ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් තම උපන් ගමේ අක්කර 30ක වස විස නැති අමුතු තාලයේ ගොවිපළක් අරඹයි. ඔහු එහි 25 දෙනෙකුට රැකියා සපයයි. ගොන් බැඳි තිරික්කලයෙන් මෙන්ම අසු පිටින් ද මේ ගොවිපොළ වටේ යා හැකියි.
ඇමෙරිකාවේ ප්‍රකට රාන්ච් ( විශාල ගොවිපළ ) නම යොදාගෙන මේ ගොවිපළ දොස්තර මයික්ගේ ගෝනහේන රාන්ච් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වේ.
ගොවිපළ අරඹා මාස පහකි. කාබනික පොහොර හා ජලබිංදු තාක්ෂණයෙන් වගා කරන මේ ගොවිපළ ඕනෑම කෙනෙකුට නැරඹීමේ පහසුකම් ද සලසන බව කෙටි නිවාඩුවට පැමිණ සරම කමිසය ඇඳ ගොවිපලේ වැඩ කරන දොස්තර මෛත්‍රී වීරසිංහ මහතා කියයි.
පොල්ගස්ඕවිට පහලගම ප්‍රදේශයේ ඉපිද කිඳෙල්පිටිය රජයේ විද්‍යාලය, වෙල්ලත රජයේ විද්‍යාලය, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරූ වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ උසස් අධ්‍යාපන හැදෑරීය.
කොළඹ ජාතික රෝහලේ හා රිජ්වේ ආර්යා රෝහලේ සීමාවාසික පුහුණුවෙන් පසු මැදිරිගිරිය, ලිඳුල ආදී ප්‍රදේශවල සේවය කර එංගලන්තයේ වසර තුනක් ගත කළ අතර මේ වන විට වසර 30ක පමණ කාලයක සිට ඇමෙරිකාවේ ජීවත් වෙන ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමිය.
වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා පවසන්නේ ගැමි ජීවිතයට බොහෝ සෙයින් ඇලුම් කරන තමා විනෝදාංශයක් ලෙස ගොවිපල ආරම්භ කළ බවයි.
වසර විස්සක් පුරන්ව තිබූ අක්කර පහක කුඹුරක් අස්වැද්දීම ගැන ඔහු කතා කරන්නේ ඉතා සතුටිනි.
වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා සේවය කළ ලිඳුල, මැදිරිගිරිය ප්‍රදේශවල හා උපන් ගම වන පොල්ගස්ඕවිට පහලගම තරුණ තරුණියන් 25 දෙනෙක් පමණ මේ ගොවිපලේ සේවය කරති. ඔවුන්ට ආහාරපානාදිය සහ සියලු නේවාසික පහසුකම් නොමිලේ සපයති.
වර්තමානයේ වෙළෙඳපොලේ ඇත්තේ රසායන පොහොර යොදා වගා කරන පළා වර්ග නිසා කාබනික පොහොර යොදා පලා වර්ග වගා කිරීමට මේ ගොවිපල මුල් තැන දෙන බව වෛද්‍ය මෛත්‍රී කියයි.
තම්පලා, අරකීර, මුගුනුවැන්න, සාරණ, කංකුන්, කතුරුමුරුංගා ආදී පළා වර්ග ද, කෙසෙල්, ෆැෂන් ෆෘට්, ඩ්‍රැගන් ෆෘට් වැනි පළතුරු වර්ගද, එළවළු වර්ගද එක්කර 25ක් පුරා වගා කර ඇති ගොවිපළේ අක්කර පහක වී වගාකර ඇත.
ජල බිංදු තාක්ෂණයෙන් ජලය සැපයීට ජලය ලබා ගන්නේ ගොවිපළ අසලින් ගලා යන කිඹුල්කොටුව ඇලෙනි. කුඩා ජීව වායු ඒකකයක් ද ගොවිපලේ වෙයි.
වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා -
‘මම විනෝදාංශයක් විදියට තමයි මේ ගොවිපළ පටන් ගත්තේ. දැන් මාස හයක් පමණ වෙනවා පටන් අරන්. මගේ අරමුණ තමයි දේශීය ක්‍රමවේද ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණයත් සහාය කරගෙන හොද ගොවිපලක් ලෙස මෙය වර්ධන කිරීම. දේශීය විදේශීය සංචාරකයන්ට අපේ කම ගැන, ගැමි ජීවිතයේ සුන්දරත්වය ගැන හොද අවබෝදයක් ලබා දෙන තැනක් බවට මම මේ ගොවිපළ පත් කරනවා.
වෛද්‍ය මෛත්‍රී මහතාගේ ඊමේල් ලිපිනය - [email protected]
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනවා ..බොහොම වටිනවා .. (දී)
එළ.. නියමයි. (ත)
මේ ගොවිපලට රාන්ච් නෑතිව සිංහල නමක් තබන්න තිබුනානෙ............... (ත)
හරිම ල්සනයි. සුභපැතුම්. (ත)
ජයවේවා.. (ත)
වෛද්‍යතුමනි ඔබ උතුම් මිනිසෙකි සුභපැතුම් (ත)
මටත් ආසයි මෙ ගොවිපල බලන්න. අදර්ශමත් ක්‍රියාවක්, ජයවේවා. (ත)
ඔබට බුදු සරණයි (ස)
ඔබට තෙරුවන් සරණයි (දී)
කාලා සිහල බත රස කර රතු හාලේ, කිරි කර පොවා ඇත අම්මා සිංහල ලේ. (ස)
මමත් කැමතියි ගොවිපලක් කරන්න. ඒත් ඉඩමක් නෑ (ස)
සුබ පතනවා ඔබට (ස)
බොහොම වැදගත් ආදර්ශමත් වැඩක් (දී)
නියමයි තර්ස්ටන් කොල්ලන්ගේ වැඩ (ස)
හොද වැඩක් වෛද්‍යතුමනි. දිගටම කරගෙන යන්න. (ත)
දොස්තර මහත්තයාට ජය වේවා..!(නු)
මේකාලේ අහන්නත් පුදුමයි (දී)
ජයවේවා ඔබට තව තවත් සාර්ථක වේවා (දී)
අපේ කම අපිට මතක් කරන්න අපේම කෙනෙක් ගන්න උත්සාහය ගැන ප්‍රශංසා කරනවා. ඔබට ජය (ස)
පිටරට වලට නෙමෙයි, පිටකොටුවට ගියත් වෙනස් නොවෙන මිනිසුන්ට ඔබතුමා හොද ආදර්ශයක්. (නි)
මගේ ගම්මානය දියුණු කිරීම ගැන ස්තූතියි. බුදු සරණයි! (නි)
මේ රටට දැන් වුවමනා කරන්නේ ඔබ වැනි ආදර්ශවත් පුද්ගලයන් බව අපගේ දැඩි විශ්වාසය යි. එවැනි පුද්ගලයන් ලංකාවේ තැනින් තැන ඉන්න බව දැක ගැනීම සතුටට කරුණක්. මෙයට අදහස් දක්වපු උපාලි මහතාත් එවැනි ගොවිපළක් කරන බව කියා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ උගත් රුචිර ශ්‍යාමන්ත ශිෂ්‍යයා විසින් තමන් උගත් ව්‍යවහාරික විද්‍යා දැනුම උපයෝගි කොට ගෙන එවැනි කුඹුරක් අපමණ වෙහෙස විද කරන ලද ආකාරය අපි දුටුවෙමු. පසු දිනෙක එළි දුටු www.deranaf.lk වෙබ් අඩවිය ඔස්සේ ඔහු ඇතුළු දිරිය මිනිසුන්ගේ වෙනස් දේවල්වලට සම්බන්ධ වෙන්නටත් දැකගන්නටත් හැකියි. (ස)
අහන්නත් සතුටුයි (දී)
ඉතාම හොඳ වැඩක්, හැබැයි මේක පලවෙනි එක නෙමෙයි ... පිළියන්දල එක තමයි හොඳම එක,,,, (ස)
අනේ වාසනාවන් ගොඩාක් හොද වැඩක්
මට ශ්‍රී ලංකාවේ මෙවන් දෙයක් ඇති බව දක්නට ලැබීම ඇත්තෙන්ම ඉතාම සතුටට හේතුවක්. (නි)
අපි දැන් කාලේ කන්නෙම වස විස තමයි (දී)
සංචාරක බංගලාවකුත් හැදුවනම් ගොඩක් හොදයි. (ත)
මෙන්න අපේ කම (ස)
ඇත්තටම උසස් ක්‍රියාවක්. ලංකාවේ පදිංචියටම ආවනම් ගොඩක් හොදයි දොස්තර මහත්තයෝ. (ත)
පිටරටකට ගිය පමණින් සිංහලකම අමතක කරන මිනිසුන් අතර ඔබ උතුම් මිනිසෙකි . ජය වේවා ඔබට! (ස)
මට මගෙ ළමා කාලය මතක් වුණා. ස්තුතියි ඔබතුමාට. (ත)
දකින්නත් ආසයි. දිගටම කරගෙන යන්න. (ත)
ගොවිපල තියෙන්නේ ලංකාවේ . ඔහු උපන් ගමේමයි...ඇමරිකාවේ නෙමෙයි (ස)
ඇඳලා සරම නාලා දිය පිරුනු දො ලේ පැනලා නියර මත් තේන් සිටි නුඹ පොඩි කා ලේ කාලා සිහල බත රතු හා ලේ කිරි කර පොවා ඇත අම්මා සිහ ලේ (ස)
හරිම සතුටුයි. ගොවිපල තව තවත් දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා. (ත)
මෙන්න නියම ‘ගම නැගුම‘ යන්තර සූත්තර වෙනුවෙට හරකාබාන යොදා ගත්තොත් නරකද දොස්තර මහත්තයෝ? (ත)
මමත් හුඟක් කැමති ඕවගේ ගොවිපළක් හදන්න. සුභපැතුම් දොස්තර මහත්තයෝතත (ත)
මෙන්න වැඩ. නියම මහතෙක් ඔබට සුභපැතුම්. දීර්ඝායුෂ ලැබේවා.. (ත)
මෙන්න රටක් වටින පුත්තු...හරිම දැකුම්කළු ගොවිපළක් සුභපැතුම්...!!! (ත)
දොස්තර මහතාණෙනි, ඔබතුමාගේ උත්සාහයට සුභපැතුම්... (ත)
මේ වැනි පුරන් වෙච්ච කුඹුරු කොපමණ තිබෙනවාද අපේ රටේ. නිකරුණේ එක එක අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති නොකර මේ දොස්තර මහතාගෙනුත් අවවාද ටිකක අරගෙන නරකද රට ගොඩ යන වැඩක් කළා නම්. (ත)
අපේ හිත හදනවාට බොහොම පින්. (ත)
අනිවාර්යෙන් ලංකාවට ආවාම ඔබතුමාගේ රාන්ච් එක බලන්න එනවා. (ත)
මාත් එනවා කළුපහන ගොවිපොළ බලන්න යන්න. (ත)
අනේ මාත් ආසයි ගොවිපලේ වැඩ කරන්න. මමත් ගැමි ජීවිතයට බොහෝම අසා කෙනෙක්. ලංකාවට ආවාම ඔබතුමාගේ රාන්ච් බලන්න එනවා. (ත)
ඇත්තටම හොද වැඩක්. ඔබට ජය (ත)
ලංකාදීපය කරන වෑඩ වලින් අන්තිමට දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන රටවල් වලට වෙලා සල්ලි හොයන දොස්තරල ඔක්කොම ලංකාවට එන්න ගනීද දන්නෙනෑ වගාව පටන් ගන්න. කොහොම උනත් මෙතුමාට හිස නමා ආචාර කරමි. (ත)
මමත් හිතන් ඉන්නේ ගොවිපළක් පටන් ගන්න. මේවා දැක්කාම හිත තවත් දිරිමත් වුණා. (ත)
හරිම සතුටුයි. ඔබට බුදුසරණයි. ඔබ රටක් වටිනවා. තවත් දිරිය ලැබේවා. (ත)
අපි මෙහෙ හිටියත් ඒ ශරීරයෙන් විතරයි. හදවත ලංකාවේ. අපිත් මේ වගේ දෙයක් කරන්න තමයි හිතන්නේ. වෛද්‍යතුමනි සුභපැතුම්. (ත)
නියම ලාංකිකයෙක්. ඔබට ජය. (ත)
ආදර්ශමත් ගොවිපළක්. මමත් මේකම ටිකක් කරනවා. අක්කර දෙකක් විතර. හරිම ආශ්වාදයක් ලැබෙනවා. (ත)