ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට විශේෂ සැලැස්මක් සකස්කර ඇති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම සියළුම කටයුතු සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
මෙම ජාත්‍යන්තර උත්සවයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුවට අමතරව උපකමිටු ගණනාවක් පත් කෙරෙන අතර බෞද්ධ උපදේශ හා අධ්‍යාපන අනු කමිටුව, ජනමාධ්‍ය අනු කමිටුව, සංවිධායක ප්‍රචාරක අනු කමිටුව, මූල්‍ය පරිපාලන අනු කමිටුව, සංවිධාන මෙහෙයුම් අනු කමිටුව ඇතුළු අනු කමිටු ගණාවක් පත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටවඩා රටේ වැඩ නැද්ද කරන්න? මේවට මොනවාද කියන්නේ කියලා මටම තේරෙන්නේ නැහැ (නි)
ශ්රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට හැකියාව උදාවේවා! (නි)
ඒත් අජිත් රණසිංහ මේවා කරන්න ඕනෑම වැඩ. අපෙන් නම් සුබ පැතුම්! (නි)
අර බුදුපිළිම කඩපු එකට මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද? (නි)
අජිත් ඔයාට රජයෙන් වෙන්න මොනවා හරි තියනවද ? (බ)
වෙසක් උත්සවය පැවැත්වීම නම් ඉතා හොඳ දෙයක්. එ්ත් ඔය කියන ලේකම් කාර්යාලය ගැන නම් ටිකක් හොයලා බැලුවොත් හොඳයි (නි)
මේ නිමිත්තෙන් සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගයක් පවත්වනවානම් හොද අදහසක් එකටත් ඉතින් වෙසක් දින කාර්යාලයක් තිබීම වැදගත් වේවි (අ)