නවසීලන්තයේ වෙලිංටන් අගනුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වස් පින්කම විහාරාධිපති වැලිමඩ ජිනාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
වෙලිංටන්හි පදිංචි ශ්රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් සමග නවසීලන්තයේ පාමස්ටන් නෝර්ත්, නේපියර්, හෙස්ටින්ස්, හැමිල්ටන් යන ප‍්‍රදේශවල පදිංචි ශ්රී ලාංකික බෞද්ධයන් විසින් සංවිධානය කැරුණු මේ කඨින පූජෝත්සවයට කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනාධිපති පානකාවේ ධම්මරතන හිමියෝ ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ.
නවසීලන්තයේ ප‍්‍රධාන සංඝනායක සහ ඕක්ලන්ඞ් හි ශ්‍රී ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ, ක‍්‍රයිස්ට්චර්ච්හි සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරතන, හැමිල්ටන් මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ නායක දුනුවිල මෛත්‍යය හිමිවරුන් සමග නවසීලන්ත සහ කාම්බෝජ, ලා ඕස් තායිලන්ත ජාතික ස්වාමීන් වහන්සේලාද මේ පින්කමට වැඩමකැර සිටියහ.
කඨින පූජෝත්සවය පැවැත්වූ දිනට පෙර දින පැය දෙකක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වූ අතර කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලැබුයේ ශ්‍රී ලංකාවෙන් වැඩම කළ පානකාවේ ධම්මරතන හිමියන් විසිනි.
නවසීලන්ත ජාතිකයින් පිරිසක්ද මෙම කඨින පිංකම සඳහා සහභාගි වී සිටියහ.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු.බුදුගුණ අනන්තයි. අගනා පුණ්‍ය කර්මයක්. මේ සත්ක්‍රියාවට ඇත හිත දුන් සියලුමදෙනාට පින්සිද්දවෙවා. (දී)
සාධු....සාධු....සාධු....(දී)
තෙරුවන් සරණයි (දී)