අම්පාර දිස්ත‍්‍රික් මායිමේ පිහිටි මඩකලපුවට අයත් මංගලගම නිවසක් වල් අලින් විසින් බිමට සමතලා කර දමා තිබේ.
දින තුනක් ඇතුළත නිවාස හතරකට දැඩි හානි සිදු කැර ඇති බව ගම්වාසීහු කියති.
නිවසේ හිමිකරු එස්. එල් .සෝමවිර සිවිල් ආරක්ෂක භටයෙකි. ඔහු දෙදරු පියෙකි.ඔහු කියනුයේ මිදුලේ අඹගස හැරුණු විට අන් සෙවනක් නැති බවයි. අලින්ගෙන ගම්මානයට සිදුවන හනි පිළිබද වසර ගණනාවක් තිස්සේ රජය දැනුවත් කළද කිසිදු පිළිසරණක් නැති බව ගැමියෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මේ පෙන්වන්නේ මේවා අපේ භූමිය කියලා නේද? හැබැයි ඉතින් දැන් අලින්ට මේවා දීලා අපිට යන්නත් තැනක් නැහැ. සාමදානෙන් සහයෝගයෙන් ඉන්න බැරි නම් ඉතින් අලින්ටත් බෙහෙතක් දෙන්න වෙනවා (නි)
කෝ දැන් අර ගිරිය පුප්පාගෙන කෑගහන අය? එයාලට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
ඇති උතුම් දළදා කරඬුව වඩම්මවන අලියාත් අති උතුම් මිනිස් භාව ලැබූ මිනිසාත් යන දෙගොල්ලවම ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් සකස් වේවා කියා මම ප්‍රර්ථනා කරමි (නදී)
අනේ හොඳ වැඩේ (නදී)
තිලක්,අජිත් මහත්වරුනි ඔයාල ලියන දේවල් කරපුවම උත්තමයන්ගේ සාක්කුවට කීයක්වත් වැටෙන්නේ නැහැ,විරුද්ධ දේශපාලකයින්ට මාතෘකා නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ. (ස)
ගෙහිමියාට අඹ සරණයි! (නදී)
අලින්ගෙන් අපිට මොනතරම් ලාබ ලැබෙනවද ? ඔන්න ඔහේ නිකන් ඉමු අලි මරන්නේ නැතිව ඕකත් සත්ව හිංසනයක් නේ ? (නදී)
තිලක්, අලි එන මඟ අහුරන්න හොඳම වැට හණ වැට නම් තමයි.ඒත් කෝ කවුරුවත් ඒවාගේ වියදම් අඩු, නඩත්තුව නැති ව්‍යාපෘති වලට කැමති නැහැනේ. මේක රටේ සහ ජනතාවගේ පුරුවේ කරුමය. අතීතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වල මෙම වැටවල් යොදා තිබුනා. ඉතා සාර්ථක හණ වැටක් ඌව පරණගම, උඩුහාවර වන වගාව වටේට තිබුනා.එහෙ අලි නැතත් ඒක වගාවේ ආරක්ෂාවට සුදුසු ලෙස වැවී තිබුනා. පුත්තලමේ කරුවලගස්වැව නීල බැම්ම ව්‍යාපාරයේ ඇල මඟ වන අලින්ගෙන් රැකගන්න තල් වැටක් යෝජනා වෙලා ක්‍රියාත්මක කළා. ඒක අසාර්ථක වුණා. එම නිසා තිලක් කියන පරිදි හොඳම සහ වියදම් අඩු, පහසු මෙන්ම සුදුසු වන්නේද හණ වැට ඉදිකිරීමේ ව්‍යාපෘතියකි. (නි)
අලින්ට නම් කිසිම අනුකම්පාවක් නැහැ වගෙයි (නි)
රජය කරන්නේ ඡන්දයක් තියනවනම් පමණි (අ)
රජයේ පිහිට ලැබේවා! (නි)
කෝ මේ වන ජීවී ඇමති සහ නිවාස ඇමති? මේ මිනිස්සු දුක් විඳිනවා. (ස)
සත්තුත් ඉන්න ඕනෙනේ (දී)
තිලක් ගේ යෝජනා සාර්ථකනම් එමජනයට ඒවා ප්‍රයෝජනවත් වේවි , අපේ රටෙත් පැරණි පාරම්පරික ක්‍රම ඇති , නමුත් රජයෙන්ම නිකන් කෙරෙනකම් බලන් ඉන්නවනේ, එම දේවල් ගැන රජයවත්, ජනතාවවත් උනන්දුවක් නැත, (දී)
මේ අසරණ ජීවිත ගැන හද පතුලෙන්ම දුක් වෙනවා! සතුන්ටත් හිංසාවක් නොවේවා! ලංකාවේ සමහර පුද්ගලයන් අලින්ගේ වලිග කපල හානි කරලා තිබුණු කම්පා දනවන ප්‍රවෘත්තියකුත් දැක්ක. සතියකට පමණ කලින්. එහෙම කරන්න එපා උන්ට. තෙරුවන් සරණයි. (ස)
තිලක් ... කෙන්යාවේ මිරිස් වැටවල් ගැහුවට ලංකාවේ මිරිස් වැටවල් ගැහුවොත් නියමෙට තියෙයි ... අලි නම් දුවයි ... හැබැයි දැන් කාලේ මිරිස් වල ගානේ හැටියට මිරිස් වැට එක රැයක් ඉතුරු වෙලා තිබුනොත් තමයි පුදුමේ .... බැංකු කඩන හොරුත් බැංකු කැඩිල්ල නවත්වල මිරිස් වැටවල් හොයන් යයි ... අනික මේ වගේ දුප්පත් මිනිස්සුන්ට මිරිස් වැටක් ගහන එක සිහිනයක් දැන් කාලේ හැටියට ....තව එකක් තමයි මේ ගේ කඩල තියෙන විදිය දැක්කම නම් කකුල් 4 අලියෙක් නම් වෙන්න බෑ ඕක කඩල තියෙන්නේ ...(ස)
අලි එනවට කෙන්යාවේ ලනුවක මිරිස තවරලා විදුලි වැට වගේ වැටක් හදනවා මාසයක් විතර මිරිස් සැර තියෙන බවත් අලි එම ලනුව ලඟට ඇවිත් සැර දැනිල ඉවත්ව යන බවත් රෑපවාහිනි වැඩසහනක එකක තිබුණ. අපේ රටෙත් මේක අත්හදා බලන්න ගැමියන්ට පුළුවන්. සාමාන්‍ය කොහු ලනුවක් හොඳයි. තව අර හණ කියල ලොකු අන්නාසි ගස් වගේ ගස් වර්ගයක් තියෙන්නේ ඒවා වැටක් වගේ වැවුවම නම් අලින්ට එන්න බෑ. ටිකක් කල්යන වැඩක් වුනත් ඉතා සාර්ථකයි. (අ)
වෙඩි තියන්නි තියන්නේ මිනිස් ජීවිත අලියට වෙඩිය වටිනවා .....i (අ)