IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරියේදී

(මනෝප්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස  තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් අවසන්වී දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්කිකරුවන් බොහෝ දෙනෙකු සාක්කි දී ඇති හෙයින් එම සාක්කි විශ්ලේෂණය කිරීම ඇතුළු කරුණු යෙදී ඇති හෙයින් දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙමින් තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය ජුරී සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස එවකට නීතීපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතු`ථ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඇතු`ථ රජයේ නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.

නියෝමාල් රංගජීව නමැති විත්තිකරු වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද පෙනී සිටියහ.



අදහස් (2)

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව ජනවාරියේදී

Ranjit Friday, 10 December 2021 06:36 PM

අපිට නම් හිතාගන්න පුළුවන්. දැන්මම කියන්නද?

:       0       0

Royfedricks Saturday, 11 December 2021 02:43 AM

අධිකරණය මොන තීන්දුවක් දුන්නත් අධිකරණයටත් ඉහළින් සිටින වනචාරීන් අපරාධකරුවන්ව අනිවාර්යයෙන්ම රැකගන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 117 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 198 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 745 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 553 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1269 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 651 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site