IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විවේචනය මැදින් ගලා යන 'සාංකාව'

2016-06-06-ent-126

පසුගියදා එළිදැක්වූ "සාංකාව" නම් ගීතයට අද වනවිට ෆේස්බුක් සමාජ ජාලය හරහා විවේචනයට එල්ලවෙමින් පවතිනවා. මෙම ගීතයේ ගායකයන් දෙදෙනෙකු වන Neo සහ Big Harsha විසින් ගායනා කරනු ලබන අතර, මෙම ගීතය පිළිබඳව කතාබහ කිරීමට "සාරවිට" අප ඔවුන් මෙලෙස සම්බන්ධ කරගත්තා.

 

2016-06-06-ent-130"සාංකාව" ගීතය පිළිබඳ වැඩි යමක් කිව්වොත්?

Neo

 අලුතෙන් දාපු සිංදුවේ නම "සාංකාව" එකේ Feature කරනවා මම සහ Big Harsha. මේ සිංදුව කියන්නේ Shazly‬ කියලා අලුත් ගායකයෙක්. මේ ගීතයේ LWA එකේ සාමාජිකයන් දෙන්නෙක් ඉන්නවා. ඒ චාම් විශ් සහ සංකදර කියලා.

 

Big Harsha

මේ සිංදුව ඇත්තටම කරලා අවුරුද්දක් කිට්ටු වෙනවා. ගිය අවුරුද්දෙ අගෝස්තු මාසයේ 13 වැනිදා ඒ කියන්නෙ මගේ උපන්දිනය දවසේ තමයි ගීතය කරනු ලැබුවේ. ඊට පස්සෙ අපි Concept එක වෙනස් කරන්න තමයි ඉතාලි නිරූපිකාවන් ඇතුල් කරලා මෙහෙම වීඩියෝවක් කරමු කියලා සැලසුම් කළේ. ඒ වැඩේ දැන් සාර්ථක වෙලා තියෙනවා.

 

අද මේ ගීතය ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ බොහෝ දෝෂාරෝපණය ලක්වූ ගීතයක් නේද?

Neo 

මම මේ ගීතය එළියට දාන්න කලින් ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැම්මා. මේ ගීතය එළිදක්වන්න ඉස්සෙල්ලාම මං කිව්වා, මේක ගොඩක් ප්‍රශ්න ඇති කරන මියුසික් වීඩියෝවක් වෙනවාමයි කියලා. ඒක ඒ විදිහටම වුණා. අපි ඇත්තටම ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් අය අපිට බනියි කියලා.

 

Big Harsha

Neo කිව්වා වගේ අපි බලාපොරොත්තු වුණා. ඒ වුණාට මේ මඩ ප්‍රහාර එල්ල වන තරමට ඒකේ ප්‍රතිඵලය අනගාතයේදී ඒ කියන්නෙ තව අවුරුදු 10කින් හෝ 15කින් බලාගන්න පුළුවන් වෙයි. අපි හිප්පොප් කලාවනේ අනුගමනය කරන්නේ. ඒ කලාව අනුව අපි අනුගමනය කරන ජාත්‍යන්තර කලාකරුවන් ගත්තාම ගොඩක් ඔය වගේ Clips තියෙනවා. ඉතිං අද කාලෙ අපි චිත්‍රපටයක් බැලුවත් අඩ නිරුවත්ව ඉන්න ගැහැණු දිහා බලනවනේ. දැන් ඒ මානසිකත්වය මිනිස්සුන්ට හැදිලා තියෙන නිසා තමයි ඇමෙරිකාව වැනි රටවල සහ යුරෝපීය රටවල ගෑනු ළමයින්ට පවා Mini Skirts ද ඇඳන් යන්න හැකියාව තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ඒ මානසිකත්වය හැදිලා නැහැ. අපි ඒ වගේ ජාත්‍යන්තර මට්ටම අල්ලන්න පුළුවන් නම් තව අවුරුදු පහලොවකින් හරි මේ කරපු දේ හරියි කියන තැනට එයි. දැනට මිනිස්සු බනිනවා තමයි. ලංකාවේ සංස්කෘතියක් සහ එවැනි දේවල් තියෙනවා කියලා. හැබැයි අපි මේ සංස්කෘතිය කියන දේ ඇතුළෙ ඉන්න ගියොත් අපිට මේ හිප්පොප් කලාව තව ලොකුවට ගෙනියන්න තියෙන අවස්ථාව නැති වෙනවා.

 

ඔබ උත්සාහ කරන්නේ මෙවැනි වීඩියෝවක් තුළින් ලංකාවේ හිප්පොප් කලාව ජාත්‍යන්තරයට ගෙනයාමටද?

Big Harsha

අපි කොහෙවත් කියන්නේ නැහැ මේ සිංදුව ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා කියලා. ඒ සිංදුවෙන් අපි හැමතැනම කියන්නේ, ඉතාලියේ ඉන්න. හැබැයි ඉතාලිය කිව්වාම ජාත්‍යන්තරය වෙනවනේ. ලංකාවේ නිරූපිකාවන් ගත්තත් යම්කිසි මුදලක් ගෙවන්න ඕනා. ඉතාලියේ නිරූපිකාවන් ලංකාවේ නිරූපිකාවන්ට සමාන කරන්න බැහැ. හැබැයි අපි ඉතාලියේ නිරූපිකාවන් 05 දෙනෙක් මේ සඳහා යොදා ගෙන එහෙම කරපු වීඩියෝවක් කියලා තමයි අපි කියන්නේ. හැබැයි ෆේස්බුක් හරහා සමහර අය කියා ගන්නවා ජාත්‍යන්තරයට ගිහිල්ලා කියලා. එහෙම කියනවානම් කමක් නැහැ ඉතාලියේ නිරූපිකාවන් ඉන්න නිසා. ඒකත් අපිට ආඩම්බරයක්.

 

Neo 

ඉතාලියේ All Ready Channel වල මේ දවස්වල බොහෝ සාමාන්‍ය සිංදුවක් විදිහට Play වෙනවා. ඒත් එක්කම ජපානයේ ක්ලබ්ස්වල සහ රේඩියෝවල බොහොම සාමාන්‍ය විදිහට Play වෙනවා. ලංකාවේ අපිට පොඩ්ඩක් අමාරුයි මේ ටීවී එකේ Play කළොත් එහෙම චැනල් එකත් වහන්න වෙනවා.

 

Big Harsha

ඒ හේතුව නිසා තමයි මාධ්‍ය භාවිත නොකර You-tube කියන මාධ්‍ය භාවිත කළේ. මේකේ ප්‍රතිඵලේ තව අවුරුදු 10කින් විතර බලන්න පුළුවන්.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

Big Harsha

ඉස්සරහට ගොඩාක් වැඩ එන්න තියෙනවා. මේ පටන් ගැන්ම විතරයි. මමයි සහ Neo පටන් ගත්ත LWA කියන ග_ප් එක. මේ Team එකෙන් දෙවැනි මියුසික් වීඩියෝව තමයි මේ %සාංකාව^. අපි නවතින්නේ නැහැ එහෙම.

 

Neo 

අපි දෙවැනි එක කරන කොට අනික Plan කරලා ඉවරයි.

 

Big Harsha

ඒවගේම තමයි අපි වගේ ග_ප් ගොඩාක් ලංකාවේ තව හැදිලා තියෙනවනේ. ඒ ග_ප්වලිනුත් අපිට එක එක ඒවා එනවා. අපි මේ හිප්පොප් කලාව ඇතුළෙ ඉද්දී මේ හිප්පොප් කියන්නෙ පොඩි කොටසක් පමණයි.

 

මේ හැමෝම එකමුතුවෙන් හිටියනම් හරි. මම දන්නේ නැහැ මොන හේතුවක් හින්දද කියලා අපිත් එක්ක ඒ අය Against වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ අයත් අපිත් එක්ක සාමෙන් ඉඳියි කියලා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

 2016-06-06-ent-121
2016-06-06-ent-122
2016-06-06-ent-123
2016-06-06-ent-124
2016-06-06-ent-125
2016-06-06-ent-127
2016-06-06-ent-128
2016-06-06-ent-129
 



අදහස් (0)

විවේචනය මැදින් ගලා යන 'සාංකාව'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 279 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 917 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1768 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6300 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1848 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site