පාසල පිරිසිදු නොකළැයි විදුහල්පතිගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුන්ගේ මවුපියෝ පිරිසක් හඳපාංගොඩ සාගරපලංසූරිය විදුහලේ විදුහල්පතිට පාසලෙන් ඉවත් වීමට නොදී හිරකරගෙන සිටිතියි පොලිසිය කියයි.
පොලිසියට එහි ආරක්ෂාව සළසා ඇතත් අධ්‍යාපන නිලධරයන් පැමිණ විභාගයක් කරන තුරු තම උද්ඝෝෂණය අත් නොහරින බව මව්පියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමෝටම සිහිවෙන්නේ අපගේ පාසැල, ගුරුවරු,මිතුරන් මිතුරියන් හා පෝලිමේ තියලා කාපු ගුටි. එය අදටත් මම හිතන්නේ එය තමා අපගේ ජිවිතයේ පෙර ගමන් කරුවා. දෙමවිපියනි අතීතයට ගමන් කරන්න. තවද ,ගුරුවරයා ගෙන් ගුටි නොකාපු අයෙක් සිටි නම් එය පුදුමයකි (නදී)
රෙජි-සිඩ්නි,ඔබ හරි. දැන් ඉන්නේ ළමයි නෙවෙයි, ළමා තාත්තලා. (නදී)
ඉස්සරනම් මෙහෙම උනේ නැහැ (දී)
''කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කිවලු '' විදුහල් පතිලා සල්ලි අරගෙන දරුවෝ පාසලට ගත්තහම වෙන විපාකය පේනවා නේද. වරද කාගේද තේරුම් ගන්න ඕනෑ (නදී) .
අනේ රටට යන කලක්. ආදර්ශමත් දෙමව්පියන්ද මේ. හැමදේටම උද්ගෝෂණ. මම නම් හිතන්නේ මේ දෙමව්පියන් නම් වැස්සකටවත් පාසල් ගිය අය නොවෙයි (නදී)
එහෙනම් ඉස්සර විදුහල් පතිවරු හිරේමයි ඉන්න ඕනේ (දී)
චමින්ද, ඒ අපේ කාලයේ. ගුටි කාලා අපි හැදුනට දැන් කාලේ ගුටි ගහලා ළමයි හදන්න බැහැ. (නි)
පුදුම දෙමාපියෝ! මගේ ක්‍රීඩා ගුරුතුමා ගහපු පාරට කකුල තුවාල වුණා.ලේ පවා ආවා. ඒත් අපේ දෙමාපියෝ ගුරුවරුන්ට ගහන්න බනින්න ගියේ නැහැ. දැන් මේක අධර්මිෂ්ට මිනිස් සමාජයක් වෙලා. පිරිහීමේ ලක්ෂණයි මේ. (නි)
මෙම දෙමාපියන්ගේ දරුවන් අස්කර, අතුගාන්න සුද්දකරන්න ඕනෑ නැති ඩෙංගු බෝකරන පාසලකට ඇතුළත් කරන්න.ඩෙංගු නිළධාරීන් මොවුන්ගේ ගෙවල් වලට යවන්න. ගෙවල් අපායවල් වගේ කුණු පිරිලා ඇති. අපි ඉගෙනගත් ශාන්ත තෝමස් විදුහල් පරිසරය අපි දිනපතා සුද්ද කළා. පුද්ගලික පාසලක් කියලා දෙමාපියන් විරුද්ධ වුණේ නැහැ.එහෙම නැත්තම් පාසල පිරිසුදු කිරීම මේ දෙමාපියන්ට බාර දීලා විදුහල්පති නිකන් ඉන්න. (නි)
මේ දෙමවුපියන් පාසැල් නොගිය අය වෙන්න ඇති (නි)
මේක යකාගේ වැඩක්නේ. දරුවෝ නෙමෙයි මේ දෙමවුපියන් තමයි පාසල් අරින්න ඕනෑ හෝඩියේ ඉඳලා. විදුහල්පති වරදක් කළා නම් නීති මඟින් ක්‍රියාකළ හැකියි. දෙමාපියන්ට පුලුවන්ද විදුහල්පතිව හිරකරන්න. ඔන්න කඳුළු ගෑස් තියෙනවා නම් වෙලාව. (නි)
ඉතින් කොහොමද අනාගත පරපුර හදන්නේ? දෙමාපියෝ හරස් කරනවා. රට විනාසය තමා. (ස)
ගුරුවරෙක් වේවැල අතට ගන්නවා කියන්නේ දරුවෙකුට වචනයෙන් යමක් පහදා,අවබෝධ කරදීමට ගුරුවරයාට හැකියාවක් දක්ෂතාවක් නැතැයි කීම නොවේද? (නි)
මෙම දෙමාපියෝ ටික වැස්සකටවත් පාසල් ගිහින් නැතුවා වගෙයි. පාසලේ නමටත් හොඳ මදි. අනිත් ළමුන්ගේ යහපත තකා, වෙන හොඳ ගෙවන පාසලකට යන්න කියා අතුගාන්න බැරි ළමුන්ව මෙම පාසලෙන් ඉවත්කළ යුතුයි (නි)
ඒ කියන්නේ දැන් දරුවෙකුට වැරද්දකටවත් දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම්ද? (නදී)
ගුරුවරෙයෙකුට ළමයෙකුට තරවටුවක් කරන්න බැරි අවවාදයක් කරන්න බැරි පාරක් ගහන්න බැරි කාලයක් දැන් ඇවිත් තියෙන්නේ. මේ ඔක්කොටොම මුල මේ මානව හිමිකම් කියන තමන්ගේ වාසියට බටහිර ජාතින් විසින් හදුන්ව දුන්න පිළිලය. එන්.ජි.ඕ කාරයෝ ඒක මේ රටටත් අඩු නැතුව බෝ කලා. අපේ මේ පිටරටින් එන ඕන දෙයක් වැළදගෙන පිළිගන්න මි හරක් මේ විගඩම අවශ්‍ය අනවශ්‍ය සැම ක්ෂේත්‍රයකටම බලෙන්ම පැටෙව්වා. මේ ඒවායේ ප්‍රතිපල. ගුරුවරයෙක් ළමයෙකුට ගැහුවොත් දැන් අම්ම තාත්ත රෙදි කරේ තියන් මුලින්ම දුවන්නේ පොලිසියට. (නදී)
මෙතන කමෙන්ට් දාල තියෙන ගොඩක් දෙනෙක් වගේම මමත් ගුරුවරුන්ගෙන් ගුටි කාල තියනවා. හැබැයි අදටත් අපි ඒ ගුරුවරුන්ට ගරු කරනවා අපිව යහ මගට ගත්තට. දෙමව්පියෝ මේ වගේ මෝඩ විදියට හැසිරුනහම දරුවෝ තවත් නරක් වෙනවා. පස්සේ කණගාටු වෙන්න වෙනවා. (නදී)
ඔය හැම දෙනාගේම අදහස් වලට මම ගරු කරනවා. අපිට විදුහල්පතිතුමා නෙවෙයි ගුරුවරයෙක් ගැහැව්වත් අපි ගෙදරට පැමිණිලි කරලා නැහැ. මොකද ඊට වඩා දඬුවමක් අපිට තාත්තගෙන් ලැබෙන නිසා. මේ වගේ බූරු දෙමව්පියෝ ඉන්න නිසා තමයි ළමයින්ව හදාගන්න බැරි. පස්සේ දුක් වෙනවා මගේ පුතා හොරෙක් කුඩු කාරයෙක් කියලා. අද වුනත් අපිට අපේ ගුරුවරයෙක් හමුවුණාම අපි වදිනවා. මොකද අද අපි අද මේ තත්වයේ ඉන්නේ එදා අපිට තරවටු කරලා ජීවිතේ නියම මග කියල දුන්න නිසා. (නදී)
මේ දෙමාපියෝ දැන් දැන් පාසල් වර්ජනය කරන්න පටන් අරන් වගේ. (නදී)
අපි විදුහල්පතිතුමාගෙන් කාපු ගුටි වල හැටියට, අපේ දෙමව්පියොත් මේ වගේ මැටි වැඩ කරා නම්, අපි අද මේ තත්වයේ ඉන්නේ නැහැ. මේ දෙමව්පියන්ව පාසල් යවන්න ඕනේ ළමයිට ඉස්සල්ලා. පන්ති කාමර, පාසලේ වත්ත පිටිය පිරිසිදු කරන එක ළමුන්ගේ රාජකාරියක්. (නදී)
රටකට ගිය කලක්, ඉස්සර අපි ගුරුවරුන්ගෙන් ගුටිකාපු විදියට දෙමව්පියෝ ඉස්කෝලේ අාවා නම් ගුරුවර,ගුරුවරියෝ හිරකරගෙන උද්ගෝෂණ කලානම් දෙමව්පියෝ හැමදාම ඉස්කෝලේ උද්ඝෝෂණ. අපි දැන් හිර ගෙවල් වල, දැන් ඔය අම්මල තාත්තල ඉස්කෝල වල ගිහින් නැද්ද? ගුරුවරුන්ගෙන් ගුටිකාලා නැද්ද ? (නදී)
එක පාසැලක් විදුහල්පති ඉල්ලලා. අනෙක එපා කියලා උද්ඝෝශනයේ පිස්සුද, හැටිද? (නදී)
මේ ළමයි පාසැලින් නෙරපන්න ඕනෑ. දෙමාපියන් අත් අඩංඟුවට ගත යුතුයි.(නදී)
මතකයි අපි ගුරුන්ගෙන් ගුටි කාපු හැටි. විනය නැති නිසා, පාඩම් නැති නිසා, පිරිසිදු කම් අඩු නිසා වගේ නොකී හැම දේටම වේවැල් කෂාය. ඒ නිසයි මම වගේම සමහර යාළුවෝ වගේ දඩබ්බරයන් යහ මග ගිහින් රටේ හොඳ පුරවැසියන් වෙලා ඉන්නේ. අපි යාළුවෝ කට්ටිය එකතු වුනාම ඒ ගුරුන්ගෙ ශිල්පය ගැන දොහොත් මුදුන් වන්ඳනාවෙන් ආවර්ජනය කරන්නේ. මගේ දරුව උනත් ගුරුන්ගේ දඬුවම් ගැන අහිතක් හිතන්නේ නැහැ. (නදී)
මේක තමයි නවීන සංස්කෘතියේ පල විපාක. ළමයින්ට ඕනෑම වරදක් කරන්න ඉඩදී ගුරුවරු බලන් ඉන්න ඕනා. අමානුෂික විදියට දඬුවම් කරන්න නම් හොඳ නෑ. මෙම නීති හදපු උදවිය මේවට වගකියන්න ඕනා. දෙමාපියන් කරන මේ වැඩෙන් ඔය ළමයි උද්දච්ච , මුරණ්ඩු අය වෙනවා. පාලනයෙන් තොරවෙනවා. මෝඩ දෙමාපියන්. (නදී)
පුදුම වැඩක්නේ රටට වුනේ. දැන් පාසැල අතුගාන්න උවමනාත් විදුහල්පතිද? අපි ගුටි කාපු හැටියට ඒ දවස්වල අපේ දෙමාපියෝ විදුහල්පතිව එල්ලන්න තිබුනේ. වහාම ඔය දෙමාපියන්ව අත්අඩංගුවට ගන්න. නැත්නම් සමාජයට යන්නේ වැරදි මතයකි. (නදී)
අනේ මන්දා දැන් ඉන්න ළමයින්ට එහා දෙමව්පියෝ. හොද නරක අපි නම් ඉගන ගත්ත පාසැලෙන්. (නදී)