බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවන් පස් දෙනෙක් යළි මාස තුනකට රිමාන්ඩ් කරනු ලැබූහ.
කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න මහත්වරුන් අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
මේ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවෝ පස් දෙනා යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීම සාධාරණ යුක්ති ධර්මයට පටහැනියැයි සැකකරුවන් විසින් ගොනු කැරුණු අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ද නියෝග කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කැරුණු ඇපෑල ප්‍රතික්ෂේප වුවහොත් නඩු විභාගය ඔක්තෝබර 17 වැනි දා පැවැත්වීම ඇරැඹීමට ද මහාධිකරණය තීරණය කළේය.
වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු පසුගිය අගෝස්තු හත් වැනි දා මාස තුනකට යළි රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එල්ලුම් ගහ නැති නිසා , මෙසේ දික් කරමින් ජීවිතාන්තය දක්වාම හිරේ තබා ගැනීමත් වරදක් නැත (නදී)
ඔහොම ඔහොම ගිහින් සාක්කි නැතුව නිදහස් නොවුනානම් තමයි පුදුමේ (දී)
මෙයාවනම් එලියට දෙන්න එපා (දී)
එක්කෝ එල්ලුම් ගහට යවන්න ඕනේ ,නැත්තම් නිදහස් කරන්න ඕනේ,අනේ මෙහෙමත් නඩු (දී)
රත්නපුරේදී අර කට්ටියට චරිත සහතික දීල ,කිසිම දේශපාලනයක් ගෑවිලා නැහැ කියල දීපු තල්ලුවේ හැටියට මෙයාට මෙහෙම වුණ එක හරි පුදුමයි. (අ)