ගයිරිනෝප්ස් වල්ල හෙවත් වල්ලපට්ට ශාඛය අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය යුතු යැයි ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. පෙරදිග රටවල්වන මලයාසියා, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල අගිල් වශයෙන් භාවිතා කරන සුවිශේෂ වූ සුවඳ වර්ගය, නිෂ්පාදනය කරන්නේද මෙම ශාකයේ කඳ ප‍්‍රදේශයෙන් දිලීරයන් සේ නිකුත් කෙරෙන දුම්මල වැනි දේකිනි. වල්ලපට්ට ශාඛය මෙරට තෙත් කලාපයේ තිබෙන අතර මෙම ශාඛයේ වටිනාකම සම්බන්ධව එතරම් පිරිසක් දැන සිටියේ නැත. ලී ග‍්‍රෑමයක් ඩොලර් පහක් (රුපියල් 650) පමණ වටිනා කමක් තිබෙන බවද විජේසුන්දර මහතා පවසයි. තර්ජනයට ලක්වූ ශාඛ ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට පවා මෙම ශාඛය නිර්දේශ වී ඇති හෙයින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡුා කර මෙම ශාඛය සම්බන්ධව ඉදිරියේදී සංරක්ෂණ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමත් රට සල්ලි උපයා ගැනීම හැකි බවද ඔහු කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ විනාසයි. දැන් මුලක්වත් තියන එකක් නෑ අපේ අය (ස)
සල්ලි හොයන්න කියලා ගස් ඔක්කොම මපන්න නම් එපා (දී)
මේ ශාකයේ විද්‍යාත්මක නම කුමක්ද (දී)
එහෙනම් ඉතින් අපි ගොඩ (ස)
හොද විදිහට යොදා ගත්තොත් හොදයි (දී)
අපටත් බලාගන්න පින්තූරයක් දැම්මනම් තමා වැඩිය හොඳ....(ස)
සල්ලි හොයන්න ගස් කපන්න නම් එපා (දී)
ඒ ශාකය අපි රැක ගන්න ඕනේ (දී)
වටිනා ශාකයක්. පරිස්සම් කර ගම්මු(දී)
මම මතුගම. අපේ පැත්තේ වල්ල ගස් කියනඒවා ඔනෑතරම් වැවෙනවා. හරි ඉක්මනට. ඔයතරම් වටිනවා නම් වවන්න බැරිද. අපි ඒවා ගන්නේ කිතුල් මල් වෙලන්න විතරයි. ලීය ඉක්මනට දිරනවා (දී)
මෙකේ වටිනාකම සාමන්‍ය ජනතාවට කිව්වම හෑම මිනිහෙක්ම මෙම ගස් ජාතිය රට පටවන්න බලයි..... (ස)
"මෙකේ වටිනාකම සාමන්‍ය ජනතාවට කිව්වම හෑම මිනිහෙක්ම මෙම ගස් ජාතිය රට පටවන්න බලයි....." විධිමත්ව වගාකරලා රට පටවන්න පුළුවන් නම් මොකක්ද ඉතින් එකේ ඇති වරද? අපි ඔය කුරුඳු වලටත් කරන්නේ ඒකමනේ. එත් මම හිතන්නේ අපි ඔය දකින සුලභ 'වල්ල' ශාඛය මේ කියන ගයිරිනොප්ස් ශාකය නෙවෙයි කියලා. මේ පැතිවල තියෙන ගහේ නම් සැලකිය යුතු සුවඳක් නැහැනේ... (දී)
දැන් ඉතින් පුදුම තරඟයක් තියේවි ඉස්සරහට ........(ස)
ශ්‍රියානි හරියට හරි (ස)
අපි මේවා දරට ගන්න ගොඩක් ගස් විනාශ කළා. එහෙත් දැන් වටිනාකම දන්න නිසා ගස් කපන්නෙ නැහැ (නි)