IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති

‍අංජුල මහීක වීරරත්න
 
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ.

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැතියේ කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
 
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අනුගමනය කරන පියවරයන් පිළිබඳව මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.
 
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන මත පිළිබඳව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමැතිවරුන්ට කරුණු ප්‍රකාශ කර තිබේ. තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු හෙට දිනයේදීත් එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් හමුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
ජාතික රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පවතින අලුත් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද මෙහිදී විමසීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.  ජනපති සමඟ පැවැත්වූ සාකච්ඡාව ධනාත්මක මට්ටමක පැවැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.



අදහස් (22)

විශ්වාස භංගය ගැන කතා කරන්න එජාප ඇමැතිවරු හෙටත් ජනපති හමුවෙති

Amara Monday, 02 April 2018 05:33 PM

මේ වගේ අසාධාරණ බදු මහින්දගේ කාලේ යුද්දේ තියෙනකොටවත් තිබුනේ නෑ.

:       1508       4610

සතයපාලTuesday, 03 April 2018 02:51 AM

අමර තවම ඉන්නේ හෝඩියෙනේ ඒකයි ලංකාවේ දේශපාලනය ගැන දන්නේ නැත්තේ. මහින්දගේ කාලයේ කසාද සහතිකයටත් බදු ගැහුවා මරණ සහතිකයටත් බදු ගැහූවා.

:       601       244

athuraTuesday, 03 April 2018 04:12 AM

ඔවු ඒ කාලෙ ණය ගෙවන්න තිබුනෙත් නැහැනේ. ණය ගන්න විතරනේ තිබුනේ.

:       499       284

samanTuesday, 03 April 2018 04:56 AM

ණය ගන්නේ නැතුව ගෙවනවානම්, මේ අවූරුද්දේ අයවැයෙන් ගන්න යෝජනා කරපු ණය ප්‍රමාණයෙන් බාගයක් පහුගිය අවූරුදු තුනේ ගත්ත ණය වලට එකතුකරාම මහින්ද අවූරුදු 10 ටම ගත්ත ණයට වඩා වැඩි වෙන්නේ කොහොමද.

:       167       400

shan saudiTuesday, 03 April 2018 04:23 AM

එක ඇත්ත එදා බදු ගැහුවේ නැහැ හැබැයි පෙට්‍රල් ලීටරයකින් රුපියල් 50 ගානේ ඩීසල් වලින් රුපියල් 30 ගානේ ගෑස් සිලිදරයකින් 1200 ගානේ ගත්ත ඒවා බදු නොවේ අවුලකට තියෙන්නේ එදා තෙල් සංස්ථාව දිව්වේත් පාඩුවට අද දුවන්නෙත් පාඩුවට වෙනස එදා මිල 167 අද මිල 117 තව මොකටද ටැක්ස් ගහන්නේ පඩිය රුපියල් 100,001 ගන්නවානම් ටැක්ස් 4% ගෙවන්න ඕනේ එදා පඩිය රුපියල් 10,000 යි පෙට්‍රල් ලීටරයකින් රුපියල් 50 දිනකට ගෙව්වා මේකේ වරද මංගලගේ මේක ටැක්ස් නොකිය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 කලානම් කිසිම අවුලක් නැහැ එතකොට ටැක්ස් සුත්තර පෙන්වල පඩිය අනුව ගෙවන විදි මොකවත් කියන්න ඕනේ නැහැ

:       378       222

Bamunuarachchi Monday, 02 April 2018 05:41 PM

ප්‍රතිපත්ති වලින් වෙනස් පක්ෂ දෙකක් රට කරන්න එකතුවෙනවා කියන්නේ අමු ප්‍රෝඩාවක්. මේගොල්ලෝ ජීවත් වෙන්නයි මේ වෑයම.

:       654       805

sirimal Monday, 02 April 2018 06:11 PM

ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළුතරයක් විතරයි පක්ෂයේ සභාපති කියන දේවල් අහන්නේ. ඕනෑනම් වැඩිම වුනොත් 10 ක් ඇති. අනිත් සේරම පසුගිය මැතිවරණ දෙකේදීම මහින්ද රාජපක්ෂ දිනවීමට සම්පුර්ණ සහයෝගය ලබාදුන් කට්ටියයි. ඒගොල්ලෝ දැනුත් ශරීරයෙන් පක්ෂයේ හිටියට හදවතින් ඉන්නේ පොහොට්ටුව සමඟයි. පක්ෂයේ තීරණ වලට පිටින් කටයුතු කල හැම අවස්ථාවකම "පක්ෂයේ විනය නීති උල්ලංඝනය කල සියලුදෙනාට විනයානුකුල ක්‍රියාමාර්ග ගන්නවා" කියල රැස්වීම් වලදී කිව්වා මිස ඒවා ක්‍රියාවට නැංවීමට තරම් එඩිතර නොවීමේ ඵල විපාකවලට තමා දැන් මුහුණ දීමට සිදුවී ඇත්තේ. විශ්වාස භංගය දිනුවත් පැරදුනත් මේ රජයට වැඩක් කරන්නට අවස්තාවක් නොදී සියලුදේම කඩා කප්පල් කරමින් මාධ්‍ය මඟින් රජයට එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැඟීමේ ආරම්භය 5 වෙනිදාට සිදුවෙනු ඇත. බොහෝ මාධ්‍ය ඉන්නේ මහින්ද සමඟය. මාධ්‍ය සදාචාරය ලංකාවට ඔට්ටු නැත. මේ වන විටත් රජය කෙරෙහි මහජනයාතුල අප්‍රසාදයක් බිහිකිරීමට ඒකාබද්ධය සමත්වී ඇත්තේ එබැවිනි.

:       1053       3159

RNG Tuesday, 03 April 2018 01:17 AM

ඔයා කියන්නෙත් දැන් ඉන්න ජනාධිපතිට එහෙමවත් පිළිගැනීමක් නෑ කියලානේ.. ඒක ඉතින් රටම දන්නවා .

:       0       47

sirimalTuesday, 03 April 2018 09:49 AM

"රටම දන්නවා" කියනවාට වැඩිය " සමහරු විසින් රටම නොමඟ යවා තියෙනවා " කියන්න මම කැමතියි. විශ්වාස භංගයේ දී ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවය ගත යුතු ස්ථාවරය අන්තිම කෙනා දක්වා ගෙනයාමෙන් පෙනී යන්නේ ජනාධිපති කියන කිසිදෙයක් කිසිකෙනෙක් අහන්නේ නැති බවයි. අගමැතිවරයාගේ ක්‍රියා කලාප ගැන ප්‍රශ්න තිබෙන නමුත් තීන්දු ගත යුත්තේ වඩා නරක කව්ද කියන තක්සේරුවකින්ය. රාජපක්ෂ යුගයක් යලි පැමිණියහොත් එය ව්‍යසනයකටත් වඩා වැඩි දෙයක් වන බව බොහෝදෙනා විශ්වාස කරති. විශ්වාශ භංගය පැරදුනොත් මුළු ආණ්ඩුවම පරාජය වෙයි. එවිට රාජපක්ෂ නැවත බලයට පත්කිරීම කජු කනවා වැනි වැඩක් බවටද පත්වෙයි. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මේ වගක් නොදන්නවා විය හැකි නොවේ.

:       0       0

SL Monday, 02 April 2018 07:49 PM

අනේ sirimal, නිකන් බොරු කියන්න එපා. මේ විශ්වාස භන්ගේ ගේන්නේ රනිල් බහ බැංකු හොරු ආරක්ෂා කරපුවට එරෙහිව. මේ ආණ්ඩුව හරියට කරපු එකදෙයක් කියන්න පුලුවන්නම්? වීපක්ෂයට කඩාකප්පල් කරන්නේ දෙයක් නැහැ, ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා.

:       47       110

sirimalTuesday, 03 April 2018 09:57 AM

මහ බැංකුවේ සිදුවූදේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නට රජය පියවර ගත්ත එක හොඳ බවට මේ කිසිවෙකුට කියන්න තරම් හිත නොදෙන්නේ කුහක කම නිසාද නැත්නම් මාධ්‍ය මඟින් පතුරුවා ඇති අභූත මුසාවාද වලින් සර්වාංගයම වෙලාගෙන ඇති නිසාද? මහබැංකුවේ සිද්ධියට මේ වනවිට චුදිකයින්ට නඩු පැවරිලා තියෙන්නේ. එවැනි දෙයක් වෙයි කියල රාජපක්ෂ සමයේදී හිතන්නවත් පුලුවන්ද? රාජ්‍ය බලය අවභාවිතය, හොරකම්, මාරක, මිනීමැරුම් ගැන ඒ කාලයේ සිදුවූ කිසිදෙයක් ගැන සොයා බැලුවද? පොරොන්දු වූ පරිදි දුෂිතයන්ට දඬුවම් නොදුන්න නිසයි ආණ්ඩුව මෙතරම් අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ.

:       0       0

sam Monday, 02 April 2018 09:09 PM

මේ වෙනසකට කාලයයි. විශ්වසභංගයට ජය වේවා!!!

:       53       128

ranjith Monday, 02 April 2018 10:30 PM

බල තණ්හාව නිසා එක්සත් ජාතික පක්ෂය වල පළලටම යවන්නද මේ උස්සහ කරන්නේ

:       0       1

sisira Monday, 02 April 2018 11:41 PM

අවුරුදු 70 රට උලා කාල දැන් හදන්නේ හවුල් වෙලා ඉතුරු ටිකත් කාබාසිනියා කරලා දාන්නයි. කිසිම් ප්‍රතිපත්තියක් නැති දේශපාලුවෝ

:       0       14

nimanthi Tuesday, 03 April 2018 03:33 AM

නියම නාටකය .... නව බදු වැඩිකිරීම්, ජීවනවියදම ඉහළයාම, ඩොලරය අගය වැඩිවීම දැන් කාටත් අමතකය.... අපි හැමෝම මේ නාටකයෙන් මත්වී සිටිමු ....

:       0       1

lalith Tuesday, 03 April 2018 03:39 AM

ඉස්සර නම් කට්ට සම්බෝලයි ආප්පයි කාල එන්න තිබුන. දැන් ඉතින් මොනවද වැඩිම උනොත් කෙහෙල් කොලේක ඔතපු බත් මුලක් හම්බවෙයි.

:       0       0

ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 03 April 2018 04:01 AM

විශ්වාසභංගය කෙසේවෙතත් අද රටේ ඇතිවී තිබෙන ආර්ථිකයේ දරුණු තත්වය හමුවේ ජනතාව විශාල පීඩනයකට මුහුණ දෙමින් සිටී. මෙම තත්වය කළමණාකරණය කිරීමට හැකි සුදුසුම කෙනා රනිල්. බලමු ජනාධිපති කෙසේ ආර්ථිකය කළමණාකරණය කරයිද කියලා. රනිල් ගියොත් වාසිය ඔහු සහ එජාපයටයි.

:       1       101

deen Tuesday, 03 April 2018 04:19 AM

යුද්දේ කාලේ අමර හිටියේ ලංකාවෙන් පිටද ? ඒ කාලේ වැට් බද්ද 20% මතකද ? ගෑස්, ඉන්දන, ලාබෙට තිබුන නේද ?

:       12       225

Rasi Tuesday, 03 April 2018 04:22 AM

ආර්ථික විශ්ලේෂකයන් කුමක් පැවසුවත් රට මේ වන විට දැඩි අස්ථාවර මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ. එයට මෙම ආණ්ඩුව සම්පුර්ණයෙන්ම වග කිව යුතුව ඇත. ගිය ආණ්ඩුවෙන් කුමන බරක් ලැබුනද, පසු ගිය වසර 3 තුල, මේ රටේ කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියකට ආරම්භයක් ලැබී නැත. අපේ රටේ සංවර්දනයට සහ දර්ශක වලට ප්‍රධාන දායකත්වයක් දක්වනුයේ ඉදිකිරීම් ශේත්‍රය වේ. ඒවා සියල්ලම වැටි ඇත. තවද විදුලි අර්බුදයක් ළඟ බව පෙනේ. රටේ ජීවනාලිය බදු මධ්‍යම පන්තික පිරිස් වාහන ගැනීමට සහ නිවාස සැදීමට අධික ලෙස ණයවී ඇත. කර්මාන්ත ශේත්‍රයේ කිසිදු ආයෝජනයක් නොපෙනේ. ඒ සමගම බදු මිල ඉහල ගොස්, නව බදු සේවකයන් මත වැටෙමින් තිබේ. මේ සියල්ල වෙද්දී, දේශපාලකයන් කිසිදු දෙයක් අඩුම ගානේ ඔවුන්ගේ වියදම් අඩු කර තමන්ගේ විනය හදා ගැනීමට කිසිවක් නොකරනු පෙනේ.

:       224       291

sena Tuesday, 03 April 2018 05:04 AM

මේක තනි පුද්ගලේක්ගේ උවමනාවට රට අස්ථාවර කිරීම වැරදියි

:       0       4

pathirana Tuesday, 03 April 2018 05:54 AM

මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ එජාපෙට දිනන බැරිකමවත් ආණ්ඩුවක් පිහිටවන්න බැරි කමවත් නෙවෙයි............. ඇමතිකම් අඩුවෙන නිසා හවුල් මගුලේම එල්ලිලා ඉන්න ඕනෑකම.

:       9       2

Shan Tuesday, 03 April 2018 06:24 AM

UNP ඡන්දෙන් ඇවිල්ලා, ආණ්ඩුවේ කැබිනෙට් එකේ ප්‍රධානියා හැටියට ඉඳගෙන, ආණ්ඩුවටම විරුද්ධව ගේන විශ්වාස භන්ගයට මෙයා විරුද්ධ වෙන්න වැනෙනවා. මේ වගේ ගුණමකු මිනිස්සු රටේ ඉන්නවද කියලත් හිතෙනවා.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1131 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 448 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 141 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 409 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 737 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 270 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site