IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වීසා නැති සංචාරකයෝ - 1

සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි.

වලිගය නිල් පැහැති වීමත් බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීමත් හේතුවෙන් මේ කුරුල්ලා හඳුන්වන්නේ නිල් පෙඳ බිඟුහරයා යනුවෙනි.

ඉංග්‍රීසි බසින් ‘‘බ්ලූ ටේල්ඩ් බී ඊටර්“ ලෙස හඳුන්වන මේ කුරුල්ලන් සත්ත්ව විද්‍යාත්මකව මෙරොප්ස් පිලිපීනස්  (Merops philippinus) ලෙස හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතා ශක්තිමත් හා ප්‍රබල පර්යටන පක්ෂියකු හෙවත් නිහැරි කුරුල්ලකු ලෙස පිලි ගනී.

ඉතා වර්ණවත් කුඩා පක්ෂියෙකි. විශාලත්වය සේන්ටිමීටර 23-25ක් පමණය. සිරුරේ වැඩිපුර දක්නට ඇත්තේ කොළ පැහැයයි. ඇස අසළ කළු රේඛාවකි. ගෙල යට පෙදෙස කහ සහ දුඹුරු පැහැති මිශ්‍රව දක්නට ලැබෙයි.

වලිගය මැදින් දික්වූ නිල් පැහැති පිහාටු දෙකත් වර්ණවත් බවත් හේතුවෙන් මේ කුරුල්ලා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ.

මීමැස්සන් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන අතර අනෙක් කෘමි වර්ග ද ආහාරයට ගනී. මොවුන් ආහාර ගැනීමේ විශේෂත්වයක් වන්නේ අල්ලාගන්නා මී මැස්සා තදින් අත්තක ගසා ඔවුන්ගේ විෂ කෝෂය ඉවත්කැර ගිල දැමීමේ සුවිශේෂී හැකියාවයි.

ශ්‍රී ලංකාවට පැමිණි පසු නගරබදව පවා බහුලව දක්නට ලැබෙන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ දී රංචු වශයෙන් ලැගුම් ගනී.

බිත්තර දැමීම සඳහා පොළොව හාරා කුඩා උමගක් සාදා ගන්නා මොවුන් වරකට බිත්තර පහක් හෝ හතක් දමයි. ඒවා සුදු පැහැතිය. වටකුරුය. කුමන ප්‍රදේශයේ දී මොවුන්ගේ කැදලි හමුවී ඇති බැවින් දිගටම මෙරට වාසය කරන නිල් පෙඳ බිඟුහරයන් සමූහයක් සිටිතැයි පරිසරවේදීන්ගේ මතයයි.

මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීම සනිටුහන් කරමින් දැනටමත් නිල් පෙඳ බිඟු හරයන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දැන් සංචාරක පක්ෂි සමය ඇරඹී ඇති බවයි.

url

Blue_tailed_bee_eater1 Blue_Tailed_Green_Bea_Eater Blue-tailed Bee-eater (c) Chaminda Jayaratne Blue-tailed_bee-eater Bluetailed2



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 1

පිටිගල Monday, 06 October 2014 06:37 AM

මෙය සිංහරාජය අයිනේ පිහිටි අපේ කුඩා ගම්මානයේ සුලභව දකින්න පුළුවන්. මේ පින්තුර පෙළ හරිම වැදගත්. එයින් මගේ මතකය නැවතත් ගමට හා ඒ ආශ්‍රිත පරිසරයට ගියා. බොහොම පින්. බොහොම උසස්. බොහොම වටිනා දෙයක්. බොහොම ස්තුතියි (නදී)

:       0       3

බිමල් Monday, 06 October 2014 06:59 AM

කුරුල්ලා නම් ලස්සනයි. ඒත් ඒ සතා මීමැස්සෝ කන නිසා අකමැතියි. මී මැස්සෝ තමයි ලෝකයේ ජීවයට මුල. මී මැස්සෝ නැත්නම් ජිවයක් නැත මේ ලොවේ. (නි)

:       2       0

ධම්ම Monday, 06 October 2014 07:20 AM

කුරුල්ලන්ට නම් දානකොට අපිට කටට හුරු අයුරින් නමක් දානවා නම් තවත් හොඳයි නේද? (නි)

:       0       0

ඉසුරු Monday, 06 October 2014 02:06 PM

තව මාස දෙකකින් මේ කුරුල්ලා වඳවෙලා කියලා දැනගන්න ලැබෙයිද දන්නෙ නැහැ. අපේ අයියලා ඔය කුරුල්ලා හොයලා පිටරටවලට විකුණනන්නත් බැරි නැහැ (නි)

:       0       0

රෝහණ Tuesday, 07 October 2014 04:51 AM

මගේ කාමරේ ජනේලයේ ඉස්සරහ තියෙන ලයිට් වයර් එකේ හැමදාම ජෝඩුවක් ඉන්නවා මමත් ෆොටෝ ගත්තා. මෙයාගේ ෆොටෝ මගේ ලගත් තියෙනවා. (නදී)

:       0       0

මෙලනි Sunday, 05 October 2014 05:30 PM

හරිම ලස්සන දසුන් පෙළක් (නි)

:       0       1

සේන Monday, 06 October 2014 09:10 AM

මේ කුරුල්ලා සංක්‍රමිකයෙක් කියලා මම දන්නේ අදයි. අපි ළමා කාලයේ අවුරුද්ද පුරාම මේ සතා අපේ ගම්වල දැකලා තියෙනවා. මී මැස්සෝ කනවා නම් දැකලා නැහැ. නමුත් බත්කුරෝ ආදී පියාඹන කෘමි සත්තු කනවා දකලා තියෙනවා. අපි මේ කුරුල්ලට කියන්නේ "පාන්ජා" කියලා. (ස)

:       0       0

නිහාල් Sunday, 05 October 2014 09:29 PM

කොච්චර ලස්සනද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 05 October 2014 11:15 PM

ලස්සන ඡායාරූප. ස්තුතියි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 06 October 2014 12:21 AM

අනේ! අපේ රටේ කෘමිනාශක බෙහෙත් ගහන විදිහට ඔබ ලංකාවට ඒම ඔබගේ වර්ගයාට විශාල හානියක්. (නි)

:       0       0

කේශාන් Monday, 06 October 2014 02:16 AM

කාලයකින් දුටු නෙත පිනවන දසුනක් (නි)

:       0       0

ජානක Monday, 06 October 2014 03:33 AM

බොහොම ස්තූතියි. හරිම හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

මනෝජ් Monday, 06 October 2014 04:30 AM

ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 06 October 2014 04:31 AM

තව තවත් මෙවැනි පරිසරයට අදාළ දේවල් පළකරන්න (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 07 October 2014 12:36 AM

හැමදාමත් මෙහෙම ප්‍රවෘත්තියක් දැක්කොත් හිතට මොනතරම් සහනයක්ද? (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 06 October 2014 11:48 AM

ජනාධිපතිතුමා නිසා තමයි මේ නිදහස මෙහෙම සුරැකිල‍ා තියෙන්නේ. ඒකයි මේවා දකින්න පුළුවන්. ඔබතුමාට චිරන් ජයතු! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 23 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 70 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 218 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 183 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site