වල් අලි රංචු ගම්මාන වලින් පලවා හරින ලෙස ඉල්ලමින් පුත්තලම කුරුණෑගල මාර්ගය ගල්කුලම හන්දියෙන් සම්පුර්ණයෙන් වසා දමමින් 1000 කට ආසන්න ජනතාවක් විරෝධතාවයක් ඇරඹූහ.
ජනතාව පවසා සිටින්නේ වග කිව යුතු බලධාරින් පැමිණ මේ සඳහා නිසි විසදුම් ලබා දෙන තුරු මාර්ගයෙන් ඉවත් නොවන බවයි. මෙම විරෝධතාවය නිසා මේ වන විට ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වි ඇති බව පුත්තලම පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනුවර මහල් නිවාස වල වාසය කරන අය මේ අහිංසක මිනිසුන් පණ රැකගන්න විඳිනා ගැහැට ගැන මොනවද දන්නේ. මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. මහල් නිවාස වල ඉඳගෙන හේන් ගොවිතැන් කරන පිළිවෙලත් මේ අයට කියලා දෙන්න මහත්වරුනේ. (නි)
අක්කර දහස් ගණන් කැලේ එළිපෙහෙළි කර නිවාස තනනවාට වැඩිය නරකද ඒක අවම කරගෙන තට්ටු නිවාස ක්‍රමයක් මෙවැනි දුෂ්කර පළාත් වලත් ක්‍රියාත්මක කළා නම්. සතුන්ගේ නිජබිම් ආක්‍රමණය කරද්දී එහෙම දේවල් වෙනවා. අනික මේ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනෑ. නිවාස අධිකාරියෙන් මේවට නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් බොහෝදුරට මේ ප්‍රශ්න විසදේවි. (නි)
ගුණේ, තට්ටු නිවාසවල ඉදගෙන ඔලුව උඩද හේන් කොටන්නේ. මේ මිනිස්සු වගා නොකළොත් ඔය පණ්ඩිතයෝත් බඩගින්නේ තමයි (බ)
හැමදේටම බෝඩ් ලෑල්ලක් එල්ලාගෙන නටන එක විගඩමක් කරගෙන. (නි)
වල් අලි කාටද මේ අවනඩුව කියන්නේ? (නි)
අලුත් ජනාවාස එපා. මිනිසුන්ට අවශ්‍ය ගෙවල්, තට්ටු ගෙවල් ක්‍රමයට සාදා දෙන ක්‍රමයක් ඕනෑ (ම)
මෙතන කැලේ නීති විරෝධීව එළි කරන අය, දඩයම් කරන, අලි වැටේ කම්බි කපන් විකුණන, තුවක්කු බඳින කීදෙනක් ඉන්නවද? (බ)
පාථක ඔබ මේ හැටලුවට විසදුම් දෙන්න එපා. ඒවා ක්‍රියාත්මක කිරීමට බලයක් වත් ගැටලුව ගැන හරි අවබෝදයක් වත් ඔබලාට නැහැ. මේ මිනිසුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහ අඹුදරුවන්ගේ පණ නල රැක ගැනීමට පිහිටක්. එය ඉතා සාධාරනයි. (බ)
වල් අලින්ට අයිති කැලේ එළිකරලා පදිංචිවුණ මිනිසුන්වයි එළවන්න ඕනෑ (නි)
දැන් හැම එකකටම පාර වහගන්න එක තමා මුලින්ම කරන්නේ. ලංකාව වගේ රටකට මේ නිදහස ඔරොත්තු දෙන්නේ නැහැ වගේ (නි)
කුරුණෑගල - පුත්තලම පාර කියන්නේ සියවස් ගණනක් අලි ගමන් කරපු පාරක්. සුද්දාගේ කාලේ මහා මාර්ගයක් හැටියට දියුණු කරලා හදාපු එකක්. ඇල්ල වැල්ලවාය පාරත් එහෙමයි (නි)
අපේ රටේ ඕනෑතරම් උද්ඝෝෂණ කරනවා. බොහෝ ඒවා දේශපාලන වාසි ගන්න. තවත් ඒවා පවතින රජය අඩපණ කරලා ජනතවට වැඩක් කරන එක වළක්වන්න. තවත් ඒවා හොරු රැකගන්න. කණගාටුවකට තියෙන්නේ මේ හැම එකකම අපේ හාමුදුරුවන් පෙළගැසී සිටීමයි. එහෙත් මේ අහිංසක ජනතාවගේ ඉල්ලීමට කරන උද්ඝෝෂණයට නම් කිසිම හාමුදුරුනමක් නැහැ. මේ මාර්ගයේ සවස් වනවිට අලි පාර අද්දරට එනවා. ඇවිත් උදේ වෙනතුරු ඉන්නවා මමත් දැකලා තියනවා. හැම රජයක්ම මේ අලි වැටවල් සඳහා කටයුතු කළාට අධීක්ෂණය කරන්න කෙනෙක් නැහැ. මේවා අත්විඳින අය විතරයි මේ දුක දන්නේ. අනෙක් අය මේවා තේරුම් ගන්නෙත් නැහැ. ගන්න උවමනාවකුත් නැහැ (නි)
රජින්ද හරියටම හරි. සත්ත්ව නිජබිම් ජනාවාස වීම නිසා ඔය ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. (නි)
අපේ මිනිසුන්ට කරන්න වැඩ නැති නිසා, විරෝධතා වලට ඕනෑතරම් කාලය තියෙනවා (නි)
කිරි එරෙන්න නම් අඬන්නම ඕනෑ කියනවනේ (නි)
ගුණේ, ඒ අහිංසක මිනිසුන්ට එහෙම කතාකරන්න එපා. ඔබට හැකියාවක් තිබේ නම් ඒ මිනිසුන්ට තට්ටු නිවාස ටිකක් සාදා දෙන්න (නි)
හොඳම විසඳුම තමා මිනිසුන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අහිංසක වන අලින් ජීවත් වූ ප්‍රදේශ වලින් මිනිසුන්ව ඉවත් කිරීම. කිසිදු වනජීවී නියාමනයක් හෝ සංරක්ෂණයක් නිසි ආකාරව සිදුනොවන එකට අහිංසක සතුන් මක් කරන්නද? (නි)
සහෝදරයෙනි , තිරිසන් සතුන් නිසා ඇතිවන දුෂ්කරතාවයන්ට තිරිසන් ගත සතුන් ආකාරයටම විසඳුම් සොයන්න මහන්සි ගැනීමෙන් පලක් නැහැ. අපිට ජීවත්වෙන්න වෙලාතියෙන්නේ පුංචි රටක. ජනග්‍රහණය නිරන්තරයෙන් වැඩිවෙනවා. මිනිස්සු වනය දෙසට ගමන් කරවනවා වෙනුවට තට්ටු නිවස දෙසට ගමන් කෙරුවොත් මේ ප්රශ්නය විසඳෙයි (නි)