වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය (අවු.4 මාස 3) පැහැර ගෙනයාමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට රණසිංහ ආරච්චිලාගේ ගුණවතී (55) සහ ප්‍රේමසිරි රාජපක්ෂ ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් කිරින්දේ මහතා නියම කළේය.
දැරිය දින දෙකක් කුඹුක්ගැටේ නෙරියාවේ නිවසේ සඟවාගෙන සිටි බව කියන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී(32) හෙවත් ග්‍රීස් යකා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. රිමාන්ඩ් භාරයට පත්වූ ගුණවතී ගාමිණීගේ අම්මාය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලට එනකම්, ඇතුලේ කට්ටිය මග බලාගෙන ඇති. (ස)
මේ පැහැර ගැනීම සිදු කරලා තිබුනේ මුදල් ගන්න නෙමෙයි. මොකද මේ මිනිස්සු ගොඩක් දුප්පත්. මේකේ පිටිපස්සේ වෙන කතාවක් තිබෙන වග දරුවාගේ අම්මගේ කතාවෙන් තේරෙනවා. "හැමදේම පස්සේ කියන්නම් මුලින් මගේ දරුවා හොයා දෙන්න " එ්ක නිසා මේ මනුස්සයට ගහන්න කලින් අපි හරි දේ දැනගන්න ඕනා (නදී)
මේ සිද්දියේ තොරතුරු එක එක පත්තරවල දිගටම පල උනේ පරස්පර විදිහට. ඡන්ද ප්‍රතිපලේ වගේ පළවෙනියට වර්තා කරන්න යාමෙන් ද එහෙම වෙන්නේ. (නදී)
ඇයි මුහුණ වහන්නේ? (නි)
දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. නාඳුනන මිනිස්සු ගෙවල් ඇතුළේ නතරකර ගන්නවා. ඒ අයට දරුවන් අත පතගාන්න ඉඩ තියෙනවා. නෑදෑයන්ව දෙවියන්ටත් වඩා විශ්වාස කරලා දරුවන්ව භාර දෙනවා. තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා වැඩිහිටියන් හිතනවා නම් පොලිසියටත් සෙසු මහජනයාටත් මෙහෙම කුලප්පු වෙන්න සිද්ධවෙන අවස්ථා අඩුවේවි. (නි)
කිසිම අයකුට වැරදි වැඩ කර සැඟවී ඉන්න බැරි බව සිතට ගන්න. කවදාහරි කළ වැරදි වලට දඩුවම් ලැබෙනවා. (නි)
පෙනෙන විදිහට ගම්වැසියන් සළකලා නම් තියනවා හොඳට... (නි)
මේ වැඩවලින් අඩුම තරමේ දරුවෙක්ව වඩා ගන්නවත් බැරි කාලයක් උදා වෙනවා ඉස්සරහට අපේ රටේ.(දිල්)