IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වේවැල අතට ගත්තැයි විදුහල්පති හිර කරයි

පාසල පිරිසිදු නොකළැයි විදුහල්පතිගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුන්ගේ මවුපියෝ පිරිසක් හඳපාංගොඩ සාගරපලංසූරිය විදුහලේ විදුහල්පතිට පාසලෙන් ඉවත් වීමට නොදී හිරකරගෙන සිටිතියි පොලිසිය කියයි.

පොලිසියට එහි ආරක්ෂාව සළසා ඇතත් අධ්‍යාපන නිලධරයන් පැමිණ විභාගයක් කරන තුරු තම උද්ඝෝෂණය අත් නොහරින බව මව්පියෝ කියති.



අදහස් (0)

වේවැල අතට ගත්තැයි විදුහල්පති හිර කරයි

සමන්ත Monday, 15 September 2014 02:31 PM

ඔය හැම දෙනාගේම අදහස් වලට මම ගරු කරනවා. අපිට විදුහල්පතිතුමා නෙවෙයි ගුරුවරයෙක් ගැහැව්වත් අපි ගෙදරට පැමිණිලි කරලා නැහැ. මොකද ඊට වඩා දඬුවමක් අපිට තාත්තගෙන් ලැබෙන නිසා. මේ වගේ බූරු දෙමව්පියෝ ඉන්න නිසා තමයි ළමයින්ව හදාගන්න බැරි. පස්සේ දුක් වෙනවා මගේ පුතා හොරෙක් කුඩු කාරයෙක් කියලා. අද වුනත් අපිට අපේ ගුරුවරයෙක් හමුවුණාම අපි වදිනවා. මොකද අද අපි අද මේ තත්වයේ ඉන්නේ එදා අපිට තරවටු කරලා ජීවිතේ නියම මග කියල දුන්න නිසා. (නදී)

:       0       0

නලින් Monday, 15 September 2014 02:59 PM

මෙතන කමෙන්ට් දාල තියෙන ගොඩක් දෙනෙක් වගේම මමත් ගුරුවරුන්ගෙන් ගුටි කාල තියනවා. හැබැයි අදටත් අපි ඒ ගුරුවරුන්ට ගරු කරනවා අපිව යහ මගට ගත්තට. දෙමව්පියෝ මේ වගේ මෝඩ විදියට හැසිරුනහම දරුවෝ තවත් නරක් වෙනවා. පස්සේ කණගාටු වෙන්න වෙනවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 September 2014 02:59 PM

ගුරුවරෙයෙකුට ළමයෙකුට තරවටුවක් කරන්න බැරි අවවාදයක් කරන්න බැරි පාරක් ගහන්න බැරි කාලයක් දැන් ඇවිත් තියෙන්නේ. මේ ඔක්කොටොම මුල මේ මානව හිමිකම් කියන තමන්ගේ වාසියට බටහිර ජාතින් විසින් හදුන්ව දුන්න පිළිලය. එන්.ජි.ඕ කාරයෝ ඒක මේ රටටත් අඩු නැතුව බෝ කලා. අපේ මේ පිටරටින් එන ඕන දෙයක් වැළදගෙන පිළිගන්න මි හරක් මේ විගඩම අවශ්‍ය අනවශ්‍ය සැම ක්ෂේත්‍රයකටම බලෙන්ම පැටෙව්වා. මේ ඒවායේ ප්‍රතිපල. ගුරුවරයෙක් ළමයෙකුට ගැහුවොත් දැන් අම්ම තාත්ත රෙදි කරේ තියන් මුලින්ම දුවන්නේ පොලිසියට. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 15 September 2014 03:42 PM

අපි හැමෝටම සිහිවෙන්නේ අපගේ පාසැල, ගුරුවරු,මිතුරන් මිතුරියන් හා පෝලිමේ තියලා කාපු ගුටි. එය අදටත් මම හිතන්නේ එය තමා අපගේ ජිවිතයේ පෙර ගමන් කරුවා. දෙමවිපියනි අතීතයට ගමන් කරන්න. තවද ,ගුරුවරයා ගෙන් ගුටි නොකාපු අයෙක් සිටි නම් එය පුදුමයකි (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 15 September 2014 05:09 PM

මෙම දෙමාපියෝ ටික වැස්සකටවත් පාසල් ගිහින් නැතුවා වගෙයි. පාසලේ නමටත් හොඳ මදි. අනිත් ළමුන්ගේ යහපත තකා, වෙන හොඳ ගෙවන පාසලකට යන්න කියා අතුගාන්න බැරි ළමුන්ව මෙම පාසලෙන් ඉවත්කළ යුතුයි (නි)

:       0       0

මිනිපෙ Monday, 15 September 2014 05:13 PM

ගුරුවරෙක් වේවැල අතට ගන්නවා කියන්නේ දරුවෙකුට වචනයෙන් යමක් පහදා,අවබෝධ කරදීමට ගුරුවරයාට හැකියාවක් දක්ෂතාවක් නැතැයි කීම නොවේද? (නි)

:       0       0

නිළර්කිවෛත් Monday, 15 September 2014 05:51 PM

ඉතින් කොහොමද අනාගත පරපුර හදන්නේ? දෙමාපියෝ හරස් කරනවා. රට විනාසය තමා. (ස)

:       0       0

උපාලි Monday, 15 September 2014 08:10 PM

මේක යකාගේ වැඩක්නේ. දරුවෝ නෙමෙයි මේ දෙමවුපියන් තමයි පාසල් අරින්න ඕනෑ හෝඩියේ ඉඳලා. විදුහල්පති වරදක් කළා නම් නීති මඟින් ක්‍රියාකළ හැකියි. දෙමාපියන්ට පුලුවන්ද විදුහල්පතිව හිරකරන්න. ඔන්න කඳුළු ගෑස් තියෙනවා නම් වෙලාව. (නි)

:       0       0

සංජය Monday, 15 September 2014 10:19 PM

මේ දෙමවුපියන් පාසැල් නොගිය අය වෙන්න ඇති (නි)

:       0       0

උපාලි Monday, 15 September 2014 10:44 PM

මෙම දෙමාපියන්ගේ දරුවන් අස්කර, අතුගාන්න සුද්දකරන්න ඕනෑ නැති ඩෙංගු බෝකරන පාසලකට ඇතුළත් කරන්න.ඩෙංගු නිළධාරීන් මොවුන්ගේ ගෙවල් වලට යවන්න. ගෙවල් අපායවල් වගේ කුණු පිරිලා ඇති. අපි ඉගෙනගත් ශාන්ත තෝමස් විදුහල් පරිසරය අපි දිනපතා සුද්ද කළා. පුද්ගලික පාසලක් කියලා දෙමාපියන් විරුද්ධ වුණේ නැහැ.එහෙම නැත්තම් පාසල පිරිසුදු කිරීම මේ දෙමාපියන්ට බාර දීලා විදුහල්පති නිකන් ඉන්න. (නි)

:       0       0

අමායා Monday, 15 September 2014 11:38 PM

පුදුම දෙමාපියෝ! මගේ ක්‍රීඩා ගුරුතුමා ගහපු පාරට කකුල තුවාල වුණා.ලේ පවා ආවා. ඒත් අපේ දෙමාපියෝ ගුරුවරුන්ට ගහන්න බනින්න ගියේ නැහැ. දැන් මේක අධර්මිෂ්ට මිනිස් සමාජයක් වෙලා. පිරිහීමේ ලක්ෂණයි මේ. (නි)

:       0       0

චමින්ද Tuesday, 16 September 2014 10:06 AM

රෙජි-සිඩ්නි,ඔබ හරි. දැන් ඉන්නේ ළමයි නෙවෙයි, ළමා තාත්තලා. (නදී)

:       0       0

කුමාරි Monday, 15 September 2014 10:31 AM

ඒ කියන්නේ දැන් දරුවෙකුට වැරද්දකටවත් දඬුවම් කරන්න ගුරුවරුන්ට තහනම්ද? (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 16 September 2014 01:31 AM

චමින්ද, ඒ අපේ කාලයේ. ගුටි කාලා අපි හැදුනට දැන් කාලේ ගුටි ගහලා ළමයි හදන්න බැහැ. (නි)

:       0       0

සිසිර Monday, 15 September 2014 10:36 AM

අනේ මන්දා දැන් ඉන්න ළමයින්ට එහා දෙමව්පියෝ. හොද නරක අපි නම් ඉගන ගත්ත පාසැලෙන්. (නදී)

:       0       0

කුමාරසිරි Monday, 15 September 2014 10:41 AM

පුදුම වැඩක්නේ රටට වුනේ. දැන් පාසැල අතුගාන්න උවමනාත් විදුහල්පතිද? අපි ගුටි කාපු හැටියට ඒ දවස්වල අපේ දෙමාපියෝ විදුහල්පතිව එල්ලන්න තිබුනේ. වහාම ඔය දෙමාපියන්ව අත්අඩංගුවට ගන්න. නැත්නම් සමාජයට යන්නේ වැරදි මතයකි. (නදී)

:       0       0

සේනාරත්න Monday, 15 September 2014 10:57 AM

මේක තමයි නවීන සංස්කෘතියේ පල විපාක. ළමයින්ට ඕනෑම වරදක් කරන්න ඉඩදී ගුරුවරු බලන් ඉන්න ඕනා. අමානුෂික විදියට දඬුවම් කරන්න නම් හොඳ නෑ. මෙම නීති හදපු උදවිය මේවට වගකියන්න ඕනා. දෙමාපියන් කරන මේ වැඩෙන් ඔය ළමයි උද්දච්ච , මුරණ්ඩු අය වෙනවා. පාලනයෙන් තොරවෙනවා. මෝඩ දෙමාපියන්. (නදී)

:       0       0

රත්න Monday, 15 September 2014 11:00 AM

මතකයි අපි ගුරුන්ගෙන් ගුටි කාපු හැටි. විනය නැති නිසා, පාඩම් නැති නිසා, පිරිසිදු කම් අඩු නිසා වගේ නොකී හැම දේටම වේවැල් කෂාය. ඒ නිසයි මම වගේම සමහර යාළුවෝ වගේ දඩබ්බරයන් යහ මග ගිහින් රටේ හොඳ පුරවැසියන් වෙලා ඉන්නේ. අපි යාළුවෝ කට්ටිය එකතු වුනාම ඒ ගුරුන්ගෙ ශිල්පය ගැන දොහොත් මුදුන් වන්ඳනාවෙන් ආවර්ජනය කරන්නේ. මගේ දරුව උනත් ගුරුන්ගේ දඬුවම් ගැන අහිතක් හිතන්නේ නැහැ. (නදී)

:       0       0

ජීවන්ත Monday, 15 September 2014 11:00 AM

මේ ළමයි පාසැලින් නෙරපන්න ඕනෑ. දෙමාපියන් අත් අඩංඟුවට ගත යුතුයි.(නදී)

:       0       0

ජගත් Monday, 15 September 2014 11:08 AM

එක පාසැලක් විදුහල්පති ඉල්ලලා. අනෙක එපා කියලා උද්ඝෝශනයේ පිස්සුද, හැටිද? (නදී)

:       0       0

කලුපෙරුම Monday, 15 September 2014 11:16 AM

රටකට ගිය කලක්, ඉස්සර අපි ගුරුවරුන්ගෙන් ගුටිකාපු විදියට දෙමව්පියෝ ඉස්කෝලේ අාවා නම් ගුරුවර,ගුරුවරියෝ හිරකරගෙන උද්ගෝෂණ කලානම් දෙමව්පියෝ හැමදාම ඉස්කෝලේ උද්ඝෝෂණ. අපි දැන් හිර ගෙවල් වල, දැන් ඔය අම්මල තාත්තල ඉස්කෝල වල ගිහින් නැද්ද? ගුරුවරුන්ගෙන් ගුටිකාලා නැද්ද ? (නදී)

:       0       0

චමින්ද Monday, 15 September 2014 11:27 AM

අපි විදුහල්පතිතුමාගෙන් කාපු ගුටි වල හැටියට, අපේ දෙමව්පියොත් මේ වගේ මැටි වැඩ කරා නම්, අපි අද මේ තත්වයේ ඉන්නේ නැහැ. මේ දෙමව්පියන්ව පාසල් යවන්න ඕනේ ළමයිට ඉස්සල්ලා. පන්ති කාමර, පාසලේ වත්ත පිටිය පිරිසිදු කරන එක ළමුන්ගේ රාජකාරියක්. (නදී)

:       0       0

සම්පත් Tuesday, 16 September 2014 03:37 AM

එහෙනම් ඉස්සර විදුහල් පතිවරු හිරේමයි ඉන්න ඕනේ (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 16 September 2014 03:49 AM

අනේ රටට යන කලක්. ආදර්ශමත් දෙමව්පියන්ද මේ. හැමදේටම උද්ගෝෂණ. මම නම් හිතන්නේ මේ දෙමව්පියන් නම් වැස්සකටවත් පාසල් ගිය අය නොවෙයි (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 15 September 2014 12:09 PM

මේ දෙමාපියෝ දැන් දැන් පාසල් වර්ජනය කරන්න පටන් අරන් වගේ. (නදී)

:       0       0

ගංගා Tuesday, 16 September 2014 04:52 AM

''කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ කිවලු '' විදුහල් පතිලා සල්ලි අරගෙන දරුවෝ පාසලට ගත්තහම වෙන විපාකය පේනවා නේද. වරද කාගේද තේරුම් ගන්න ඕනෑ (නදී) .

:       0       0

පද්මා Tuesday, 16 September 2014 05:03 AM

ඉස්සරනම් මෙහෙම උනේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1199 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2158 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site