අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධීවරයකු වෙරළ තීරයේ මළ පහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
පොලිස් ඇප මත මුදා හළ ඔහු පවසා ඇත්තේ ගෙදර වැසිකිළියේ කාර්යය බහුලත්වය නිසා ඒ කාර්ය සඳහා වැල්ලට පැමිණි බවයි.
අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධීවරයකු වෙරළ තීරයේ මළ පහ කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
පොලිස් ඇප මත මුදා හළ ඔහු පවසා ඇත්තේ ගෙදර වැසිකිළියේ කාර්යය බහුලත්වය නිසා ඒ කාර්ය සඳහා වැල්ලට පැමිණි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකවත් නිදහසේ කරගන්න ඒ මනුස්සයට ඉඩදීපල්ලා දෙයියනේ (දී)
පොලිසියේ මහත්වරු ඉඳහිටලාවත් වැඩක් කළා කියලා පෙන්වන්න එපායැ. දැන් ඔය නඩු භාණ්ඩ කොහොමද ඉදිරිපත් කළේ? (නි)
දැන් ඉන්න රාලහමිලාට ගොඩාක් මුල අමතක වෙලා (දී)
නඩු භාණ්ඩ කෝ..? හෝදනකන් හිටියේ නැද්ද දන්නේ නැහැ ? හේදුවේ රාලහාමිද දන්නේ නැහැ....! ලොක්කෙකේ උනානම් හොදයි අපූරුවට (දී)
මුළු මුහුදම ගදයි .. ඔබ වෙරළේ (.........................) මම මුහුදයි ඔබ වෙරලයි මට සිතෙයි (දී)
පවු ඒ මනුස්සය මලපහ කර කර ඉද්දීද ඇල්ලුවේ ? කලාට පස්සේ ඇල්ලුවා නම් කමක් නෑ..කර කර ඉන්නකොටම පැනල ඇල්ලුවා නම් මානව හිමිකම් කඩකිරීමක් ...(දී)
මේ මොඩය පැමිණිල්ලට කිව්වනම් සාක්ෂි විදිහට නඩු භාණ්ඩ පෙන්නවන්න කියල මිනිහ එළියේ. (දී)
ජයවේවා! අපේ පොලිසිය පොඩි මිනිහට නීතිය අකුරටම ඉටුකරනවා !(දී)
රාලහාමි තමිල්නාඩුවේ උනානම් උසාවියට නඩු ගෝනියයි (දී)
නිකමටද කියන්නේ කරදියෙන් පස්ස හේදුව මිනිහෙක් කියල !(දී)
මේ තමයි යතාර්ථය (දී)
ඒ කියන්නේ පොලිස් නිලධාරීන් මෙයා වැඩේ කරන එක දිහා බලා ඉඳලා (දී)
මට මැවිලා පේනවා වැල්ලේ ඒ මනුස්සයා හිටපු හැටි (දී)
මමනම් කල්පනා කරන්නේ මේ මනුස්සයව අත් අඩංගුවට ගත් විදිය..මලපහ කරන කොටද එහෙමත් නැත්නම් වැඩේ ඉවර වෙනකම් බලා ගෙන ඉදලද? ලෝකය ගෝලාකාරයි.. පොලිසියේ රස්සාව පුදුමාකාරයි..මොනවා උනත් මේ මනුස්සය දීපු උත්තරේනම් මල් හතයි..(දී)
කෝ නඩු භාණ්ඩ? (දී)
පොලිසියට මගේ ප්‍රණාමය .(දී)
මමත් ඔහොම ගිය හැටි මතකයි... මට හොඳ හැටි මතකයි. මම එතකොට 3 වැනි ශ්‍රේණියේ; දේවානන්දෙට තමයි එතකොට ඉස්කෝලේ ගියේ. දවසක් මට හොඳටම ලැට් එකට යන්න ඕන වුනා. ඉස්කෝලේ ලැට් ගැන කියල වැඩක් නෑ කියල දන්නවනේ ඉතින්. මිස්ට කිව්වම එයා මාව අපේ පන්තියේම සුරංගත් එක්ක යන්න කිව්වා එයාලගේ ගෙදරට. සුරන්ගලගේ ගේ තියෙන්නේ මුහුද අයිනේ. ඉස්කෝලේ ඉඳල මීටර් 50 ක් වත් නෑ. සුරංගලගේ ගෙදර ගියාම තමයි දැනගත්තේ එයාලත් යන්නේ මුහුදට කියල. ඉතින් මගේ තනියට සුරංගත් මාත් එක්ක වැල්ලේ වැඩිවෙලා ආපු කාරණය කරගෙන මුහුදු වතුරෙන් හෝදගෙන ආපහු ඉස්කෝලෙට ආවා. මට ඒක වුනේ අවුරුදු 30 වගේ කලින්. තවම අම්බලන්ගොඩ ඒ දේ වෙනවා. (දී)
ඔන්න මහා විරක්ක්‍රියා (දී)
මේක දැක්කම මට හොඳ කතාවක් මතක් උනා. වත්මන් ජනද්ධිපති තුමා විරුද්ධ පක්ෂයේ ඉන්න කොට සංවිධානය කරපු කතරගම පා ගමන. අනුර ඇහුවලු මෙච්චර කට්ටියක් මේ අවශ්‍යතාවය කරන්නේ කොහොමද මගදී කියල. එතුමා හිනාවෙලා උත්තර දුන්නලු" ඔය කතරගමට යනකම් ඕනේ තරම් වැල්ල තියෙන්නේ" කියල. අද එහෙම උනානම් කොහොම හිටීවිද ? (ස)
හොඳ අච්චුව. ගෙදර වැසිකිළියේ කාර්යය බහුල නම් ඇයි වොටෙර්ස් එජ් එකේ වැසිකිලිය පාවිචිචි නොකළේ. (ස)
අනේ මෙහෙ නම් ඕව ඕන තරම් තියෙනව් , තමන්ට ඕන විදිහට නිදහසේ කරගෙන පාඩුවේ යනවා පොලිසියේ මහත්තුරුන්ට ඔය වගේ පොඩි වැඩ පස්සේ යනවා ට වඩා වෙන වැඩ නැද්ද අප්පේ ?????????(දී)
ඉන්දියාවේ පොඩි වැරදි කරන අය නිදහසේ ලොකු වැරදි කරන අය කුඩුවේ. මෙහෙනම් ලොකු වැරදි කරන අය නිදහසේ පොඩි වැරදි කරන අය කුඩුවේ. වාසනාව තමා. (දී)
මොනවා කරන්නද කෙරවලටම ආපුහම. (ස)
පොලිසිය රට වටේම මලපහ කරනකොට හොඳයි රත්නපුරෙත් දෑක්කනෙ (දී)
මේක පුරුද්දක්. ඒ මදිවට බොරුත් කියනවා. (දී)
ශා පොලිසියනම් මාරයි නේ. නීතියටම වැඩ, අනේ මහත්වරුනේ ඔය වැල්ලේම හෝටල් වල කුණු කානු, වැසිකිලි බට මුහුදට දල තියනවා දැකල නැතුව ඇති නේ, පොලිසියත් නිකන් පොඩි මිනිහමයි අල්ලන්නේ (දී)
ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා. ඒක ගණන් ගන්න එපා.
අපෝ අපේ අම්බලන්ගොඩ අද ඊයේ වැසිකිලි හදාගත්ත අය හිටියට එදා පටන් අපි වැල්ලේ තමයි කලේ (දී)
වෙරළ අපවිත්‍ර කරන්නේ ධීවරයෝ විතරක් නොවේ ,සංචාරක හෝටල් බොහොමයක අපද්‍රව්‍ය බැහැර කරන්නේ වෙරළට තමයි .හැබැයි ඒවාට විරුද්ධව පොලිසිය කටයුතු නොකරන්නේ ඒවායේ අයිතිකාරයෝ වෙන්නේ දේශපාලන බලපුලුවන්කාරයෝ නිසා නැත්නම් ඒවායින් පොලිසියේ ලොක්කන්ට හා පොඩ්ඩන්ට සන්තෝසම් හා සැලකිලි ලැබෙන නිසා,අන්තිමට නිතිය ක්‍රියාත්මක කරන්නේ අවිහිංසක ධීවරයාට විරුද්ධව පමණයි. (දී)
වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෙනෙක් වෙන්න ඇති. උදේට වෙරළේ කීදෙනෙක් වැඩි වෙලා ඉන්නවද ඔය වැඩේට. මම හිතන්නේ වෙරල අයනේ තියෙන එකම ගේකවට්ත් වැසිකිලි නැ. මේ වැඩේ වෙරල ආසන්න මිනිස්සුන්ගේ පුරුද්දක් වෙලා. (දී)
ඉන්දියාවෙන් ආපු අයගේ ජාන ලංකාවේ හැමතැනම තියෙනවනේ ඉතින්... (දී)