IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වැලිකඩ බන්ධනාගර රෝහලට නව අක්ෂි ශල්‍යාගාරයක්

(ඉන්දිකා රාමනායක)

ඇසේ සුද රෝගයෙන් පෙළන බන්ධනාගාර රැඳවියන්ගේ ඇගේ සුද ඉවත් කිරීමේ ශල්‍යර්ම සිදු කිරීම සදහා  අද (18) බන්ධනගාර රෝහලේ විශේෂ ශල්‍යාගාරයක්  විවෘත  කර ඇත.

අද දිනය තුළ  ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 25 ට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගර ගත ව සිටින   රැ`ඳවියන්ගෙන්  වැඩි ප්‍රමාණයක් අක්ෂි ආබාධ  වලන්  පෙළෙන බවත්  ඉන් වැඩිම ප්‍රමාණයක් ඇසේ සුද හටගැනීමේ රෝගයෙන් පෙළෙන බවත් හෙතෙම කීය.
ඇසේ සුද රෝගයෙන් පෙළන සිරකරුවන් සහ සැකකරුවන්   ට ඇසේ සුද  ඉවත් කිරීමේ ශල්‍යකර්ම  සදහා   බන්ධනාගාර නිලධාරීන් මෙතෙක් ඔවුන්  ඇස් රෝහල වෙත යොමු කළ බවද හෙතෙම කීය.

අක්ෂි රෝහලේ  අධ්‍යක්වරයා  , සහකාර වෛද්‍ය අධ්‍යක්ෂ , බන්ධනාගර කොමසාරිස් ජනරාල්වරයා  ඇතුලු පිරිස සමග සිදුකළ  සාකච්ඡාවක ප්‍රතිපථයක් මත  අද දිනයේ   මෙම ශල්‍යාගාරය විවෘත කළ බවද   මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මින් ඉදිරියට කොළඹ බන්ධනාගරය ඇතුලු සියලු බන්ධනාගර  රැඳවියන්ගේ සහ සිරකරුවන්ගේ ඇගේ සුද ඉවත්  කිරීමේ ශල්‍යකර්ම සදහා ඔවුන් වැලිකඩ රෝහලට මාරු කර  ඔවුන්ට  අවශ්‍ය ශල්‍යකර්මය සිදුකළ හැකි බවද  හෙතෙම කියා සිටියේය.

 මෙම   බන්ධනාගර සෞඛ්‍ය ක්ෂෙත්‍රය    මගින් සිදුකළ ඉතා වටිනා සේවයක් වශයෙන් හිදින්විය හැකි  බවද  හෙතෙම කීය.

මෙම  ශල්‍යකර්ම  සදහා රෝගීන් රෝහල් ගත කිරීමේ දී  ආරක්ෂාව ලබා දීමට විශාල නිලධාරීන් පිරිසක් යෙදවීමට සිදුවන බවත්,  ඒ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ඇතුලු විශාල කාලයක් යෙදවීමට සිදු වු බවද  හෙතම සඳහන් කළේය.

නව අක්ෂි ශල්‍යාගාරය  විවෘත කිරීමෙන් රෝගියා  වෙනුවෙන්  යොදවන නිලධාරීන් ප්‍රමානය හා  කාලය සියල්ල  ඉතිරි වන බවද   ඒකනායක මහතා කියා සිටියේය.

බන්ධනාගර ප්‍රධාන වෛද්‍යවරියගේ සහ   බන්ධනාගර සහකාර අධ්‍යක්ෂක  (වෛද්‍ය)  වරයාගේ  උපදෙස් හා  මෙහෙවීම මත,  කොළඹ අක්ෂි රෝහලේ  අධ්‍යක්ෂවරයා විසින්  අද දිනයේ මෙම අක්ෂි ශල්‍යාගාරය විවෘත කළ බවද  චන්දන ඒකනායක  මහතා වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

වැලිකඩ බන්ධනාගර රෝහලට නව අක්ෂි ශල්‍යාගාරයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 560 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1874 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1475 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1433 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 927 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 719 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25635 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site