ඉගෙනුම ලබන පන්ති කාමරය තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට ගෙන යෑම නිසා තුන් මාසයක් පාසල් නොයා සිටි ප්‍රශංෂා ලක්මිණී (13) නම් ආබාධිත සිසුවියට සාධාරණයක් කරන බවත්, පන්ති කාමරය පහළට ගෙන එන බවත් විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය අද (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු වූවාය.
එම සිසුවියට වූ අසාධාරණය හා තුන් මාසයක් තිස්සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීයැයි කියමින් ඇගේ පියා ඩබ්ලිව් අමිත සුදර්ශන සහ මව චමිලා සුභාෂිනී මුණසිංහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.
දරුවාගේ මව සහ පියා වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, විශාඛා විදුහල්පතිනිය ද, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයෙක් ද මානව හිමිකම් කොමිසමට පැමිණ සිටියහ.
කොමිසමේ විමර්ශන නිලධාරියකු ඉදිරියේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දරුවා වෙනුවෙන් පන්ති කාමරය පහළ මාලයට ගෙන ඒමටත්, තුන් මාසයක් තිස්සේ අතපසු වූ පාඩම් කියා දීමටත්, දරුවාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමටත් විදුහල්පතිනිය එකඟ වූ බව කොමිෂන් සභා ආරංචි කියයි.
මෙවැනි දරුවන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයක් අධ්‍යාපන නිලධාරීන්ට නිකුත් කරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
මෙම දැරියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ලංකාදීපය පසුගිය පාසල් වාරයේ දී මුලින්ම වාර්තා කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ, කවදාද මුල්ලේරියාවේ බෝඩිමෙන් පැනලා ආවේ ? (නි)
ඇසලගේ කසළ අදහස ඉතා පිළිකුල්සහගතයි.ඇසලටත් මෙවැනි දෙයකට මුහුණදෙන්න සිදුවුණා නම් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙයි.මේ දරුවාගේත් හොඳ හැකියාවක් ඇති ඉගෙනගන්න.එම නිසා තමයි මෙවැනි උසස් පාසලකට ඇතුළත් කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ.විදුහල්පතිනිගෙන් මේ දැරිවිය ආරක්ෂා කරගන්න ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න වෙයි. ඉන්දිකට තියෙන්නෙත් මිනිස් හිතක් නෙමෙයි. (නි)
අමල්, ඔයාට හොඳටම විශ්වාසද රංගගේ අදහසත් මං රංගට දැක්වූ ප්‍රතිචාරයත් යන දෙකම ඔයා හොඳ සිහි කල්පනාවෙන් කියෙව්වය කියලා? ඔයාගේ ප්‍රතිචාරය දැක්කම මට නම් ඒ ගැන සැකයි. (ස)
විදුහල්පතිනි මෙම පාසලේ තිබ්බොත් මේ ළමයාගෙන් පළි ගනීවි . (ස)
අමල්, රංග ලිව්වේ වචන දෙක තුනක් වුණත් ඔහු මේ මානුෂික ප්‍රශ්නයක් ගැන කතා වෙන තැනට දේශපාලනයක් ගාව ගැනීමෙන් පමණක් නොනැවතී රට බේරා ගත් නායකයාට අවලාද නැගීමටත් එය අවස්ථාවක් කරගෙන ඇති බව ඔබට නොපෙනෙන හැටි! ඔහු දේශපාලනයක් ඇද ගත්තම ලැබෙන උත්තරේටත් ඊට අදාලවන පරිදි දේශපාලනය මුහු වීම වළක්වන්නට බැහැ. (ස)
ආබාධිත අයට අනිත් අයට වඩා වරප්ප්‍රසාද තියනවා. කළ අපරාධට මෙම විදුහල් පතිනියට නිසි දඩුවම් දිය යුතුයි.
මේ විදුහල්පතිනිය වාගේ තවත් කට්ටිය ලංකාවේ ඉස්කෝලවල ඉන්නවා. මේ සේරමලා සතියක අධ්‍යයන චාරිකාවකට ජපානයට යවලා එරටේ ආබාධිත දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය උගන්වන්නට සලස්වුවහොත් හොඳයි. (ස)
මා ගැන අදහස් දැමූ සියලු දෙන වෙතටයි! මගේ දියණිය ඉගෙනගන්නේ මෙම ආබාධිත දැරිය ඉන්න පන්තියේ. අනිත් එක මගේ බිරිඳගේ නංගි උගන්වන්නේත් මේ පාසලේමයි. එනිසා මම මේ පාසල ගැන හොඳට දන්නවා. දක්ෂ ළමයින් එන පමණින් හොඳ ප්‍රතිඵල ගන්න බැහැ එහෙනම් රාජකීය විදුහලේ ප්‍රතිපල අඩුවුණේ කොහොමද? කොහොම වුණත් ළමයින්ගේ අධ්‍යාපනය ගැන මෙම විදුහල්පතිනිය ගොඩක් උනන්දුවෙන බව නම් මම දන්නවා. (නි)
මේ කාන්තාවට කර්නල් පට්ටමක් ලැබුන නිසා හිතන්න ඇත්තේ පාසලේ ඉන්න ඕන ගොඩනැගිලි වල පඩි පෙලේ ඉහලට පහල ට දුවමින් ව්‍යායාම කරන්න පුළුවන් තත්ත්වය් සිසුවියන් පමණයි කියලා. එම නිසා නරකද හමුදා බැරක්කයක් භාර දීලා උතුරු පැත්තට මාරු කළා නම්. (ස)
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කෝට්ටේ ආනන්ද බාලිකාවේ අපේ පන්තියේ ආබාධිත සිසුවියක් සිටියා. ඇයට එවකට විදුහපතිනිය වූ කුසුමා වැලිකල මහත්මිය සහ අපේ පන්ති භාර කල්දේරා ගුරුතුමිය පුදුම කරුණාවකින් සැළකුවේ. ඇයව පන්තියේ වාඩිකළේ එවකට පන්තියේ දක්ෂතම සිසුවියක් වුණ ගුරුවරියකගේ දියණියක ළඟ. ඒ යෙහෙළිය නිතරම ආබාධිත සිසුවියට උදව්කළ හැටි මට මතකයි. ඒ සියලුම දෙනාත් මේ ලියන මමත් අද මිනිසත්කමේ සුවය විඳිමින් කොතැනක හෝ සතුටින් දිවිගෙවනවා. (නි)
අපොයි මේ පුවතෙදිවත් සුමුදු හේවාට දේශපාලන හෑල්ලකින් තොර අදහසක් ලියාගන්න බැහැ. රංග ලිව්වේ වචන දෙක තුනයි. සුමුදු ඔයා අර ලසිත්ට ලියලා තිබෙන උත්තරේ කොහෙද යන්නේ මල්ලේ පොල්. ඒ මනුස්සයාගේ ලියපු ටික හරියට කියවලාත් නැහැ. (නි)
සුමුදු හේවාගෙන් අර්ථවත් දෙයක් ඇහුවමයි - සුමුදු ඔබට මගේ ප්‍රණාමය ! (ම)
සත්‍යපාල ...ඇසල වගේ මෝඩ මොළවලට බුද්ධිය පහළවේවා කියාවත් හිතමු නේද ... (ස)
ඉන්දික .....මෙහෙව් ආබාදිත පුද්ගලයන් සඳහා පිලිපෙදිය යුතු ලොව සම්මත කර තිබෙන රෙගුලාසි මොනවද කියා දන්නවානම් ඔබ ඔහොම ප්‍රකාශයක් නොකරනවා ඇත .......එම දරුවාගේ දෙමාපියන් ඉල්ලා තිබෙන්නේ දරුවට සාදාරනය කරන්න කියලා පමණයි ......වෙන රටක ඔවැනි දරුවෙකුට පහසුකම දෙන්න ප්‍රතික්ෂේප කලානම් එම දෙමාපියන්ගෙන් ඔහොම නොවෙයි සිද්ද වෙන්නේ .......එහෙනම් විදුහල් පතිගෙන් මිලියන ගානක් වන්දි ලබාගෙන පමණක් නොව නීති මගින් දඬුවමට පවා භාජනය වෙනවා (ස)
ඇසළ ගේ අදහස් නම් "කසල" වගෙයි. වෙනත් රටවල අබාධිතයන්ට මෙහෙම සලකන්නේ නැහැ. ඔබේ ආකල්ප නම් හරිම කටුකයි . (ස)
සිරකරුවොත් මනුෂයෝය කියලා හැම හිරගේදරක්ම ඉදිරිපිට ලොකුවට ලියලා තියෙනවා වගේ ආබධිතයොත් මනුෂයෝය කියල විශාකා එක ඉදිරිපිට ලොකු බෝඩ් එකක් ගැහුවොත් නරකද (ස)
මම කුඩා කල රාජකීය විදුහලේ ඉගෙනුම ලබන කාලයේ අප විදුහලේ මෙවැනිම රෝගී තත්වයක සිසුවෙකු සිටියා. ඔහු සුද්දම්මික ආටිගල මහතාගේ සොහොයුරෙක්. ඔහු පාසල් පැමිණියේ රෝද පුටුවකින්. අප විදුහල්පතිතුමාත් ගුරුවරුත් ඔහුට කිසිම අඩුවක් කරේ නැහැ. අප අනෙක් පන්ති වෙනත් ගොඩනැගිල්ලක තිබුනත් ඔහු නිසා ඔහුගේ පන්තිය පහල තට්ටුවේ ඔහුට යාමට ඒමට පහසුවෙන අයුරින් ලබා දුන්නා. ඔහු ගුරුවරුන් භාවිතා කරන වැසිකිලිය පවා පාවිච්චි කිරීමට අවසර දුන්නා. ඔහු අද ජීවතුන් අතර නොමැත. ඔහු පාසල් නෑවිත් ගෙදර සිටින්නට ගියත් විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඔහුව ඉල්ලා ඔහුට සියලු පහසුකම් සලසා දුන්නා. කිසිම අවස්ථාවක අප හෝ ගුරු මඩුල්ල හෝ විදුහල්පතිතුමා ඔහුව කොන්කරේ නැත. අප බිග් මැච් පවා ගියේ ඔහුව කර පින්නගෙනය. බෞද්ධ පාසලක් වෙලත් මෙවැනි විදුහල්පතිනියක් කල ප්‍රකාශයෙන් සහ ගත් තීරණයන් ඉතා පිළිකුල් සහගතයි. මම මෙම පුවත දුටුවේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති විකාශයකින් මුළු ලොව පුරාම විකාශය වූ ප්‍රවෘත්තියක් ලෙස. මෙය අප රට ජාතිය පමණක් නොව ආගමට පවා අගෞරවයකි. ශ්‍රී ලාංකිකයන් මිලේච්ඡ ජාතියක් බව නැවතත් මෙමගින් පෙන්නුම් කර ඇත. මෙවැනි නුගත් ගුරු යක්ෂණියන් අප රටේ සිටිය යුතුව ඇත්තේ හිරගෙවල් වලය. යුද කාලයේදී අප රණවිරුවන් ආබාධිත කොටි ත්‍රස්ථවාදීන් පවා කර පින්නාගෙන ඇවිත් රෝහල් ගතකර ඔවුන්ගේ ජීවිත බේරාගෙන ඇත. මෙය ඉතාමත් මිලේච්ච ක්‍රියාවකි. මෙම ගුරුතුමිය මෙවැනි බෞද්ධ කාන්තා පාසලකට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ඉතාමත් අප්‍රිය ජනකයි. මැය ඉල්ලා අස්විය යුතුය නැත්නම් අස් කල යුතුමය. නැතම් ආබාධිත දරුවෙකුගේ අධ්‍යාපනය විනාශ කිරීම නිසා වන්දි මුදලක් ගෙවිය යුතුය. (ස)
ලසිත්, මෙතන කිසිවෙක් පාසලට අගෞරව කරන්න හිතාගෙන අදහස් පල කරනවැයි මට නම් නොසිතෙයි. හැබැයි මේ පාසලේ විදුහල්පතිනිය නම් පාසලට පමණක් නොව ගුරු වෘත්තියටත් ඇය මවක් නම් මාතෘත්වයටත් එමෙන් ම ඇය උගත් පාසලටත් හැදූ වැඩු දෙමව්පියන්ටත් කොටින් ම මිනිස්කමටත් නින්දාවක් කියලයි මට නම් හිතෙන්නේ. උසස් පාසල් වල වගේ ම පිටිසර දිළිඳු පාසල් වලත් මෙබඳු ගුරුවරු සහ මුල්ගුරුවරු ඉඳහිට හමු වෙත්. එබැවින් පාසලට මෙයින් විශේෂ නින්දාවක් වෙතැයි සිත් තැවුල් ඇති කර ගැනීම අනවශ්‍ය යයි සිතමි. (ස)
අනේ ඔව් චමල්, දැන් ඉතින් මේ දුවව විදුහල්පතිතුමියගේ පළි ගැනීම් වලින් ආරක්ෂා කර ගන්න හැමෝම හුඟක් කල්පනාකාරී වෙන්න ඕනෑ වෙයි. (ස)
අනේ ඔව් චමල්, දැන් ඉතින් මේ දුවව විදුහල්පතිතුමියගේ පළි ගැනීම් වලින් ආරක්ෂා කර ගන්න හැමෝම හුඟක් කල්පනාකාරී වෙන්න ඕනෑ වෙයි. (ස)
රංග, මෙතන තියෙන්නේ අදාළ විදුහල්පතිනියගේ මනුස්සකම, පරිණතකම සහ තැන'වැසි නුවණ පිලිබඳ ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නම් නෙවෙයි. හැබැයි ඔයා දේශපාලනයක් මෙතැනට ඇද ගත්තු හින්දා මේකත් කියන්න ම වෙනවා. අපේ රටට කොටි ත්‍රස්තවාදයෙන් මිදෙන්න හැකි වුණේ විදේශ බලවේග වල නැතක් බලපෑම් වලට නොබියව මුහුණ දෙමින් හිටපු ජනපතිතුමා කොටි නැසීමේ හමුදා මෙහෙයුම් වලට දේශපාලන නායකත්වය දුන්නු නිසයි. ඒ අවස්ථාවේ අපේ රට ලැබූ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය එතුමාගේ දේශපාලන නායකත්වය බව වඩාත් පැහැදිලි වෙන්නේ අපේ රට තිස් වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදයෙන් බැට කෑවේ හමුදාවේ සුරු විරු කම් වල අඩුවක් නිසා නොවන බවත් ඔවුන්ට නිසි දේශපාලන නායකත්වයක් නොලැබුණු නිසා බවත් ඒ තීරණාත්මක සාධකය හිටපු ජනාධිපතිතුමන්ගෙන් සපිරුණු විගස ඉතා කෙටි කලකින් කොටි නසා රටට සාමය උදා කරන්නට හැකි වුණු බවත් යන කරුණු සලකා බලද්දියි . (ස)
විදුහල්පතිනියෙග් දක්ෂකම නිසා පාසැල් ප්‍රතිඵල වැඩි වුණා නම් පහසුකම් අඩු පාසැලකට දාලා ප්‍රතිඵල පෙන්නුවනම් හොඳයිනේ. එතකෛාට අහිංසක කෙල්ලටත් හොඳයි. විදුහල්පතිනිය කළ වරදටටත් දඩුවමක් ලැබිලානේ (බ)
විදුහල්පතිතුමිය අපේ පාසල ගොඩගත්ත හැටි දන්නේ අපි. ඇත්තටම මෙතන වරදක් වෙලා ඇත. (ස)
ගැබිණි මාතාවකටවත් ආසනයක් නොදෙන, වයසක මිනිසුන් දුටු විට අහක බලාගෙන ගමනේ යෙදෙන මිනිසුන් සිටින සමාජයක,සමහර අය අදහස් දක්වන්නේ තුසිත දෙව්ලොවින් ගොඩ බැස්ස වගේ. මෙම කරුණු ගැන මධ්‍යස්තව අධ්‍යයනය නොකර අදහස් ප්‍රකාශ කිරීම තුලින් සිදුවන්නේ පාසලට සහ එහි විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයට අවමානයට ලක් වීමට සහ එම විදුහලේ කීර්ති නාමයට බලපෑමක් සිදුවීමයි. සමහරු ජනප්‍රිය පාසල් කෙරෙහි දැඩි ඊර්ෂ්යාවකින් පසුවන්නේ ඔවුන් තුල ඇති හීනමානය නිසයි. දරුවාගේ ආබාදිත තත්වය වසන් කර පාසලට ඇතුලත් කිරීම තුලින් දෙමවුපියන් කර ඇත්තේ බලවත් වරදක්. මන්ද ප්‍රායෝගික ලෝකය බුදුන් වහන්සේගේ ලෝකය තරම් සාධාරණ නොවේ. සම වයසේ පසුවන මුහුකුරා නොගිය සිසුවියන්ගේ යම් යම් ක්‍රියා කාරකම් නිසා එම ආබාධිත දියණියට සිදුවිය හැකි මානසික ආතතිය සුළුපටු නොවේ. එය ඇයගේ අනාගතය එලිය වීමට වඩා අඳුරු වීමට ඇති ප්‍රතිශතය වැඩිය කියලයි මගේ අදහස.එමෙන්ම ආබාදිත දියණියගේ සෞඛ්‍ය තත්ත්වය,පැය ගණනාවක් රෝද පුටුවට වී සිටීම හෝ ඇය කෙරෙහි සිදුවිය යුතු සැලකිල්ල හා ක්‍රියාවන් ඉටු නොවීම තුලින් ස්නායු පද්ධතියට හා ජීවිතයට විය හැකි බලපෑම වෛද්‍ය විද්‍යාත්මකව සොයා බලන්නේද? විදුහල්පතිනියට සහ ගුරු මණ්ඩලයට ඒ සම්බන්ද විශේෂ පුහුණුවක් තිබේද සහ එම වගකීම ඔවුන්ට ඉටු කල හැකිද යන්නයි. මා පාසල් යන අවදියේ මෙවැනි සිසුවෙක් ශිෂ්‍යත්වයක් ලබා අප විදුහලට පැමිණියද, ඔහුට වැඩි කාලයක් අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි වුයේ අනෙක් සම වයසේ සිසුන්ගෙන් සිදුවූ උසුළු විසුළු හා අකරතැබ්බ නිසාය. පසුව ඔහුට සිදුවූ මානසික පීඩනය නිසා, ඔහු පන්තියේ අදක්ෂතම දරුවෙක් විය. මෙයයි ප්‍රායෝගික ලෝකය. දැන් ලෝකය මීට වඩා සාධාරණ, බුදුන්ගේ මග අනුව යන ලෝකයක්දැයි මම නොදනිමි. සමහර විට මේ විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලය මේ කෝණයෙන් බලා කටයුතු කරන්න ඇති. එසේ නම් එය වරදක් ලෙස සැලකිය හැකිද ? (ස)
ලක්ෂිත, ඔබ උදම් නොවිය යුතුයි, කටේ මසුරන් පහක් දැමිය යුතුයි...තියෙන්නේ ඔච්චරයි... ඉතුරු එක මට ගෙදර යන්නයි..(බ)
කව්රුන් හෝ යහපත් ක්‍රියාවක් කළානම් එයට ප්‍රශංසා කිරීම මහත්මා ගණයක්. ඇත්තෙන්ම මෙම දරුවාට සිදුවූ අසාධාරණය මුලින්ම පෙන්වාදීම සිදුකලේ "ලංකා ඊ නිව්ස් "වෙබ් අඩවියයි. ඊටද අපගේ ප්‍රතිචාරය දක්වමු. ස්තුතියි, (බ)
ලංකාදීප පුවත්පත මේ වගේ වැදගත් කරුණුවලින් පාටකයා දැනුවත් කිරීම ප්‍රසංසනීයයි! (ස)
රකිත් රෝහිත් කවද ඉඳලද සුමුදුට කඩේ යන්න පටන් ගත්තේ... (ස)
..ඇසල වගේ මෝඩ මොළවලට බුද්ධිය පහළ වේවා කියාවත් හිතමු නේද? චාන්දනී, ලංකාවේ හැම පාසලකම ඔය තත්ත්වය තමයි තියෙන්නේ.....ඒක පාසල්යන දරුවෝ ඉන්න හැම දෙමාපියෙක්ම දන්නවා....පාසල් අන්තිම නරක තත්ත්වයක තියෙන්නේ..කියන්න කණගටුයි ....(ස)
යවනාඩ්, පොළොව පැළෙන බොරු කියන්න එපා. ළමයගේ කටයුතු නිසා පියාගේ රැකියාව පවා අහිමිවෙලා. ඔයාට ඔය බොරු ආරංචිය කිව්වේ කවුද? ඇසළද? (නි)
කොහොමහරි තමන්ගේ වරද තේරුම්ගත් එකම මදෑ (නි)
මේ සිදුවීමේ මුල් කතාව මේ දෙමාපියන් දරුවා නොපෙන්වා පාසලට අයදුම් කරල පසුව ඇතුලත් කලාම පාසැල දැනගෙන තියෙන්නේ අාබාදිත ළමයෙක් කියල. ආරංචිය විධියට. (ස)
මෙතන සමහරු ඈත පිටිසර පාසලකට මේ විදුහල්පතිතුමිය මාරු කරන්න යෝජනා කළත් නොකළ යුත්තේ ද එයම යයි මම සිතමි. යමක් කමක් කළහැකි දෙමව්පියන් සහිත අගනුවර ප්‍රමුඛතම පාසලකදී මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කරන ඇය ඈත පිටිසර පාසලක අන්ත අසරණ දෙමව්පියන්ගේ දරුවන්ව කෙතරම් නම් පෙළාවිද?මැය කෙලින් ම ගෙදර ම යැවීම සුදුසු ය. එවිට කිසිදු දරුවෙකුට ඇයගෙන් හිරිහැර සිදු නොවෙනු ඇත. (ස)
මම ගියේ බටපොල මහා විද්‍යාලයට , ඒ දවස් වල අපිට හිටිය හේමන්ත උඩුවිල ආරච්චි , කල්‍යානි උඩුවිල ආරච්චි ගුරු දෙවිවරු යුවලක් .අපිට හරිම කරුණාව දයාව පෙන්නුවා. එ්කට කොළඹ ගුරුවරු මට මතක් වෙන්නේ කාලි අම්ම (බ)
සමහරුන්ට මේ පාඨක සභාවේ සාමාන්‍ය පුවතට අදාලව සංවාදයක් කවදාවත් ගෙනියන්න බැහැ දේශපාලනය ගාවා ගන්නේ නැතිව. අනෙක් එක්කෙනා මොනවා හරි ලිව්වා කියල ඔන්න පටන් ගන්නවා කතන්දර හෑල්ලක්. බලන්න බහුතරයක් පුවතට අදාලව ලියනවා. ඒකට සුමුදු හේවාට මෙතන මළගමක පුවතක් ලියවුනත් මහින්ද මහතාගේ ප්‍රශස්තිය ඇරෙන්න වෙන දෙයක් නැහැ. අපරාදේ කියන්න බැහැ බන්දුල පෙරේරා හෙවත් යහපාලට නම් මෙහෙම ඔලුවේ අමාරුවක් තිබුනේ නැහැ. (ස)
දැන් කාලයේ සමහර පියවරුන් තමන්ගේ දරුවන් සමග එකම පන්තියේ ඉගෙන ගන්න අබාධිත දරුවාගේ ඉරණම ගැන සංවේදී නොවීම - අනාගතයේ තමන්ගේ මව්පියන් අබල දුබල විට ඔවුන්ව පැත්තකට දමන බහුතර සමාජයක පුර්ව ලක්ෂණයි. තමන් වපුරන දේවල් තමන්ගේ දරුවන් තුලින්ම නෙලා ගන්න වෙන බව නොතේරෙන හැටි ! (ස)
ආ ප්‍රේම සහෝදරයා, ඔයා මෙච්චරකල් නිදාගෙන හිටියද නැත්නං රට ඇරලා ගිහිං ඉටියද? එත් නැත්තං ඇහැ කන පොට්ටවෙලා ඉඳලා හරිගියේ දැන්ද? සුමුදු සහෝ ගේ වැදගත් අදහසක් ඇහුවේ අදයිලු! මේවට මට හිනා හිනා අතර හිනා !(ස)
ඉන්දික සහ ඇසළ දෙන්නාම විදුහල්පතිනියගේ සාරි පොටේ එල්ලුන ගමන්. (ස)
මෙවැනි දරුවන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සාමාන්‍ය බුද්ධිය පමණයි.(ස)
මට පෙනෙන්නේ ඉන්දිකගේ සහ ඇසළගේ දුවරු දෙන්නාම මේ පන්තියේද කොහෙද? මෙහෙම පියවරු ගැන අපිට බොහොම කණගාටුයි. තමන්ගේ දරුවා විතරක් ගොඩගියාම ඇති. (නි)
ඉන්දික, ඔයා කියන්නේ මෙම විදුහල්පතිනිය ළමයි ගැන සොයා බලනවා කියලද? එහෙත් මෙම ආබාධිත අසරණ ළමයට සළකපු විදිහෙන්ම පේනවා එතුමියගේ සොයාබැලීමේ ක්‍රමය ගැන. මම ඉගෙනගන්න කලෙත් මෙහෙම ගුරුතුමියක් හිටියා.ලස්සන සල්ලිකාර ළමයට ලකුණු.අසරණ ළමයට ගුටිබැට. නියම ගුරුවරයා හැමොටෝම එක වගේ සළකන්නේ. (නි)
ඉන්දික , මමත් මගේ අම්මාත් දෙදෙනාම මේ පාසලේ ආදී ශිෂ්‍යාවන්. ඔයා ඒ පාසලේ පැය 24 ම ඉන්නවා වගේනේ කතාව. මගේ දියණියට මම දැනට විෂයන් 3 ක් ගෙදර අමතරව උගන්වන්නේ පාසලෙන් ඒ කාලයේ අපිට ලැබුන ගුරුවරුන්ගේ සහයෝගය දැන් කාලයේ සිසුවියන්ට නොලැබෙන නිසා. මම උපකාරක පන්ති ගියේ ඒ කාලයේ උසස්පෙළදී. දැන් 6 පන්තියේ සිටම ළමයාව පන්ති අරින්න සිද්ධවෙලා. මගේ පන්තියේ ඒ කාලයේ සිටි යෙහෙළියන් කියන්නෙත් ඒකමයි. මට පේන්නේ මේ දැරියව පන්තියෙන් එළියට යවන්න ඔයත් සම්මාදම්ද කොහෙද? නැත්නම් මේ විදුහල්පතිනියගේ ක්‍රියාව අඩුවශයෙන් හෙළාදකින්න ඔයාට බැරිවෙන්න වෙන හේතුවක් නැහැ. මෙහෙම ලිව්වාට තරහා වෙන්න එපා. (නි)
කොමිසම් හරහා කියනතුරු නොතේරෙන තොත්ත බබාලා. රටේ ප්‍රධානම කාන්තා ඉස්කෝලේ විදුහල්පතිනිය.රටේ අනාගත නායකයන් විදිහට බිහිවෙන දරුවන් මෙවැනි නරක ආදර්ශ ඇතිව බිහි වුනවිට රටේ අනාගතය ? ගුරා හිටගෙන කරන දෙය ගෝලයන් දුව දුව කරනවා වැනි වුවහොත් ? මෙවැනි කරුණකදී උගත්කමක් හෝ නීතියක් පිළිබඳව දැනුමක් නැතත් සානුකම්පිතව බලන්නට හැකි මනුස්සකමක් විතරක් වුවද ප්‍රමාණවත්ය? (බ)
ඉන්දික ඔබ මෙම පාසලේද ? මේ පාසලේ ආදී සිසුවියක් හැටියට මම මෙතන ලියන්නේ සත්‍ය තොරතුරු. මේ පාසලේ උසස් විභාග ප්‍රතිපල වලට ප්‍රධාන හේතුව වන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුණු ලැබූ ඇති දක්ෂ ශිෂ්‍යාවන් පාසලට ඇතුලත් වීමයි. තවද අපි සැවොම ටියුෂන් ගුරුවරුන්ගේද සහය ලැබුවෙමු. (ර)
හොද ප්‍රතිපලයක්. (ර)
ඇත්ත තමයි ඉන්දික කියන්නේ යුද්දේ දිනපු ගෞරවය තනිකරම මහින්දට දුන්නනම් ඒ සාමාර්ථ 202 ක් ගත්ත ගෞරවය තනිකරම විදුහල්පතිනියට යා යුතුයි. එනිසා ළමයා ගෙදර යවා විදුහල්පතිනිය රැක ගනිමු (බ)
දැරියට සුබ අනාගතයක්. මෙවැනි වරදක් කළ විදුහල්පතිනිය ගෙදර යවන්න වටිනවා.. (ස)
මෙතන හුඟක් ය මේ විදුහල්පතිනිය ගැන දන්නේ නැතුවයි ප්‍රතිචාර දක්වල තියෙන්නේ. ඇත්තටම මෙතන වැරද්දක් වෙලා තියෙනවා. ඒත් එ්කෙන් මෙම විදුහල්පතිනිය ගැන කියන ඒවානම් වැරදියි. මෙම විදුහල්පතිනිය ළමයින්ගේ අධ්‍යාපනය ගැන ගොඩක් මහන්සි වෙනවා. ඒ බව මෙවර O/L රිසල්ට්ස් වලින් හොඳින්ම පේනවා, A9 202ක්ම තියෙනවා! ඒ ඇත්තටම ගුරුවරුන් මහන්සි වෙලා. නැතිනම් මහන්සිවෙලා වැඩ කරන්න වෙලා!! (ස)
හරි නම් ඒ කාන්තාව මාරු කරන්න ඕන ඈත පිටිසර මායිම් ගමක ඉස්කෝලෙකට . පෙන්ෂන් යන්න කිට්ටු වෙන කොටවත් හැදිලා එන්නේ නැතා . (ස)
දරුවන් නැති කාන්තාවක් වත් මෙහෙම දරුවෙකුට සලකනවා මම අසලා නැහැ. .තමනුත් දැරියක ලෙස ජීවිතය ගෙවූ බව මහ පුටුවක වාඩි වුන ගමන් අමතකයි. (ස)
මේවාගේ හිතක් පපුවක් නැති අයව ද ප්‍රදාන පෙළේ පාසල් වල ඉන්නේ .... තේරයි දවසක රොද පුටුවෙන් යන්න වුණ දාට (ම)
මේ කාන්තාවට විදුහල්පති තනතුර මදිවාට කර්නල් තනතුරකුත් ලැබුනානේ. ඒකත් හොඳ වැඩියි. හරියන්නේ කොරනෙල් තනතුරකට. හිතක් පපුවක් නැහැ. ගැහැණු අපිටත් ලැජ්ජාවක් ! (බ)
අගය කළ යුතුයි. හිත්පිත් නැති මෙවැනි විදුහල්පතිනියන් පරිපාලනයට නොව ටොයිලට් සේදීමටවත් සුදුසු නැත. (බ)
ඉන්දික ඔයා දැක්කද විදුහල්පතිනිය ඉස්කෝලේ පරිපාලනය කරන හැටි. මගේ අයියාගේ දියණියන් දෙදෙනාම පාසලේ ගුරුවරුන් ගේ ඉගැන්වීම් මදි නිසා ටියුෂන් යනවා. මේ පාසැලේ ඉගෙනුම ලබන්නේ දිවයිනේ හොඳම ලකුණු ලැබූ ශිෂ්‍යත්වලාභීන්. ඔයා කියන්නේ විභාග ජයග්‍රහණ ඔක්කොම විදුහල්පතිනියගේ මහන්සියේ ප්‍රතිපල කියලද ? (ර)
තනතුරේ ලොකුකම හිතට ගත්ත මෝඩ ගැහැණු කෙනෙක්. මෙවැනි ප්‍රශ්නයක් මෙච්චර දුර ගෙනිච්චේ තමන්ගේ උද්ධච්චකම පෙන්වන්න ගිහිල්ලා මිසක් වෙන හේතුවක් නිසා නොවේ. ලක්මිණි දැරියට සුබ අනාගතයක්. (බ)
විදුහල්පතිනියවත් රෝද පුටුවකට වාඩි කරවලා සුමානයක් ඒකෙ ඉඳ ගෙන වැඩ කරන්න කියන්න ඕන. එතකොට තේරේවි අමාරුව ! (බ)
බල්ලෙක් නාන්න ඇදන් ගියා... වගේ ... අනෙකාගේ දුක දන්නේ නැති අයට, දුක වටහල දෙන එක.. පත්තර වල දාල, කස්තිරන් අල්ලලා, පොලිසි ගිහිල්ල.. නා නා විධ සෙල්ලන් දාල..කමක් නෑ කොහොම හරි අපේ කෙල්ල දිනුවනේ...(බ)
මම සිටින රටේ මෙවැනි වරදක් කළ විදුහල්පතිනියකට ආයෙත් විදුහල්පති කම් නැහැ. ඒකට මෙතන ! පොඩි ළමයෙක් වරදක් කළා වගේ එයාව ඔලුව අත ගාල ගෙදර යවනවා. මාරු කරල යවන්න වටිනවා මාන්කුලම් වල ඉස්කෝලෙකට. (බ)
මම සිටින රටේ මෙවැනි වරදක් කළ විදුහල්පතිනියකට ආයෙත් විදුහල්පති කම් නැහැ. ඒකට මෙතන පොඩි ළමයෙක් වරදක් කළා වගේ එයාව ඔලුව අත ගාල ගෙදර යවනවා. මාරු කරල යවන්න වටිනවා මාන්කුලම් වල ඉස්කෝලෙකට. (බ)
විශාඛා විදුහල්පතිනියටත් මෙහෙම වුණානම් (බ)
මේ පාසලට මේ සිද්ධිය නිසා වැටුණු කළු පැල්ලමක් තියෙද්දී තවමත් පාසල් සංවර්ධන සමිතියේ පන්දම් කාරයන් විදුහල්පතිනියගේ පස්සෙන් යනවා. (බ)
දැන් එතකොට විදුහල්පතිනියට කිසිම දඬුවමක් නැහැ . හරි නම් ඇයව තනතුරෙන් පහළ ශ්‍රේණියකට බස්සවා මුල ඉඳලා ළමා මනෝ විද්‍යාව සහ සංවර්ධනය ඉගෙන ගැනීමට සැලැස්විය යුතුයි. (බ)
ගොඩක් හොද තීරණයක් අපි ළමයින් මල් වගේ රකින්න ඕන ඒ වගේම වැඩි තැනක් අර්බාදිත ළමුන්ට දෙන්න ඕන (අ)
මාගේ දියණියත් විශාකාවේ අධ්‍යාපනය ලබන්නේ. මම දන්නා තරමින් මෙම විදුහල්පතිතුමිය දරුවන්ගේ යහපත වෙනුවෙන්ම කැපවී වැඩකරන විවිධ දේශපාලන බලපෑම් වලට පවා හිස නොනමින් පාසලේ විනය දැඩිව රැකගනිමින් කෙලින් වැඩ කරන කෙනෙක්. මෙම සිදුවීම මෙතරම් දුර යාම අනුමත කරන්න නොහැකිය. මම හිතන්නේ කරුණු හරි හැටි සන්නිවේදනය නොවීමක්. උප විදුහල්පති අංශ ප්‍රධානි අයත් සාමුහිකව වගකිව යුතුය. කරුණාකර පාසලේ නම සදහන්කර එයට අවමාන කරන්න එපා. (ර)
මේ ඇසළට හොද. තිබෝල් කෝටුවකින් තලාගෙන තලාගෙන යන්න ඕනේ ...? (ස)
අැසල කියන්නේ මධුර ගැන නේද ? (ස)
අැසළ තාම පාසල් යන්න බැරිවුණානම් මන්දබුද්ධිකයන්ට තියෙන පාසලක් හොයා ගන්න. (ස)
ලංකාව බෞද්ධ රටක්. එහෙත් මේ වගේ දේවල් අහන්න ලැබීම කණගාටුයි. ප්‍රධානම පාසලක විදුහල්පතිනියකට නීතිය කෙසේවෙතත් අඩුම තරමේ මානුෂික හැඟීමක් නැතිවීම කොතරම් කණගාටුද? පාසලක් කියන්නේ දරුවන් හදන තැනක්. දරුවෙකුට යම් අපහසුකමක් තියෙනවා නම් එයට උපරිමයෙන් උදව් කළයුතු නොවේද? ඒ දෙමාපියන් මොනතරම් අපහසුතාවයට පත්වෙන්න ඇද්ද? මෙවැනි දරුවන් සිටින දෙමාපියන් කොතරම් මානසික පීඩා විඳිනවා ඇද්ද? එවැනි අයව මානව හිමිකම් කොමිසමට යන්න කටයුතු සැළැස්වීම කොතරම් කණගාටුදායකද? මේ දුවට එය කොතරම් පීඩාවක්ද? අහෝ අපි රටක් හැටියට ආපස්සට යන හැටි! දුවට තෙරුවන් සරණින් ඉගෙනගන්න වාසනාව ලැබේවා! (නි)
මෙහෙම අය අධ්‍යාපනයට සුදුසු නැහැ..(ස)
එහෙමනම් "ඇසළ" වැනි මානසික ආබාධ ඇති අයට මෙවැනි පත්තර වලට අදහස් දැක්වීමටත් තහනම් කර වෙනත් පත්තර සොයා දියයුතුයි.නැත්නම් මෙවැනි ලක්ෂ ගණන් කියවන පත්තරවල ඇසළ ගේ අදහස් නිසා මුළු ලෝකයටම හානියක්. ඇසළ,ඔබ ඉදගන්නකොට හෙමින් ඉදගන්න.නැත්නම් මොලේ තැලෙයි.මොකද ඔබලාගේ මොලේ තියෙන්නේ ඔලුවේ නොව පිටිපස්ස පැත්තේ. (ස)
ඇසළ, ඔයාගේ ළමයෙක් දක්ෂ කම නිසා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා විශාකාවට ඇවිත් පසු කලක ආබාධිත වුනා නම් ඔබ කරන්නේ ඔය කියපු ටිකද ? (බ)
සම්පත්, මෙතන කවුරුවත් පාසලට අවමන් කරලා නැහැ. මේ කාන්තාවගේ අමානුෂික පරිපාලනයයි විවේචනය කරන්නේ. හැබැයි මට නම් මේ සිදු වීමේ ඔබ ඔය කියන දරුවන්ගේ යහපත ඇත්තටම තිබේදැයි සැකයි. මේ දැරියගේ මව්පියන් බැගෑපත් වී පන්තිය පහලට ගේන ලෙස කළ ඉල්ලීමට මේ කාන්තාව දුන් අමානුෂික පිළිතුර ඇතැම් මාධ්‍ය වල පලවී තිබුනා. . එය එසේ නොවේ යයි ඈය අද වනතෙක් කොහෙවත් සඳහන් කර නැහැ. (බ)
දෙමව්පියන්ට තියෙන්නේ ඒ අයට තියෙන වෙනම පාසල් ලංකාවේ තියනවා නම් හොයල බලල එ්කකට දාන්න. මේ විදුහලේ තැබීමෙන් වෙන්නේ ඉගනීමට අනිත් ළමයින්ට බාධාවක් මෙන්ම ඒ ළමයටත් ඉගැනීමක් නැතිවෙන එක. (බ)
සැම් මහතා ඔබේ කියමන නම් හරියටම හරී...හරිම හරි උද්දච්ච් ගැණු කෙනෙක් තමයි එයා. (බ)
උඩුගම්බලා පිහිනීම (ම)
අගය කළ යුතුයි. (ර)
සත්‍යපල නිවැරදිව කියා තිබේ "මෙවැනි කරුණකදී උගත්කමක් හෝ නීතියක් පිළිබඳව දැනුමක් නැතත් සානුකම්පිතව බලන්නට හැකි මනුස්සකමක් විතරක් වුවද ප්‍රමාණවත්ය" (ත)
දැන් ඉතින් මේ දුවට අබ සරණයි. පල නොකිය පලා බෙදයි ඉස්කෝලෙදි (ත)
ඉන්දික,පහේ ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලැබූ ළමයින්ට ඉගෙන ගන්න විදුහල්පතිනිගේ දක්ෂකමම ඕන නැහැ.ඉන්දික ඔයා විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යවක්ද? (බ)
මේක ලංකාදීපේ ගිහින් ප්‍රසිද්ද වුණේ නැත්නම් බලාගන්න තිබ්බ මෙයාගේ පන්ති මාරුව. මෙයාල විදුහල්පති කම් වලට සුදුසු නැ. (අ)
මේ විදුහල්පතිනියට දඬුවමක් නොදුන් එක නම් වැරදි. විශේෂ අධ්‍යාපනය, මනෝ විද්‍යාව වගේ පටමලාවක් හදාරලා සහතිකයක් ගන්න යොමු කළානම් හොඳයි. රටේ ඉහලම බාලිකාවක විදුහල්පතිනියක් ලෙස කටයුතු කරන්න ඇය සුදුසුද කියන එකත් හිත බැලිය යුතුයි. මේ පාසලට හෝ වෙනත් පාසලකට ඇය සුදුසු නැති බවයි මම හිතන්නේ.
ඇත්තම නේන්නම්. යුද්දේ දිනුවේ මම තනියෙන් කියල අහවලා කිව්වා වගේ දැන් ඒ කාන්තාව ඉන්දිකගේ ගෙදරට ගිහින් කියල තියෙන්නේ ඔක්කොම වැඩ කිඩ මගේ කියලා වගේ . (අ)
විදුහල්පතිනියට තමන්ගේ වරද පෙන්වල දෙන්න කිසිම ගුරුවරියකට බැරි වුන එක නම් ලොකු ප්‍රශ්නයක් . මේ තීරණයට එකඟ වීමෙන් ඇය තමන් කල වරද පිලි අරගෙන තියෙනවා. (ර)
මගේ ළමයා මේ විදුහලට යන්නේ . බිරිඳ ගුරුවරියක් නිසා දුවට ගෙදර උගන්වනවා. දුවගේ පන්තියේ හැමෝම සවස අතිරේක පන්ති යනවා. ඉන්දික ගේ විභාග ප්‍රතිපල විශ්ලේෂණයට නම් තෑග්ගක් දෙන්න වටිනවා. (ර)