IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වස විස නැති ගොවිපළක්

ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් තම උපන් ගමේ අක්කර 30ක වස විස නැති අමුතු තාලයේ ගොවිපළක් අරඹයි. ඔහු එහි 25 දෙනෙකුට රැකියා සපයයි. ගොන් බැඳි තිරික්කලයෙන් මෙන්ම අසු පිටින් ද මේ ගොවිපොළ වටේ යා හැකියි. ඇමෙරිකාවේ ප්‍රකට රාන්ච් ( විශාල ගොවිපළ ) නම යොදාගෙන මේ ගොවිපළ දොස්තර මයික්ගේ ගෝනහේන රාන්ච් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වේ. ගොවිපළ අරඹා මාස පහකි. කාබනික පොහොර හා ජලබිංදු තාක්ෂණයෙන් වගා කරන මේ ගොවිපළ ඕනෑම කෙනෙකුට නැරඹීමේ පහසුකම් ද සලසන බව කෙටි නිවාඩුවට පැමිණ සරම කමිසය ඇඳ ගොවිපලේ වැඩ කරන දොස්තර මෛත්‍රී වීරසිංහ මහතා කියයි. පොල්ගස්ඕවිට පහලගම ප්‍රදේශයේ ඉපිද කිඳෙල්පිටිය රජයේ විද්‍යාලය, වෙල්ලත රජයේ විද්‍යාලය, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරූ වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ උසස් අධ්‍යාපන හැදෑරීය. කොළඹ ජාතික රෝහලේ හා රිජ්වේ ආර්යා රෝහලේ සීමාවාසික පුහුණුවෙන් පසු මැදිරිගිරිය, ලිඳුල ආදී ප්‍රදේශවල සේවය කර එංගලන්තයේ වසර තුනක් ගත කළ අතර මේ වන විට වසර 30ක පමණ කාලයක සිට ඇමෙරිකාවේ ජීවත් වෙන ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමිය. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා පවසන්නේ ගැමි ජීවිතයට බොහෝ සෙයින් ඇලුම් කරන තමා විනෝදාංශයක් ලෙස ගොවිපල ආරම්භ කළ බවයි. වසර විස්සක් පුරන්ව තිබූ අක්කර පහක කුඹුරක් අස්වැද්දීම ගැන ඔහු කතා කරන්නේ ඉතා සතුටිනි. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා සේවය කළ ලිඳුල, මැදිරිගිරිය ප්‍රදේශවල හා උපන් ගම වන පොල්ගස්ඕවිට පහලගම තරුණ තරුණියන් 25 දෙනෙක් පමණ මේ ගොවිපලේ  සේවය කරති.  ඔවුන්ට ආහාරපානාදිය සහ සියලු නේවාසික පහසුකම් නොමිලේ සපයති. වර්තමානයේ වෙළෙඳපොලේ ඇත්තේ රසායන පොහොර යොදා වගා කරන පළා වර්ග නිසා කාබනික පොහොර යොදා පලා වර්ග වගා කිරීමට මේ ගොවිපල මුල් තැන දෙන බව වෛද්‍ය මෛත්‍රී කියයි. තම්පලා, අරකීර, මුගුනුවැන්න, සාරණ, කංකුන්, කතුරුමුරුංගා ආදී පළා වර්ග ද, කෙසෙල්, ෆැෂන් ෆෘට්, ඩ්‍රැගන් ෆෘට් වැනි පළතුරු වර්ගද, එළවළු වර්ගද එක්කර 25ක් පුරා වගා කර ඇති ගොවිපළේ අක්කර පහක වී වගාකර ඇත. ජල බිංදු තාක්ෂණයෙන් ජලය සැපයීට ජලය ලබා ගන්නේ ගොවිපළ අසලින් ගලා යන කිඹුල්කොටුව ඇලෙනි. කුඩා ජීව වායු ඒකකයක් ද ගොවිපලේ වෙයි. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා - ‘මම විනෝදාංශයක් විදියට තමයි මේ ගොවිපළ පටන් ගත්තේ. දැන් මාස හයක් පමණ වෙනවා පටන් අරන්. මගේ අරමුණ තමයි දේශීය ක්‍රමවේද ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණයත් සහාය කරගෙන හොද ගොවිපලක් ලෙස මෙය වර්ධන කිරීම. දේශීය විදේශීය සංචාරකයන්ට අපේ කම ගැන, ගැමි ජීවිතයේ සුන්දරත්වය ගැන හොද අවබෝදයක් ලබා දෙන තැනක් බවට මම මේ ගොවිපළ පත් කරනවා. වෛද්‍ය මෛත්‍රී මහතාගේ ඊමේල් ලිපිනය - [email protected]



අදහස් (0)

වස විස නැති ගොවිපළක්

ගාමිණී සෙනවිරත්න Thursday, 06 December 2012 05:33 AM

මටත් ආසයි මෙ ගොවිපල බලන්න. අදර්ශමත් ක්‍රියාවක්, ජයවේවා. (ත)

:       0       0

වික්ටර් Monday, 10 December 2012 07:48 PM

අනේ වාසනාවන් ගොඩාක් හොද වැඩක්

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 05 December 2012 05:05 PM

මෙන්න රටක් වටින පුත්තු...හරිම දැකුම්කළු ගොවිපළක් සුභපැතුම්...!!! (ත)

:       0       0

සිතාරි Wednesday, 05 December 2012 05:16 PM

සංචාරක බංගලාවකුත් හැදුවනම් ගොඩක් හොදයි. (ත)

:       0       0

කුසුමලතා ලංකාමුල්ල Saturday, 08 December 2012 02:47 PM

මේ රටට දැන් වුවමනා කරන්නේ ඔබ වැනි ආදර්ශවත් පුද්ගලයන් බව අපගේ දැඩි විශ්වාසය යි. එවැනි පුද්ගලයන් ලංකාවේ තැනින් තැන ඉන්න බව දැක ගැනීම සතුටට කරුණක්. මෙයට අදහස් දක්වපු උපාලි මහතාත් එවැනි ගොවිපළක් කරන බව කියා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ උගත් රුචිර ශ්‍යාමන්ත ශිෂ්‍යයා විසින් තමන් උගත් ව්‍යවහාරික විද්‍යා දැනුම උපයෝගි කොට ගෙන එවැනි කුඹුරක් අපමණ වෙහෙස විද කරන ලද ආකාරය අපි දුටුවෙමු. පසු දිනෙක එළි දුටු www.deranaf.lk වෙබ් අඩවිය ඔස්සේ ඔහු ඇතුළු දිරිය මිනිසුන්ගේ ‍වෙනස් දේවල්වලට සම්බන්ධ වෙන්නටත් දැකගන්නටත් හැකියි. (ස)

:       0       0

සිල්වා ටබුක් Wednesday, 05 December 2012 05:29 PM

මේ වැනි පුරන් වෙච්ච කුඹුරු කොපමණ තිබෙනවාද අපේ රටේ. නිකරුණේ එක එක අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති නොකර මේ දොස්තර මහතාගෙනුත් අවවාද ටිකක අරගෙන නරකද රට ගොඩ යන වැඩක් කළා නම්. (ත)

:       0       0

කපිල ජයවිලාල් Wednesday, 05 December 2012 05:57 PM

අපේ හිත හදනවාට බොහොම පින්. (ත)

:       0       0

සුමංල හිමි Thursday, 06 December 2012 08:36 AM

ඔබට බුදු සරණයි (ස)

:       0       0

කලුපහන Wednesday, 05 December 2012 06:19 PM

අනිවාර්යෙන් ලංකාවට ආවාම ඔබතුමාගේ රාන්ච් එක බලන්න එනවා. (ත)

:       0       0

කුරේ Thursday, 06 December 2012 08:45 AM

ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

උපාලි Thursday, 06 December 2012 08:46 AM

කාලා සිහල බත රස කර රතු හාලේ, කිරි කර පොවා ඇත අම්මා සිංහල ලේ. (ස)

:       0       0

නෙලූ Friday, 22 March 2013 10:59 PM

අපි දැන් කාලේ කන්නෙම වස විස තමයි (දී)

:       0       0

තරංග Thursday, 06 December 2012 09:08 AM

මමත් කැමතියි ගොවිපලක් කරන්න. ඒත් ඉඩමක් නෑ (ස)

:       0       0

අමීනා Thursday, 06 December 2012 09:11 AM

සුබ පතනවා ඔබට (ස)

:       0       0

රෝහණ Thursday, 06 December 2012 09:24 AM

බොහොම වැදගත් ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

අගාරි Thursday, 06 December 2012 09:34 AM

නියමයි තර්ස්ටන් කොල්ලන්ගේ වැඩ (ස)

:       0       0

දුමින්ද Thursday, 06 December 2012 10:26 AM

බොහොම වටිනවා ..බොහොම වටිනවා .. (දී)

:       0       0

ටෝනි Monday, 10 December 2012 10:05 AM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

රටවැසියා Wednesday, 05 December 2012 07:55 PM

මාත් එනවා කළුපහන ගොවිපොළ බලන්න යන්න. (ත)

:       0       0

ගීතාංජලී - ඩුබායි Wednesday, 05 December 2012 08:06 PM

අනේ මාත් ආසයි ගොවිපලේ වැඩ කරන්න. මමත් ගැමි ජීවිතයට බොහෝම අසා කෙනෙක්. ලංකාවට ආවාම ඔබතුමාගේ රාන්ච් බලන්න එනවා. (ත)

:       0       0

නාලක Wednesday, 05 December 2012 08:06 PM

ඇත්තටම හොද වැඩක්. ඔබට ජය (ත)

:       0       0

ලෙස්ලි Saturday, 08 December 2012 10:19 AM

මගේ ගම්මානය දියුණු කිරීම ගැන ස්තූතියි. බුදු සරණයි! (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 06 December 2012 10:54 AM

දොස්තර මහත්තයාට ජය වේවා..!(නු)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 December 2012 08:33 PM

ලංකාදීපය කරන වෑඩ වලින් අන්තිමට දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන රටවල් වලට වෙලා සල්ලි හොයන දොස්තරල ඔක්කොම ලංකාවට එන්න ගනීද දන්නෙනෑ වගාව පටන් ගන්න. කොහොම උනත් මෙතුමාට හිස නමා ආචාර කරමි. (ත)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 05 December 2012 08:50 PM

මමත් හිතන් ඉන්නේ ගොවිපළක් පටන් ගන්න. මේවා දැක්කාම හිත තවත් දිරිමත් වුණා. (ත)

:       0       0

අනුර Wednesday, 26 December 2012 05:32 PM

මට ශ්‍රී ලංකාවේ මෙවන් දෙයක් ඇති බව දක්නට ලැබීම ඇත්තෙන්ම ඉතාම සතුටට හේතුවක්. (නි)

:       0       0

නෙලූ Wednesday, 05 December 2012 09:21 PM

හරිම සතුටුයි. ඔබට බුදුසරණයි. ඔබ රටක් වටිනවා. තවත් දිරිය ලැබේවා. (ත)

:       0       0

ලුකස් Thursday, 06 December 2012 12:16 PM

මේකාලේ අහන්නත් පුදුමයි (දී)

:       0       0

චිත්‍රා Wednesday, 05 December 2012 09:45 PM

අපි මෙහෙ හිටියත් ඒ ශරීරයෙන් විතරයි. හදවත ලංකාවේ. අපිත් මේ වගේ දෙයක් කරන්න තමයි හිතන්නේ. වෛද්‍යතුමනි සුභපැතුම්. (ත)

:       0       0

ස්වර්ණ Friday, 07 December 2012 01:42 PM

අපේ කම අපිට මතක් කරන්න අපේම කෙනෙක් ගන්න උත්සාහය ගැන ප්‍රශංසා කරනවා. ඔබට ජය (ස)

:       0       0

අචිනි Wednesday, 05 December 2012 03:13 PM

දොස්තර මහතාණෙනි, ඔබතුමාගේ උත්සාහයට සුභපැතුම්... (ත)

:       0       0

රණා Wednesday, 05 December 2012 03:21 PM

මෙන්න අපේ කම (ස)

:       0       0

කමල් Wednesday, 05 December 2012 03:27 PM

ඇත්තටම උසස් ක්‍රියාවක්. ලංකාවේ පදිංචියටම ආවනම් ගොඩක් හොදයි දොස්තර මහත්තයෝ. (ත)

:       0       0

කුමාරි Wednesday, 05 December 2012 03:24 PM

පිටරටකට ගිය පමණින් සිංහලකම අමතක කරන මිනිසුන් අතර ඔබ උතුම් මිනිසෙකි . ජය වේවා ඔබට! (ස)

:       0       0

පාලිත Thursday, 06 December 2012 12:50 PM

ජයවේවා ඔබට තව තවත් සාර්ථක වේවා (දී)

:       0       0

සුබාස් Wednesday, 05 December 2012 10:58 PM

නියම ලාංකිකයෙක්. ඔබට ජය. (ත)

:       0       0

සරත් Wednesday, 05 December 2012 03:27 PM

මට මගෙ ළමා කාලය මතක් වුණා. ස්තුතියි ඔබතුමාට. (ත)

:       0       0

පැඩ්‍රික්-කටාර් Wednesday, 05 December 2012 03:35 PM

දකින්නත් ආසයි. දිගටම කරගෙන යන්න. (ත)

:       0       0

උපාලි Wednesday, 05 December 2012 11:34 PM

ආදර්ශමත් ගොවිපළක්. මමත් මේකම ටිකක් කරනවා. අක්කර දෙකක් විතර. හරිම ආශ්වාදයක් ලැබෙනවා. (ත)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 05 December 2012 03:58 PM

ගොවිපල තියෙන්නේ ලංකාවේ . ඔහු උපන් ගමේමයි...ඇමරිකාවේ නෙමෙයි (ස)

:       0       0

වෙස්සන්තර කරුණේ Wednesday, 05 December 2012 11:46 PM

හොද වැඩක් වෛද්‍යතුමනි. දිගටම කරගෙන යන්න. (ත)

:       0       0

රංගන Monday, 10 December 2012 12:23 PM

ඉතාම හොඳ වැඩක්, හැබැයි මේක පලවෙනි එක නෙමෙයි ... පිළියන්දල එක තමයි හොඳම එක,,,, (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 06 December 2012 12:46 AM

එළ.. නියමයි. (ත)

:       0       0

පද්මසිරි දීසානායක Wednesday, 05 December 2012 04:08 PM

ඇඳලා සරම නාලා දිය පිරුනු දො ලේ පැනලා නියර මත් තේන් සිටි නුඹ පොඩි කා ලේ කාලා සිහල බත රතු හා ලේ කිරි කර පොවා ඇත අම්මා සිහ ලේ (ස)

:       0       0

කීර්ති - ඩුබායි Wednesday, 05 December 2012 04:21 PM

හරිම සතුටුයි. ගොවිපල තව තවත් දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා. (ත)

:       0       0

ලංකා Thursday, 06 December 2012 03:05 AM

මේ ගොවිපලට රාන්ච් නෑතිව සිංහල නමක් තබන්න තිබුනානෙ............... (ත)

:       0       0

තරංග Thursday, 06 December 2012 03:06 AM

හරිම ල්සනයි. සුභපැතුම්. (ත)

:       0       0

බුද්ධි Thursday, 06 December 2012 03:44 AM

ජයවේවා.. (ත)

:       0       0

වසන්ත Thursday, 06 December 2012 04:06 AM

වෛද්‍යතුමනි ඔබ උතුම් මිනිසෙකි සුභපැතුම් (ත)

:       0       0

අයේෂා Friday, 07 December 2012 03:05 PM

පිටරට වලට නෙමෙයි, පිටකොටුවට ගියත් වෙනස් නොවෙන මිනිසුන්ට ඔබතුමා හොද ආදර්ශයක්. (නි)

:       0       0

ඉන්ද්‍රා ලලිත් -දාස් අයිලන්ඩ් Wednesday, 05 December 2012 04:41 PM

මෙන්න නියම ‘ගම නැගුම‘ යන්තර සූත්තර වෙනුවෙට හරකාබාන යොදා ගත්තොත් නරකද දොස්තර මහත්තයෝ? (ත)

:       0       0

රාජා - ඉතාලිය Wednesday, 05 December 2012 04:42 PM

මමත් හුඟක් කැමති ඕවගේ ගොවිපළක් හදන්න. සුභපැතුම් දොස්තර මහත්තයෝතත (ත)

:       0       0

රොහාන් Wednesday, 05 December 2012 04:51 PM

මෙන්න වැඩ. නියම මහතෙක් ඔබට සුභපැතුම්. දීර්ඝායුෂ ලැබේවා.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 160 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2337 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 882 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2577 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1549 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2821 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site