උගත්කම පෙනෙනවා. මහින්ද මහතාට උපදෙස් දීලා කරපු හරිය මදැයි. (නි)
කට වසාගෙන සිටිනාතාක් මෝඩයාද පණ්ඩිතයෙකි. (නි)
විමලට නිර්දය ලෙස බැණවදිමින් මඩ ගැසීමට හැකි අය බොහෝ අැසූපිරූ තැන් අැති, කිසි දිනෙක වැරැද්දක් තියා අත්වැරැද්දක්වත් නොකළ, බුද්ධිමත් ඒ වගේම පරතෙරට උගත් බහුශ්‍රැතයන් පිරිසක් බව මට තේරුම් යමින් තිබේ. (නි)
දැන් මොකටද ඔය කතා? (නි)
දැන් ඕවා ගැන කතාකරලා වැඩක් නැහැනේ (නි)
පන්තියකට දෙකකට ගිහිල්ලා වාචාලකම මුඛරිකම ඉගෙනගෙන වේදිකාවල පණ්ඩිත කතා කියන තව අය ඉන්නේ. සමහරු තව පක්ෂත් හදාගෙන ඉන්නේ ලොකු පොරවල් වගේ. විමල්ට ඔලුව තියෙනවා. එ්ක සාටකයෙන් වැහිලා. (නි)
ඇයි එහෙම කියන්නේ? එතුමා ගැන දුකයි (නි)
මහින්ද මහතාවත් කෑවේ මෙයාලා තමයි (නි)
වාචාලකම බුද්ධිමත් දෙයක් හැටියට හිතන පිරිසකුත් මෙතන ඉන්නවා. (නි)
ඔළුවක් නම් ඇති. ඒත් මොළයක් තිබෙනවද කියන එකයි ප්‍රශ්නය (නි)
මෙතන මඩ ගගහා ඉන්නෙ නැතුව පුලුවන්නම් මනෝවිද්‍යාඥ හාෙවාර්ඩ් ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය අධ්‍යයනය කරන්න. බුදුදහමෙත් ඒ ගැන තියෙනවා. පාට කණ්ණාඩි වලින් හැමදෙයක්ම බැලුවොත් බුද්ධිය යටපත් වෙනවා. (නි)
ජවිපෙන් පන්නරය ලැබූ බොහෝ දෙනා ජනප්‍රිය චරිත වූ පසු ජවිපෙටම ගරහන ගුණමකුවන් වීම කණගාටුවට කරුණකි. සමාජයෙන් කොන්වී ඉබාගාතේ ගිය ඔවුන්ට පරිණතකම, වටිනාකම් හා ජනප්‍රියත්වය ලැබුනේ ජවිපෙනි. ජවිපෙ කැපවීම හා සංස්‌කෘතිය දරාගත නොහැකි දුර්වලයෝ පක්ෂයෙන් පළායති. (නි)
එතුමාට ඉහළට ඉගෙනගන්න නොලැබීම අපේ අවාසනාව. මහින්දලාගේ වාසනාව. (නි)
අනේ ඉතින් අපේ රටේ දේශපාලකයෝ ඔයහැටි ඉගෙනගන්නේ මොකටද? (නි)