නවසීලන්තයේ වෙලිංටන් අගනුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වස් පින්කම විහාරාධිපති වැලිමඩ ජිනාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. වෙලිංටන්හි පදිංචි ශ්රී ලාංකික බෞද්ධයින් විශාල පිරිසක් සමග නවසීලන්තයේ පාමස්ටන් නෝර්ත්, නේපියර්, හෙස්ටින්ස්, හැමිල්ටන් යන ප‍්‍රදේශවල පදිංචි ශ්රී ලාංකික බෞද්ධයන් විසින් සංවිධානය කැරුණු මේ කඨින පූජෝත්සවයට කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනාධිපති පානකාවේ ධම්මරතන හිමියෝ ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. නවසීලන්තයේ ප‍්‍රධාන සංඝනායක සහ ඕක්ලන්ඞ් හි ශ්‍රී ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ, ක‍්‍රයිස්ට්චර්ච්හි සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරතන, හැමිල්ටන් මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ නායක දුනුවිල මෛත්‍යය හිමිවරුන් සමග නවසීලන්ත සහ කාම්බෝජ, ලා ඕස් තායිලන්ත ජාතික ස්වාමීන් වහන්සේලාද මේ පින්කමට වැඩමකැර සිටියහ. කඨින පූජෝත්සවය පැවැත්වූ දිනට පෙර දින පැය දෙකක පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වූ අතර කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලැබුයේ ශ්‍රී ලංකාවෙන් වැඩම කළ පානකාවේ ධම්මරතන හිමියන් විසිනි. නවසීලන්ත ජාතිකයින් පිරිසක්ද මෙම කඨින පිංකම සඳහා සහභාගි වී සිටියහ.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙලිංටන් පන්සලේ වස් පින්කම
සිරිමල් Monday, 03 December 2012 01:15 AM
සාදු සාදු.බුදුගුණ අනන්තයි. අගනා පුණ්‍ය කර්මයක්. මේ සත්ක්‍රියාවට ඇත හිත දුන් සියලුමදෙනාට පින්සිද්දවෙවා. (දී)
ලංකා Monday, 03 December 2012 03:48 PM
සාධු....සාධු....සාධු....(දී)
යසිත Wednesday, 05 December 2012 04:07 PM
තෙරුවන් සරණයි (දී)