ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙතෙක් ලබාදුන් විශ්‍රාම වැටුප් ලබාදීමේ කාර්යය අගෝස්තු 26 සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මධ්‍යගත කිරීම හේතුවෙන් අද (10) බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප් ලැබී නැතැයි විශ්‍රාමිකයෝ කියති. මේ සඳහා 11/2014 නමැති චක්‍රලේඛයක් නිකුත් කැර ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ඇතැම් විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් දෙක බැගින් ලැබී ඇති බවයි. රාජ්‍ය සේවයේ දූෂණ අවම කිරීම වෙනුවට විමධ්‍ය ගත කර තිබූ දෑ මධ්‍ය ගත කිරීමෙන් පලක් නොවන බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වැඩි දෙනකුගේ සහායෙන් කළ දෙයක් සුළු පිරිසක් මගින් කරද්දී මෙවැනි ගැටළු මතුවන බවත් ඔහු කියයි.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස් එස් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. අලුත් ක්‍රමයක් ඇති කළ විට මෙවැනි සුළු සුළු අඩුපාඩු වන බවත්, ඒවා මගහැරගෙන ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන ක්‍රමය තිබුනත් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් වැඩක් කරවාගන්න කාර්යාලවලට යන උදවියට ලිපිකාර නෝනාලා මහත්තුරුන්ගේ සැර බලන්න වෙන එක නම් නවතින්නේ නැහැ. කරුණාකරලා ඔය ගමන්ම මානව සම්පත් කළමනාකරුවෙක් ඔය දෙපාරතමේන්තුවට බඳවාගෙන සේවයක් ලබා ගැනීමට එන මහජනයාට විනීතව සුහදව කතා කරන හැටි ආයතන සේවකයන්ට උගන්වන්න කියලා කාරුණිකව ඉල්ලනවා. (නි)
විශ්‍රාමිකයා දහසකුත් බලාපොරොත්තු ඇතුව විශ්‍රාම වැටුප ලබා ගැනීමට පැමිණ එය නැතිවූ විට ඇතිවෙන වේදනාව ඔය ලොකු ලොක්කන්ට වැටහෙන්නේ නැහැ. හොරුන් කරන වැඩ වලට හොරුන්ට උපරිමයෙන් දඬුවම් නොකර ,ඒවා නැවත වීමට පනවන නීති වලින් නිතරම පහර වැදෙන්නේ අහිංසකයාට. (නි)
මගේ අම්මා ඉන්නේ ඇඳේ. මේ වගේ වෙනස්වීම් කරද්දී ඒ වගේ අය ගැනත් සැළකිල්ලක් යොමු කරන්න. (නි)
ටිකක් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් ! (නි)
මේවා කාගේ කාගේත් වැරදි..දැන් බලන්න මේ දුප්පත් විශ්‍රාම ගිය මිනිස්සු. කාගෙවත් පිහිටක් නැහැ.......මේ පණ්ඩිත ඔලුව උදුම්ම ගත්තු රජයේ සේවකයෝ කරන වැඩ ගැන බලන්න කවුරුවත් නැහැ....ඒගොල්ලෝ චන්ද වැඩ ඇති..විශ්‍රාමිකයන්ට කාගේ පිහිටක්ද. (ස)
සියල්ලටම පෙර මේ රජයේ කාර්යාලවල සේවකයන්ට මහජනතාවට කතා කරන හැටි පුහුණුවක් ලැබුනා නම් හොඳයි. ඒ අය විශ්‍රාමිකයන්ට කතා කරන්නේ හරියට පින් පඩි ගන්න එනවා වගේ. (නි)
අහිංසක විශ්‍රාමිකයන්ගේ වැටුප ආරක්ෂා වේවා! (නි)