IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වීසා නැති සංචාරකයෝ - 3

ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත.

දැනට ලොව වාර්තාවන ෆ්ලෙමිංගෝ විශේෂ හයෙන් විශේෂ දෙකක් ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට ද පියඹා එති. ඉන් එක් විශේෂයක් වන්නේ Greater Flamingo යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රජ සියක්කාරයාය. සත්ත්ව විද්‍යාත්මකව ෆීනිකොප්ටෙරස් රොසේයුස් (Phoenicopterus roseus) ලෙස හැඳින්වේ.
ලොව පුළුල්ව පැතිරී සිටින පක්ෂි විශේෂයක් ලෙස  පිළිගැණේ.

අප්‍රිකා මහද්වීපයේ කොටසක් නිජබිම් කැරගත් මේ පක්ෂියා දකුණු ආසියාවේ පකිස්ථානයේ හා ඉන්දියාවේ ද වාසය කරයි. ස්පාඤ්ඤය, ඇල්බේනියාව, තුර්කිය, ග්‍රීසිය, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය හා ප්‍රංශයේ ද ජීවත් වෙති.

විශාල රංචු වශයෙන් සියක්කාරයෝ වාසය කරති. එක් රංචුවකට 500ක් 1000ක් පමණ කුරුල්ලන් පිරිසක් අයත් වෙති. සුදු රෝස හා රතු මිශ්‍රිත සිරුරකට හිමිකම් කියන සියක්කාරය ඉතා අලංකාර පක්ෂියෙකි. සෙන්ටිමීටර 110ත් 150ත් අතර උසකට වැඩෙන සියක්කාරයකු අත්තටු විහිදූ විට දෙකෙලවර පරතරය මීටරයක් පමණ වේ.
රතු පැහැයට හුරු දිගු කකුල් හේතුවෙන් කළපුවල, මඩගොහොරුවල සහ නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

උතුරු අර්ධගෝලයට ශීත සෘතුව එළඹීමත් සමග  කිලෝ මීටර් දහස් ගණන් දුර ගෙවා උණුසුම් රටවලට පැමිණෙයි. සියක්කාරයා වරකට බිත්තර 3 - 4 දමයි.

ෆ්ලෙමිංගෝ සතුන් සිය වාසස්ථාන කරගන්නා වගුරු බිම් හා කලපු විනාශය මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. මේ කුරුල්ලන් පියඹායන මාර්ගයේ තනන විදුලි කම්බි ද ඔවුන්ට මාරකයක් වී ඇත.

migration-roots Siyakkaraya  (1) Siyakkaraya  (2) Siyakkaraya  (4) Siyakkaraya  (5)

 



අදහස් (15)

වීසා නැති සංචාරකයෝ - 3

ගගන Wednesday, 08 October 2014 04:55 AM

කරුණාකරලා මේ ගොල්ලන්ව අත් අඩංගුවට ගන්ට එපා (නදී)

:       0       2

ට්‍රියෝනි Wednesday, 08 October 2014 05:04 AM

සොබා දහම විසින් විසින් නිමවූ අග්‍රගන්‍ය රට මගේ රටයි. (අ)

:       0       3

ලුම්බිණි Wednesday, 08 October 2014 05:11 AM

ලස්සන පින්තුර. (අ)

:       0       2

අනිල් Wednesday, 08 October 2014 05:11 AM

ලස්සන පින්තූර ටිකක්.ස්තුතියි. (අ)

:       0       3

රූපවතී Wednesday, 08 October 2014 06:55 PM

පිටබැද්දර ජයා, තරමක් පරණ දෙවියෝ සාක්කි කියෙව්වොත් ඉන්න රට විතරක් නෙමෙයි මාවත් හොයාගන්න පුළුවන් (නි)

:       0       2

නාලි Wednesday, 08 October 2014 11:48 AM

සුනාමියෙන් පස්සේ අපේ රටට සිද්ද වෙච්ච තවත් ඛේදවාචකයක් තමයි සංචාරක කුරුල්ලන් අඩුවීම. ඒ අසරණයන්ට කන්න සොයා ගන්න වත් සාගරය ආශ්‍රිත මිරිදිය වැව් පොකුණු නැතිවීම. වසර ගණනාවක්ම මේ මිරිදිය වැව් වල තිබුන පෙඳ පාසි ලවන දියෙන් විනාස වෙලා , මිරිදිය ජලයේ සිටි ජලජ කෘමීන් වඳ වෙලා තිබුන නිසා. මේ ප්ලේමින්ගෝ වර්ගය ලංකාවට ජාත්‍යන්තර ප්‍රසිද්දියක් ගෙන දුන්න සංචාරකයන් වැඩි කල ස්වභාව දහමේ දායාදයක්. අහන්ඩත් , දකින්ඩත් වාසනාවක්. ලංකාදීපයට තුති. පිට රට ඉන්න අපේ මිතුරන්ටත් හොඳ අවස්තාවක් විදේශිකයන්ට පෙන්වන්නට. දර්ශනීය ඡායාරුප ශිල්පියාට මල් මිටක්. (නදී)

:       0       1

පිටබැද්දර ජයා Wednesday, 08 October 2014 11:48 AM

දැන් එතකොට මේගොල්ලන්ට බලපාන්නේ නැද්ද තමිල්නාඩු දිවරයන්ට බලපවත්වන නිතිය ? මොකද මෙයාලත් කරන්නේ අපේ මාළු ටික හොරෙන් අල්ලන එකනේ. රූපවතියේ කැමති නැද්ද ඉන්න රට කියන්න ? (නදී)

:       0       1

ක්‍රිස් Wednesday, 08 October 2014 07:47 AM

අගනා ෆොටෝ ටිකක් (නදී)

:       0       0

නිරෝධා Thursday, 09 October 2014 02:34 AM

පුදුමාකාර ලස්සනක්! (නි)

:       0       1

සඳුනි Wednesday, 08 October 2014 03:04 AM

මේ විශේෂාංගය ගොඩක් වටිනවා. ලංකාදීපයට තුති. (නදී)

:       0       1

හේමන්ත Wednesday, 08 October 2014 03:47 AM

මේවා ලංකාවේ දී ගත්ත ෆොටෝ ද? ලංකාවේ මෙයාල දකින්න ලැබෙන්නේ මොන පළාත් වලද? (නදී)

:       0       0

රූපවතී Wednesday, 08 October 2014 04:42 AM

මම ඉන්න රටෙත් සෑම සීත සෘතුවකම මේ ප්ලේමින්ගෝ කුරුල්ලන් දහස් ගණනක් අසල ඇති "සෝල්ට් ලේක් " නම් ලුණු වතුරින් පිරිණු විශාල වැවකට පැමිණෙනවා. හරිම ලස්සනයි. මොවුන් බැලීමටම විශාල පිරිසක් මෙන්ම කැමරා කරුවන් මාද්‍ය වේදීන් වැළ නොකැඩී පැමිණෙනවා. හරිම ලස්සනයි (නදී)

:       0       0

කසුන් Thursday, 09 October 2014 06:33 AM

මොවුන් වැඩියෙන්ම ඉන්නෙ කෝකිලායි කලපුවේ.බලන්න යන්න වටිනවා (නි)

:       0       0

ශාන්ති Wednesday, 08 October 2014 10:56 AM

අනේ හරිම ලස්සනයි (නදී)

:       0       0

කීර්ති Wednesday, 08 October 2014 04:52 AM

මේ වගේ තොරතුරු ලබා දෙන ලංකාදීප වෙබ් එකට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 112 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 479 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 503 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 317 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 918 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site