“වැලිකන්ද රෝහලේ භෞතික සම්පත් තිබුණට මානව සම්පත් නැහැ.මළසිරුරු තබාගන්න පහසුකම් නැහැ.බොහෝ වෙලාවට සිරුරු පොළොන්නරුවට රෝහලට යවන්න වෙලා තියෙන්නේ.වෙලාවට වැඩ සිදුවන්නේ නැහැ.වැලිකන්දේ ජනතාවට කරන ලොකුම සේවය තමා මේ අඩුපාඩු හදලා දෙන්න.ඔබ තුමියට පිංසිද්ධ වෙයි.“
වැලිකන්ද සුසිරිගම ජංගම වෛද්‍ය සායනයට සහභාගි වු මොහොතේ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මියගෙන් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානාධිපති දෙල්විට මෙත්තාලංකාර නාහිමියෝ සහ සේරුපිටිය ආනන්ද නාහිමිවරු මෙම ඉල්ලීම කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහතාගේ පවුලත් මෙහෙම ගිහිල්ලා රාජපක්ෂ පවුල වගේ වෙයිද දන්නේ නැහැ. රටේ උගත් නිලධාරීන් ඕනෑතරම් ඉන්නවා සැළසුම් කරලා වැඩකටයුතු කරගෙන යන්න. (නි)
ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය මෙතනට ආවේ කුමන රාජකාරියක් සඳහාදැයි දැනගන්න සතුටුයි (නි)
මෙහෙම ප්‍රශ්න රටේ තව කොච්චර ඇද්ද? (නි)
ඇය මේකට පිළියමක් ලබාදෙන බව විශ්වාසයි (නි)
පිළිවෙලක් තියෙන ගැහැණු දරුවෙක් වගේ පෙනෙන්නේ නම්. දේශපාලනයට එන්න එපා. එළියේ ඉඳලා මිනිසුන්ට උදව් කරන්න නෝනා ! පින් සිද්ධවෙනවා (නි)
අපි බලමු දැන් මේකට ගන්නා පියවර මොකක්ද කියලා (නි)
කොළඹට එක්රැස් වෙන්න හදන දොස්තරලව ලංකාවේ හැම පැත්තකටම යවන්න බැරි ඇයි. ලංකාවේ පරිසරයට, ලංකාවේ සංස්කෘතියට නොගැළපෙන අධ්‍යපන ක්‍රමයක ප්‍රතිඵල. (නි)
හොඳ ප්‍රශ්නයක්.(හේ)
ලංකාවේ සංස්කෘතියට නොගැළපෙන අධ්‍යපන ක්‍රමයක ප්‍රතිඵල නොවෙයි හලෝ කොන්ද පන නැති පරිපාලකයන්ගේ වැඩවල ප්‍රතිපල. (ම)